ශ්‍රී ල නි ප කොයිබට ද
Posted on March 23rd, 2015
නලින් ද සිල්වා
අද ඇත්තේ ජාතික ආණ්ඩුවක් යැයි ඇතැම්හු කියති. එය මුළුමනින් ම වැරදි ය. වැඩිම වුවහොත් ඇත්තේ විජාතික ආණ්ඩුවකි. එ ජා ප සහ තවත් පක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂයේ කොටසක් සමග එක් වී ආණ්ඩුවක් පිහිටුවා ඇත. එය සභාග ආණ්ඩුවක්වත් නො වේ. සභාග ආණ්ඩුවක් යනු පක්‍ෂ දෙකක් හෝ වැඩි ගණනක් හෝ එක් වී පිහිටුවන ආණ්ඩුවකි. එහෙත් මේ ආණ්ඩුව එ ජා ප තව පක්‍ෂ කිහිපයක් හා ශ්‍රී ල නි පක්‍ෂයේ කොටසක් (පක්‍ෂයේ සියළු මන්ත්‍රීන් නො වේ) එක් වී පිහිටුවන ලද ආණ්ඩුවකි. පක්‍ෂ කෑලි එකතු වී ජාතික ආණ්ඩුවක් තබා සභාග ආණ්ඩුවක්වත් පිහිටුවිය නො හැකි ය.
අද ප්‍රශ්නය වී ඇත්තේ විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ කවරේ ද? ආණ්ඩු පක්‍ෂයේ දේශපාලන පක්‍ෂ කවරේ ද යන්න ය. ශ්‍රී ල නි පක්‍ෂය ආණ්ඩුවේ ද නැත්නම් විපක්‍ෂයේ ද? එයට ඒකාන්ත පිළිතුරක් අවශ්‍ය වෙයි. එයට පිළිතුර චතුස්කෝටිකයෙන් බලාපොරොත්තු විය නෙ හැකි ය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයට ඒ සරල ප්‍රශ්නයට පිළිතුරක් දිය නො හැකි ය.
එයින් පිළිබිඹු වන්නේ ශ්‍රී ල නි පක්‍ෂයෙහි අර්බුදය ය. ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමයෙහි මෙවැනි තවත් පක්‍ෂයක් තිබිණි දැයි නො දනිමි. ශ්‍රී ල නි පක්‍ෂයට මේ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමට නොහැකි නම් කතානායකවරයාවත් මැදිහත් වී එය විසඳිය යුතු ය. විපක්‍ෂ නායකකම සුදුසු පුද්ගලයකුට දිය යුතු ය.
ඒ සඳහා පළමුව විපක්‍ෂය හා ආණ්ඩු පක්‍ෂය නිවැරදිව අනන්‍ය ව හඳුනාගැනීමට හැකි විය යුතු ය. අද ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ කෙරී ඇත. එසේ දෙකඩ කළේ මෛත්‍රිපාල සිරිසේන, නිමල් සිරිපාල ඇතුළු පිරිස ය. ඔවුන්ට අද ඒ බව පිළිගැනීමට නොහැකි වී ඇත.
මෙය ජනතාවගේ අයිතිවාසිකමක් පැහැර හැරීමකි. ජනතාවට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය හඳුනාගැනීමට හැකි විය යුතු ය. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂය එයට ඉඩ නො දෙයි. ශ්‍රී ල නි පක්‍ෂය ජනතාවට ද්‍රෝහි වන්නේ එහි නිවට නායකයන් විසින් කරන ලද ක්‍රියා ඔවුන්ට ම දිරවා ගත නො හැකි බැවිනි.
නලින් ද සිල්වා
2015 මාර්තු 23
March 23rd, 2015 at 6:29 pm
දින 100යෙ වැඩට මෙෙත්‍රිගෙ දැත් ශක්තිමත් කරනවා කියල සිරිපාලල තනතුරු ගත්තවා. මෙෙත්‍රි රනිල්ගෙ දැත් ශක්තිමත් කරනවා. රනිල් විජාතිකයන්ට ඔිනා දේ කරනවා. අන්තිමට ශ්‍රිලනිප විතරක් නෙවෙයි රටත් රටේ මිනිස්සුත් කොට උඩ. නලීන් කියන්නෙ ති්ත්ත අැත්ත.
March 23rd, 2015 at 7:10 pm
Namaste:
What we have is a government run by the Indian Imperialists. To understand it all first you have to understand and accept:
British-Indian Empire then the Indian Empire.
Jai Hind
March 24th, 2015 at 4:00 am
මුලින් පටන් ගත්තේ බහුජාතික ආන්ඩුවකි. දැන් මෙය අවජාතික ආන්ඩුවකි.