වැලිඅමුණ බොරු වාර්තාව යට ගහයි! -වැලිඅමුණගේ ගුවන් සේවිකා කතාවේ ඇත්ත මෙන්න.
Posted on April 15th, 2015

Mahinda.info

රුපියල් කෝටි 23ක මුදලක් අල්ලස් හැටියට ලබාදෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පවුලේ ඥාතීන් අත් අඩංගුවට ගැනිම සදහා සකස් කල නීතීඥ ජේ.සී. වැලිඅමුණ ප්‍රමුඛ පස්දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවට වාර්තාව වහාම ක්‍රියාත්මක වන පරිදි යට ගැසිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ. 
අදාළ වාර්තාව අල්ලස් ලබාගැනිමක් මත මෙරට රාජ්‍ය නොවන සංවිධාන ඩොලර් කක්කෙකු වන ජේ.සී. වැලිඅමුණ සකස් කල එකක් බව අප පසුගියි 7 වැනිදා අනාවරණය කළා.(වැලිඅමුණගේ රෙදි ගැලවේ-රුපියල් කෝටි 23කට හැදු යහපාලන අපරාධ වාර්තාව මාට්ටු)

සකස්කල වාර්තාව අසත්‍ය එකක් බවට තොරතුරු අනාවරණය විමත් එම වාර්තාව සකස් කිරිම සදහා සහභාගි කරගත් ඇතැම් පුද්ගලයන් හට නිවැරදිව ගෙවිම් සිදු නොකිරිම හෙතුවෙන් හටගත් අර්බුද මෙම වාර්තාව යට ගැසිමට මුලිකව බලපෑ හේතු වේ.

ජේ.සී. වැලිඅමුණ බොරු වාර්තාව ගැන  කියවන්න  

[1]. සුපුරුදු පරිදි තවත් යහපාලන මඩක්. මේ කතාව දිගහැරෙන්නේ ගුවන් සේවිකාවක් සම්බන්ධයෙනුයි.

(i). එම ගුවන් සේවිකාව ශ්‍රී ලංකන් එයාර්ලයින් හි සිට ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත (Secondment) කර තිබුණා. එය සිදුකළේ ආයතන සංග්‍රහයෙන් ලබා දී ඇති විධිවිධාන වලට යටත් වයි.

(ii). එලෙස ගුවන් සේවිකාවක්ව බඳවා ගත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධව සියලුම රජයේ දේශපාලඥයින් සහ රාජ්‍ය නිලධාරීන් සිදුකරන නිල ගුවන් ගමන් වලට අදාලව ගමන්වාර සම්බන්ධීකරනය කිරීම, ගුවන් ගමන් ආසන වෙන් කිරීම, මුදල් ගෙවීම, ඇතුළු කටයුතු සිදු කිරීම උදෙසායි.

(iii). ඇය විදේශ ගත වෙන්නේ නෑ. ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටයි රාජකාරිය සිදුකරන්නේ.

 

[2]. අනුයුක්ත කිරීම මගින් සිදුවෙන්නේ, කිසියම් රාජ්‍ය ආයතනයක සිටින විශේෂඥ දැනුමක් සහිත අයෙක් වෙනත් රජ්‍ය ආයතනයකට සම්බන්ධ වී වැඩ කිරීම.

(i). උදාහරණ ලෙස ගුවන් හමුදාවට සම්බන්ධ විශේෂ ව්‍යාපෘතියකට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අරමුදල් හෝ පහසුකම් සැපයෙනවා යැයි සිතමු. එවිට ආරක්ෂක අමාත්‍යාංශයේ ගුවන් හමුදාව සම්බන්ධ විශේෂඥ දැනුම සහිත නිලධාරියෙක් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බඳවාගත හැකියි. එහිදී රාජකාරිය කුමක් වුවද ඔහුගේ පෙර වැටුපට නො අඩුව වැටුපක් ලැබීම සිදුවෙයි.

(ii). අදාල ව්‍යාපෘතිය සහ ජනාධිපති ලේකම් කාර්යලය සම්බන්ධීකරනය කිරීම ඔහුගෙන් සිදුවෙයි.

(iii). එම නිලධාරියාගේ අලුත් පත් වීම තාවකාලිකයි. එය ව්‍යාපෘතියේ කාලසීමාවට යටත් වෙනවා.

(iv). වැටුප් ලැබෙන්නේ ඔහු කලින් වැඩ කළ රාජ්‍ය ආයතනයෙනුයි.

(v). ඔහුව මෙහෙයවීම අලුතෙන් බඳවා ගන්නා ලද ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සෘජුව සිදුවෙනවා.

(vi). මේ ආකාරයෙන් ආයතන 50 කින් පමණ නිලධාරීන්ව ජනාධිපති ලේකම් කාර්යාලයට සෙකන්ඩ්මන්ට් කර තිබෙනවා.

 

[3]. ගුවන් සේවිකාවක් යනු සාපේක්ෂව විශාල වැටුපක් ලබන තනතුරක්. සමහර ගෑනු ළමයි එයාර් හොස්ටර්ස් කෙනෙක් වීමට වලිකන්නේ ඔන්න ඔය හේතුව නිසා.

(i) වැටුප විශාල වීමට ගොඩක් හේතු බලපානවා.

(ii) ඇයට විශේෂිත පුහුණුවක් තිබිය යුතුයි, එම විශේෂිත පුහුණුවට ගිණි නිවීම්, ගුවන් මෙහෙයුම්, ප්‍රථාමාධාර, මුදවාගැනීම්, ඇතුළු විශාල වපසරියක් අයිතියි.

welimuna1

(iii). ඒ අනුව මාසෙකට ගමන් වාර 10 ක් ගියොත් වැටුප රු ලක්ෂයකට වැඩියි. මෙය ගුවන් සමාගම අනුව මීට වඩා බොහෝ වැඩි වේවි.

(iv). ඒ අනුව ගුවන් සේවිකාවක් ලෙස අවුරුදු 5 ක් වැඩ කළොත් ඒ කාලය තුළ ලේසියෙන්ම රු ලක්ෂ 60 කට ඉහළ ආදායමක් ඉපයෙනවා.

 

ජේ සී වැලිඅමුණ මහතාගේ චෝදනා.
ඔහුගේ චෝදනා වශයෙන් වෙබ් අඩවි වාර්තා කර ඇති කරුණු වලට පිළිතුරුයි පහත අංක වලින් දැක්වෙන්නේ.

[4] ගුවන් සේවිකාවක්ව ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කිරීමට එරෙහිව වැලිඅමුණ වාර්තාවෙන් පවසා ඇතැයි දැක්වෙනවා.

(i) ඉහත අංක [1] සිදුවීම ගතහොත් ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ගුවන් ගමන් වලදී ආසන වෙන් කිරීම සහ ගමන් සැලසුම් කිරීම සඳහා අවශ්‍ය වන්නේ ගුවන් යානා ඉංජිනේරුවෙක් නොවෙයි, ගුවන් සේවිකාවක් වයි. ඒ අනුවයි එවැන්නියක්ව බඳවා ගත්තේ.

(ii). ආසන වෙන් කිරීම සහ ගමන් වාර සම්බන්ධීකරනය කිරීම ආවට ගියට කරන්න පුළුවන් දේකුත් නෙමෙයි. ඒ සඳහා ගැලීලියෝ සහ ඇමඩාස් ක්‍රම වල සිට බොහෝ තාක්ෂණික දේවල් ගැඹුරින් දැනගෙන සිටිය යුතුයි.

(iii). එලෙස බඳවාගත් ගුවන් සේවිකාවට ඒ සඳහා විශේෂ අධ්‍යාපන සහ වෘත්තීමය සුදුසුකම් පිළිගත් ආයතන වලින් ලබා තිබෙනවා.

(iv). ඒ වගේම වර්තමානයේදීත් ජනාධිපත් ලේකම් කාර්යාලයට අනුයුක්තව ගුවන් සේවිකාවක් අදාල සම්බන්ධීකරණ කටයුතු සිදුකරනවා විය යුතුයි.

[5] ජනාධිපති ලේකම් කාර්යාලයට අදාල ගුවන් ගමන් කටයුතු සඳහා පත් වීම ලබන ගුවන් සේවිකාව රු ලක්ෂ 42 ක් ලබා ඇති බවක් වැලිඅමුණ වාර්තාවෙන් පවසා ඇතැයි දැක්වෙනවා.

(i). ඇය එම මුදල ලබා තිබෙන්නේ අවුරුදු 5 කටමයි.

(ii). අනෙකුත් ගුවන් සේවිකාවක් මාසෙකට ලක්ෂෙ පැනපු වැටුපක් ලබද්දී, ඇය ලබා තිබෙන්නේ මාසයකට හැත්තෑදාහක් විතරයි.

(iii). නමුත් මෙය විකෘති කර මාසෙකට ලක්ෂ 42 ක් ගෙව්වා යනුවෙන් පවසා තිබීම ජනතාව නොමග යවන සුළු සාහසික මඩක් බව පැවසිය යුතුයි.

[6]. එම ගුවන් සේවිකාව නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා ඇති බවක් වාර්තාවේ ඇතැයි දැක්වෙනවා.

(i). නාමල් රාජපක්ෂ මහතා යනු සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් පමණයි. එනිසා එතුමාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යලය හරහා නිලධාරීන් බඳවාගැනීමේ කිසිදු හැකියාවක් නෑ. එමගින්ම පේනවා මේ චෝදනවේ අරුත් සුන් භාවය.

 

[7]. අදාල ගුවන් සේවිකාව විසින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා වෙනු‍වෙන් ඉටුකළ සේවාවන් පිළිබඳව කිසිදු වාර්තාවක් නැති බවට දැක්වෙනවා.

(i). ඒ කරුනෙන්ම පේනවා ජේ සී වැලිඅමුණ මහතාගේ චෝදනාවේ පදනම් විරහිත භාවය. නාමල් රාජපක්ෂ මහතා ගාව කිසිදා සේවය නොකළ කෙනෙක්, කළා කියන සේවයක් ගැන වාර්තාවක් තියෙන්න විදියක් නෑ.

(ii). මෙහිදී නාමල් රාජපක්ෂ මහතාව එකී වැලිඅමුණ වාර්තාවෙන් නම් කර ඇත්තේ හුදු මඩ ගැසීමකට පමණයි.

(iii). නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇතුළු වීමේදී සහ පිට වීමේදී සටහනක් තබනවා. එ සටහනේ අදාල ගුවන් සේවිකාවගේ නම සඳහන්ව ඇති. ඒ හරහා ඇය ජනාධිපති ලේකම් කාර්යාලයේ කර ඇති සේවය සහ අනුයුක්තව සිටි අංශය සොයා ගත හැකියි.

[8]. ඇති තරම් මඩ ගැහුවට පස්සේ මාධ්‍ය හරහා ප්‍රචාරය කරනවා වැලි අමුණ වාර්තාව හුඹස් පෙට්ටියට” කියලා. තවත් යහපාලන නාටකයක අවසානය එලෙසයි.

[9]. ජේ සී වැලි අමුණ මහතා ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන ඉකිබින්දත් එතුමාගේ පිලේම දැන් සිටින චන්ද්‍රිකා කුමාරතුංග මියගේ කාලයේදී එයාර් ලංකා ගුවන් සේවය එමරේට්ස් වලට පෞද්ගලීකරනය කර දැමුවා.

(i). එලෙස විකුණා දැමුවේ ගුවන් යානා 14 ක් ක්ම එයාර් ලංකා සමාගමේ අයිතියට හිමිව තිබියදීයි. ඒවායේ පාලනයත් රටට අහිමි වුණා.

(ii). ඒ විතරක් නෙමෙයි එහි සේවය කළ කාර්ය මණ්ඩලයේ පාලනයත් රටට අහිමි වුණා.

(iii). ඒ හරහා රටට ලැබීමට තිබුණ විදේශ විනිමය නැතිව ගියා.

(iv). රටේ රුධිර ධමනිය බඳු ගුවන් සේවය නැවතත් අපේ රටේ අයිතියට ලබා ගත්තේ 2008 දී මහින්ද රාජපක්ෂ මහතා විසිනුයි.

[10]. කවුද මෙම ජේ සී වැලිඅමුණ? ඇයි ඔහුට මහින්ද රාජපක්ෂ මහතා සමග මෙතරම් වෛරයක්? ඔබට මේ ප්‍රශ්නයත් මතුවෙන්නට ඇති.

(i). ජේ සී වැලිඅමුණ යනු ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (අහල පුරුදුයිනෙ) නැමැති කුප්‍රකට NGO එකේ සිටි නීතීඥවරයෙකුයි.

උද්ඝෝෂණයේදී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කතා කළ අතර, උද්ඝෝෂකයන්ට ස්තූතිය පළ කළේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතාය. මූලාශ්‍රය

(ii). රටේ ජාතික ආරක්ෂාවට එරෙහිව NGO ක්‍රියාතමක වෙන බවින් ඒවා පසුගිය රජයෙන් ආරක්ෂක අමත්‍යාංශය යටතට පත් කරනු ලැබුවා. එය ජේ සී වැලිඅමුණ මහතාට වේදනාකාරී වී තිබෙනවා.

සියලුම රාජ්‍ය නොවන සංවිධාන තම නීත්‍යනුකූල සීමාවේ සිට කටයුතු කළ යුතු යැයිද එසේ නොකර මාධ්‍යවේදීන් සඳහා පුහුණුවීම්, වැඩමුළු, මාධ්‍ය හමු හා මාධ්‍ය නිවේදන නිකුත් නොකළ යුතු යැයිද ප්‍රකාශ කළ අතර ඊට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් වන ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ජේ‍යෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ, වැනි අය එම නිවේදනය නීතිවිරෝධී හා බලරහිත එකක් නිසා තම සංවිධාන එම නියෝගයට අනුව කටයුතු කිරීමට බැඳී නැති බව අවධාරණය කළහ. මූලාශ්‍රය

welimuna2

(iii). එලෙස ශ්‍රී ලංකා රජයේ අධීක්ෂණයට NGO ලක් වීම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නැමැති කුප්‍රකට NGO එකේ සිටි නීතීඥ ජේ සී වැලිඅමුණ මහතාට වේදනාකාරී වීමට හේතු පහත උදෘත කියවීමෙන් ඔබට වැටහේවි. (පහත මූලාශ්‍ර දැක්වෙන්නේ ජාතික පුවත්පතක් වන දිවයින පුවත්පතෙන්. බොරුයි කියල හිතෙන අයට තැන් තැන් වල කොමෙන්ට් නොකර අදාල පුවත්පතට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට විවෘතයි)

ජාතික සාම මණ්‌ඩලයට සහ ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට රුපියල් මිලියන 171.23 ක්‌ සහ රුපියල් මිලියන 174.27 ක්‌ද ලැබී ඇත. මේ රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් සපයන්නේ කවුද? මූලාශ්‍රය

මෙයට අමතරව කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය විසින් ජාතික සාම මණ්‌ඩලය හෙවත් සාම වෙළෙන්දාට රුපියල් මිලියන 70.48 ක්‌ ද ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයට රුපියල් මිලියන 63.28 ක්‌ ද ලබාදී ඇත. මූලාශ්‍රය

මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය නම් ජාතික ආරක්‍ෂාව යටතට ගැනෙන පොලීසියේ කටයුතු වෙනස්‌ කිරීමට විදෙස්‌ හා දෙස්‌ එන්. ජී. ඕ. සංවිධාන දෙකකට ඉඩ දුන්නේ කවුරුන්ද යන්නයි. මෙලෙස මෙරට ජාතික ආරක්‍ෂාවට පවා ට්‍රාන්ස්‌පේරන්සි ආයතනය මැදිහත් වු බවට චෝදනා නැගෙද්දී ඔවුන්ගේ 2006 – 2007 – 2008 – 2009 කටයුතු කෙරේ නිරීක්‍ෂණය කළ යුතුය. මූලාශ්‍රය

(iv). මහින්ද රාජපක්ෂ මහතා එදා ජාතික ආරක්ෂාව වෙනුවන් ගත්ත සමහර සෘජු තීරණ නිසා එතුමාට තාමත් සමහරුන් වෛර කරන හැටි පේනවානෙ. ඒ අනුව ජේ සී වැලිඅමුණගේ වාර්තාව කිසි සේත්ම අපක්ෂපාතී වාර්තාවක් නොවේ.

[11]. එජාපයේ කුමන්ත්‍රණය අප විසින් හෙළි කිරීමත් සමග ඔවුන්ට එල්ල වෙන මහජන අප්‍රසාදය වලක්වා ගැනීම සඳහා ඔවුන්ගේ මඩ ව්‍යාපෘතිය අරඹලා තියෙනවා.

(i) ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මෙම ලිපියට වඩා පරස්පර ලෙස මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් දැක්වෙන පුවත්පත් ලිපියක් වැන්නක් ව්‍යාජ ලෙස සකස් කරලා ෆේස්බුක් එකේ බෙදා හරිමින් පවතිනවා. පහතින් දැක්වෙන්නේ එය.

welimuna3

(ii) එවැනි සාකච්ඡාවක් කිසිදු පුවත්පතකට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ලබා දී නෑ.

(iii). එවන් මඩ ගැසීම් ඔවුන් ඉදිරියටත් කළ හැකි අතර, එනිසා ෆේස්බුක් එකේ ආන්දෝලනාත්මක පුවත්පත් ස්ක්‍රීන්ශොට් එකක් පළ වේනම් එහි දිනය සහ පුවත්පත විමසා එය ඔන්ලයින් එඩිෂන් එකෙන් බලා ඔබම තහවුරු කරගන්නා තුරු පිළිගන්න්ට එපා යැයි අප යෝජනා කරනවා.

ඉතින් මිත්‍රවරුණි/මිතුරියනි, මාස 3 ක් ගිහිල්ලත් යහපාලකයින් ඒ කාලේ කෑ ගහපු එකම හොරකමක්වත් නීතිය ඉදිරියේ ඔප්පු කළේ නෑ. (මහින්ද රාජපක්ෂ මහතා සිංහයා වගේ අභීතව පක්ෂ නායක කම පවා අතහැරලා හිටියේ ඊට සහය ලබා දෙන්නට වෙන්න ඕන.) එතුමා ඉදිකළ දේවල් වලින් එතුමාගේ නම කපා හැර විවෘත කිරීමත්, එතුමා රටට ඉතිරි කළ ජාතික ධනයෙන් ඉන්ධන වල සිට කොත්තමල්ලි දක්වා අඩු කිරීමත් හැරුණ විට රටට කරපු දේකුත් නෑ. ඔවුන් තාමත් සිදුකරන්නේ මාධ්‍ය සංදර්ශන පවත්වමින් හොරා හොරා හොරා” කියමින්, මඩ ගහමින් ජනතාව රවටා ඉදිරි මහ මැතිවරණයත් ජයග්‍රහණය කිරීමට උත්සාහ දැරීම නේද?

යාලුවන්ටත් පෙන්වන්න Share කරන්න .

3 Responses to “වැලිඅමුණ බොරු වාර්තාව යට ගහයි! -වැලිඅමුණගේ ගුවන් සේවිකා කතාවේ ඇත්ත මෙන්න.”

  1. Christie Says:

    Namaste: Please tell us the Facebook page. My Indian Myna in Australia says: Weliamuna and Pakiyasothy Sarawana Mutu are Coolies of the Indian Empire. These two were the guest speakers at a meeting held by the Indian terrorists Arm and the hard Core socialists of Australia at a meeting held in a conference hall of the Swinburne University Of Melbourne Victoria just few days after the wiping out of the Indian terrorist arm by the Island Defense Forces. The meeting was publicized before the wiping out of the Indian terrorist arm. The cost of the Meeting was more than 50,000 dollars according to the Public relations consultants who were hired by the Indian interests. Norway has supplied Military Communication Equipment and Technology including Radar technology etc. to Indian Military Establishment. Mr. Solheim is a Socialist and have close connections with the Indian Empire and Imperialists. I have spoken to Mr Muttu and he was speechless when I suggested to him that he was getting money from India and Indian interests. Transparency International is a tool of the West as well as Indian Imperialist to attack Indian colonies like Kenya, Uganda and Sri Lanka. Jai Hind.

  2. Ratanapala Says:

    Sri Lanka should wake up to this Catholic Conspiracy. Weliamuna is a rabid Catholic working to fulfil the 1962 Catholic Coup once again with Ranil Wickramasinghe and the other cohorts. Sri Lanka is once again in the hands of the Catholic Portuguese with the United Christian Party – UNP in power. It is a shame the Sinhala Buddhists are taking all this nonsensical crap without a fight.

  3. NAK Says:

    Sri Lankan Air Lines come under ‘COPE’ scrutiny and any malpractice must come out through the COPE as all the parties are represented in the COPE. Now what the UPFA should do is to ask the UNP representative in the COPE ( I suspect it is wal DR.Harsha)to explain how these Weliamuna allegations were not found by the COPE.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress