මෛත්‍රිපාල සංධාන නායක
Posted on March 16th, 2015

නලින් ද සිල්වා

පසුගිය ඉරිදා (මාර්තු 15 වැනි දා) ැවති එක්සත් ජනතා සංධානයේ සාමාජික පක්‍ෂවල නියෝජිතයන්ගේ රැස්වීමක දී මෛත්‍රිපාල සිරිසේන සංධානයේ නායකයා ලෙස පත්කරගෙන ඇත. එය එක්තරා ආකාරයකින් ගතහොත් නිළ වශයෙන් වූ ඊනියා පත්වීමක් තහවුරු කිරීමක් පමණක් විය. එහෙත් ඒ සමග ජනක බණ්ඩාර තෙන්නකෝන් එක්සත් ජනතා සංධානයේ ජාතික සංවිධායක ලෙස ද පත් කෙරී ඇත. ජනක බණ්ඩාර තෙන්නකෝන් චන්ද්‍රිකාට පක්‍ෂපාතී මහින්ද විරෝධියෙකි. එමෙන් ම ඔහු ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාලට වක්‍ර ව ආධාර කළේ ය. අද මෛත්‍රිපාල සංධානයේ ද තම බලය තහවුරු කර ගනිමින් සිටියි.

එක්සත් ජනතා සංධානයේ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති සංධානයේ නායකයා ද වෙයි. එබැවින් මෛත්‍රිපාල සිරිසේන සංධානයේ නායකයා ලෙස පත්කර ගැනීම හුදු ව්‍යවස්ථාදායක කටයුත්තක් පමණකි. එහෙත් සංධානයේ පක්‍ෂවලට ප්‍රශ්න කළ යුත්තක් තිබිණි. ඒ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති වූයේ කෙසේ ද යන්න ය. මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති වූයේ පික්පොකට් ගැසීමෙනි. ඔහු ජනාධිපති වූ පමණින් ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති වශයෙන් පත් නො වෙයි. ඒ බව නීතිඥයකු වූ නිමල් සිරිපාල ද දැන සිටියේ ය.

අපි මේ වෙබ් අඩවියේ පළ කර ඇති ලිපිවලින් ඒ බව කිහිප වරක් ම පැහැදිලි කළෙමු. යමකු ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති ලෙස නිල බලයෙන් පත්වන්නේ පක්‍ෂයෙන් හෝ පක්‍ෂයේ නායකත්වයෙන් ඇති සංධානයකින් තරග කර ජනාධිපති වුවහොත් පමණකි. පක්‍ෂයේ හා සංධානයේ අපේක්‍ෂකයාට විරුද්ධ ව තරග කර ජනාධිපති වූවකුට කළ යුත්තේ පක්‍ෂ විනය කඩකිරීම පිළිබඳ දඬුවම් කිරීම මිස සභාපති ධුරයට පත් කර ගැනීම නො වේ. මහින්ද රාජපක්‍ෂ පක්‍ෂයේ සභාපති ධුරයෙන් ඉවත් වීම ඔහු තම දේශපාලන ජීවිතයේ කළ බලවත් ම වරද විය. එසේ වුවත් ශ්‍රී ල නි පක්‍ෂයට මෛත්‍රිපාල හැරෙන්නට වෙනත් අයකු පක්‍ෂයේ සභාපති ලෙස පත් කර ගැනීමේ හැකියාව තිබිණි. එහෙත් මෛත්‍රිපාල තම විධායක ජනාධිපති බලතල ද යොදා ගනිමින්  පක්‍ෂ සභාපති කම පික් පොකට් ගැසුවේ ය. අද ඔහු ඒ පික්පොකට් ගැසීම තවදුරටත් ඉදිරියට ගෙන යමින් සංධාන නායකත්වය ද පික්පොකට් ගසා ඇත. 

අප පළ කර ඇති තවත් අදහසක් නම් අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ එක් පුද්ගලයකු වටා බව ය. අද මෛත්‍රිපාලට, චන්ද්‍රිකාට, රනිල්ට, රාජිතට, චම්පිකට, අනුර දූිසානායකට, සම්බන්ධන්ට, විග්නේස්වරන්ට, සුමන්තිරන්ට, අතුරලියේ රතන හිමියන්ට හා මාදු්‍රළුවාවේ සෝභිත හිමියන්ට පමණක් නොව ඉන්දියාවට, ඇමරිකාවට, එංගලන්තයට හා ඒ රටවල ඔත්තු සේවාවන්ට අවශ්‍ය වී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මුළුමනින් ම දේශපාලනයෙන් ඉවත් කිරීම ය. ඒ සියලලන්ටම ඇති දේශපාලන පොදු සාධකය මහින්ද ඉවත් කිරීම ය. එහි දී ඔවුහු ඔවුන්ගේ සියළු මතභේද ඉවත දමා එක්වෙති. එපමණක් නොව දුෂ්ටගාමිණී ලෙස නම් කෙරුණු ගැමුණු ට විරුද්ධව සද්ධාතිස්ස කෙනකු ගෙන ආකාරයට වර්තමානයේ ද කටයුතු කරති. එහෙත් ඒ අතර ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට ද සෑරසෙති. අප ඉතිහාසයේ සද්ධාතිස්ස, විභීෂණ චරිත නැවතත් අධ්‍යයන කළ යුතු ව ඇත. ඒ නම්වල ම කෘත්‍රිම පටබැඳි ගතියක් වෙයි.

අප්‍රියෙල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ ද නැත් ද යන්න තීරණය කිරීමට කැබිනට් මණ්ඩලය, මෛත්‍රිපාල, චන්ද්‍රිකා හා රනිල්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වෙයි. කමිටුවේ තීරණය ගනු ඇත්තේ මැතිවරණය කල් දැමීමෙන් මහින්දට දඬුවම් කිරීමට ලැබෙන අවස්ථා පුළුල් වීම (ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණ පැවැත්වීම ආදියෙන්) ගැන සලකා බැලීමෙන් ද පසුව ය. එමෙන් ම මහින්දට එරෙහිව මෛත්‍රිපාලට ශ්‍රී ල  නි පක්‍ෂයේ හා සංධානයේ තම ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ හැකියා ව ද එහි දී බලපාන සාධකයක් වනු ඇත.

නලින් ද සිල්වා

2015 මාර්තු 16

One Response to “මෛත්‍රිපාල සංධාන නායක”

  1. ranjit Says:

    How come S.L.F.Per’s make him the party president? Are they out of their mind? This guy is a traitor to the party.He left the party in a coup and he contested the Presidential election against the actual President of the party Mahinda Rajapksa so how can a man of that caliber be appointed as the party’s president? Now he is a UNP man so we must treat him as a opposition to the S.L.F.P. party. If the S.L.F.Per’s want to keep that party without breaking they must back MR not this puppet and his mistress CBK. They will never get a chance to win the elections if they keep this puppet on a string as the party’s president. We say to S,L.F.Per’s to rally round MR and take the party forward to win the next General election. People who supports S.L.F.P. should think of their future and their party’s future without blindly support a person or any group who left the party and join Opposition parties. Don’t follow donkeys follow horses if you want to win and have a future.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress