“සීමා නිර්ණයට මාස දෙකක් ඇති”
Posted on May 26th, 2015

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

“මැතිවරණ ක්‍රමය සංශෝධනය කළොත් සීමා නිර්ණයට මාස දෙකක් ඇති” – ඉඩම් අමාත්‍යංශයේ හිටපු ලේකම් අශෝක පීරිස් මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූ පසුව සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවේ කටයුතු අවසන් කිරීමට මාස දෙකක් ප්‍රමාණවත් බව ඉඩම් අමාත්‍යංශයේ හිටපු ලේකම් අශෝක පීරිස් මහතා කියයි.

මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අද (26) කොළඹ පදනම් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අශෝක පීරිස් මහතා මෙහි දී පවැසීය. කැෆේ සංවිධානය විසින් කැඳවා තිබු මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කරුණු දැක්වු අශෝක පිරීස් මහතා සඳහන් කලේ තාක්ෂණය එතරම් දියුණු නැති 1947 වසරේ පවා සීමා නිර්ණය සඳහා වැය වුයේ දින 96 ක් බව යි. ‘එදා සීමා නිර්ණය කටයුතු කළේ පා ගමනින් ගිහින්.

අද තාක්ෂණය කොතරම් දියුණු ද? සැබෑ උවමනාවක් තිබේනම් මාස දෙකකටත් අඩු කාලයකින් සීමා නිර්ණය අවසන් කළ හැකියි.” මේ වනවිට මිනුම්පති දෙපාර්තමේන්තුව සතුව 1ට දස දහසේ පරිමාවේ සිතියම් තිබෙනවා.

නාගරික ප්‍ර දේශවල එකට දහසේ අනුපාතයට සැකසූ සිතියම් තිබෙනවා. මැතිවරණ දෙපාර්තමේන්තුවේ වසර 14 ක් සේවය කළ අයෙකු ලෙසත්, ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ලෙසත් මට වගකීමෙන් කියන්නට පුඵවන් මෙම කටයුත්ත මාස දෙකකටත් අඩු කාළයකින් නිම කළ හැකි බව.

මෙම මාධ්‍ය හමුවට එක් වු කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දුන්නේ අයහපත් මහ මැතිවරණයක පෙරනිමිති දැන් පටන්මත් මහපාරේ, ලයිට් කණු, තාප්ප බිත්ති පුරා දකින්නට ඇති බවයි. තව මාස තුනකින්, හතරකින් පැවැත්වෙනවා කියන මැතිවරණයකට දැනටම පෝස්ටර් අලවා අවසන්. දැනටමත් කටවුට් ගසා අවසන්. ජනතාව බලාපොරොත්තු වුනේ මේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය අවසන් කිරීමයි.

මේ පෝස්ටර් දකින් මිනිසුන් කියන්නේ කුමක්ද? මේ මැතිවරණ ක්‍රමය පවත්වා ගැනීමට උත්සහ දරන්නේ කවුද කියන එක පැහැදිලියි. නව මැතිවරණ ක්‍රමය පිළිබඳව ජනතා බලාපොරොත්තු ආපසු හැරවීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් දේශපාලන පක්ෂවලට නෑ. මෙම මාධ්‍ය හමුව සඳහා ප්‍රවින කලාකරුවන් වන ධර්මසේන පතිරාජ, බුද්ධදාස ගලප්පත්ති, වෘත්තිකයින් වන නීතිඥ ජයන්ත දොලවත්ත,අශෝක පීරිස්, අශෝක අභයගුණවර්ධන යන මහත්වරු එක්ව සිටියහ.

 

 

One Response to ““සීමා නිර්ණයට මාස දෙකක් ඇති””

  1. Christie Says:

    Why the hell do we need new electorates when Presidential election was held under the old one. Let us hold the Parliamentary elections under the same boundaries and electorates. This is another racket from the Indian Empire.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress