කේතුමතියේ සංචාරය
Posted on April 13th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

අහස ඉතා පැහැදිලියි. නිල් අහස, කොලපාට භූමියට ප්‍රාණවත් බාවයක් එකතු කරල. ජ්‍යමිතිකව සකස් කල භූමියක් පහතින් දිස්වෙනවා. සරල රේඛීය අදිවේගී මර්ග පෙන්නුම් කරනුයේ ජනතාව කාලයට දක්වන සැලකිල්ලයි. ඉහල අහසේ සිට මේ දකින්නේ සැබෑ ලෙසම සිත්තරෙකුගේ සිතුවමක් නම් නොවේ.

රටට ඔබින ගුවන් තොටුපල; කඩිසර දෑත්, කාරැණික මුහුණු කියා පෑවේ රටේ තත්වයයි. ගුවන් තොටුපලේදී මා අතට පත්වූ පෝරමය පිරවූ මා එහි වූ විශේෂිත කවුන්ටරයක් වෙත යොමු කරන ලදී.
ආයුබෝවන්! “

” ආයුබෝවන්! ” යයි ආශිර්වාද කල  මා එහි වූ නිලධාරියා වෙත පිරවූ පෝරමය හා එහි සදහන්ව තිබූ උපදෙස් පරිදි පාස්පෝට් එක හා එම රටට රැගෙන ආ මුදල් සියල්ලම බාරදී බලා සිටියේ සිදුවෙන්නේ කුමක්දැයි වටහා ගැනීමට බැරිවය.

ඉතා ස්වල්ප වේලාවකින්, අලුතින් සකස් කරන ලද ක්‍රෙඩිට් කාඩ් එකක් හා සමාන කාඩ් එකක් මා අතට පත්විය.

ඔබ මේ රටට ගෙන ආ සියලුම මුදල් මේ කාඩ් එකේ තියෙනවා, ඔබට ‍ඉතා හොද නිවාඩුවක් ගත කරන්න ලැබේවා කියල පතනවා” කාරුණිකව මා දෙස බැලූ නිලධාරියා පැවසීය.

ඒ සමගම කුඩා උපකරණයකට එම මුදල් කාඩ්පත ඇතුලත් කර, එයතුල ඇති මුදල් ප්‍රමාණයද පෙන්නා දෙන ලදී.

” මට මා ගෙන ආ මුදල් සෘජුවම වියදම් කරන්න අවශ්‍යයි. කරැණාකරල මට ඒ මුදල්ලබා දෙන්න පුලුවන්ද?”

දෙන්න පුලුවන් නමුත් මේ රට අභ්‍යන්තරයේ ඒ සල්ලි පාවිච්චි කරන්න විදියක් ඇත්තෙම නැහැ. මේ රටතුල ඇත්තේ ඉලෙක්ට්‍රොනික් මුදල් හුවමාරු ක්‍රමයක්, මේ කාඩ්පත තුල ඔබ රැගෙන ආ සියලූම මුදල් තියෙනවා, ඔබ කල යුත්තේ, ඕනෑම තැනකින් ඔබට අවශ්‍ය දේ රැගෙන මේ කාඩ්පත ඔවුනට ඉදිරිපත් කිරීමයි. ඔවුන් ඒ මුදල මෙයින් ලබා ගනීවි. ඔබගේ සංචාරය නිමවී යනවිට, නැවත ඔබගේ පාස්පෝට් එක සමග මේ කාඩ්පත මේ ගුවන් තොටුපලට ඉදිරිපත් කල විට, මෙහි අන්තර්ගත සියලූම ඉතිරි මුදල් යතා පරිදි ඔබට ලැබේවි.”

ඔහුගේ විස්තර කිරීම ඉතා හොදින් මා දැනුවත් කරන ලදී.
“අලුත් අත් දැකීමක් මම මටම කියා ගතිමි.”

රටට ඇතුළු වන මොහොතේම අලුත් යමක්!  මම මහත් උනන්දුවකින් රට අභ්‍යන්තරයට ගියේ තව මොන ආකාරයේ නැවුම් තත්වයන්ට මුහුණ දීමට සිදුවේදැයි යන අපේක්ෂා වෙනි. සත්‍ය වශයෙන් මා ගමන් කලේ රටක නගරයන් තුලින් නම් නොවේ. මහා උද්‍යානයක් තුලිණී. ඉතා කෙටි කාලයක් තුලදී මහා දිගු ගමනක් ගියේ කිසිදු විඩාවක් නැතිවමය. මේ රටේ වටිනාම දේ වශයෙන් සලකනුයේ කාලයයි. ඒ නිසා කාලය ඉතිරි කර ගැනීම උදෙසා ගත හැකි හැම උපක්‍රමයක්ම යොදා ගෙන තිබිණ.

ඉතා කුඩා කාලයක් වුවද පණමෙන් සුරකින්න එය ඔබගේ ජීවිතයයි” සෑම තැනකම මා දුටු වැකියයි. මෙම වදන ද ලියා ඇත්තේ ඉතාමත් සිත් ගන්නා හා පරිසරයට හානි නොවන ආකාරයෙන් වීම අගනේය.

මා පැමිණි නවාතැන, තුරු වදුලක වූ විශ්මිත කුටියකි. ජ්‍යමිතියට අනුකූලව නවාතැන් උයන නිර්මාණයව තිබිණ. තවුසෙකුට තවුස් දම් පුරන්නට හොද තැනක් යයි විටෙක මට සිතිණ. නැහැ ආදරවන්තයින්ට සිය අනාගතය සැලසුම් කරන්නට හොදම තැන මේ යයි හැගිණ. අපිට සිය දහසක් දේ නිවැරදිව සිතන්න හා දකින්න මේ හා සමාන තැනක් නම් නොලැබෙන බව මට වැටහිණ. කේතුමතිය කොතරම් ලස්සනද?

සුභ සන්ධ්‍යවක් වේවා!” මා ඇමතුවේ සුරූපී තරුණියකි.

“සුභ සන්ධ්‍යවක් වේවා!” මම පෙරලා ආශිර්වාද කලෙමි.

මට අයත් කාර්යය ඔබලාට උදව් කිරීම; ඔබට යම් උදව්වක් අවශ්‍ය නම් මට කියන්න.” ඇයගේ හඩ, රුව මෙන්ම සුකුමාල නැත. නමුත් දැඩි ගාම්බීර බවක් ගැබ්ව තිබේ.

” ඔව් මට ඔබේ රට, ඔබේ රටේ පාලන රටාව සම්බන්ධව දැන ගැනීමට අවශ්‍යයි. ඒකට උදව් කරන්න පුලුවන්ද?”

ඇත්තටම පුලුවන්; කරුණාකරල ඔබ වඩාත් ප්‍රිය කරන අංශය සම්බන්ධව අදහසක් දෙන්න”

” මම දන්නවා මෙහෙ මිනිස්සු මුදල් නෝට්ටු පාවිච්චි කරන්නේ නැති බව; තවද මේ රටට පමණක් හුරුවූ ඉලෙක්ට්‍රොනික් මුදල් හුවමාරු ක්‍රමයකට හුරුව සිටින බව, මෙම ක්‍රමය මිනිසුන්ට කරදරයක් නොවෙයිද?” මා මගේ පලමු පැනය ඇයට ඉදිරිපත් කලෙමි.

ඇය මා දෙස තියුණු බැල්මක් හෙලා තරමක නිහඩ තාවයක් පරිසරය තුල ඇති කලාය.

බලන්න ඔබ මේ රටට ඇතුල් වෙන විටම, ඔබේ අතේ තිබුණ සියලූම මුදල් නෝට්ටු මෙහි මහා බැංකුවට බාර දුන්නා; දැන් ඒ මුදල් සියල්ලේම වගකීම පවතින්නේ මෙරට මහා බැංකුවටයි. ඒ සමගම ඒ මුදල් ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවකට වියදම් කරන්නට ක්‍රමවේදයක් සකස් කරලත් තියෙනවා. වැදගත් වන්නේ මේ රටතුලදී කාගේවත් මුදල් නැතිවෙන්නේ නැහැ. කාගේවත් මුදල් කාටවත් සොරා ගන්නටත් බැහැ. මේ රටේ සියලූම මිනිස්සුන්ට මේ රැකවරණය තියෙනවා”

මම ඔබට තවත් හොදට පැහැදිලි කරන්නම්” ඈ හරිබරි ගැසී වාඩිවූවාය.

මේ රට මධ්‍යගතකරණයකට භාජනය කල රටක්, දරුවකුගේ උපතේ පටන්ම රජය හා බද්ධ වුන යාන්ත්‍රණයක් මෙහි පවතිනවා. දරුවාගේ පාසල් යන වයස ලගා වුන විට පාසල තෝරා දෙමව් පියන්ට දන්වන්නේ රජයයි.”

“මුදල් පරිහරන කරන වයසේ හැමටම අනිවාර්යෙන්ම මහා බැංකුව විසින් බැංකු ගිණුමක් හා එයට බද්ධ වුන ඉලෙක්ට්‍රොනික් මුදල් පතක් හිමි වෙනවා. ජීවිතය නිම වෙනකම්ම ඔහුට එම ගිනුම හිමියි. මිනිසුන්ට ලැබෙන හා මිනිසුන් අන් අයට දෙන සෑම මුදලක්ම ගලා යන්නේ ඒ ඒ මිනිසුන්ට අයත් ගිණුම හරහා බැවින් මහා බැංකුව සෑම දිනකදීම ඒ ඒ ගිණුම් වල සිදුවන සංසරණයන් නිරීක්ෂණය කරන්න ඉතා පහසුයි. මේ රටේ සෑම මිනිසෙකුගේම මුදල් පරිහරණය ඉතාම විනිවිද බාවයකින් යුක්තයි. ඒ විතරක් නෙමෙයි මේ රටේ සිටින කාගේවත් පෙට්ටගම් වල සල්ලි නැහැ. හැමෝගෙම හැම සතයක්ම තියෙන්නේ රජයේ මහා බැංකුවේයි. මෙය රජයටත් ජනතාවටත් මහා වාසියක්.”

මම නිරුත්තරව ඇයට සවන් දෙමින් සිටියේ, ප්‍රවීන දේශකයකුගේ දේශනයකට මෙනි.

ඉස්සර මේ රට තුල සිටි මැති ඇමති වරුන්ට චෝදනා රාශියක් තිබුණ රටක්, ඒ විතරත් නෙමෙයි කම්කරුවාගේ ඉදන් ඉහල අමාත්‍යන්ශ ලේකම් වරයා දක්වා වූ හැම අයෙක්ම හොදට හොරකම් කරපු රටක්. නමුත් වර්තමානයේ පවතින ඉලෙක්ට්‍රොනික් මුදල් හුවමාරු ක්‍රමය හදුන්වා දීමත් සමග මේ සෑම දෙයක්ම අහෝසි උනා. සෑම දවසකම අවසානයේදී මේ රජයේ මහා බැංකුව දන්නවා ජනාධිපතිවරයාගේ පටන් රටේ ඉන්න සෑම දෙනකු ලගම ඇති ඒ ඒ මුදල් ප්‍රමාණය කොච්චරද කියල”

” මේ ක්‍රමය හරහා ඉතාම පහල මට්ටමේ බැංකු ගිනුම් ඇති අය කවුද කියල රජය දන්නවා. ඒ අනුව වහාම වහාම සහනාධාර ලබාදිය මිනිස්සු කවුද කියල රජය ඉතා හොදට දන්නවා. ඒ අනුව ඒ පුද්ගලයන් ඒ ඒ අමාත්‍යාන්ශ වලට කැදවන්නේ රජයයි. ඔවුන්ගේ තත්වයන් උසස් කර ගන්න ක්‍රමවේදයන් සකස් කරන්නෙත් රජයයි. ඒ ඒ අයට යම් යම් වගකීම් පවරා ඒ හරහා ඔවුනගේ ආර්ථිකය ශක්තිය ඉහල නංවන්නට රජය සැම මොහොතකම ක්‍රියාත්මක වෙනවා.”

“පුදුමයි” මට සිතිණ.

“පුදුම වෙන්න දෙයක් නැහැ. මේක ඉතාම සරල වැඩ පිලිවෙලක්. වැදගත්වෙන්නේ නායකත්වයට මෙය අවශ්‍යද නැද්ද කියන පදනමයි. වාසනාවකට මේ රටතුල එවන් නායකයකු කලකට පෙර බිහිවුනා. එතුමා දුටුවා මේ ක්‍රමයේ ඇති වැදගත්කම; දැන් මේ රටේ සියලු දෙනාම එහි ප්‍රතිඵල ඉහලින්ම බුක්ති විදිනවා.”

මගේ සිතුවිල්ලට ඇය පිලිතුරු දුන්නේ මා සිතූ දෙය ඇයට හැගුණා මෙනි.

මේ ක්‍රමය විශාල සමාජ විපර්යාසයක් කලා, එදිනෙදා බස් එකේ පික් පොකට් ගහපු මිනිහාගේ ඉදන් මේ රටේ මැති ඇමති හා ජනාධිපතිවරුන් වශයෙන් හිදගෙන ජනතා මුදල් හොරා ගත්තු අයගේ ඒ කටයුතු කිරීමට තිබූ යාන්ත්‍රණයයි මේ නව ක්‍රමය හරහා උදුරුවා දමනු ලැබුවේ; නව ක්‍රමයට අනුව යමෙකුගේ ගිණුමට විශාල මුදලක් එකවර බැරවුණ හොත් ඒ අවස්ථාවේදීම මහා බැංකුව දන්නවා කොයි ගිනුමෙන්ද මේ මුදල් බැර උනේ කියල. මෙය අසාමාන්‍ය සිදුවීමක් නම්, ඒ අවස්ථාවේදීම ගිණුම් හිමියන් අමතා කථා කොට බලන අතර, මේ මුදල් හුවමාරුව මත රජයට යම් බදු මුදලක් අයවීමට ඇත්නම් ඒ අවස්ථාවේදීම එම මුදල අඩුකර ගත ගන්නවා.”

“හොරෙකුට හොරකම් කිරීමට ගෙවල් වලට යාම මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම නැති කලා, බැංකු කොල්ල කෑම මේ ක්‍රමය සම්පූණයෙන්ම නැතිකලා. පික් පොකට් ගැසීම වැනි ක්‍රියාවන් සියල්ලක්ම අහෝසි කලා. ඇත්තටම මේක සමාජ විප්ලවයක්”

ඇය නොදැනුවත්වම ඇය දේශපාලඥයක්ගේ ස්වරූපය ගෙන ඇත.

මේ රට කලකට පෙර පත්ව තිබුණෙ මහා අවාසනාවන්ත තත්වයක. රටේ රජයක් තිබුණට නොනිල රජයන් රාශියක් මේ රට තුල තිබුණා. විදේශීය තානාපතිවරු ඔවුන්ට ඇවැසි ආකාරයට මුදල් විසි කරමින් දේශපාලඥයින් කුලියට ගනිමින් කටයුතු රාශියක් කලා. ඔවුනගේ තිබුණේ වෙනම අදිසි රාජ්‍යයක්. මැතිවරණයක් පැමිණෙන විට විදේශීය ඩොලර් මිටි පිටින් හැම තැනම ගලා ගියා. දැන් ඒ හැම නව ක්‍රමය අනුව ඔනෑම අයෙකුට මුදල් ගේන්නත් පුලුවන් දෙන්නත් පුලුවන්, නමුත් ඒ ගේන ඩොලර් පලමු කොට මහා බැංකුවට බාර දීල තමන්ට අවශ්‍ය ගිනුම් වලට බැර කරන්න වෙනවා. මේ අනුව මේ මුදල් පරිහරනය විනිවිද භාවයකට නතු වෙනවා. මේ හරහා රජය සැබෑ රජයක් බවට පත් වෙනවා. මේ රටතුල විදේශීය මුදල් වලින් කල අපරාධ අවම උනා. දැන් අපි නිදහස් නිවහල් ජාතියක්”

ඈ මහත් ආඩම්බරයෙන් මතුලාය.

”  ස්තුථියි, ඔව් දැන් මට ඉතාම හොදට වැටෙහනවා ඔබ කියන කාරනාව හා මෙහි වටිනාකම”

ඊට පසුව මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය, මහා මාර්ග සංවර්ධනය, කෘෂිකාර්මික සංවර්ධනය හා ගමනා ගමනය සම්බන්ධව පුලුල් සමීක්ෂණයක් පුරා මාසයක් තුල සිදු කල මා නැවත මෙරට බලා පැමිණීම සදහා කේතුමතියේ ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණියේ මහත් දැනුම් සම්භාරයක්ද සමගිණී. ගුවන් තොටුපලේ සිරිය ඉතිරි කාලය තුල නැරඹිය යුතුය. මාගේ මනස මහත් අවධියෙකින් සියල්ලක්ම නිරීක්ෂණය කරයි. මා වඩාත්ම ප්‍රියකරන්නේ සිනා බරින් පිරිණු ආචාරශීලි මුහුණු රාශියයි. ආයුබෝවන්!, ශුභ උදෑසනක්වේවා!, හැමගේම මුවගේ රැව් දෙන වචනයන්ය.

“ආයුබෝවන්!” තවත් සුහද හමුවක ආරම්භයක්.

“ඉතින් සැප සනීප කොහොමද? ඔබ මේ රටට අමුත්තෙක් වගෙයි?”

” ඔව් මම ශ්‍රී ලංකාවෙන් කෙටි නිවාඩුවකට මෙහෙ ආවා, දැන් නිවාඩුව ඉවරයි, ආපසු ගෙදර යනවා”
මම මේ රටෙහි අමුත්තෙක් නම් නොවන බවක් මට හැගේ.

ඔබ මෙහි ගත කරපු කාලය සතුටින් ගත කලාද?”

” ඇත්තටම, මම ඉතාම හොද කාලයක් ගත කලා, එහි වටිනාකම මෙච්චරයි කියල කියන්න බැහැ. මේ රට ලෝකයට ආශ්චර්යක් බව මම කියන්නම ඕනි. ඔබේ රටේ නායකත්වය සම්බන්ධව මට ඇත්තේ මහා ගෞරවයක් බව කියන්නම ඕනි.”

ඔහු මා දෙස බලා සිටියේ මහත් කෘතඥ පූර්වකය.

බොහොම ස්තුථියි, ඔබගේ ඇගයීමට;  මේ මගේ රට මහා සම්පතක්; ලෝකයේ ශිෂඨාචාරය ආරම්භ වූයේ මේ ලක්ෂයෙන් බවට ප්‍රබල විශ්වාසයක් තියෙනවා. ක්‍රමාණුකූලව මේ රට ඓතිහාසිකව පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වුණා. පසුව ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට ලෝකය පුරාම ප්‍රචලිත වුණා.  ක්‍රමාණුකූලව මෙහි මුතුපර ඇතුලු හැම සම්පතක්ම දරුණු කොල්ලකෑමකට භාජනය වෙලා මෙය ඉන්දියන් සාගරයේ කදුලු බිදුවක් බවට පත්වුණා. පසුව මහා ධෛර්යකින් පසු මේ රට ආසියාවේ ඓශ්චර්යය බවට පත් කලා; දැන් ඔබ කියනවා මේ භූමිය ලෝකයේ ඇති ඓශචර්යක් බව, අහන්නත් සතුටුයි. මම ඔබට නැවත වරක් ස්තුථි කරනවා. ඔබට ශුභ ගමන්! දැන් පිටත් වෙන්න ඇති කාලය ආසන්නයි. ඔබට දීර්ඝායු ලැබේවා!”

ඔහුගේ වදන් මාලාව මාගේ මනස සම්පූර්ණයෙන්ම අදුරු කිරීමට සමත් විය. මම නිරුත්තරව ඔහුට සවන් දෙන්නෙකුගේ තත්වයට මාව පත් කලේ කුමන බලයක්ද මට අපැහැදිලිය, මම දැන් ශ්‍රී ලංකාවට යා යුතුය. මා ගුවන් යානාවට ගොඩවී ගුවන් යානයේ කවුලුව තුලින් අවසන් වරට කේතුමතිය දෙස බැපුවේ මහත් භක්තියෙනි.
ඈතින් පෙනෙන පුවරුවක ඉතා කුඩා කාලයක් වුවද පණමෙන් සුරකින්න එය ඔබගේ ජීවිතයයි” යන්න පැහැදිලිව දිස්වේ. ‍මා නෙතට කදුලු බිදුවක් ගලා ආවේ නිතැණෙනි.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

One Response to “කේතුමතියේ සංචාරය”

  1. Hiranthe Says:

    Classic!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress