කොට්ඨාශ ක්‍රමය නැවත වරක් පිරිමින් පරදවා පාර්ලිමේන්තුමේන්තු එන කාන්තාවන් බිහි කරනු ඇත.
Posted on May 11th, 2015

Rajith Keerthi Tennakoon Executive Director/CaFFE

ඔඵ පලන, ගිනි තියන, මනාප මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අද දවසේ අප වෙත පැවරිලා තියෙන තීරණාත්මකම කාර්ය භාරයයි.    මනාප යුද්ධය නැති මැතිවරණ ක්‍රමයක් බිහි වුනොත් විතරයි  පිරිමි පරද්දවලා කාන්තාවන් පාර්ලිමේන්තු එන යුගයක් නැවත බිහි වෙන්නේ.  සිරිමාවෝ, විවියන්, තමරා, චන්ද්‍රිකලා බිහිවෙන්නේ.   මනාප ක්‍රමය පටවලවා ගත් දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය තුල ඉඩක්නෑ බෝම්බ ගහන, ගිණි තියන අල්ලස් දෙන, පිරිස් අතර කාන්තාවන්ට තරගයක් දෙන්නට බෑ.  එතන තියෙන්නේ අසමාන තරග බිමක්.
20 වන සංශෝධනය තුලින් බිහිවන කේවල හා සමානුපාතික මිශ්‍ර ක්‍රමය තුලින් නැවත වරක් කාන්තාවන්ට තමන්ගේ මැතිවරණ කොට්ඨාශයට පමණක් වගකියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වෙන්නට පුඵවන්.   අපි මේ ක්‍රමය වෙනස් කළේ නැත්නම් ලෝකයේ අඩුම කාන්තා නියෝජනයක් සහිත රාජ්‍යයන් අතරට ලංකාව වැටෙන්නට පුඵවන්.  යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.  තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පදනම් ආයතනයේ පැවති 20 වන සංශෝධනය සහ කාන්තා නියෝජනය තහවුරු කිරීමේ මාවත මැයෙන් වූ සම්මන්ත්‍රණයක් අමතමිනි.
 ලංකාවේ ජනගහනයෙන් 55% ක් වන කාන්තාවන්ට පාර්ලිමේන්තු නියෝජනයක් ඇති කරන්න පුඵවන් පළමු මාර්ගය මේ මනාප යුද්ධය තියෙන මැතිවරණ ක්‍රමය අවසන් කිරීමයි. ඒ සදහා අවශ්‍ය පසුබිම 20 වන සංශෝධනයෙන් වැටී තිබෙනවා.   දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමයෙන්, ජාතික ලැයිස්තුවෙන් කාන්තාවන්ට ඉඩක් ලබාදීම මේ රටේ ශිෂ්ඨ දේශපාලන පක්ෂවල වගකීමක්.  එහෙම නොකරන, කාන්තාවන්ට දොර වහන දේශපාලන පක්ෂවලට ඡන්දයේ දී දොර වැසීම මේ රටේ සියළු කාන්තාවන්ගේ වගකීමක්. හැට ඡන්ද කොට්ඨාශයකම ඒ දෙය කරන්න බැරි වෙන්න පුඵවන්.  නමුත් කොට්ඨාශ ක්‍රමය තුල අපි හැමදාම දැකලා තියෙනවා  විමලා කන්නංගර, සුනේත්‍රා රණසිංහ,  අමරා පියසීලි, රේණුකා හේරත් ලා පිරිමි පරදවලා පාර්ලිමේන්තු ආවා.  කුසුමා කරුණාරත්න, තමරා ඉලංගරත්න ලා ඒ දේ කලා.  විවියන් වගේ යකඩ කාන්තාවන්ට වත් දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ නම් පාර්ලිමේන්තු යන්නට ලැබෙන්නේ නෑ.  අපේ රටේ දේශපාලන සංස්කෘතිය කාන්තා නියෝජනය තහවුරු වන පරිදි පුඵල් කරන්නට අවශ්‍යයි.  එහෙම කරන්න බැරිනම් අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටක් වෙන්නේ නෑ.  කේවල ක්‍රමය තුල ඒ සදහා අවශ්‍ය මුලික පසුබිම සකස් වෙනවා යැයි ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
 මහචාර්ය රොහාන් සමරජීව, අශෝක අභයගුණවර්ධන යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress