ශ්‍රී ල නි පක්‍ෂයට ඇති බාධාව මෛත්‍රිපාල ය
Posted on May 16th, 2015

නලින් ද සිල්වා

ආණ්ඩුව ඇත්ත නොකියන බව පැහැදිලි ය. පළාත් පාලන ආයතන විසුරුවා නොහැරිය බව සැබෑ ය. ඒ ආයතනවල කාලය අවසන් වී ඇති බව ද සැබෑ ය. ඒ පිළිබඳ අපේ වාදයක් නැත. එහෙත් ආණ්ඩුවට කළ හැකි එකම දෙය ඒ ආයතන කොමසාරිස්වරුන් හෝ නිලධාරීන් හෝ යටතට පත්කිරීම නො වේ. එය එක් විකල්පයක් පමණකි, එය සිදු නොකළ යුතුව තිබූ විකල්පය ය. එහෙත් ආණ්ඩුව ඒ විකල්පය ක්‍රියත්මක කළා පමණක් නොව අනෙක් විකල්ප ගැන සඳහනක්වත් නො කරයි. 

ආණ්ඩුවට අවශ්‍ය නම් පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමට තිබිණි. ආණ්ඩුව එසේ නො කෙළේ ය. එයට හේතුව බොහෝ පළාත් පාලන ආයතනවල බලය ශ්‍රී ල නි පක්‍ෂය සතු වීම ය. එහෙත් ආණ්ඩුව ඒ බව නො කියයි. ආණ්ඩුව කියන්නේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීන්ගේ කලක්ක්‍රියාව හොඳ නැති බැවින් ඒ ආයතනවල කාලය දීර්ඝ නොකළ බව ය. පළාත් පාලන ආයතනවල කාලය දීරඝ කිරීම පිලිබඳ එවැනි නිර්ණායකයක් නැත. ඒ නිර්ණායකය පාර්ලිමේන්තුවටත් යොදාගත හැකි ද? එවැනි නිර්ණායක සඳහන් වී ඇත්තේ කිනම් පනතක ද? ආණ්ඩුව ජනතාවට සුදුළුෑණු පොඩි නොකර ඇත්ත කිව යුතු ය. 

ආණ්ඩුවට තවත් විකල්පයක් තිබිණි. ඒ පළාත් පාලන ආයතනවල මැතිවරණ වහාම පැවැත්වීම ය. ආණ්ඩුව මැතිවරණ නොපවත්වන්නේ තමන් පරදින බව දන්නා බැවිනි. එහෙත් එහි දී ද ඔවුන් කියන්නේ වෙනත් කතාවකි. ඉදිරියේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් පළාත් පාලන ආයතන මැතිවරණ පැවැත්වීමට අපහසු යැයි ආණ්ඩුව කියයි.  පාර්ලිමේන්තු මැතිවරණයකට තවම දින නියම කර නැත. ඒ පිළිබඳ මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂය හා එ ජා පක්‍ෂය අතර කඹ ඇදීමක් වෙයි. ඇතැම් විට මැතිවරණ දෙකම කල් යෑමට ඉඩ ඇත.

ඒ කුමක් වුවත් පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීමෙන් ආණ්ඩුව ජනතාවගේ මැතිවරණ අයිතිය උදුරාගෙන ඇත. අවාසනාවකට ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද කණ්ඩායම ඒ පිළිබඳ කිසිවක් නො කරයි. ඔවුන් කරන්නේ කටින් බතල කොළ සිටුවීමකි. පසුගිය ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්‍ෂ පරාජයට පත්වීමෙන් පසු මාස දෙකක් පමණ ආගිය අතක් නැතිව සිටි ඩලස් අලහප්පෙරුම වැන්නෝ දැන් නැවතත් පක්‍ෂය මෙහෙයවති. ඔවුහු මහා ඇමතිවරුන්ට බලය අතට ගෙන පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ කිරීමට කියති. එහෙත් ඒ පිළිබඳ ප්‍රායෝගික වැඩ පිලිවෙළක් ඉදිරිපත් නො කරති. හුදෙක් වීරයන් වීමට යෝජනා ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නො වේ. මේ බොරු දේශපාලනයේ වුව ද සීමා තිබිය යුතු ය.

ඒ අතර තවත් රාවයක් පැතිර ගියේ පළාත් පාලන ආයතනවල කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් මෛත්‍රිපාල ශ්‍රී ල නි ප කණ්ඩායමේ ඇමතිවරුන් කිහිප දෙනකු අස්වීමට යන බව ය. ඒ කතාවට කුමක් සිදුවී ද? ඔවුන් අස් නොවූයේ ඇයි? මෛත්‍රිපාල ඔවුන්ට බලපෑම් කෙළේ ද? අපි නො දනිමු. එහෙත් දැනගැනීමට කැමැත්තෙමු. ඔවුන්ගේ තීරණය වෙනස් වූයේ ඇයි? 

එ ජා පක්‍ෂය 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැමැත්තක් නැති බව මුල සිට ම පෙනී ගියේ ය. ඔවුන්ට අවශ්‍ය වී තිබුණේ කෙසේ නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ය. එය යම්දුරකට සාර්ථක විය. අද ඔවුන්ට 20 අවශ්‍ය නො වේ. දෙන්නම් කාසිවලට ඡන්දය නොදෙන ලෙස අපි ඒ දිනවල ම කීවෙමු. අද එස් බී දිසානායක ඇමතිවරයා කන්කෙඳිරි ගාන්නේ ඇයි? ඔහු 19ට ඡන්දය දුන්නේ ය. එහෙත් 20 ගැන හදිසියක් නැතැයි ඔහු කියයි. 

මෛත්‍රිපාල අවසන් වශයෙන් වැඩ කරන්නේ එ ජා පක්‍ෂයට අවශ්‍ය අන්දමට මිස ශ්‍රී ල නි පක්‍ෂයේ කිසි කණ්ඩායමකට අවශ්‍ය අන්දමට නො වේ. අද ආණ්ඩුව වැඩ කරන්නේ රනිල්ට, බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට ය. ඒ සඳහා යටිතල පහසුකම් සපයන්නේ මෛත්‍රිපාල සිරිසේන ය. මෛත්‍රිපාල එදත් අදත් ශ්‍රී ල නි පක්‍ෂයේ  ආණ්ඩුවක් පිහිටුවීමේ දී ප්‍රධාන බාධකය වෙයි. ඔහු ශ්‍රී ල නි පක්‍ෂ සභපතිත්වයෙන් ඉවත් කිරීමට නීත්‍යානුකූල මගක් සොයාගත යුතු ය. 

නලින් ද සිල්වා

2015 මැයි 16

 

4 Responses to “ශ්‍රී ල නි පක්‍ෂයට ඇති බාධාව මෛත්‍රිපාල ය”

  1. Christie Says:

    චන්ද්‍රිකා ආන්ඩු කාරීත්, රනිල් කන්කානියාත් සිරිසේන කුලී කාරයත් වැඩ කරන්නේ ඉන්දියානු ජඩවාදයට ඕනෑ විදියට.

  2. ranjit Says:

    IF S.L.F.P. needs to go forward as a leading party in this country they should sack MY3 at once because he is a puppet of the UNP without any doubt and he came to power by their vote and against the S.L.F.P. party boss so how can a party traitor be a fair man to this party?

    All S.L.F.Per’s should rally behind MR because he is the one who brought this party to the top when it was down with Choura and lot. By the looks MR has a good chance to come back because he is loved and respect by majority Sinhalese and S.L.F.Per’s than any other leader. Ranil is not a Sinhala Buddhist as he claims. He is a white leghorn who loves by the west and LTTE Diaspora. He works as per their wishes and demands. He less care about the country or it’s people. He acts like Hitler and his Gestapo police Minister who is a Christian acts like Gobbels. We have never heard or seeing this type of Governance before in our history. No achievements but police brutality can bee seeing everyday. Let’s send them home to live in peace.

  3. Independent Says:

    මුහුදු මහා විහාරයත් අනතුරේ : වැලි ජාවාරම දිගට හරහට

    2015 මැයි මස 17 10:21:02 | . , යූ.විජේසිංහ

    පොතුවිල් ඵෙතිහාසික මුහුදු මහා විහාරස්ථානයට නැගෙනහිරින් මුහුදු මහා විහාරස්ථානයට නැගෙනහිරින් මුහුදු වෙරළේ සිට මීටර් 200 ක් පමණ ගොඩබිමට වන්නට පිහිටි වැලි කඳු හාරා වැලි ජාවාරමක් සිදුවන බවත් එයින් මුහුදු වෙරළ හා මුහුදු මහා විහාරස්ථානයේ නටඹුන් විනාශවී යන බවත් ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අනු දැනුම ඇතිව සිදුවන බවත් පවසමින් මුහුදු මහා විහාරවාසී උඩනමත්තේ රත්නප්‍රිය හිමියන් පොතුවිල් පොලිසියට පැමිණිල්ලක් කළහ.

    මුහුදු මහා විහාරස්ථානයේ නැගෙනහිරින් පිහිටි භූමියේ මුහුදු වෙරළට මීටර් 200ක් ගොඩබිමට වන්නට මුහුදු මට්ටමේ සිට අඩි 100කට උඩින් මෙම වැලි කඳු පිහිටා ඇත. මෙම වැලි කඳු නිසා මුහුදු කෑම මෙන්ම අනතුරු වැලකී ඇත.

    සුනාමියේදී විහාරස්ථානය බේරුනේද මේ වැලි කඳු හා එහි ඇති ගස් නිසා යැයි පරිසරවේදීහු කියති.

    ඉපැරණි නටඹූන් මේ වැලි කඳුවලින් වැසී ඇති බවත් මේ හේතුවෙන් පුරාවස්තුද විනාශවීමට ඉඩ ඇති බවත් තවමත් විවෘත නොකළ සෑයද අනතුරට පත්විය හැකි බවත් මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියෝ කියති.

    මේ වැලි ජාවාරම ප්‍රදේශයේ සියලු ජනතාවට හානියකි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු ආයතන දැනුවත් කළද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන මෙය වැලැක්වීමට පියවරක් ගෙන නොමැති බවත් ඒ හිමියෝ කියති.

  4. Senevirath Says:

    ”බනින්නෙපා අපෙ සිරාට ”’ යය ගී කියූ අ යට දැන් තේරෙනවද සිරාගේ රඟ . තව තව තෙරෙය් ඔහොයනකොට .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress