Mahinda reveals his secret behind the war victory
Posted on May 18th, 2015

Courtesy Adaderana

The previous governments failed to defeat the LTTE because they were always prepared to kneel before the terrorists, former President Mahinda Rajapaksa said.

The observation was made when the former President attended an event to commemorate all those who sacrificed their lives to preserve the nation’s independence. The event was held at the Vihara Maha Devi Park this afternoon (18).

Mahinda reveals his secret behind the war victory

The foreign elements also attempted to convince me that it is an ‘impossible’ task to defeat the LTTE. But I took the crucial decision to fight against them (LTTE) for the sake of our country,” he added.

Anyone can make false allegations against me,” he said, adding that thus he would not let any parties to harm the country in their bid to take revenge from him.

lanka C news

වීර දූ පුතුන් දහස් ගණනක් ජීවිත දුන්නේ මේ රටේයළිත් බෙදුම්වාදී කොඩිය ඔසවනවා දකින්න නොවෙයිමහින්ද රාජපක්

වීර දූ පුතුන් දහස් ගණනක් ජීවිත පරිත්‍යාග කළේ මේ රටේ යළිත් බෙදුම්වාදී කොඩිය ඔසවනවා දැකීමට නොවන බවත්, ඒ පිරිස මේ තරම් ඉක්මනින් අමතක කිරීමට හැකි වීම පිළිබඳව වත්මන් ආණ්ඩුව ලැජ්ජා විය යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පෙන්වා දෙයි.

අද(18) සවස කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැති ‘නිදහසේ පහන් වැට’ විජයග‍්‍රහණයේ සැමරුමට සහභාගී වු පිරිස අමතා මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේ පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය

‘‘වසර තිහක් පුරා අපේ මාතෘභූමිය යටත් කරගෙන තිබුණු ලෝකයේ දරුණුම ත‍්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කරලා මව්බිමෙන් අතුගා දැම්මේ අද වගේ ඓතිහාසික දවසක. බෙදිලා වෙන් වෙන්න තිබුණු අපේ මාතෘභූමිය යළිත් වතාවක් එක්සේසත් වුණෙත් අද වාගේ දවසක. මාතෘභූමිය එක්සේසත් වුණු ආරංචිය ලැබුණාම වසර තිහක් තිස්සේ මරණ බයේ හිටපු මේ රටේ ලක්ෂ ගණන් ජනතාව ජාතික කොඩිය අතට අරගෙන සතුට ප‍්‍රකාශ කළා මට අද වගේ මතකයි. මුළු රටේම නිදහසේ සතුට දොරේ ගලා ගියායි කීවොත් මම නිවැරදියි. ජාතියකට මාතෘභූමිය එක්සේසත් කෙරෙන ආකාරය දැක ගන්න සතුට විඳ ගන්න, ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. ඓතිහාසිකව බැලූවත් ඒ වාගේ අවස්ථා උදා වෙන්නේ එකයි. නැත්නම් දෙකයි.

මේ වගේ උදාර ඓතිහාසික ජයග‍්‍රහණයේ දවසක් උදා කර දෙන්න මේ රටේ සමස්ත ශ‍්‍රී ලාංකික ජාතිය  අති ශ්‍රේෂ්ඨ කැප කිරීමක් කළ බව මම කියන්න  ඕනෑ. ත‍්‍රස්තවාදීන් මොන තරම් කුපිත කිරීම් කළත් 1983 ජූලියෙන් පස්සේ අපි ජාතීන් හැටියට ඇණ කොටා ගන්න ගියේ නැහැ. වෛර කරන්නේ නැතිව ඉවසගෙන හිටියා. නමුත් ජාත්‍යන්තරයේ තිබුණු බොරු ප‍්‍රචාර නිසා  විදේශ රටවල ජීවත්වන ශ‍්‍රී ලාංකිකයෝ තමන් මොනතරම් අවමානයට ලක් වුණාද කියලා දන්නවා ඇති. ශ‍්‍රී මහා බෝධියේ, දළදා මාළිගාවේ වගේම කාත්තන්කුඩි පල්ලියෙත් ලේ දොරේ ගලා යනකොට, අනෙක් අතට මඩු පල්ලියට යන්න අවසර නොලැබෙන කොට, මේ රටේ හිටපු සියලූ ආගමික නායකයෝ අසරණ වෙලා හිටියා.

‘මේ හැමෝම ත‍්‍රස්තවාදය ඉදිරියේ දණ නැමුවා’

මායිම් ගම්මානවල විතරක් නොවෙයි අධි ආරක්ෂක කලාපවල හිටපු රට කරවන නායකයින්ටවත් ආරක්ෂාව තිබුණේ නැහැ. හැම ආණ්ඩුවක්ම මේ ප‍්‍රශ්නේ විසඳගන්න උත්සාහ කළේ ත‍්‍රස්තවාදීන් ඉදිරියේ දණ නමලා. කිහිප වතාවක් රටේ ස්වාධීනත්වයත් පාවා දුන්නා. ජේ. ආර්. ජනාධිපතිතුමා ඉන්දියන් හමුදාව ගෙන්නලා, සාම ගිවිසුම් ගහලා උතුර නැගෙනහිර ඉන්දියාවට බාර දුන්නා. පේ‍්‍රමදාස ජනාධිපතිතුමා සාම කතා කරලා, කොටින්ට ආයුධ දීලා පොලිසියේ 600ක් පාවා දීලාත් කොටි එයාවත් මැරුවා. සාම ගිවිසුම් ගහපු, ලංකාවේ පළාත් සභා පිහිටුවන්න උදව් කළ රජීව් ගාන්ධි ඉන්දියාවේදීම කොටි ඝාතනය කළා. චන්ද්‍රිකා මැතිනියගේ යුගයේ තවලම් ගිහින්, නොර්වේ ගෙන්නාගෙන, අලිමංකඩ වාගේ කඳවුරුවල පවා දහස් ගණනින් මැරෙනතුරු ඉඳලා, යාපනෙන් හමුදා ඉවත් කරගන්න ආසන්න වෙන තරමට මේ රටේ තත්වය නරක් කළා. අන්තිමට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සටන් විරාම ගිවිසුමක් ගහලා උතුරු නැගෙනහිර කොටින්ට බාර දුන්නා. මේ හැමෝම ත‍්‍රස්තවාදය ඉදිරියේ දණ නැමුවා. ඒ හැමෝම රටේ ස්වාධීනත්වයත් පාවා දුන්නා. විදේශ රටවලට, රටට ඇඟිලි ගහන්නත් ඉඩ දුන්නා.

2005 දී මේ රට අපි භාර ගන්න කොට ත‍්‍රස්තවාදයක් එක්ක සටන් කරලා දිනන්නම බැහැ කියලයි ලෝකයම අපට කීවේ. විදේශ සහාය නැතුව මේක කරන්නත් බැහැ කියලයි කීවේ. නමුත් මේ රටේ ජනතාව ගැන, ඔවුන්ගේ වීර දූ පුතුන් ගැන විදේශවලට වඩා මට විශ්වාසයක් තිබුණා. අපි මේ රටේ බිම් අඟලක්, ස්වාධීනත්වයේ බිංදුවක්, කිසිම විදේශ හෝ වෙනත් ගිවිසුමකින් පාවා නොදී මේ විජයග‍්‍රහණය ලබා ගත්තා. ලෝක ආහාර අර්බුදය ආවා, තෙල් අර්බුදය ආවා, මූල්‍ය අර්බුදය ආවා. මේ හැම අර්බුදයකටම මුහුණ දෙමින් තමයි අපි යුද්ධය කළේ. අපි එක වේලක් ජනතාව බඩගින්නේ තිබ්බේ නැහැ. ත‍්‍රස්තවාදී පාලන ප‍්‍රදේශවලටත්  කෑම බීම බෙහෙත් යවමින් යුද්ධ කළේ. ලෝක බලපෑම්, ජාත්‍යන්තර බලපෑම් අපමණ ආවා. නමුත් මේ එකක් එක්කවත් ගිවිසුම් නොගහ යට නොවී තමයි අපි මේ විජයග‍්‍රහණය ලබා ගත්තේ. ඒ නිසා තමයි මේ විජයග‍්‍රහණය ලැබූ දවස මේ රටේ ජනතාවට වැදගත් වෙන්නේ. ඒ නිසාම තමයි මේ දිනය ඓතිහාසික දිනයක් වෙන්නේ.
මේ විජයග‍්‍රහණය නිසා මේ රටේ ජනතාවට අහිමිවෙලා තිබුණු වෙරළ තීරයෙන් තුනෙන් දෙකක ප‍්‍රමාණය නැවත හිමිවුණා. පය තියන්නවත් බැරිව තිබුණු පළාත් දෙකක් යළිත් රටේ යහපතට යොදා ගන්න ඉඩ ලැබුණා. මුළු රටේම එකම කොඩියක් ඔසවන්න ඉඩ ලැබුණා. ලංකා සිතියමේ තිබුණු මායිම් ගම්මාන ඉවත් වුණා විතරක් නොවෙයි, දුෂ්කර ගම්මාන ලංකා සිතියමෙන් ඉවත් කරන ඓතිහාසික සංවර්ධනයකට මුල පුරන්න අපිට පුළුවන් වුණා.  ඉස්කෝල ගේට්ටු මුර කරලා, දරුවා අරගෙන පණ බයේ ගෙදර දුවපු නගරයේ මවුවරුන්ට, පියවරුන්ට ව්‍යායාමයට කොළඹ ඇවිදින්න පුළුවන් ආකාරයට මේ රටේ නගර ගොඩ නගන්න අපට පුළුවන් වුණේ මේ විජයග‍්‍රහණය නිසා. මෙතෙක් මේ රටේ ජනතාවට විදේශවලදී පමණක් දකින්න තිබුණු අධිවේගී මාර්ග, නවීන වරාය, වරාය නගර, ගුවන් තොටුපළ ඉදි වුණේ මේ විජයග‍්‍රහණය නිසා. ගමේ පරිගණක තාක්ෂණය දියුණු කළේ, උපාධිධාරීන් ලක්ෂ ගණනකට රජයේ රැකියා ලබා දුන්නේ, ආසියාවේ නැගී සිටින රාජ්‍යයක්, ලෝකයත් එක්ක නැගිටින රටක් බවට මේ රට පත් කරන්න පුළුවන් වුණේ මේ විජයග‍්‍රහණයත් එක්කයි. ලෝකයේ දරුණුම, බලසම්පන්නම ත‍්‍රස්තවාදී බලවේගය පරාද කරන්න පුළුවන් වීම නිසා අපිටත් අනෙක් රටවල් වාගේම නැඟී සිටින්න පුළුවන් කියන හැඟීම ලැබුණා. ඒ නිසා තමයි මේ දිනය විජයග‍්‍රහණයේ දිනය හැටියට මුළු රටේම ජනතාව සමරන්න  ඕනේ.

මිත‍්‍රවරුනි,

මතක තියාගන්න මේ විජයග‍්‍රහණය ලබා ගන්න, මේ රටේ තරුණ දූ දරුවෝ දහස් ගණනක් ජීවිත පුජා කරලා, ඇස්, ඉස්, මස්, දන් දීලා ලේ දහදිය හෙළුවා. මේ දසදහස් ගණනක් ජීවිත දුන්නේ එක ජාතියක යහපතට විතරක් නොවෙයි. අවසාන සටනේදී ලක්ෂ දෙකකටත් වඩා වැඩි උතුරේ ජනතාවක් ප‍්‍රාණ ඇපකාරයෝ බවට පත් කරගෙන එල්. ටී. ටී. ඊය කටයුතු කළ ආකාරය උතුරේ ජනතාවට මතක් කර දෙන්න  ඕනෑ. අද උතුරේ මහජන නියෝජිතයෝ නිදහසේ පාරේ යන්නේ එන්නේ, දේශපාලනය කරන්නේ පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන්නෙ ජනතාව සිවිල් අයිතීන් භුක්ති විදින්නේ අපේ ත‍්‍රිවිධ හමුදාවේ, පොලිසියේ රණ විරුවෝ නිසා. උතුරේ ජනතාවට නිදහස ලැබුණේ අපේ වීරයන් නිසා. අද උතුරේ නැගෙනහිර ජනතාවගේ දුව, පුතා යුද්දෙට ඇදන් යාමේ තර්ජනයෙන් මිදිලා පාසල් යන්නේ අපේ විරුවන් නිසා. ඒ නිසා මේ විරුවන් සහ  මේ විජයග‍්‍රහණය සැමරීම කාගෙවත් හිත රිදීමක් වෙන්නේ නැහැ. ඒ වගේම නිරායුද අවිහිංසක සිවිල් පුරවැසියෝ දසදහස් සංඛ්‍යාත පිරිසක් දේශයේ නිදහස වෙනුවෙන් තමන්ගෙ ජීවිත දන් දුන් බව, දෑත් දෙපා අහිමි කර ගත් බව අපි නිදහස සමරන හැම වෙලාවෙම ගෞරවයෙන් සිහිපත් කළ යුතු යි.

‘විජයග‍්‍රහණය අමතක කරවන්න රටට ද්‍රෝහී අයට  ඕනෑකර තිබෙනවා’

මිත‍්‍රවරුනි,

අපේ දරුවෝ දහස් ගණනක් ජීවිත දීලා ලබා ගත්ත මේ විජයග‍්‍රහණය ජාතියට අමතක කරවන්න රටට ද්‍රෝහී උදවියට  ඕනෑ කරලා තියෙනවා. මතක තියා ගන්න අවසාන සටනේදී බෙදුම්වාදීන්ගේ කොඩිය බිම හෙළන්න විතරක් මේ රටේ දරුවෝ දහස් ගණනක් ජීවිත දුන්නා. තවත් දහස් ගණනක් ආබාධිත වුණා. එහෙම පරිත්‍යාගයක් කරලා ඊළාම් කොඩිය බිම දාලා, ජාතික ධජය මුළු දැයේම එසෙව්වා. ඒ අය  ජීවිත දුන්නේ මේ රටේ යළිත් බෙදුම්වාදී කොඩිය උස්සනවා දකින්න නොවෙයි. ඒ වීර දු පුතුන්ව අමතක කරන්න මේ තරම් ඉක්මනට පුළුවන් වීම ගැන මේ ආණ්ඩුව ලැජ්ජා වෙන්න  ඕනෑ.

මේ ඓතිහාසික ජාතියේ විජයග‍්‍රහණය සැමරීම වළක්වන්න කටයුතු  කළ අයට මම මෙහෙම කියන්න  ඕනෑ.  ඕනේ නම් මගෙන් පළිගන්න, මාව විවේචනය කරලා  අවලාද කරලා තවත් මදිනම් හිරෙත් යවන්න. හැබැයි මාත් එක්ක තියෙන වෛරය නිසා අපි රටට දිනා දුන් දේ රටට අහිමි කරන්න එපා. අපේ රටේ වීර දූ පුතුන් ජීවිත පරිත්‍යාග කරලා දිනා ගත්ත උරුමය උදුරා ගෙන පාගා දාන්න එපා. අපි හිරේ දැම්මත් ජීවිත උදුරා ගත්තත් ඒකට ඉඩ දෙන්න එපා. ආණ්ඩුවත්, ප‍්‍රතිගාමී රටට ද්‍රෝහී බලවේගත් මොනවා කළත් ඔබගේ නිදහස වෙනුවෙන් ජීවිත දුන්න අපේ දරුවන් වෙනුවෙන් පහනක් පත්තු කරන්න. ආණ්ඩුව කියනතුරු ඉන්නේ නැතිව මේ වීරයින් පිරිසත් සිහිපත් වෙන්න අපේ ජාතික ධජය හැම නිවසකම ඔසවන්න.

මම මේ රටේ ආදරණිය දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ දුවේ පුතේ ඔබේ මාතෘ භූමිය රැක ගන්න. අපිට පළමුවත් දෙවනුවත් තෙවනුවත් වටින්නේ මවුබිමයි. ඔබටත් එය එසේ විය යුතුයි.’’

මහා සංඝරත්නය ඇතුළු සර්වාගමික පූජකවරු, මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල ඇතුළු පක්‍ෂ නායකයෝ පිරිසක් වේදිකාවේ අසුන් ගෙන සිටි අතර විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, කලාකරුවෝ, විද්වත්හු මෙන්ම හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු විජයග‍්‍රහණයට දායක වුණු රණවිරුවෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී රැස්ව සිටි සියලූ දෙනා පහන් වැටි දල්වා විජයග‍්‍රහණය සුරැකීමේ ප‍්‍රතිඥාවක් ද ලබාදුන්හ.

– අනුරුද්ධ බණ්ඩාර

11 Responses to “Mahinda reveals his secret behind the war victory”

  1. Lorenzo Says:

    It would have been better had the govt. given a sufficient salary increase to soldiers for winning the war than wasting that money on TNA voters.

  2. helaya Says:

    Happy to see so many patriotic people gathered for this important event. Dear President, make a new part and you can make a comeback.

  3. Susantha Wijesinghe Says:

    THERUWAN SARANAY. BUDDHU SARANAY.

  4. Fran Diaz Says:

    Dear President Mahinda Rajapakse – Live Long & Prosper !
    May the Triple Gem Bless You and all those who made Victory possible over Terrorism & Despair, for ALL the People of Lanka.

  5. Dilrook Says:

    President Mahinda Rajapaksa, Gotabaya Rajapaksa and Sarath Fonseka’s single-mindedness in winning the war must be appreciated by all. Military, economic, political and international challenges they faced were enormous. They overcame each of them to the surprise of socalled experts. The conviction that the problem the nation faced had a military solution (and a military solution alone) is at the heart of success. Scores of articles have been written about the epic war victory which even much larger armies failed and keep failing despite causing enormous collateral damage.

  6. ranjit Says:

    Dear President you are not alone in this fight just remember that.Millions are following you till we get our freedom back. This mindless,gutless,shameless Sira/Ranil/Choura clan is dangerous to the sovereignty of the nation. They changed the name “Victory Day” and allowed terrorists to commemorate their dead who were mostly terrorists. Sinhalese should not tolerate these unpatriotic happenings in the land we got freed from ruthless barbarian Prabakaran.

    People must rally round MR and start organizing mass protests all over the country against this illegal Govt of UNP and their henchmen. This is all the work of Indian Parasites and the west. We should not allow them to break our country or to dictate to us. Present Govt do not have any authority at all to change laws or do anything because they came to power by force being the minority in the Parliament. Opposition must not support this Govt for anything from now on. With their majority they must somehow try to force them to resign and go home. Our stupid Sinhalese shouldn’t vote them to power again. Think of the country first and who is the strong leader we have today and decide.

  7. nilwala Says:

    TERRIFIC INSPIRING SPEECH, MR. PRESIDENT !! – AND ON THIS SPECIAL DAY OF UNIQUE VICTORY OVER TERRORISM. THIS NATION STILL LOOKS TO YOU, EVEN AS OTHERS ATTEMPT TO DENIGRATE THE AWE INSPIRING ACTIONS OF YOUR DEFENSE FORCES AND YOUR LEADERSHIP THAT MADE THE DAY POSSIBLE, WHICH WILL NEVER BE FORGOTTEN IN THE ANNALS OF OUR HISTORY FOR WHAT IT HAS FREED THIS NATION FROM….AN ENEMY THAT WAS DECLARED UNDEFEATABLE, AND BELIEVED TO BE SO BY THE ELECTED LEADERS BEFORE YOU, AND BY THOSE WHO NOW ATTEMPT TO DOWNGRADE YOUR VICTORY.

    CLEARLY, THIS NATION STILL NEEDS YOUR LEADERSHIP FOR IT TO MOVE FORWARD AS A TERRITORIALLY UNDIVIDED BEAUTIFUL ISLAND IN WHICH ALL ITS PEOPLE PEOPLE CAN MOVE FROM SOUTH TO NORTH WITHOUT FEAR AND IN FREEDOM.

    MAY YOU RETURN TO LEAD IT IS THE PRAYER OF ALL WHO LIVED THROUGH THE 3 DECADES OF FEAR AND TERROR AND SURVIVED INTO THE LIGHT OF PEACE AND SOCIOECONOMIC DEVELOPMENT THAT HAD ELUDED US THROUGH THE CYCLES OF SUFFERING, AND NOW ONCE AGAIN THREATENS WITH UNCERTAINTY, INJUSTICE AND INSTABILITY IN A WORLD THAT SEEMS TO BE INCREASINGLY AT WAR WITHOUT END.

    MAY THE LIGHT OF THE TRIPLE GEM GUIDE YOU AND RETURN YOU TO LEAD THIS NATION ONCE MORE INTO A FUTURE OF PROSPERITY AND TRUE COMPASSION THAT IS ITS HISTORIC CIVILISATIONAL HERITAGE.

    THERUWAN SARANAI ….BUDU SARANAI …..

  8. Ben Silva Says:

    We need fearless leaders with a vision to bring Lanka to be par with the developed world. Best wishes to MR and hope to see him in power.

  9. SA Kumar Says:

    Mahinda reveals his secret behind the war victory- All our war ! against which country ? Our war marcel SF know the answer !

  10. Fran Diaz Says:

    The WAR was against TERRORISM and against the DIVISION OF THE COUNTRY.

    There are vested interests waiting to use the opportunity for personal gains using dumbos like RW/CBK/Sirisena plus using Ignorant parts of the Voting Public.

  11. SA Kumar Says:

    in which country gave Marcel to fight against TERRORISM ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress