ඩිලාන්ලා රෙජිනෝල්ඩ්ලා දහතුනට විරුද්ධ ද?
Posted on May 5th, 2015

නලින් ද සිල්වා

මහින්ද ප්‍රකාශ දෙකක් ම කරයි යනුවෙන් මා කාලය වෙබ් අඩවියෙහි පළ කළ ලිපිය ශ්‍රි ල නි පක්‍ෂයට හෝ මහින්ද රාජපක්‍ෂට හෝ හිතවත් බොහෝ දෙනකුගේ විරෝධය දිනා ගැනීමට සමත් වී ඇත. මා එ බලාපොරොත්තු නොවූවක්  නො වී ය. ඇතැමුනට අනුව දහතුනට පක්‍ෂපාති මා ඔවුන් රැවටීමට සැරසෙයි. දහතුනට එරෙහිව මා කර ඇති දෙය ඉතා සුළු විය හැකි ය. එහෙත් මට විරුද්ධව අවලාද නැගීමට ඒ හේතුවක් නොවිය යුතු ය. වැඩි ඈතක නොවන දිනක මා ජාතිද්‍රෝහියකු ලෙස නම් කෙරෙන බව ද, මට මිය යෑමට සිදුවනු ඇත්තේ ද ජාතිද්‍රොහියකු වංචනිකයකු මුග්ධයකු ලෙස හංවඩු ගැසීමෙන් පසුව බව ද මම දනිමි.

ඒ ඒ අය මා ගැන මා දරණ මත ගැන දක්වන අදහස්වලට පිළිතුරු දීමට ගියහොත් මට ඒ සඳහා අධික කාලයක් වැය කිරීමට සිදුවනු ඇත. එසේ වුවත් දහනවය ගැන කාලය වෙබ් අඩවියෙහි පළ කළ ලිපි අතරින් පහත සඳහන් කොටස් කිහිපයක් ලිපි දෙකකින් පමණක් උපුටා දක්වමි. මින් පසු ජාති ප්‍රේමින්ගේ හෝ වෙනත් අයගේ හෝ මේ සම්බන්ධ කිසිම අදහස් දැක්වීමකට පිළිතුරු නො දෙමි.    

අප්‍රේල් 22 වැනි දා දහනවයට පළමු රනිල් ඉවත් කළ යුතු ය යන ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමට පෙර 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ පළාත්සභාවලට දී ඇති බලතල කප්පාදු කළ යුතු ය. විශේෂයෙන් ම ඉඩම් හා පොලිස් බලතල ව්‍යවස්ථා සංශෝධනයකින් පළාත්සභාවලට අහිමි කළ යුතු ය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත යුත්තේ 13 කප්පාදු කිරීමට ය. 

පළාත්සභා බලතල කප්පාදු නොකර විධායක ජනාධිපති බලතලවලට අත නොතැබිය යුතු ය. පළාත් සභා බලතල කප්පාදු නොකර විධායක ජනාධිපති බලතල අඩුකිරීම විජාතික බලවේගවල අවශ්‍යතාව පරිදි දෙමළ ජාතිවාදයට කප්පන් දීමකි. අද 19 පිටුපස ඇත්තේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දෙමළ ජාතිවාදී බලවේග ය. අද වනවිට ජාතික හෙළ උරුමය ද ඒ ගණයට වැටී ඇත. මාදොළුවාවේ සෝභිත හිමියන් ඒ ගණයට වැඩම කර බොහෝ කල් ය.” 

අප්‍රේල් 25 වැනි දා ශ්‍රී ල නි ප ප්‍රධාන සංධානය දහනවයට විරුද්ධව ඡන්දය දිය යුත්තේ ඇයි යනුවෙන් පළ කළ ලිපියෙහි පහත සඳහන් වාක්‍ය ද අඩංගු විය.  මෙරට  ඒකීය භාවය අද රඳා ඇත්තේ විධායක ජනාධිපති ධුරය මත ය. මුළු රට ම එකතු වී එක් ඡන්ද කොට්ඨාශයක් බවට පත්වී ඡන්දය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරණයෙහි දී පමණ ය. 

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ විධායක ජනාධිපති ධුරයට හිමි බලතල යොදා ගැනීමෙනි. දෙමළ ජාතිවාදය තවමත් පරාජය වී නැත. ඒ පරාජය කරන තෙක් ජනාධිපති ධුරයේ විධායක බලතල තිබිය යුතු ය.

අනෙක් අතට පළාත්සභා ක්‍රියාත්මක වන්නේ සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් දෙසට ය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් පොලිස් බලතල ආදිය පළාත්සභාවලට අහිමි නොකර විධායක  ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම සන්ධීය රාජ්‍යයකට අත වැනීමකි. දෙමළ ජාතිවාදයට හා බෙදුම්වාදයට උඩගෙඩි දීමකි.”

හෙට අනිද්දා සිදුවීමට නියමිත මෛත්‍රිපාල මහින්ද හමුව නොවිය යුත්තක් ලෙස මා කාලයට ලියා ඇත. ඒ කලකට පෙර ය. ඊයේ පෙරේදා මෙහි පැමිණි ජෝන් කෙරී මේ සම්බන්ධයෙන් ද තම අදහස් දක්වන්නට ඇත. කෙසේ වෙතත් ඇතැමුන් සිතන අයුරින් ඔහු මෙහි තකහනියක් පැමිණියා නො වේ. වෙනත් රටවලට ද යන අතර ඔහු ලංකාවට ද පැමිණියේ ය. කෙරීට අවශ්‍ය දෙය අපි දනිමු. සුද්දන්ගේ ඒරාෂ්ටකය සිංහලයන්ට ලබයි වෑනි නොයෙකුත් ලිපිවල බටහිරයන්ගේ අවශ්‍යතා ගැන අපි සඳහන් කෙළෙමු. මෙරට දෙමළ ජාතිවාදී ප්‍රශ්නය බෞතිස්ම කෙරුණේ  1833 දී බව අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ මා කියන නමුත් ඒ බව වෙනත් සිංහලයන් පිළිගන්නා බවක් පෙනෙන්නට නැත. සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට වියුක්ත ව සිතන්නට නොහැකි වීම ප්‍රශ්නයකි. එහෙත් ඔවුහු වියුක්ත බටහිර විද්‍යාව බුදුදහම සමග සංසන්දනය කරති. බටහිර විද්‍යාව බුදුදහම සමග එකඟවන්නේ නම් අවුරුදු දෙදහස් තුන්සියයකට අධික ථෙරවාද සම්ප්‍රදායක් ගැන උදම් අනන සිංහල බෞද්ධයනට අනුකාරකයන් මිස හරිහමන් බටහිර විද්‍යාඥයකු බිහිකිරීමට නොහැකි වී ඇත්තේ ඇයි? 

කෙරීටත් කැමරන්ටත් මෝදිටත් අවශ්‍ය දෙමළ ජාතිවාදයට කප්පන් දීමය. ඒ සඳහා ඔවුන්ට රනිල් අවශ්‍ය ම නැත. ඒ මෛත්‍රිපාලගෙන් කෙරෙන්නේ නම් ඔවුන් විරුද්ධ නොවනු ඇත. ගාමිණී ලොකුගේට අනුව මෛත්‍රිපාල මහින්ද හමුවේ කොන්දේසියක් වනුයේ ඊනියා ජාතික ආණ්ඩුවක් නො පිහිටුවීම ය. එය කෙරීටවත් බටහිරයන්ටවත් මෝදිටවත් විශේෂ ප්‍රශ්නයක් නො වේ. 

මෛත්‍රිපාල මහින්ද හමුව ගැන ඩිලාන් පෙරේරාත් රෙජිනෝල්ඩ් කුරේත් ප්‍රීිති ප්‍රමෝදයට පත් වී සිටිති. ඔවුන් දහතුනට විරුද්ධ බවක් මා අසා නැත. කෙසේ වෙතත් මෛත්‍රිපාල මහින්ද හමුවට අපි කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරමු. පොලිස් හා ඉඩම් බලතල ඇතුළු දහතුනේ රටට අයහපත් ව්‍යවස්ථා ඉවත්කිරීමට දෙදෙනා එකඟ විය යුතු ය. කිසිම ආකාරයක විමර්ෂණයක් ඊනියා යුද්ධාපරාධ ගැන නොපැවැත්විය යුතු ය. කළ යුත්තේ දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස යොදා ගැනීම පිලිබඳ ව කොටින්ට විරුද්ධවත් එයට විරුද්ධ නොවී අනුබල දීම ගැන රායප්පු ජෝසෆ් වැන්නන්ටත් දෙමළ ජාතික සංධානයේ නායකයන්ටත් එරෙහිව විශේෂ පරීක්‍ෂණයක් කිරීම ය. එහෙත් යුද්ධාපරාධ චෝදනා ඇතැමුන් සම්බන්ධයෙන් ඉවත් කිරීම දෙමළ ජාතිවාදයට කප්පන් දීමට හිලවු නොකළ යුතු ය. ්්

අපි අශෝකගේ සංස්කෘතික ආක්‍රමණයෙන් අපේ නිර්මාණශීලීත්වය නැතිකර ගත්තෙමු. ඒ ආක්‍රමණෙයහි පුර්ණ ප්‍රතිඵල අත්විඳීමට අවුරුදු හත්අටසියක් ගත විය. පස්වැනි සියවසේ දී එය පරිපුර්ණත්වයකට පත් විය. ඉන්පසු අප විසින් බිහි කෙරුණු නිර්මාණ කවරේ ද? 1505 දී හෝ 1506 දී හෝ අපි දෙවැනි සංස්කෘතික ආක්‍රමණයකට ගොදුරු වීමු. එය බටහිර ආධිපත්‍යය කඩා නොවැටුනහොත් මේ සියවස ඉක්මවීමට පෙර පරිපූර්ණත්වයකට පත්වනු ඇත. 

අපි වෙසක් දිනවල දෙහිඅත්තකන්ඩිය හා දිඹුලාගල අතර ඊනියා මහවැලි කලාපයේ ගත කෙළෙමු. එහි වැසියන් බොහෝ දෙනකුට ඉතිහාසය පටන්ගන්නේ මහවැලි යෝජනා ක්‍රමයත් සමග ය. එහි වාසය කරන යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන් යැයි කිවහැකි අය ද සිතන්නේ බුදුන් වහන්සේ යක්‍ෂ ගෝත්‍රිකයන් පන්නා දැමූ බව ය! අධිපතිවාදී ඉතිහාසයේ තරම එබඳු ය. මාදුරුඔයේ සොරොව්ව විජයට පෙර එකක් විය හැකි බවට එහි ඇති සටහන ගැන ඔවුන්ට අවබෝධයක් නැත. අද අප දන්නේ බටහිරයන් අපට කියා දෙන ඉතිහාසය ය. එය පට්ටපල් බොරුවක් යැයි කිවහොත් පළමුව කිපෙන්නෝ උගත් සිංහලයෝ ය. 

නලින් ද සිල්වා

2015 මැයි 05

6 Responses to “ඩිලාන්ලා රෙජිනෝල්ඩ්ලා දහතුනට විරුද්ධ ද?”

  1. cwije Says:

    Prof. Nalin SIlva is a world apart from crooks like Reginold Cooray or Dilan. Cooray became an election Buddhist and tried to even change the name of Panadura, the city of my birth and of Nalin’s. So Nalin citing these crooks to comapre his case is inappropriate. He should compare himself with Gotabhaya or Champika or Gunadasa Amarasekera, forgetting personal likes/dislikes.

    When Nalin praises MR the basic problem is whether Nalin knows that MR has been a pro 13-A politician. I gave up hope on MR when he became Interfaith-Multi cultural freak who supports 13-A.

    Nalin’s backing up of MR is of tremendous value to MR because Nalin has recognition as a person who went to Marvil Aru and who said the war was winnable.

    I suggest that Nalin ask MR about this and give him up as Sinhala Buddhists will not have any benefit from a future MR after he buckled the war victory by giving TNA the NCP for their Eelam fight by pen.
    CW
    In public service one has to face good and bad, rocks and flowers, and Nalin should not think that a question or comment about him makes that person either his friend or enemy. There are so many other alternatives.

  2. Dilrook Says:

    Dear Prof Nalin De Silva:

    With all due respect allow me to point out the flaws of that argument.

    The issue is not with Dilan or Reginald or Sambandan or any other anti-Sri Lankan elements. I remember these people campaigning against war in July 2006. They have their voters. If someone wants to divide the island nation, at least 35% of voters will support it (which includes Tamils and Muslims and some Sinhalese too). Division of the country ‘ticks’ them and will vote for it.

    The problem is with the patriotic political camp (if any exists). For Mahinda to get the full support of patriots, he must take up the removal of 13A. Removing threats to the country ‘ticks’ them and they will vote for it. If there is no serious patriotic political camp at the election, their votes will go begging. Individual patriots cannot make a dent as MEP, SU, JHU, SMBP, etc. found out the hard way. They need an established political entity to rally around. If Mahinda is not up for the removal of 13A, patriots will not waste their time and votes for him.

    I compare the reluctance to remove 13A similar to the ‘this war is not unwinnable’ mentality which prevailed until 2008.

    I hear this demand to remove 13A in all patriotic forums but there is eerie silence about it from those who are close to the former president which is puzzling.

    Nalin will not be branded a traitor by the wise as he always stood for the nation. However, Nalin, Dayan, Mahinda, Sarath, Dinesh, Wimal, etc. must take up the challenge to remove 13A like Gunadasa and Gotabaya to be remembered as those who saved the unitary nation from division. This country needs someone like Modi who has no princes to crown and no desire to save himself from allegations by appeasing those who accuse him. Anything short is inadequate.

  3. Hiranthe Says:

    Dilrook,

    You have clearly explained the feelings of true loving sons of Mother Lanka. very well written.

    MR should take the lead in this direction.. No one else is not visible with such a leadership. I like Sarath to take a lead but he has no grass root level backing yet. He is a lone warrior, true leader who does not shout from the top of the voice and sensible.

    Unless Sarath forms a separate party and all the patriot leaders support him including Gota, GA, Nalin, Dayan etc, I can not see SLFP of any other party coming up with the proposal to ditch the 13A.

  4. Independent Says:

    “If Mahinda is not up for the removal of 13A, patriots will not waste their time and votes for him.”

    -Patriots are already wasting time, including Dilrook.

    According to Dilrook 65% are “Patriots”. This is correct as a good guess. But 90% of them are not even aware of the danger of 13A but aware of anarchy came together with Palaath Sabha.

    Nevertheless I agree that a HUGE UPRISING with the sole aim of removing Palaath Sabha nonsense is imperative NOW.

    If MR wants to come back,

    1. Accept all wrong doings rather than crying “my family and friends are being wrongly prosecuted “. No one trust this lie. Cannot win back a single vote using lies.

    2. Stop being a multicultural Jesus loving fool and be a real Sinhala Buddhist.( Wesak message ruined his credibility).

    3. Openly fight for Sinhala Buddhist majority.

    4. Stop fooling public ask all his media friends to allow criticism. By supressing patriots he will loose. These media fools don’t understand it.

  5. Geeth Says:

    ගරු ආචාර්ය නලින් මහතාණෙනි,
    ගොන් මැට්ටන්ගේ හා තක්කඩින්ගේ කීම් නිසා මානසිකව උකටලී වීම ඔබ වැනි යුග පුරුෂයෙකුට තරම් නොවේ. දුර දක්නා නුවන ඇත්තේ බොහෝසේ ඇසූ පිරූ තැන් ඇති නුවනැත්තන්ටය. අප අතර සිටින බහුතරයකට ලෝකයේ ගෝලීය දේශපාලනය නමැති මහා චිත්‍රය තුල ශ්‍රී ලංකාව ස්ථාන ගත කර ගැනීමට අපහසු වී තිබේ.

    ගොන්මැට්ටාගේ හා තක්කඩියාගේ අතර ඇති වෙනස නම් ගොන්මැට්ටා කරුණු කාරනා නොදන්නා නිසා පාවා දෙන අතර, තක්කඩියා දැන දැන පාවා දීමයි. තක්කඩීන් සමග ගනු දෙනු කිරීම පහසුය. නමුත් ගොන්මට්ටන් සමග ගනුදෙනු කිරීම ඉතා අපහසුය. මන්ද යත්, තක්කඩීන් පිළිබඳව පෙරකිවහැකිවීමය (predictable) එසේවුවත් ගොන්මැට්ටා පිළිබඳව අනාවැකි කිව නොහැක. තත් කාලීන ගොන් මැට්ටා හෙන පොරක් ලෙස හැසිරෙයි. ඌ ප්‍රත්‍යක්ෂ මුලක සත්‍ය පමණක් විශ්වාස කරයි. ඔබ තර්කානුකුලව මේ මේ කරුණු නිසා රට බෙදී යාමේ අවදානම ඇතයි කී පමණින් ගොන්මට්ටා පිළිගන්නේ නැත. ඌ ඔබේ අනාවැකිය පිළිගන්නේ රට බෙදුණු විට පමණි. මේ තීරනාත්මක මොහොතේදී අප අතර සිටිනා ගොන්මැට්ටන්ගේ සංඛ්‍යාව ඉතා වැඩි බව ඔබ තේරුම් ගනු ඇතැ යි මම උදක්ම විශ්වාස කරමි. එනම් රට බෙදී යාමේ අවදානම ඉතා ඉහල බව ඔබ පිළිගනු ඇත. නමුත් මහාචාර්ය තුමනි, ලෝකය වෙනස් කර ඇත්තේ ගොන්මට්ටන් විසින් නොවන බවත් නැණවත් සුළු පිරිසක් විසින් බවත් ඔබ පිළිගනු ඇත. දිගටම ලියන්න. අවශ්‍ය උනොත් දරුවෙකු හෝ දේශපාලනයට එවන්න.

    මගේද මතය අනුව, ඉන්දියානු අධිපතිවාදයට එරෙහි අවසාන සටන කර තිබෙන්නේ 5 වන සියවසේදී කාශ්‍යප විසිනි. සීගිරියේ නෂ්ටාවශේෂ හා රිටිගල අතර සමාන කම් පවතී. කාශ්‍යප අතීත යක්ෂ ගෝත්‍රික වාස්තු විද්‍යාව හා කලාවට මුල් තැන දෙමින් සිගිරිය ගොඩනැගුවේය. කාශ්‍යප එකල පැවතී ආයතනික බුදුසසුනට එරෙහි වන්නට ඇත්තේ එය ඉන්දියානු දේශපාලන අධිපතිවාදයේ උපකරනයක්ව ක්‍රියාත්මක වූ නිසායයි අනුමාන කල හැක. ඔහු යක්ෂ ගෝත්‍රික මවක් හෙවත් දාතුසේන රජුගේ යකඩ දොලියට දාව උපන් කුමරාය. රන්දෝලිය ඉන්දියානු කතකි. කාශ්‍යප රජකම පැහර ගත් විට මොග්ගල්ලාන තකහනියක් ඉන්දියාවට පලා ගියේය. ඉන් පැහැදිලි වන්නේ ලංකාවේ ආණ්ඩු බලය එකලත් ඉන්දියානුන් විසින් මෙහෙයවූ බවය. මොග්ගල්ලාන නැවත ලංකාවට එන්නේ ඉන්දියානු හමුදාවක්ද සමගිනි. ඉන්දියාවට ලංකාව පිළිබඳව කලාපීය උවමනා (interests) නොතිබුනානම්, අසල්වාසී රාජ්‍යයකට හා එරට රජුට විරුද්ධව සටන් කිරීමට මහා හමුදාවක් එවන්නේ නැත. ඉන්දියානු ආක්‍රමණයට එරෙහිව කිසිදු සටනකින් තොරවම සිය අසිපතින් ගෙල සිඳ ගනිමින් දිවි නසාගෙන කාශයප තමන්ගේ මුළුමහත් සේනාවත්, තම ජනතාවත් තනි කොට අතරමන් කිරීම අද කාලයේදී නම් සම වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සටනකින් තොරවම මයිත්රීට පැවරීම වැනි ක්රියාවකටය.

    Prof. Nalin, please never be discouraged. Attack, attack and attack again. That is the only defense.

  6. Independent Says:

    “… මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය සටනකින් තොරවම මයිත්රීට පැවරීම වැනි ක්රියාවකටය.”
    මෙසේ කිරීමට හේතුවක් ඇත​. එය ඔහුගේ හිතවතුන් ඔහු පාවා දීම නොවේ.

    කාශ්‍යප දිවිනසා ගත්තේය​. මහින්ද දිවි පිලිවෙත ආරක්‍ෂා කරගැනීමට පලාගියේය​.
    වැරදි හදාගෙන සුදනන් සමග නැවත සංවිධාන කරනු වෙනුවට නිවටුන් ටිකදෙනෙක් සමග පරන සින්දුවම කියා, නටා, ගයා ජයගත හැකි ද ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress