සයිබර් වසන්තය ආපසු හැරවීම – නව වසරේ එකම අධිෂ්ඨානය
Posted on April 14th, 2015

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

තමාට අවශ්‍යනම් ලබන මැතිවරණයට තරඟකල හැකිබවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙනේ අගමැති අපේක්‍ෂක ලෙස මහින්දට නාමයෝජනා ලබාදිමට තමා එකඟ  නොවන බවත් ජනතා ඡංදය ඉතාමත් වංචනීයව කොල්ලකෑ වත්මන් ජනපති මහින්දට පවසා ඇතිබව පුවත්පත් වාර්තාවල දැක්වේ. තවද මහින්ද මීලග මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පැමින කෙසේ හෝ අගමැතිවීමට බලාපොරොත්තු වන්නේනම් එය සිදු වීමට වත්මන් ජනපතිගේ කැමැත්ත හා අනුමැතිය ව්‍යවස්ථානුකූලව අවශ්‍යවේ. මෙය සිදුවීමට ඇති හැකියාව ඔටුවා ඉදිකටු හිලෙන් රිංගවීමට ඇති ඉඩකඩට වඩා වැඩි නොවේ. අසුඅට ලක්‍ෂයකට වඩාවැඩි මහින්දට ආදරය කරන ජනතාවට මේ සිංහල අලුත් අවුරැද්දේ මීටත්වඩා කලහැකි අවමානයක් තවත් ඇද්ද? 

මහින්ද පිලිබඳව සයිබර් අවකාශයේ හැකි තරමක් බින්න වපුරා, බොරැවෙන් මුසාවෙන් මුඵ වායුගෝලයම දූෂණයකර ප්‍රශූතකල අරාබි වසන්ත වසංගතයට මුවාවී කොල්ල කෑ ජනතා ඡංද නීතියානුකුලද? එසේ ජනතාව රවටා බොරැවෙන් ලබාගත් නිලතල නීතියානුකූලද? මේ සම්පූර්ණ ක්‍රියාදාමයටම පදනම්වුයේ ජනතාව මුලාකල බොරැවයි. ජනතාව අතර බොරැ මුදාහැර බලයට පත්වූ තවත් රජයන් මෙලොව පවතීද? 

මහින්දගේ පාලන සමයේ ගෙනාවයි කිවූ රත්තරන් අසුන්වත්, ලැම්බෝහිනි කාර්වත්, සුඛවිහරනයට සාදාගත් මාලිගාවන් වත් තවමත් ජනතාව ඉදිරියේ ප්‍රදර්ශණය කිරීමට නව පාලකයෝ සමත්වි නැත. දින සියයද ගෙවි ඇත. මහින්දගේ එකදු මවිලයක් හෝ මේ අශුද්ධ සංධානයට සොලවා ගත නොහී තවමත් ගලේ පැහැරෑවන් මෙන් ඇත මෑත බලමින් හොරගල් අහුලමින් සිටී. මොවුන් දන්නා කරැනක්නම් දිනෙක තමන් මැවු අරාබි වසන්ත ගොහොරැවේ තමන්ම වැටී වැනසීමට සිදුවන බවයි. අවංක ජනතා නැගිටීමකට සයිබර් අවකාශයක් හෝ අරාබි වසන්තයක් අවශ්‍ය නොවේ. වත්මන් ජනපති මහින්දට කරන කෙනෙහිලිකම් ඉවසාගත නොහී නැගට සිටින ජනතාව නැවතීමට බලවේගයක් මිහිපිට නැත. 

ඇනහිටුනු සංවර්ධනය එතනමය. රටේ ආර්ථිකය අයාලේ යමින් පවතී. මහ බැංකුවට තවත් හොරෙක් හොයාගැනීමට නොහැකිව පාලකයෝ ලතවෙයි. ඩොලර් බිලියන් දෙකකින් පමන අපේ වත්කම් සංචිතය අඩුවී ඇත.  සෑම ජාතික දර්ශකයක්ම කඩාවැටෙමින් පවතී. රජයේ සේවක වැටුප් පිරිවැය කලමනාකරනය සිදුවන්නේ දෛනිකචය. යන යන තැන හූ හඩය. ජනතාව වංචාකාරිව ලබාගත් ඡංදයත් එමගින් බෙදාගත් නිලතලත් දෙස ඉතාමත් සංවේදීව බලාසිටී.

අරාබි වසන්තයෙන් බිහිවුනු වසංගතය ශ්‍රී ලංකා වසන්තයකින් අවසන්කල යුතුය. මේ සඳහා නිමිත්ත නචජනපති මහින්දට තවතවත් කෙනෙහිලිකම් කරමින් සපයා දෙමින් සිටී. ජනතාවගේ ඉවසීමේ සිමාවන් ඇත. එය පරික්‍ෂණයට භාජනයකිරිම අනුවන කමකි.

ඔබට සුභ පැතුම්

තිස්ස ගුණතිලක, සිඞ්නි නුවර සිට

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress