ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයකට මුවාවී ගොඩනගා ඇත්තේ හවුල් ආණ්ඩුවකි.
Posted on March 24th, 2015

මාධ්‍ය නිවේදනයයි මාධ්‍ය ඒකකය ජනතා විමුක්ති පෙරමුණ

 ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයකට මුවාවී ගොඩනගා ඇත්තේ හවුල් ආණ්ඩුවකි. ඒ තුළ ඇමති මණ්ඩලය තවත් පුළුල් කර තිබේ. ඒ, පසුගිය ජනවාරි 08වැනි දින ජනවරම විසින් පරාජය කරන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 27 දෙනෙකුට කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනමමිනි. මේ පිරිස අතර පසුගිය ආණ්ඩු සමයේ වංචා දූෂණවලට ලක්වූවන්ද සිටින තත්වයක් තුළ යහපාලනය සඳහා පත්වූයේයැයි කියනු ලබන ආණ්ඩුව, වංචා දූෂණ සම්බන්ධයෙන් තවදුරටත් පියවර ගනු ඇතැයි අපේක්ෂා කළ නොහැක.

 ඇති වූ නව දේශපාලන වර්ධනය දැඩි සැලකිල්ලට ලක්කළ ජනතා විමුක්ති පෙරමුණ මතු වී ඇති තත්වය ජාතික විධායක සභාවේදී ප‍්‍රශ්න කිරීමට බලාපොරොත්තු විය. කෙසේ වුවද ආණ්ඩුව විසින් අද (24) දිනයට නියමිත වූ විධායක සභා රැස්වීම හදිසියේ අවලංගු කර තිබේ. එබැවින් නව තත්වය සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් විධායක සභාව කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි.

 එසේම නව දේශපාලන වර්ධනයන්හි පෙළගැසීම සියුම්ව නිරීක්ෂණය කරන ජනතා විමුක්ති පෙරමුණ, තවදුරටත් ජාතික විධායක සභාවට මැදිහත් විය යුතුද නැත්ද යන්න පිළිබඳව මහින්ද රාජපක්ෂ පාලනය පරාජයට පත්කිරීමට දායක වූ සිවිල් සංවිධාන සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. එම සාකච්ඡාවලින් අනතුරුව ජාතික විධායක සභාවේ සභභාගිත්වය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ අවසන් තීරණය ගැනීමට නියමිතය.

 

මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ
2015.03.24

 

One Response to “ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩු සංකල්පයකට මුවාවී ගොඩනගා ඇත්තේ හවුල් ආණ්ඩුවකි.”

  1. Christie Says:

    Namaste; JVP the final choice of the Indian Imperialists to put in to govern the non Indian of the Island. They will sing different songs but at the end of the day they will kill more non Indians as they did it before. Wijeweera used to get huge amounts of money from the Indian merchants when he returned from Lumumba and was staying at Peradeniya. He was caught hiding among his own protectors and financiers among the Indians. Jai Hind

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress