මහින්ද කණ්ඩායමට බහුතරය
Posted on May 10th, 2015

නලින් ද සිල්වා 

කුරුණෑගල දී පවත්වන ලද රැස්වීමෙන් පසු මෙරට පාර්ලිමේන්තු දේශපාලන බල තුලනයේ වෙනසක් සිදු වී ඇත. ඒ රැස්වීමට ශ්‍රි ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 57 දෙනකු සහභාගි වූ බව ප්‍රකාශ විය. පසුව ඒ මන්ත්‍රීවරුන්ගේ නම් ද ප්‍රසිද්ධියට පත් කෙරිණි. එයට අමතරව රක්‍ෂිත බන්ධනාගාරගත ව සිටින මන්තීවරුන් ද අසනීප ව සිටි මන්ත්‍රිවරුන් ද ගත්කල ශ්‍රී ල නි ප පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය බවට මහින්ද කණ්ඩායම පත් වී ඇත. සංධානය ලෙස ගතහොත් නම් පැහැදිලි ව ම මහින්ද කණ්ඩායම බහුතරය වී අවසන් ය. 

දැන් තවදුරටත් ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද පාර්ලිමේන්තු කණ්ඩායම  සුළුතර මානසිකත්වයකින් වැඩ කළ යුතු නො වේ. විශේෂයෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයේ තනතුරු දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්ක්‍ෂයෙන් බාහිර පුද්ගලයන්ට හිස නො නැමිය යුතු ය. එ ජා පක්‍ෂය විසින් ශ්‍රී ල නි පක්‍ෂය මෙහෙයවනු ලැබීමට එරෙහි ව ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන් නැගී සිටිය යුතු ය. අද ශ්‍රී ල නි පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙන් ම රනිල් වික්‍රමසිංහගේ හා බටහිරයන්ගේ තවත් පක්‍ෂයක් බවට පත් වී ඇත. මෛත්‍රිපාල සිරිසේන වැඩිම වුවහොත් ඉන්දියාවට අවශ්‍ය කටයුතුවල නිරත වෙයි. එහි දී ඔහුට පදනම් ආයතනයේ සහාය ලැබෙයි.

ශී්‍ර ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය හැකි ඉක්මනින් ජෝන් අමරතුංග, රවි කරුණානායක, රිෂාඩ් බදියුද්දීන් යන ඊනියා ඇමතිවරුන්ට හා පික්පොකට් අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගෙන ඒමට පියවර ගත යුතු ය. බදියුද්දීන් විල්පත්තුවේ කර ඇති සිංහල විරෝධී ජාතිවාදී ආගම්වාදී ඉඩම් බෙදීම් ගැන ඔහු වහාම පළවා හැරීමට මහින්ද කණ්ඩායම ක්‍රියාත්මක විය යුතු ය. ජෝන් අමරතුංගට විරුද්ධව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව හමස් පෙට්ටියට ගියේ කෙසේ ද? අද ජෝන් අමරතුංග ආරක්‍ෂා කෙරෙනුයේ නිමල් සිරිපාල ද සිල්වා විසිනි. ඔහු මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අගමැති පොරයක නියැලී සිටි නමුදු දැන් ඒ සියල්ල අමතක කර ජනාධිපති විසින් පත්කරන ලද විරුද්ධ පක්‍ෂ නායකයා ලෙස කටයුතු කරයි. 

මේ තත්ත්වය වහාම වෙනස් විය යුතු ය. දැන් මහින්ද කණ්ඩායම සංධානයේ සංධානයේ බහුතරය වෙයි. තවදුරටත් නිමල් සිරිපාල ද සිල්වා විපක්‍ෂ නායක ලෙස කටයුතු කිරීම විපක්‍ෂයේ යහපත පිණිස නො වේ. පසුගිය දිනවල විපක්‍ෂ නායක පදවිය පිලිබඳ පැවති කතාබහ ජෝන් අමරතුංගට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව මෙන් ම යටගොස් ඇත. පික්පොකට් අගමැතිවරයාට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාවට ද ඒ ප්‍රතිඵලය අත්කර නොදීමට සංධාන පාර්ලිමේන්තු කණ්ඩායම වගබලාගත යුතු ය. 

මේ සියල්ල පිටුපස ඇත්තේ ඔවුන් ආරක්‍ෂා කරන්නේ මෛත්‍රිපාල සිරිසේන ය. ඔහු බටහිරයන්ගේ හා ඉන්දියයන්ගේ අවශ්‍යතාවට තම විධායක ජනාධිපති බලතල හා ශ්‍රී ල නි පක්‍ෂ සභාපතිත්වය යොදා ගනිමින් ඇතැම් ශ්‍රී ල නි පාක්‍ෂික මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන බව පැහැදිලි ය. ශ්‍රී ල නි පක්‍ෂයට ඔහුගේ ජනාධිපතිකම අහෝසි කළ නො හැකි ය. එහෙත් පාර්ලිමේන්තු බල තුලනය වෙනස් වී ඇති බැවින් ඔහුට පටවා ඇති එක් බරකින්, එ නම් ශ්‍රී ල නි පක්‍ෂ සභාපතිත්වයෙන් ඔහු නිදහස් කළ හැකි ය. 

නලින් ද සිල්වා 

2015 මැයි 10

7 Responses to “මහින්ද කණ්ඩායමට බහුතරය”

  1. Kumari Says:

    The Mahinda group’s fight in parliament in 2015, is the same as our soldiers’ fight in 2005 – 2009 to protect the country. Please note the whole country is behind you (Api Wenuwen Api). Our hats off for diluting 19A and not giving any presidential powers to the pick pocket.

  2. jay-ran Says:

    Kumari is exactly correct to say that many SRI LANKANS ARE WITH MR HAVING REALISED WHAT A MESS CREATED BY THE UNEDUCATED,FORMER GRAMA SEVAKA TRAITOR MY3.This bastered’s brother who was appointed as the CEO OF SRI LANKA TELECOM HASD BEEN GIVEN A Salary increase of 3 fold while working as a head of another cell telecom company drawing a similer salary,is this the YAHAPALANAYA OR YAKAGE PALANAYA??????
    RW has done what biggest TRAITOR,JR DID AFTER BECOMMING PM AND BECAME PRESIDENT WITHOUT AN ELECTION.JR THE BASTERED HARRASSED SIRIMAVO BANDARANAYAKE BY STRIPPING OFF HER CITIZENSHIP PREVENTING HER CONTESTING FOR FUTURE ELECTIONS THRU FEAR.THE SAME GAME IS GOING ON BY BATALANDA MINEEMARUWA RW & MY3 THE PUPPET PRESIDENT.
    PL,PL,PL DEAR HON MAHINDA RAJAPAKSE,WE ALL LOVE YOU AND LIKE YOU AS YOU SAVED OUR POOR SRI LANKANS FROM THE DIRTIEST TERRORISTS LTTE TAMIL MURDERERS.SO PL DO NOT HAVE ANY COMMUNICATIONS WITH TRAITOR MY3,ORGANISE A SEPERATE PARTY WITH,BANDULA G,WIMAL W,VASUDEWA N,AND ALL OTHER AFFILIATES OF UPFA AND CONTEST THE NEXT ELECTIONS TO SAVE OUR MOTHER LAND!!!!
    MR FAMILY EKATA BUDU SARANAI<DALADA HAMUDURUWANGE PIHITAI<SIYALU DEVI WARUNGE AARAKSHWAI!!!!!!!

  3. Independent Says:

    හෙට වත් නැගිටියි ද ලක්මවගේ පුත්තූ

    Quote from ” අද ලක් මවගේ පුත්තූ ”

    දුඟදක් නොඉවසන මුත් පිටතින් පත්තූ
    නරිරොක් ගැහෙන තැන්වල රිංගා ගත්තූ
    කෙසඟක් පමණ මොළ කබලක් නැති සත්තූ
    අදලක් මවගෙ පෙම් බර ජාතික පුත්තූ

    වසම ගොඩයි සිංහල ගෑනිගෙ තොත්තූ
    එහෙම නොවෙයි සුදුගෑනිගෙ රති මත්තූ
    බොහොම හොඳයි සලකන මේ වල් සත්තූ
    රැළම තමයි අද ලක් මවගේ පුත්තූ

    කියුම පෙනුම හෙට බුදු වෙන බෝසත්තූ
    කෙරුම හරිය හරියට අර දෙව්දත්තූ
    මෙහෙම දෙපිට වෙස්මුහුණක් බැඳගත්තූ
    අයම තමයි අද ලක්මව්ගේ පුත්තූ

    මීසම අමා බසකින් දිවගට ගත්තූ
    ආගම අතට හරවන මුත් සෙසු සත්තූ
    ලෝකෙම තිබෙන නෝබිනකම් නොනැවත්තූ
    මූ ලම තමයි අද ලක්මව ගේ පුත්තූ

    සැපක් ලැබීමට අසරණැ දුප්පත්තූ
    හිසක් ඉලක්කය කරගත් වැඩ ගත්තූ
    නමක් සිල්ලකදිම මුල්කර ගත්තූ
    රැළක් තමයි අද ලක්මවගේ පුත්තූ

    මෙහෙම නමුත් හමුවෙයි මහ පොහොසත්තූ
    කදිම සුරතුරක සායම ඇඳගත්තූ
    ලොවම කපටිකමකට ලූ මේ සත්තූ
    රැළම තමයි අද ලක් මවගේ පුත්තූ

    උත්තම පරපුරැති වැදගත් කුළවත්තූ
    පැත්තක දමන පාහර සිතකින් මත්තූ
    හත්මුත්තාට වත් නැති නම් බැඳ ගත්තූ
    රොත්තම තමයි අද ලක්මව ගේ පුත්තූ

    ගයයි වයයි අපි වෙමු යයි පෝසත්තූ
    හිඟයි කියයි දුටු තැනදී දුප්පත්තූ
    පවයි පිනයි ලාබෙට හරවා ගත්තූ
    අපොයි අපොයි අද ලක්මවගේ පුත්තූ

    ___________________________ by Ven. S. Mahinda Thero

    මොට මොළ ඇතත් රට කරවති නිරිසත්තූ
    රට විකුනතියි පිරිසක් බෙර ගහ ගත්තූ
    තොට නොව මටයි යුද ජය හිමිකරගත්තූ
    හෙට වත් නැගිටියි ද ලක්මවගේ පුත්තූ

  4. Independent Says:

    Last one from Independet

    “Just one mistake detected “සිල්ලකදිම” muyst read “සියල්ලකදිම​”.

    Very important Kavi, with deep meaning to be understood in order to recognise and kick out false “patriots” from your minds.

    Remember true Sinhala patriots always value Buddhist principles.

    ලෝකෙම තිබෙන නෝබිනකම් නොනැවත්තූ
    ……………………..
    They don’t change their ancestral names.
    හත්මුත්තාට වත් නැති නම් බැඳ ගත්තූ
    මූ ලම තමයි අද ලක්මව ගේ පුත්තූ

    who are these people ?

    Nalin should also read this set of Kavi by S. Mahinda Thero to understand the true patriot.

  5. Christie Says:

    Namaste: Our Constitution has become an Indian Curry since JRJ the Quarter Indian chef. I don’t think anyone knows anything about the ingredients or how to cook it or even to how it has been prepared. So how can we serve this curry? is to going to be served with Thosai, Chappathi, Roti, what kind of rice or bread. Is it been eaten with fingers, spoon and fork or chop sticks? All these are a mess while the Sinhalese are slowly wiped out from earth and the Island they have inhabited for such a long time may be more than hundred thousand years.
    The latest brain washing that is taking place in the Sinhala populace is why doesn’t Mahinda stand aside after rejected by the voters, he is so greedy for power, he is only making trouble for all the people and so on. This is some of it what came from my good Tamil friends.
    Jai Hind

  6. ranjit Says:

    Professor we admire your fight against terror and terrorists like Ranil/Sira clique. Every Sri lankans mind at this moment is how to get rid of this shit thieves out of office. MR group mus not bow down or afraid of Sira but to fight to oust him from the party president post immediately and rally behind MR to form a new party to contest the next General elections to win the hearts and minds of the people of this land again to usher a new country for the people to live as free men and women.

    We the people need MR very badly because the way these shit traitors run the Govt we don’t think we will have a country to call home as Sri Lankans. Already Tamils and Muslims taking over the lands systematically and doing things which are not acceptable to the majority Sinhalese. MR should not take back any traitor who left him at any cost. He should listen to the people not politicians who are behind him. People are great and politicians are crooks not all but some.

    This is a Govt of thugs and liars. They put fear in to people by spreading lies and intimidating and arresting unnecessarily. You find all sorts of characters in this Govt.Kidnappers,Thieves,land grabbers,Artifact robbers,Money launderers,jail birds,Gays (One shot,Awamangalaya,Ran-nil etc) drunkards etc. To overcome fear we must fight to the end and send this shit masters for no return.

  7. Independent Says:

    අපේ රට දියුණු වෙන්න නම් ….දේසපාලනයෙන් තොර අදහසක්

    http://www.adaderana.lk/bizenglish/what-sri-lankan-consultant-engineer-who-advised-even-the-lee-kuan-yew-government-has-to-say-video-interview/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress