සිරිසේන ජනාධිපතිවරයාට මහා රැජිණගේ අත ස්පර්ශ කිරීමට ලැබීම
Posted on March 20th, 2015

ගාමිණි  පරාක්‍රම 

තමා මැතකදී බ්‍රිතාන්‍ය මහ රැජිණ හමුවූ අවස්ථාවේදී ඇය තමාට අත් මේස් ගලවා අතට අත දුන් බව සිරිසේන ජනාධිපතිවරයා උජාරුවට පවසා ඇත .සමහර හාම්පුතුන් තමන්ගේ බලු පැටවූ ස්පර්ශ කරණ විට ඔවුන්ට ඇතිවන විධියේ සතුටක් ජනාධිපතිවරයාට ඇති වන්නට ඇත. වාමන්ශිකයෙක් ලෙස දේශපාලණය ආරම්භ කළත් මහ රැජිණගේ   ස්පර්ශය දැන් ඔහුට ඉමහත් ප්‍රීතියකි 

ආචාර්ය නලින් ද සිල්වා මහතා ප්‍රධාන බොහෝ විද්වතුන් පවසන අන්දමට එංගලන්තය සැමදාම ශ්‍රී ලංකාවේ සිංහලයන්ට සතුරුකම්  කළේ බොහෝ සිංහලයෝ සුද්දන් කියන කියන අන්දමට නටවන්නට් නොහැකි වූ නිසාය.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එංගලන්තයට අවශ්‍ය පරිදි  ත්‍රස්ත වාදීන්ට එරෙහි යුද්ධය නතර කළේ නැත . මිලිබෑන්ඩ්ලාට තබා මහ රජිනටවත් දෙකට නැමුණේ නැත . සිරිසේන ජනාධිපතිවරයා මහා රැජිනට දෙකට නැමුණ පින්තූර අපි නොදැක්කත් ඔහුගේ බිරිඳ මහා රැජිණට දෙකට නැවී අතට අත දුන්  පින්තූර අපි දුටිමු .

සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් අගමැතිවරයා ලවා දිගටම  ශ්‍රී ලංකාව පාලනය කරවීමට එංගලන්තය මෙන්ම ඇමෙරිකාවද ඔවුන්ට හැකි සැම ප්‍රයත්නයක්ම දරනු ඇත . ඒ ඔවුන් දෙදෙනාම සුද්දන් තමන්ට වඩා උසස් යයි සළකන, සුද්දන්ගේ පදයට නටන අය වීම නිසාය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉතාමත් කාලෝචිතව බංකොලොත් ඇමෙරිකන් යුරෝපා ආර්ථිකයට හසු නොවී චීනය සමඟ ආර්ථික සම්බන්ධකම් මගින් විශාල දියුණුවක් රටට ලබාදුන්නද ඉදිරිකාලයේදී බංකලොත් ආර්ථික අගාධයකට ශ්‍රී ලංකාව ඇද වැටෙනු ඇත .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress