නව මැතිවරණ ක්‍රමයෙන් සුළු පක්ෂවලට අවාසියක් සිදුවන්නේය යන්න මිත්‍යාවකි.
Posted on May 8th, 2015

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

පසුගිය දා කැබිනට් මණ්ඩලයට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස ඉදිරිපත් වූ මැතිවරණ ක්‍රමයේ සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනාව මගින් සුඵ පක්ෂවලට හිමිවන ආසන සංඛ්‍යාව කිසි ලෙසකින් හෝ අඩු නොවන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.  යෝජිත නව මැතිවරණ ක්‍රමය මගින් සුළු පක්ෂවලට හිමිවන මන්ත්‍රී ධූර සංඛ්‍යාවේ අඩුවක් සිදුවීම කිසි ලෙසකින් හෝ සිදු නොවේ.  වත්මන් දිස්ත්‍රික් සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ එක් එක් පක්ෂයට ලබා ගත හැකි ආසන සංඛ්‍යාව එලෙසම දිස්ත්‍රික් ක්‍රමය යටතේ ද හිමි කර ගැනීමට හැකියාව ලැබේ.

එක් එක් පක්ෂයට ඔවුන් ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය අනුව දිස්ත්‍රික්කයේ හිමිවන මන්‍ත්‍රී ධූර සංඛ්‍යාව ගණනය කිරීමේ ක්‍රමයේ කිසිදු වෙනසක් සිදුවී නොවේ.  ඒ අනුව, දිස්ත්‍රික්කයේ එක් එක් පක්ෂයට හිමිවන ආසන සංඛ්‍යාවේ වෙනසක් ද සිදු නොවේ.  තමන්ට හිමිවන මන්ත්‍රී ධූර සංඛ්‍යාව අඩුවන බවට යම් පක්ෂයක් සැක පලකරන්නේ නම් එහි ඇති සත්‍යයක් නැත

උදාහරණයක් ලෙස අපි 2010 මැතිවරණයේ ප්‍රතිඑලය සලකමු.  අද පවතින ක්‍රමය යටතේ එක් එක් පක්ෂයට හිමිවන ආසන සංඛ්‍යාවත් යෝජිත නව ක්‍රමය යටතේ හිමිවන ආසන සංඛ්‍යාවත් පහත දැක්වේ.  2010 මැතිවරණයේ තෙවන සහ සිව්වන බලවේග ලෙස ඉස්මතුවන ද්‍රවිඩ ජාතික සන්ධානයටත්, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානයටත් එක් අසුන බැගින් වැඩිපුර හිමිවී තිබේ.

2010 දැනට පවතින Current නව යෝජනාව  – New
ආසන Seats % ආසන  Seats % වෙනස

Change

එක්සත් ජනතා නිදහස් සන්ධානය 144 64% 163 64% 19
එක්සත් ජාතික පක්ෂය 60 27% 69 27% 9
ජනතා විමුක්ති පෙරමුණ/සන්ධානය 7 3% 8 3% 1
දෙමළ සන්ධානය 14 6% 15 6% 1
මුළු එකතුව 225 100% 255 100% 30

 

කිසිදු දේශපාලන පක්ෂයකට බහුතරයක් නොලැබුණු 2004 මහා මැතිවරණයේ දී ද මෙම තත්වය පැහැදිලිවම හදුනා ගත හැකිය.    එහි දී ද තෙවන හා සිව්වන ස්ථානවලට වැඩිම මන්ත්‍රී ධූර ලබා ගන්නා ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජාතික හෙළ උරුමය පක්ෂවලට මන්ත්‍රී ධූර දෙක බැගින් හිමිවේ.

 2004 අද පවතින ක්‍රමය යෝජිත ක්‍රමය
Seats % Seats % Change
UPFA 105 47% 119 47% 14
UNP 82 36% 94 37% 12
ITAK/ TULF 22 10% 24 9% 2
SLMC/ NUA 5 2% 5 2% 0
JHU 9 4% 11 4% 2
EPDP 1 0% 1 0% 0
UPPFA 1 0% 1 0% 0
Total 225 100% 255 100% 30
Majority -8 -9

 

මේ අනුව නව මැතිවරණ ක්‍රමය මගින් සුළු පක්ෂවලට අසාධාරණයක් සිදුවන්නේය යන අදහස දත්ත විද්‍යාත්මකව සත්‍ය යෙන් තොර කරුණක් වේ.  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සදහා අවශ්‍ය වන ඡන්ද සංඛ්‍යාව පහත වැටෙන බැවින්  දිවයින පුරා විසිරුණු ඡන්දදායකයින් පිරිසක් සිටින කුඩා දේශපාලන පක්ෂයකට නව ක්‍රමය මගින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලැබීමට ඇති අවස්ථාව ඉහළ යනු ඇත.

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය

2015 May 8

One Response to “නව මැතිවරණ ක්‍රමයෙන් සුළු පක්ෂවලට අවාසියක් සිදුවන්නේය යන්න මිත්‍යාවකි.”

  1. Ratanapala Says:

    Racist Tamils want to have and eat the cake.

    Over the war years many Tamils have left the Northern and Eastern provinces. Now if there is delimitation theoretically electorates must be merged to bring an adequate number of constituents to form a viable electorate. This they do not want.

    In the South there are electorates that close up on 200,000 people where as in the North it rarely goes over 50,000.

    As in the past with their 50:50 demand they are not comfortable with one man one vote principle which goes against their ambition for showing a larger than actual presence in the voting process and through that their representation in the parliament.

    These racist efforts to distort democracy should be negated at the bud.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress