සීගිරිය කුරුටු ගෑම
Posted on May 1st, 2015

නලින් ද සිල්වා

සීගිරි කැටපත් පවුරේ කොණ්ඩ කටුවකින් කුරුටු ගෑ මඩකලපුවේ තරුණියක් ජනාධිපති සමාව යටතේ සිරගත කරන ලද කාලය කෙටිකර නිදහස් කරනු ලැබිණි. එසේ නිදහස් කිරීම වරදක් දැයි ඇතැමුන් මගෙන් ප්‍රශ්න කරනු ඇත. මා අන්ත ජාතිවාදියකු බව තවත් අය කියනු ඇත. මෛත්‍රිපාල සිරිසේන ඇයට සමාව දුන්නේ අධිකරණ ඇමති විජයදාස රාජපක්‍ෂගේ නිදර්දේශයක් මත ය. විජයදාසට ඒ පිළිබඳ ව කරන ලද ආයාචනා ආදිය ගැන අපට දැනුමක් නැත. 

මේ තරුණිය වරද කර ඇත්තේ නො දැනුවත් ව යැයි කියැවෙයි. එය පැහැදිලි නැත. ඇය නීතිය නොදැන සිටියේ ද? සිගිරිය ගැන නොදැන සිටියේ ද? කැටපත් පවුරේ වැදගත්කම ගැන නොදැන සිටියේ ද? අපි ඒ නො දනිමු. එහෙත් එකක් පැහැදිලි ය. ඇයට සිගිරිය ගැන හෝ කැටපත් පවුර ගැන හෝ ගෞරවයක් තිබී නැත. එය ඇගේ නොදැනුවත්කම යැයි කියා අපට එය අමතක කළ හැකි නො වේ. මෙරට දෙමළ දරුවනට රටේ ඉතිහාසයට ගරු කිරීමට ඉගැන්වේ ද? එංගලන්තයේ පැරණි මාළිගාවක කුරුටු ගෑමට ගියහොත් එලිසබෙත් වින්ඩ්සර්ගේ සමාව ලැබේ වි ද? ඇය එසේ කුරුටු ගාන්නන්ට අත් වැසුම් ගලවා අතට අත දෙයි ද?  

පසුගිය අවුරුදු සියයකට වැඩි කාලයක් තිසසේ මෙරට ඉතිහාසය විකෘති කළෝ කවරහු ද? ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ අනුග්‍රහය යටතේ මෙරට ඉතිහාසය නැවත ලිවීමේ කාර්යය යාල්පානම් වෛපව මාලෙයි කෘතියෙන් ඇරඹිණි. සිංහලයන්ට මෙරට උරුමයක් නැතැයි කියන ප්‍රවාද දෙමළ උගත්තු ගොඩ නැගූහ. මඩකලපුවේ තරුණියට සීගිරිය නැරඹීම සත්තු වත්ත නැරඹීමෙන් වෙනස් නොවන්නට ඇත. ඇය ඉතිහාසය නොදැන සිටියේ නම් ඇයට ඉතිහාසයට ගෞරව කිරීමට උගන්වා නැත්නම් ඒ සම්බන්ධයෙන් වග කිව යුත්තෝ කවරහු ද? ඒ වගකිවයුත්තන්ට දඬුවම් කිරීමට මෙරට නීතියක් නැතිවීම ගැන විජයදාස රාජපක්‍ෂට කීමට ඇත්තේ කුමක් ද?

සීගිරිය පිළිබඳ සම්මත ඉතිහාසයෙහි කියැවෙන දේ අප අනුමත කළත් නැතත් අපට එය අපේ උරුමයෙන් බැහැර කිරීමට නො හැකි ය. සීගිරියට කාශ්‍යප රජුට ද එහා යන ඉතිහාසයක් ඇතැයි අපි සිතමු. ඒ ඉතිහාසය නිර්මාණය කර ගැනීම එක් දෙයකි. සීගිරිය කුරුටු ගෑම තවත් දෙයකි. අප මේ සිද්ධි සුළුවෙන් තැකිය යුතු නො වේ.

මෙරට පාසල්වල ඉතිහාසය ඉගැන්වීම බදියුද්දීන් මොහොමඩ් අධ්‍යාපන ඇමති ව සිටි කාලයේ දී නවතා දැමිණි. එහෙත් ඉන්පසු ඉතිහාසය නැවත ඉගැන්වීම පිළිබඳ නිසි වැඩ පිළිවෙළක් නො වී ය. පඬියන් අසන්නේ ඉගැන්විය යුත්තේ කාගේ ඉතිහාසය ද යන්න ය. වාස්තවික භෞතික විද්‍යාවක් නැති විට වාස්තවික ඉතිහාසයක් තිබිය හැකි නො වේ. එහෙත් යම් සංගත ඉතිහාස ඇත. 

එ සංගත ඉතිහාස උගන්වනු වෙනුවට දෙමළ ජාතිවාදීහු වෙන ම ඉතිහාසයක් කියා දුන්හ. ඔවුන්ට අනුව දේවානම්පිය තිස්ස රජු දේවානම් පියතීශම් විය, මෙරට මුල් පදිංචි කරුවෝ දෙමළ වූහ, සිංහලයෝ පසුව පැමිණ රට සිංහල කළහ, සිංහලයෝ එතෙක් පැවති දෙමළ භාෂාව පාළි සමග මිශ්‍ර කර සිංහල නමින් භාෂාවක් නිර්මාණය කළහ, සිංහල භාෂාව ද දෙමළ භාෂාවෙන් බිඳී ආ භාෂාවකි. 

අර තරුණිය කර ඇත්තේ කැටපත් පවුර කුරුටු ගෑම ය. එහෙත් උගත් දෙමළ ජාතිවාදීහු සීගිරිය ම කුරුටු ගැවෝ ය. උගත් දෙමළ ජාතිවාදීන් අර තරුණියට ඔවුන් නිර්මාණය කළ ඉතිහාසය කියා නොදෙන්නට ඇත. එහෙත් ඔවුහු ඇයට ඉතිහාසයට ගරු නොකරන්නට කියා දුන්හ. විජයදාස රාජපක්‍ෂට හෙට ලංකාවට පැමිණීමට නියමිත අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගෙන් ඇමෙරිකානුවන් තම අවුරුදු තුන්සියයක පමණ ඉතිහාසයට කෙතරම් ගරු කරන්නේ දැයි දැනගත හැකි ය. එහෙත් එකී කෙරීලා ම අපේ ඉතිහාසය කුරුටු ගෑමට කියති. බටහිර අධ්‍යාපනය විසින් අප කෙතරම් මෙහෙයවනු ලබන්නේ ද යන්න මේ සිද්ධියෙන් වුව ද පැහැදිලි වෙයි.

නලින් ද සිල්වා

2015 මැයි 01

8 Responses to “සීගිරිය කුරුටු ගෑම”

  1. Independent Says:

    සම්පූර්ණයෙන්ම ඔබතුමා සමග එකඟ වෙමි.
    එහෙත් ඇය නිදහස් කිරීම හොඳ දෙයක්‍ යයි සිතමි. එහෙත් නිකම්ම නොවේ. මෙය එකම දෙමළ දරුවකුට වුවත් හරි දේ කියාදී යම් අවබෝධයක් ඇතිකරලීමට කදිම අවස්තාවකි. වැරැද්ද අවබෝධවුනි නම් , ඒ ගැන කනගාටුව හා පසුතැවිල්ලක් ප්‍රකාශකලේ නම් පුනරුත්ථාපනයකින් පසු කරුණා ගුනය පෙන්වා නියම සිංහල බෞද්ධයින් සේ ඇය නිදහස් කල යුතුය​.

  2. Senevirath Says:

    සීගිරි කාශ්‍යප දෙමළුන්ට අනුව ”’ කාසි අප්පන් ” වියදෙමලුනට විකුර්ති ඉතිහාසයක් උගන්වන්නටඉඩදුන් අපේ මහ උන් සිංහලයා ගේ මෙන්ම රටේ සත්‍ය ඉතිහාසය ඉගැන්වීම නැවත් වුහ . එය මුස්ලිම් ඇමතියෙක් විසින් ආරම්භ කල බව සිංහලයා මතක තබාගත යුත්තේ අනාගතයේදී ප්‍රවේසම් වීමටය .නමුත් මයිත්ත්රී ජනපති ට චන්දය දුන් අයට සීගිරි පැහැරුවත් ගානක් නැතුවා විය හැක”””””””’ දෙ මල කුරු ටිච්චිට””” අනේ පව් කියා මයිත්ත්රී කරන්නේ සිංහලයන්ට වය් ර කර මිනි
    තමන්ගේ ඉතිහාසය නොදන්නා මුහුණු පොත් බූවෝ සහ කොලපාට ලේ ඇත්තෝ අප්‍රමාදව ”එළඹී සිහියෙන් යුතුව ” හිතා බලත්වා . මයිත්‍රී වල්මත්වී හසරක් නොදැන යනු පෙනේඒ පාඩුවත් සිංහලයන්ට මය .

  3. Independent Says:

    සෙනෙවි ”එළඹී සිහියෙන් යුතුව ” හිතා බලත්වා. මිනී මරුවෝ සිය ගනන් නිදැල්ලේ. කුඩු මුදලාලිලා නිදැල්ලේ. කුඩු රජවරු රටේ ආරක්ශ්කයාගේ මිතුරෝ. මේ දෙමල කෙල්ල අවුරුදු දෙකක් හිරේ. ඔබට හදවතක් තිබේ ද ? ”එළඹී සිහියෙන් යුතුව ” තමාගේ හදවත පිරිසිදුකර ගන්න​. “සචිත්ත පරියෝ දපනං , ඒතං බුද්ධානු සාසනං “

  4. Senevirath Says:

    indi මෙතන ඇත්තේ නිදහස් කිරීමේ ප්‍රශ්නයක් නොවේ පාලකයන්ගේ අරමුනය් දෙමලු සහ බටහිරයන්ද ඉන්දියාවද පිනවීමට මෙය කිරීමය් . සිංහලයෙක් මෙවැනි දෙයක් කලේ නම් මයිත්ත්රී ඇස් ඇරලවත් බලය් ද පුනරුත්තාපනය යනු වැටිච්චි එකා යලි නගිටවීමය් .පුනර් -උත්ථා පන .ත්‍රස්ත වාදියෝ යලි නැගිට්ටේව්වොත් හොඳද බේරිලා යන කම් විතරය් උන්ගේ අහිංසක කම් සීගිරිය මොනවගේ එකක්ද කියලවත් දන්නේ නැත්නම් බලන්න යනවද අල්ලන හැම එකෙක්ම කියය නීතිය දන්නේ නැහැ කියලසෙනරත් රජුත් එයාගේ පුතාත් මුස්ලිම් වරුන්ට වෙසන්තර වෙන්න ගිහින් අද අපි අමාරුවේ ගම්පොල අකුරණ නැගෙනහිර සේරම මුස්ලිම්
    ඔය කෙල්ල ගැන නොවෙය ප්‍රශ්නය , ජාතික ප්‍රශ්නයක්. ආණ්ඩුව ගන්න තීරණ වල ගුණාත්මක භාවය ගැන ප්‍රශ්නයක් නැත්නම් කවුද ඕව ඔයතරම් ගණන් ගන්නේ ත්‍රස්තයෝ වුනත් හැමදාම හිරේ තියා ගන්න බැහැනේ . මම සිහි එළවා ගතිමි ඔබද සිහි එළවා ගන්න මිතුර . මොකෝ මල්ලි හැම තිස්සෙම ඔරොප්පුවට TAKE IT EASY .

  5. Independent Says:

    සෙනෙවි,
    මගේ පළමු කොමෙන්ට් එකේ පළමු පේලියෙන් නලින් ලිවූ සියල්ල අනුමත කර තිබේ. ඒ ජාතිකප්‍රශ්නය පිලිඹදවමයි.
    එනමුදු ජාතික ප්‍රශ්නය ඉදිරියට තබා නොමිනසකු වීමට මට නොහැක​. ජාතිවාදියෙකු වීමටද නොහැක​.
    යමක් ලියනවිට සියලුම සුබ දේ යට ගසා අසුබ දේම මතුකරගෙන , මොන ජාතික ප්‍රශ්නයක් තිබුනත්, හොඳ දේට හොඳ සහ නරක දේට නරක කිව යුතුය​.
    කරුණා කර සිතා බලා උත්තර දෙන්න​. විශාල මත්ද්‍රව්‍ය අල්ලා ගැනීමක් මත ලංකාවේ මිනිස්සු සහ ඉන්දියන් දෙමලුන් පෝරකයට නියම කලවිට මහින්ද ඉන් දියන් කාරයින්ව පමණක් නිදහස් කළවිට නලින් එක අකුරකින්වත් මහින්දට බැන්නා ද් ?

    බුදුදහම දිවියට ගැටගහගත් අපට මේ කෙල්ල නිදහස් කිරීම අල්ලාගෙන මෛත්‍රීට පමණක් දොස්කීම මොන ජාතික වින්නැහියක් මෛත්‍රී කලාත් වැරදියයි මම සිතමි.
    එක ශරීරයක් අල්ලාගෙන මට අපායේ යා නොහැක​. අනික මේ පුද්ගලයා කිසිසේත්ම සත්පුරුෂයකු යයි කිව හැකි ද ?

  6. Senevirath Says:

    මේ පුද්ගලයා යනු කවරෙක්ද ඉන්ඩිපෙන්ඩන්ට්

  7. Independent Says:

    සෙනෙවි,එය කිවනොහැක​.

  8. ranjit Says:

    Citizens who talk against the country,Citizens who do terrorist acts against the country,Citizens who complain against the country in world forums etc have all the freedom to do so and they were hailed as heroes and welcome them with garlands by this western backed Govt of Ranil/Sira while they harass and intimidate real heroes to the country. Those Tamils & Muslims even Sinhalese cowards who do anything against the country should be put in jail for treason without any pardon in my view.

    When I saw this woman comes out from jail and was garland by our Sinhalese I was shocked and angry. This woman shouldn’t have released at the first place. It was a crime and she should be punished for a long period. Because they are Tamils we cannot forgive and forget. They deserve the punishment as others. Don’t be fooled by bogus promises by this treacherous UNPer’s who came to power by the back door instead of the ballot. Sinhalaya will be a minority soon if we allow the UNP to form a Govt in the next General elections therefore work hard to defeat them at any cost.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress