බොදු බල සේනාවට එරෙහි රාජ්‍ය මාධ්‍ය වාරණය.- State Media Ban on Bodu Bala Sena
Posted on May 13th, 2015

බොදු බල සේනා මාධ්‍ය නිවේදනය 

2015 මැයි 12

සිංහල  ව්‍යාපාර පිලිබඳ ජනතා කොමිෂන් සභාව

ශ්‍රී ලංකාවේ සැබෑ භුමි පුත්‍රයින් වන සිංහල ජාතිය සතු ආර්ථික ශක්තිය දුර්වල කොට සමස්ත ලෙස සිංහල ජාතිය විනාශ කිරීම සඳහා විවිධ බලවේග හා කුමන්ත්‍රණ දැනට වසර පන්සියයකට පෙර සිට අධිරාජ්‍යවාදීන් විසින් ක්‍රියාත්මක කල අතර වර්තමාන ගෝලීය ආර්ථික පරිසරයක් තුල එම කුමන්ත්‍රණ විවිධ ස්වරූප වලින් ක්‍රියාත්මක වෙමින් පවතී.  වර්තමානයේදී ගෝලීය මුල්‍ය, දේශපාලන හා මාධ්‍ය ආදී වූ ගෝලීය බලවේග ක්‍රියාත්මක වන පරිසරයක් තුල සිංහල ජාතිය”  ගෝලීය වශයෙන් සුළුතර ජනවර්ගයක්” බවට පත් වෙමින් පවතී.    එ අනුව සිංහල ජාතිය පසුගිය වසර 500 කට අධික කාලයක් මුහුණ දුන් අභියෝග, වර්තමානයේදී මුහුණ දෙන අභියෝග හා අනාගතයේදී මුහුණ දීමට සිදු විය හැකි අභියෝග හඳුනාගැනීමටත් ,  එ අනුව සිංහල ව්‍යාපාරිකයින්ට අවහිර වන ලෙස ක්‍රියාත්මක වන නීතිමය, පරිපාලනමය, දේශපාලනමය , මුල්‍ය ආදී වශයෙන් වන පාරිසාරික සාධක හඳුනාගැනීමටත්, සිංහල ව්‍යාපාරිකයින්ගේ ආරක්ෂාව හා දියුණුව සඳහා කලයුතු ව්‍යුහාත්මක වෙනස්කම් නිර්දේශ කිරීම සඳහාත් , සිංහල ව්‍යාපාරිකයින්ගේ නායකත්වය යටතේ සුළු ජන කොටස් වල ව්‍යාපාරිකයින්ට හා විජාතික ව්‍යාපාරිකයින්ට නිසි රැකවරණය හා අවස්ථා ලබා දෙන පරිසරයක් සඳහා යෝජනා ලබා දීමටත් ,හා අවසාන වශයෙන් සිංහල ව්‍යාපාරිකයින්ගේ ජාතික නායකත්වය යටතේ සිංහල ජාතියේ අභිවෘද්ධිය සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීම සඳහාත් සිංහල ව්‍යාපාර පිලිබඳ ජනතා කොමිෂන් සභාව ”  පිහිටුවා ක්‍රියාත්මක කිරීමට බොදු බල සේනා සංවිධානය කටයුතු කරන බව සියලු ශ්‍රී ලංකා වාසීන් වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙම කොමිෂන් සභාවේ  කටයුතු 2015 ජුනි  මස 1 සිට  වසරක කාලයක් සඳහා ක්‍රියාත්මක වනු අත. මෙම කොමිසම සඳහා  සාමාජිකයින් 10 දෙනෙකු බොදු බල සේනා සංවිධානය විසින් පත් කරනු ලබන අතර ඉන්  සුදුසු එක් අයකු සභාපතිවරයා ලෙසත් ,  තවත් සුදුසු අයකු ලේකම් වරයා ලෙස පත් කරනු ලැබේ.

මෙම කොමිෂන් සභාව මගින් පහත දැක්වෙන කරනු පිළිබඳව සොයා බැලීම සඳහා තොරතුරු එක්රැස්කිරීම , සාක්ෂි විමසීම සිදු කරනු ලැබේ.

  • දැනට වසර පන්සියයකට පෙර සිට අධිරාජ්‍යවාදීන් විසින්  සිංහල ව්‍යාපාර දුර්වල කිරීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලද ක්‍රම වේද හඳුනා ගැනීම
  • වර්තමානයේ ගෝලීය අභියෝග නිසා සිංහල ව්‍යාපාරිකයින් මුහුණ දෙන ගැටළු හඳුනා ගැනීම
  • සිංහල ව්‍යාපාර විනාශ කිරීමට හා දුර්වල කිරීමට සිදු කරනු ලබන අන්තවාදී කුමන්ත්‍රණ හඳුනා ගැනීම
  • සිංහල ව්‍යාපාරිකයින්ට හානිකර ලෙස ක්‍රියාත්මක වන නීතිමය, දේශපාලනමය හා පරිපාලනමය ක්‍රියාකාරකම් හඳුනාගැනීම
  • සිංහල ව්‍යාපාර විනාශ කිරීමට හා දුර්වල කිරීමට සිදු කරනු ලබන වෙනත් ඕනෑම ක්‍රියාකාරකමක් හඳුනාගැනීම
  • විදේශ රටවල දේශීය ව්‍යාපාර රක ගැනීමට, ප්‍රධාන ජන වර්ගය ආරකෂා කර ගැනීමට හා ඔවුන්ගේ නායකත්වය යටතේ උප ජන වර්ගවලට  සාර්ථකව ව්‍යාපාර කර ගැනීමට ඉඩ කඩ ලබා දෙන ආකාරය අධ්‍යයනය කිරීම

මෙම කොමිෂන් සභාව විසින් පහත ක්‍රමවේද මගින් උක්ත කරුණු පිළිබඳව  තොරතුරු එක් රැස් කරනු ලැබේ.

  • දිවයින පුරා පවත්වනු ලබන කොමිෂන්   සභා රැස්වීම් වල සාක්ෂි විමසීම් මගින්
  • කොමිෂන් සභා කාර්යාලවලට පැමිණ වාචිකව කරනු ලබන සාක්ෂි මගින්
  • කොමිෂන් සභා කාර්යාලවලට ලිඛිතව එවනු ලබන නාමික හෝ නිර්නාමික ලේඛන පරික්ෂා කිරීමෙන්
  • විදේශ වල සිටින ශ්‍රී ලාංකිකයින් වෙතින් ලබා ගනු ලබන තොරතුරු මගින්
  • මාධ්‍ය වාර්තා, පොත්පත්, රජයේ ලේඛන, පාර්ලිමේන්තු  අණ  පනත්, ගැසට් නිවේදන  ආදී  ලේඛන පරිශීලනය කිරීමෙන්
  • වෙනත් සුදුසු යැයි හැඟෙන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමෙන්

මෙම කරුණු එක්රැස් කිරීමෙන් පසු එම තොරතුරු පදනම් කොට සිංහල ව්‍යාපාර මුහුණ දෙනු ලබන අභියෝග පිළිබඳව කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධ කරනු ලැබේ. එමෙන්ම සිංහල ව්‍යාපාරිකයින්ගේ ආරක්ෂාව හා දියුණුව සඳහා කලයුතු ව්‍යුහාත්මක වෙනස්කම් නිර්දේශ කිරීම සඳහාත් , සිංහල ව්‍යාපාරිකයින්ගේ නායකත්වය යටතේ සුළු ජන කොටස් වල ව්‍යාපාරිකයින්ට හා විජාතික ව්‍යාපාරිකයින්ට නිසි රැකවරණය හා අවස්ථා ලබා දෙන පරිසරයක් සඳහා යෝජනා ලබා දීමටත් ,හා අවසාන වශයෙන් සිංහල ව්‍යාපාරිකයින්ගේ ජාතික නායකත්වය යටතේ සිංහල ජාතියේ අභිවෘද්ධිය සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කොට ක්‍රියාත්මක කිරීම සඳහාත් අවශ්‍ය කටයුතු සිදු කරනු ලැබේ.

වැඩි විස්තර සඳහා, ඔබගේ යෝජනා හා තොරතුරු සඳහා

0773218677, 0773218650,

email : info@bodubalasena.com, info@bodubalasena.info

4 Responses to “බොදු බල සේනාවට එරෙහි රාජ්‍ය මාධ්‍ය වාරණය.- State Media Ban on Bodu Bala Sena”

  1. Senevirath Says:

    බෞද්ධ කො මිෂන් වාර්තාව වැනි පුළුල් වාර්තාවක් අවශ්ය්

  2. Christie Says:

    Namaste: Start with Mahendran and Mahendran. Jai Hind

  3. ranjit Says:

    Very good we need something like that to happen in this country as we the Sinhalese are the majority and this is our home. Sinhalaya must have the bigger say in this land before anyone else creep in to our society and take over the lands,Businesses,power etc. Should check how people suddenly get rich specially Muslims with their drug business and money laundering etc. If anyone is involved with any politician or politicians should be brought to books without any leniency. It should be a fair game punishing everyone involved in any criminal offense.

    We need our country back with a real Sinhala leader who will work hard to uplift the lives of the Sinhala people to live as a proud nation of Sinhalese along with other communities in harmony who were born in Sri Lanka. We need a movement like Bodu Bala Sena to safeguard our religion and the country from other extreme organizations in the country.

  4. Christie Says:

    අපේ රටේ සින්හල වියාපාරකයන් ගැන හොයන්න යන යෝජිත කොමිසම ඉස්සෙල්ලම කොලඹ කොටුවෙ හා පිටකොටුවෙ පාරවල් දිගේ ඇස් කන් ඇරගෙන ඇවිද්දොත් හොඳයි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress