අපේ රාජපක්ෂ හා උංගේ රාජපක්ෂ (Part 1) 
Posted on March 12th, 2015

ගීතාංජන

සියවස් ගණනක් වහලුන් ලෙස ජීවත් වී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතියානුකුලව  වහල් බවෙන් නිදහස් වුවද, මිනිසුන් ලෙස සමාජයෙන් ලැබිය යුතුවූ සමාජ ගරුත්වය නොලබා, කුණු කෑලි සේ සමාජ වාටියේ නැතහොත් සමාජ එලිපත්තේ ජීවත්වූ ඇමරිකාවේ කලු ජනයාට, කළු මිනිසෙකු වන ඔබාමා මහතා ජනාධිපති ලෙස තේරී පත්වීම තුලින් ඇතිවූ අධ්‍යාත්මික උත්තේජනය සංකේතාත්මකව බලපෑවේ යම්සේද, එවන් බලපෑමක් ශ්‍රී ලාංකික පොදුජන සමාජ විඥානය තුල රාජපක්ෂ මහතාගේ ජනාධිපති පදවිප්‍රාප්තිය තුලින්ද ඇති කල බව සඳහන් කිරීම අතිෂයෝක්තියක් නොවේ. ඔබාමා මහතා සතුව වහල් ඉතිහාසයට සබඳතා නොතිබුණද, හිටපු වහලෙකු ගෙන් පැවතෙන්නෙකුට  ඇමෙරිකාවේ ජනාධිපති විය හැකිදැයි යන්න සුද්දන්ටත් වඩා ඉමහත් සේ සැක කල කල්ලන්ට මෙය බලපාන්නට ඇත්තේ කෙලෙසද යන්න සිතා බලන්න. දැනට බලයේ සිටින කළු ජනාධිපති වරයෙකු වන ඔබාමා යටතේ පවා සතියකට එක වරක් වත් පොලිසිය විසින් වෙඩි තබා බල්ලන් මෙන් කල්ලන් මරාදමන තත්වයක් ඇමෙරිකාවේ පවතී. ඇමෙරිකාවේ ජීවත්වන සබැ කල්ලාගේ හැබෑ තත්වය හොලිවුඩ් චිත්‍ර පටිවල ඉන්නා කල්ලා නියෝජනය නොකරන බව මතක තබා ගත යුතුය. ඇමෙරිකාවේ කල්ලන් ගේ තත්වය ලංකාවේ කොලඹුන්  විසින් සිය අවජාතක සංස්කෘතික ආධිපත්‍යයෙන් යටපත් කොට, “ගොඩයින්” යයි කොන් කර තිබෙන දේශීය පොදුජනයාගේ තත්වයම නොවේද?  අමෙරිකාවේ එම තත්වය ශ්‍රී ලාංකික පසුබිමේ තබා සිතා බලන්න.

සියවස් පහක් සුදු ජාතීන්ට යටත්ව සිටි ජාතියක් වන ලාංකිකයෝ, ඉන් අනතුරුව තවත් අඩසියවසක් කළු-සුද්දන්ගේ විජාතික අසංස්කෘතික ආධිපත්‍යට යටත්ව තම මව්බිම තුලම කොළඹ අධිපතිවාදී සමාජ සංස්කෘතික ප්‍රවාහයෙන් පිටුවහල් කොට ජීවත්වීමට සිදුකොට තිබු ජාතියකට, සංස්කෘතිකව තමන්ට වඩාත් කිට්ටු රාජපක්ෂ වැනි අයෙකු රාජ්‍ය නායකත්වයට පත් වීම ඉමහත් සතුට දනවන කරුණක් වුවාට සැක නැත. ඉහත කී ආකාරයට ඇමෙරිකාවේ කල්ලන්ගේ දෘෂ්ටි කෝණයට අනුව ඔබාමා තමන්ගේ ජනාධිපති වූවාසේ, රාජපක්ෂ මහතාද ගමේ මිනිසාට ‘අපේ ජනාධිපති’ විය. කරුමයක මහත කොපමණද යත්, ඔබාමාට තමා කල්ලෙකු බව අමතක වූවාසේම, රාජපක්ෂ මහතාටද තමා සැබෑ ගැමියකු බවත්, තමාගේ සැබෑ බල කේන්ද්‍රය වන ගැමි ප්‍රජාවත් යම්තාක් දුරට වුව අමතක වූ බව කනගාටුවෙන් වුවද මෙහිදී සඳහන් කල යුතුය.

පශ්චාත් නිදහස් ලංකාවේ රාජ්‍ය බලය කොළඹ කොලෝනියල් කළු-සුද්දන්ගේ පන්තියෙන් සිව් වාරයක් ගිලිහී ගිය බව සැබෑවකි. වරක් ප්‍රේමදාස මහතා විසින් කොලඹුන් නොමරා මරා රාජ්‍ය බලය බලෙන් මෙන් උදුරා ගත් නිසාද, අනතුරුව බොහෝවිට කොළඹුන්ගේම කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස ප්‍රේමදාස මහතාව ඝාතනය කිරීම හේතුවෙන් හිස් වූ තනතුරට ගැමියකු වන විජේතුංග මහතා අහඹුවෙන් පත්වීම තුලින්ද, ඉන් අනතුරුව සර්වජන චන්දයෙන් හා ජනතා කැමැත්තෙන් රාජපක්ස මහතා පත්වීමෙන්ද, හා අවසාන වශයෙන් කොළඹුන්ගේ ඉත්තෙකු ලෙස, දහසක් යටිකූට්ටු කුමන්ත්‍රණවල වල ප්‍රතිපලයක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා රුකඩ ජනපති කෙනෙකු ලෙස පත්වීමෙන්ද වශයෙනි. මෙම අවස්ථා සතරෙන් රාජපක්ෂ මහතාගේ පත් වීම මා ඉහත කී ආකාරයෙන් සංකේතාත්මකව විශේෂ ස්ථානයක් ගනී.

ඊට හේතු වන්නේ රාජපක්ස මහතා හැර අන් සියලුම ජනාධිපතිවරුනට කොලඹුන්ගේ දේශපාලන සිර අඩස්සියෙන් ගැලවීමට අවස්ථාවක් නොතිබූ නිසාවෙනි. ප්‍රේමදාස මහතා සහ විජේතුංග යන මහත්වරු කොළඹුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් පෙනී සිටින පක්ෂය වන එ. ජා. ප. යේ සිරකරුවන් වීම නිසා කොළඹුන්ගේ දේශපාලන සිරකරුවන් විය. සිරිසේන මහතා සිය ජනාධිපතිත්වය සිරිකොත තුල දාතු කරඬුවක්සේ පරිස්සමට තබා ඇති නිසා කොළඹුන්ගේ සිරකරුවෙකු වී තිබේ. නමුත් නිදහස් මිනිසෙකු ලෙස ජනතාව විසින් නිදහසේ වැඩ කිරීමට 2/3 උපරිම බලයක් ලබාදී පත් කලද, දර්ශනවාදී ගැටයක් හේතුවෙන් ස්වේච්චාවෙන්ම කොළඹුන්ගේ සිරකරුවෙකු වී කරදරයට පත්වූ එකම ජනාධිපති තුමා වන්නේද රාජපක්ෂ මහතාය. (මේ ලිපිය අවසානයේදී ඒ පිලිබඳ විස්තරයක් කරමි.)

චී කියා පිළිකුල් කොට බැහැර කළ කුකුල් බෙටිත් බේතට ඕන උනා වගේ, කොළඹාට දැන් ගොඩයා නැතුව බැරි වීම
තත් කාලීන ලාංකික දේශපාලනහි ඇති ප්‍රවණතා අධීක්ෂනයෙදී පැහැදිලි වන එක් කරුණක් නම්,  නාගරික කළු-සුද්දන් හා උන්ට අණ දෙන (ඇත්තවශයෙන්ම එය අණ දීමකට වඩා අන [අඟ] දීමක් බව සඳහන් කල යුතුය) සුදු-සුද්දන් එක දෙයක් ඉතා පැහැදිලි ලෙස තේරුම් ගෙන ඇති බවය. එනම්, තව දුරටත් කොළඹ ඉන්නා එංගලන්තයේ පුහුණුකළ බල්ලන් සේ හැසිරෙන කළු-සුද්දන්ට ලක්දිව බලය ලබා ගත නොහැකි බවය. (මේවන විට කළු-සුද්දන් දේශපාලන බලය ලභා ගැනීම වෙනුවට පරිපාලන බලය තමන් අතට ගන්නට වලි කන්නේ ඒ හේතුව නිසාවනි. උදාහරණයක් ලෙස, නව මහා බැංකු අධිපතිගේ පත්වීම, එමෙන්ම කබ්රාල් හා පී. බී. ජයසුන්දරගේ පත්වීම් පිළිබඳව සිතා බලන්න)

රනිල් ට බලය ලබා ගත නොහැකි බව දන්නේ රනිල් පමණක් නොව, එය එ. ජා. ප පාක්ෂිකයෝද දනිති. එපමණක්ද නොව, එය කොළඹ ඉන්නා ශ්‍රී ලංකාවේ අභන්තර කටයුතු වලට තම කුස්සියේ කටයුතු වලටත් වඩා සුවපහසු ලෙස ඇඟිලි ගහනා බටහිර තානාපති වරුද ඉතා හොඳින් දනිති. එබැවින්,  එංගලන්තයේ පුහුණු කළ බල්ලන් සේ හැසිරෙන කොළඹ කළු-සුද්දන්ට (trained  dogs ) බටහිර  විදේශ රාජ්‍ය වලට සේවය කරන එන්. ජී. ඕ පස්වන කොළමේ වර්ණ විප්ලව කිරීම සඳහා සේවය කිරීම හැර කල හැකි අන්කිසිවක් නොමැති බව මේ සියල්ලෝම දනිති. පුහුනුකල බල්ලන් මෙන් හැසිරෙන කොළඹ දේශපාලකයින්ට බලය ගත නොහැක යන මොවුන්ගේ මේ ප්‍රත්‍යක්ෂ අවබෝධය නිසාම ඔවුනට එක් ගැමියෙකු වන මෛත්‍රීපාල මහතාව තවත් ගැමියකු වන රාජපක්ස මහතා ට එරෙහිව යොදා ගැනීමට සිදුවිමම දෛවයේ සරදමකි. ඔවුන්ගේ එම උපාය සාර්ථක විය.

මෙහිදී හෙළිදරව් වී ඇති, එහෙත් කොළඹ පාලක පන්තිය ප්‍රසිද්ධියේ පිළිගැනීමට මැලි වන ප්‍රධානතම කරුණ කුමක්ද? ඉතිහාසය නමැති ප්‍රවාහය කාටත් හොරා සිය ස්වභාවික නිම්න සොයාගෙන ඒ ඔස්සේ ගලායාම අරඹා ඇති බවය. බල පිරමීඩය නොපිටට හැරී තිබේ. පුහුණු කල බල්ලන් සේ හැසිරෙන කොළඹ පාලක පන්තිය (the Colombian ruling class of trained dogs) විසින් සියවස් ගණනාවක් පණුවන් සේ පාගා දමා තිබු, ‘ගොරකයින්’ හා ‘ගොඩයින්’ ලෙස හංවඩු ගසා ප්‍රධාන සමාජ ප්‍රවාහයෙන් නරපා දමා තිබු, ඊනියා ‘ගොරකයා’ සර්වජන චන්න්දය හරහා පෙරලා කතා කිරීමටත්, ප්‍රශ්න කිරීමටත්, කොලඹාගේ අධිමානයෙන් පිරුණු යටත්විජිතවාදී වරප්‍රසාධිත සමාජ ආර්ථික හා දේශපාලන පැවැත්මට තර්ජනය කිරීමටත් පටන්ගෙන ඇති බව බව ය. නුගේගොඩට  ගලා ආ ඒ ජන සන්නිපාතය නියෝජනය කලේ කොලම්බුන්ගේ හෙවත් පුහුණුකළ බල්ලන් සේ හැසිරෙන කොළඹ පාලක පන්තියට එරෙහිව රට තුල පවතින ඒ ප්‍රතිවිරෝධනයයි.

මෙහිදී සැලකිල්ලට ගතයුතු අනෙක් ඉතාමත්ම වැදගත්ම කරුණ වන්නේ,  පුහුණුකළ බල්ලන් සේ හැසිරෙන කොළඹ පාලක පන්තිය, (trained dogs of Colombo  ruling  class ) සෘජු ලෙස බලය ලභා ගැනීමේ සිය සිහිනය, අවම වශයෙන් තාවකාලිකව අත්හිටුවා ඇති බවය.  බලය ලභා ගැනීම සඳහා දැන් ඔවුනට ඔවුනගේ ඊනියා ‘පිටස්තරයා,’ (the Other) එනම් ඔවුන්ගේ වචනයෙන්ම කිවහොත්, ‘ගොරකයා,’ ගමයා හෙවත් ‘ගොඩයා’ ගේ පිහිට පැතීමට සිදුව ඇත. රනිල් මහතා ඊනියා ගොඩයකුගේ කරපිට නැගී බලයට ඒමට තතනන්නේ එම හේතුව නිසාවෙනි. බල ඉනිමගේ ඊළඟ පියවරට ‘ගොඩයා’ බාදාවක්  වෙන්නේනම්, ‘ගොඩයා’ ඉවත් කිරීමේ හැකියාවෙන් යුතු අදිසි බලවේග රනිල් වෙනුවෙන් එම කාර්යය කිරීමට සැදී පැහැදී සිටීමටද පුළුවන. ශ්‍රී ලංකාවේ දේශපාලනයද ලතින් අමෙරිකනු මොඩලයේ වැනි මිනීමරු තත්වයකට ලඟා වී ඇති බව මගේ වැටහීමයි. ලතින් ඇමෙරිකාව ඇමෙරිකාවේ පිළිකනු දේශපාලනය නිසා මිනීමරු දේශපාලනයක් වී ඇතිනම්, ලංකාව ඉන්දියාවේ පිළිකන්නක් කිරීමේ දේශපාලනය නිසා මිනීමරු තත්වයට ලඟා වී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ඒම සඳහා ඉන්දියානු RAW ඔත්තු සේවයේ උපකාර පැතීම තුලින් මෙම අවදානම ඉතාම භයානක කෙළවරකට මේවනවිට ගෙන ගොස් තිබේ. දැන් ලංකාව තුල ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර ඔත්තුසේවා අතර අරගලයකි. රනිල් බටහිර ඔත්තුසේවා නියෝජනය කරන අතර, මෙය දන්නා මෛත්‍රී, ඉන්දියානු ඔත්තුසේවා වල පිළිසරණ පතයි. මේ නාටකය තවත් හාස්‍ය ජනක කරමින්, රනිල් ඉන්දියානු ධීවරයිනට වෙඩි තැබීම නිවැරදි යයි කියයි. මේ පණිවුඩ හුවමාරුව කුමක්ද යන්න අපට පැහැදිලිය.

මෙහිදී එක කරුණක් සිත් අමනාප වීමේ අවදානම පවා නොතකා, යතාර්ථය පෙන්වාදීමේ අනාගත යහපත වෙනුවෙන් අවධාරණයෙන් කිව යුතුය. රාජපක්ෂ මහතාට තේරුම් ගත නොහැකිවූ එක් කරුණක් වන්නේ ඔහුගේ ජනප්‍රියතාවට හේතු වූ ප්‍රධානම සාධකය වුයේ ඔහු යුද්ධය ජයග්‍රහණය කිරීමම පමණක් නොවූ බවය. ඔහුගේ ග්‍රාමීය මුලයන්  ජනතාවට ඊටත් වඩාත් ආකර්ශනීය වූ බව ඔහු තේරුම් නොගැනීම ජාතියේ අවාසනාවකි. ජනතාව ඔහු දෙස බැලුවේ “අපේ කෙනෙක්” දෙස බලන ආකාරයටය. ඉඳහිට බුලත් විඩක් කන, සරොම කැසපට ගසාගෙන නියරක් දිගේ යාහැකි, ඉංග්‍රීසි කතා කරන විට ඉඳ හිට ඕනෑ නම් රැජින මරණ, සාමාන්‍ය ජනයාගේ ප්‍රශ්න හදවතින්ම තේරුම්ගත හැකි අයෙකු ලෙසය. (killing the Queen’s English, අපට නම් රැජින මැරීමට කෙනෙකු සතුව ධෛර්යය තිබේනම් එය රැජිනට ඕන තාලෙට ජීවත් වෙමින් දර දිය අදින රනිල්ට වඩා සුදුසුකම් ලැබීමකි; සුද්දාට සිංහල මැරීමට තියෙන අයිතිය අපට ඉංග්‍රීසි මැරීමටද තිබිය යුතුය.)

කොටින් කිවහොත්, අප ආදරය කලේ රාජපක්ෂ නමැති පුද්ගලයා තුල ජීවත් වූ ඊනියා ‘ගොරකයාට’ මිස වෙනකෙකුට නොවන බව ඉතා පැහැදිලි ලෙස රාජපක්ෂ මහතාගේ දැනගැනීම සඳහාම මෙහිදී සඳහන් කල යුතුය. රාජපක්ෂ මහතා තම ගැමි උරුමයෙන් ඈත වීමට උත්සාහ ගන්නා සැම විටම අපට දැනුනේ ඔහු අප ඈත් කොට කොළඹ පන්තියේ සිරකරුවකු වීමට  දරන උත්සාහයන් ලෙස ය. ඒ දුටු අපිදු ඔහුගෙන් ඈත්වීමු. රාජපක්ෂ මහතා ඉහතකී ‘ගොරකයා’ මරාදැමීමට ගන්නා සෑම උත්සාහයක්ම සාමාන්‍ය ජනතාව සලකන්නේ තම හදවතට එල්ල කරන්නාවූ මාරාන්තික ප්‍රහාරයන් ලෙස බව එතුමාගේ දැනගැනීම පිණිස අවධාරණයෙන් සඳහන් කල යුතුය.

ඔව් අපි “ගොරකයින්” බවත්, අපි අනුන් වෙනුවෙන් ජීවත්වන කොලඹුන්ගේ ජීවන දර්ශනය අලුයම හෙලන කුණුකෙල පිඬක් සේ පිළිකුලෙන් බැහැර කරන බවත්, අපි අපේ “ගොරකත්වය” පිළිබඳව ඉමහත් සේ ආඩම්බර වන බවත් හඬගා කියමු. (සිංහල හරියට බැරි කොලඹුන්ගේ දැනගැනීම සඳහා එය නැවතත් ඉංග්‍රීසියෙන් කියන්නේනම්, We are proud of being ‘Gorakayas’ and proud for leading our own indigenous  way of life; and we are even more proud of not  living a borrowed life like you Colombians, because you live your lives not for self, but for someone else!!) රාජපක්ෂ මහතා අවබෝධ කර ගත යුතු වඩා වැදගත්ම කරුණ වන්නේ, එතුමා මෙතෙක් කරගෙන ගිය ඊනියා ‘ගොර්කයා’ මැරීමේ කර්තව්‍යය, එනම් තමා මැරීමේ කර්තව්‍යය කම්මුතු කළදාට, රාජපක්ස නාමයද අප සිත් සතන් වලින් කම්මුතුවී ඈත් වන බවය.

මා එම කරුණ එලෙස අවධාරණය කරන්නේ මන්ද? 1956 දී බණ්ඩාරනායක මහතා උරදුන්නේ  අධ්‍යාත්මිකව තමන් හඳුනා නොගත් කර්තව්‍යයකටය. එය සම විය හැක්කේ මෛත්‍රීපාල සිරිසේන මහතා වැන්නෙකු එංගලන්තයේ ඉංග්‍රීසින්ගේ ආර්ථික, සමාජ හා සංස්කෘතික ප්‍රශ්න විසඳීමට ගන්නා උත්සාහයකටය. නමුත් ඒ ආගන්තුක කර්තව්‍යය පිලිබඳ ඔහු සතුව පැවති ආත්මීය බැඳීමේ අඩුකම නිසාම ඇතිව තිබු නිර්ධය බවේ අඩු කම නිසා බණ්ඩාරනායක මහතා අසාර්ථකවී අකාලයේ ඝාතනයට ලක් විය. ප්‍රේමදාස මහතාගේ නාගරික දෘෂ්ටි කෝණයෙන් (පිට කොටුවෙ දෘෂ්ටි කෝණයෙන්) ගම හඳුනා ගැනීමට කල උත්සාහය ‘ගම් උදාව’ තුලින් වහනය වූ  කිසියම් නොගැලපෙන ඔලාරිකත්වයකින් ප්‍රතීයමාන විය. නමුත් රාජපක්ෂ මහතාගේ ගැමි කම දිදුලන සමාජ අකර්ශන්යකින් යුතු වීම හේතුවෙන් ජනතාව වැළඳ ගත්හ. ගැමි ජනතාව සිතුවේ බණ්ඩාරනායකට වැරදුනු තැන්  හදාගෙන රාජපක්ෂ මහතා එම ඓතිහාසික කර්තව්‍යය ඉටු කරනු ඇති කියාය. එසේ වුවද අවාසනාවකට රාජපක්ෂ මහතා වට කොට ගෙන සිටි කොළඹ කේවට්ටයන් විසින් ඉහතකී ජනතා ආකර්ශනීය ‘ගැමිකම’ දුර්වල කමක් සේ හුවා දක්වමින් රාජපක්ෂ මහතා ඉන් ඈත් කොට නොමග යැවුහ.

මෙහිදී රාජපක්ෂ මහතා තම ගැමි මුලයන්ගෙන් ඈත් කිරීමට මුල්වූ ප්‍රධාන පුද්ගලයෙකු ලෙස බොහෝ අය හඳුනාගන්නේ බැසිල් රාජපක්ස මහතාවය. බැසිල් මහතා නුතන වාදය, මානව ප්‍රගතිය හා බටහිර අනුකරණය එකට අනාගත්, සංවර්ධනය පිළිබඳව අච්චාරු සහගත මනෝ බ්‍රාන්ති හිස මත තබාගෙන අධි මානයෙන් ජීවත් වූ පුද්ගලයෙකු බව ඔහු සමග වැඩ කර තිබු, මා හඳුනන ඉහල පෙලේ රාජ්‍ය නිලධාරීන් මා හට පවසා ඇත. එමෙන්ම යම් තරමකට ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ තම දරුවන්ද, කතෝලික සංස්කෘතික හැදියාවකින් යුතු එතුමාගේ බිරිඳද ඊට බලපාන්නට ඇති යයි සිතිය හැක. අනේ අම්මාප,බටහිර සංස්කෘතික ආධිපත්‍යය ඉදිරියේදී හීනමානය ගැමි හදවතට ඇතුළු වන්නේ දාර්ශනික දුර්වලතාවයක් නිසා බව දන්නේ කීයෙන් කී දෙනාද?

රාජපක්ෂ මහතාගෙන් ජනතාව අපේක්ෂා කරන්නේ, රනිල් මහතා හෝ රවී කරුණානායක මහතා මෙන් විකට ඇඳුම් තරඟයකට මෙන් අනුන්ගේ ඇඳුමක් (European tie-coat attire)  මෝඩ උජාරුවකින් ඇඳගෙන සිටිමින්, අනුන්ගේ අචාරධර්ම (so -called etiquette” of someone else) තමන්ගේ මෙන් අනුකරණය කරමින්, රඟපාමින්, මහා ලොකු දේශපාලන ප්‍රකාශනසේ සිතා කිසිදු හරයක් නැති වල්පල් ප්‍රලාප හා දේශද්‍රෝහී කතා හඬගා කියන දේශපාලකයෙකු ගේ චරිතයක් නොවන බව ඉතා පැහැදිලි කරුණකි. සැබවින්ම රනිල් වික්‍රමසිංහ මහතා වැන්නෙකුට ජනාධිපතිතනතුර භාරදීම, හරියට මිස්ටර් බීන්ට (Mr. Been) ජේම්ස් බෝන්ඩ් (James Bond) චරිතය භාරදීම වැනි අසාර්ථක තීරණයක් වියහැකි බව කුදුමහත් ශ්‍රී ලාංකික ජනතාවගේ මතය බව රහසක් නොවේ. එය රනිල් වික්‍රමසිංහ මහතා පවා සිය ක්‍රියාවන් තුලින් අනුමත කර ඇති සත්‍යයකි. පොළොන්නරුවේ ගමරාල කෙනෙකුගේ පුතෙකුට, හිටපු ග්‍රාමසේවක මහතෙකුට තමාට වඩා ජනතා පදනමක් තිබෙන බව පිළිගැනීම තුලින්ම ඔහු ඉහත කී කරුණ පිළිගෙන තිබේ.

නමුත් ශ්‍රී ලාංකික ජනතාව රාජපක්ෂ මහතාගෙන් බලාපොරොත්තු වන්නේ, ස්ථිර සාර ලෙස සිය භුමියේ පය ගසා ගත් ජාතික නායකත්වයකි. ජනතාව එය රනිල් මහතාගෙන් හෝ රවී කරුණානායක මහතාගෙන් කිසිසේත්ම අපේක්ෂා නොකරන නායකත්වයකි. එය බැසිල් රාජපක්ෂ මහතා වැන්නවුනට කුරහන් වර්ණ සාටකය ඇඟේ දවටා ගත් පමණින් හඳුනා ගැනීමට නොහැකි වන්නා  වූද, එසේම අඩු තරමින් ඔහුට එය ඊළඟ භවයෙදීවත්  තේරුම් ගැනීමට  හැකිවේදැයි සැක සංකා සිතෙන අන්දමේ නායකත්වයකි. නමුත් මෙම දේශපාලන පෞර්ෂය මහින්ද රාජපක්ස සතුව පවතින බව අපි දනිමු. යුගයේ අවශ්‍යතාව වන්නේ එය මතු කර ගැනීමට ඔහු පොළඹවා ගැනීමයි.

අපේ රාජපක්ෂව උන්ගේ රාජපක්ෂ ලවා ඝාතනය කිරීම
“අපේ රාජපක්ෂ” නමැති මෙම දේශපාලන චරිතය පිලිබඳ සිහිනය අප දුටුවද, පහුගිය වාරයේ “උන්ගේ රාජපක්ස” ලවා “අපේ රාජපක්ස” ඇතුලතින් පුපුරවා සුනු විසුනු කොට ඝාතනය කල බව අපට අමතක නැත. අප කෙතරම් ජාතික ආර්ථික සංවර්ධන වැඩපිළිවෙලක් පිළිබඳව සිහින දුටුවද, ඔහු ලඟින්ම සිටි කේවට්ටයින් එවන් වැඩ පිළිවෙලක් කරා ලඟා වීම අසාර්ථක කළහ. රාජපක්ෂ බලයට ගෙන ඒමට දර දිය හා කොට අදින අය කරඬුව අරගෙන යන වෙලාවට කොන් කර දැමීම සාමාන්‍ය ප්‍රතිපත්තියක් වී තිබේ. රාජපක්ෂ බලයට එනවා කියන එක සහතික ලෙස දැනෙන විට  අහක ඉඳන් ඇඟ බේරගෙන රිලව් මෙන් බලා ඉන්නා මේ අහක ඉන්න ‘කරඬු අලි’ රාජපක්ස බලයට ආ විගස රාජපක්ෂව වට කරගෙන එතුමාව උන්ගේ කර ගනිති, දහදිය මහන්සියෙන් ලී කොට ඇදපු අලි එළවා දමති.

ඊළඟ වටයේ එන අපේ රාජපක්සටත් එම ඉරණමම අත් නොවේ යැයි කිසිවෙකුට සහතික කල නොහැක. මේ නිසා කවුරු කවුරුත් එකතු වී මහින්ද රාජපක්ෂ මහතාට පුන්චි  පහේ දර්ශනවාදී මෙවලම් කට්ටලයක් භාරදීම යුගයේ අවශ්‍යතාවක් බවට පත් වී තිබේ. මීට හේතුව වන්නේ රාජපක්ෂ මහතා මැතිවරණ වේදිකාවේ කල ප්‍රකාශයක් තවමත් මා දෙසවන් තුල රව් පිළිරැව් දෙන නිසාවෙනි. එතුමා ඊළඟ වතාවෙත් පරණ වරදම නැවත කරනු ඇතැ යි මා සිත් තුල සාධාරණ සැකයක් ඇති නිසාවෙනි. දෙවැනි හේතුව නම්, යටත් විජිත වාදයෙන් බිඳවැටුණු ජාතියක් නැවත ගොඩනැගීමට නම් එම කාර්යයේ නියැලෙන්නන්ට හොඳ දාර්ශනික පසුබිමක්ද තිබිය යුතු නිසාවෙනි. ඒ නිසා මෙවන් සාකච්චාවක් ඇරඹීම කාලීනව වැදගත් යයි සිතූ නිසාවෙනි.

කව්රු මොන ආකාරයෙන් කීවත්, මහින්ද රාජපක්ෂ මහතා පරාජය වුයේ දුෂණය පිලිබඳ චෝදනා නිසා නොව, අනෙක් සුළු සුළු හේතුන් සියල්ල ඉවත දැමුවහොත්, ප්‍රධාන වශයෙන් වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමණය කල නිසාවෙනි. වරක් ජේ. ආර්. පී සූරියප්පෙරුම මහතා විහිළුවට මෙන් කී පරිදි, “ගීතෝ, මේ පින් බිමේ සංවර්ධනය කියල මොන්වක්කත් කරන්ඩ ඉස්සෙල්ල, අපේ එයා ෆෝස් එකේ හෙලිකොප්ටර් එහෙකට නැගල කොස්ඇට ගෝනි ටිකක් පටෝගෙන රට පුරා හලාගෙන ගියානං මේ රත්තරං පොළොවේ බඩගින්න නිකම්ම නිවන්ඩ පුළුවන්” කියන වග රාජපක්ස මහතා තේරුම් නොගැනීමය.  මහා පරිමාන සංවර්ධනය මොන තරම් අස් පිනවන සුළු මෙන්ම සිත් අළවන සුළු වුවත්, රට තුල ඔහේ වැවෙන දෙල් ගෙඩියක් වැනි සුළු දේවල් පවා සිනා උපදවන සුලු අධික මිල උද්ධමනයකට ලක් වීම මිනිසුනට දරාගත නොහැකි විය.

මේ වැරදි ප්‍රතිපත්තිය ඉදිරියට ආවේ දර්ශන වාදී ගැටයක් නිසා යයි මා සිතමි. උදාහරණයක් ලෙස කියන්නේනම්, පසුගිය මැතිවරණයේදී වරක් ජනතාව අමතමින් රාජපක්ෂ මහතා කියා සිටියේ, “මට අවශ්‍ය අනාගතයට යන සංවර්ධනයක්” බවය. මේ ප්‍රකාශය සියුම්ව සලකා බලනවිට පෙනී යන කරුණ වන්නේ, එය සාපේක්ෂ ප්‍රකාශනයක් බැවින්, එම ප්‍රකාශයේ ප්‍රතිවිරෝධනය (antithesis) එනම්, අතීතයට යන සංවර්ධන ප්‍රතිපත්තියක් කියා දෙයක් පවත්නා බව ඔහු සිතන බවය. ඉහත කී අනාගතයට යන සංවර්ධනය පිලිබඳ අදහස, වෙනත් වචන වලින් බැසිල් රාජපක්ෂ මහතාගේ මුවින්  නිතර දෙවේලේ පිටවූ ප්‍රකාශනයක් බව ඔහු සමග වැඩ කල රාජ්‍ය නිලධාරීන් දනිති, එමෙන්ම අපිදු දනිමු.

ඊළඟ කොටසේදී අපි බලමු  මේ “අනාගතයට යන සංවර්ධනය” කියන එකේ දර්ශනවාදී පදනම මොකද්ද කියල.

4 Responses to “අපේ රාජපක්ෂ හා උංගේ රාජපක්ෂ (Part 1) ”

  1. Senevirath Says:

    දරුවන්ගේ රටට නොගැලපෙන ශාන්ත තෝමස් ”’නොහදියාවෙන්” හා බිරියගේ කතෝලික සංස්කෘතියෙන් ද කේවට්ටයින්ගේ ප්‍රලාප ප්‍රවාද ලෙස ගැනීමෙන්ද මහින්ද මුලාවිය දේශීයත්වය වන සන්නේ දැන් පවතින මිෂනාරී අධ්යාපනයය් බටහිර තාක්ෂනය පවා ගත යුත්තේ අපේ මැ ද මග ට සරිලන පරිදිය . මේ අදහස් ”’දියුනුවෙන්නට ”” හදන අ යට විසය.

  2. Independent Says:

    Senevi,
    මහින් ද මුලා වුන බව කරුණාකර ඔප්පු කරන්න​. මේ සඳහා ඔහුගේ මෑතක කතාවක්ම මිස ඔබගේ අදහස් යෙදවිය නොහැක​.
    කරුණාකර ඔප්පු කරන්න​.
    මෙය ඔබට පමණක් නොව ඔහු දෙවිකෙනෙක් සේ සලකන සියලුම දෙනා වෙත කරඇරයුමකි.
    කරුණාකර ඔප්පු කරන්න​.
    මෙය ඔප්පු නොකොට, ඒ උපකල්පනය මත ගොඩ නැගෙන​ සියලුම වාදයන් නිශ්පල රටට විනාශකාරී ප්‍රතිපලම ගෙනදෙන දෘශ්ටි පමනක්ම වෙනු ඇත​. මේ පුද්ගලයාගේ හිත කියවීමට අපට පරචිත්ත ප්‍රජානන ඤානය නැත​.

  3. Lorenzo Says:

    Geeth,

    English version?

    “Our Rajapaksha and their Rajapaksha.”

    IF you are thinking like me, what you might be saying is.

    The 2005-2010 PEOPLE’S MR was ROBBED by the Colombian gang in 2010. MR’s STC educated kids and miss universe 1973 wife are anyway COLOMBIANS. His brother BR is also a Colombian. So the transition was easy.

    Colombians like RAJITHA, RAJEEWA, RATANA, etc. too FOOLED MR.

    People like me and others who toiled for MR in 2005 and 2010 WITHOUT EXPECTING ANYTHING in return were KICKED OUT as traitors. Still we want NOTHING from MR. Just SCRAP 13 amendment. That’s ALL we ask for. That’s all I EVER ASKED for after the war.

    Glad PATRIOTS like Senevirath, Geeth, Hiranthe, Susantha, etc. NOW realize the wrongs of MR. The FIRST step to turn defeat into victory is to ACCEPT something is wrong with MR. Those people who continue to HAIL MR as if nothing is wrong with him are his REAL enemies.

    Ayyo Mahinda!

  4. sarathk Says:

    I want very high power loudspeker and amp to read out this article so that every Sri Lankans living in all over the world can hear this golden words. We need more articles like that Especially attack to bloody colombo kalu -suddas. Lanka web web is getting more shaper and sharper to sliced out kalu-suddas into pieces and pieces. 2015 war with Kalu-Sudda.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress