මහින්ද ශ්‍රී ල නි ප නායකත්වයට 
Posted on June 28th, 2015

නලින් ද සිල්වා

ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි ප සභාපතිත්වය අත්හැරියේ ය. එයට හේතු ගණනාවක් තිබිණි. ශ්‍රී ල නි ප උඩින් දෙකඩ වී තිබිණි. පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් එ ජා ප සමග සන්ධානයකට සූදානම් වූහ. මෛත්‍රිපාල සිරිසේන පක්‍ෂ ලේකම් ධුරය අත්හැර වෙනත් පක්‍ෂයකින් තරග කර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ල නි ප ප්‍රධාන සංධානයේ අපේක්‍ෂකයා පරදවා තිබිණි. ශ්‍රී ල න ි ප පාර්ලිමේන්තු කණ්ඩායමේ මහින්දට වඩා මෛත්‍රිපාලට කැමැත්තක් විය. වෙනත් වචනවලින් කිවහොත් පාර්ලිමේන්තුවේ මෛත්‍රිපාල කණ්ඩායම මහින්ද කණ්ඩායමට වඩා බලවත් විය.

බොහෝ දෙනා සිතා සිටියේ මෛත්‍රිපාල කණ්ඩායම තව තවත් බලවත් වේය කියා ය. එහෙත් සිදුවූයේ අනෙකකි. ජනතාව මහින්ද රාජපක්‍ෂ වටා එක් රොක් වූහ. නුගේගොඩ රැස්වීමෙන් පසු මහින්ද කණ්ඩායම  බලවත් වීම ඇරඹිණි. අඩු තරමෙන් ඒ ප්‍රදර්ශනය වීමට පටන් ගත්තේ නුගේගොඩ රැස්වීමෙන් පසුව ය. අද වන විට මහින්ද කණ්ඩායම පාර්ලිමේන්තුවේ මෛත්‍රිපාල කණ්ඩායමට වඩා බලවත් ය. 

පාර්ලිමේන්තුවෙන් පිටත එදත් මහින්ද බලවත් විය. මෛත්‍රිපාලට ඡන්ද ලක්‍ෂ හතරක් පමණ මහින්දට වැඩියෙන් ලැබුණු බව සැබෑ ය. එහෙත් ඒ ඡන්ද ලක්‍ෂ හතරට ජ වි පෙරමුණේ ඡන්ද ලක්‍ෂ තුනක් පමණ ජාතික හෙළ උරුමයේ ඡන්ද ලක්‍ෂයක්  පමණ ඇතුළත් විය. එපමණක් නොව මුස්ලිම් ඡන්ද හා දෙමළ ඡන්ද ද ලැබුණේ මෛත්‍රිපාලට ය. පැහැදිලිව ම සාම්ප්‍රදායික ශ්‍රී ල නි ප ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් ලැබී තිබුණේ මහින්දට ය. 

අද පාර්ලිමේන්තුවේ මෙන් ම පිටත ද ශී්‍ර ල නි පාක්‍ෂිකයන්ගේ කැමැත්ත ගතහොත් මහින්ද බලවත් ය. සන්ධානය ලෙස ගතහොත් ඒ තවත් මහින්දට පක්‍ෂපාති වෙයි.  ජනවාරි 8 වැනි දා තිබූ තත්ත්වය අද වෙනස් වී ඇත. ඒ වෙනස් වී ඇති තත්ත්වයට අනුව අද මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි පක්‍ෂයේ මෙන් ම සංධානයේ ද නායකත්වයට (සභාපතිත්වයට) පත්කර ගත යුතු ය.  

මහින්ද කිසි දවසක ශ්‍රී ල නි ප හැරගියේ නැත. වෙනත් පක්‍ෂයකින් හෝ සංධානයකින් හෝ තරග කර නැත. අදත් ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයෙකි. ඔහු ශ්‍රී ල නි ප සභාපති බවට පත්කර ගැනීමට බාධාවක් තිබිය යුතු නො වේ. එමෙන් ම ඔහු සංධානයේ ද නායකයා ලෙස පත්කර ගත හැකි ය. ඒ සඳහා ක්‍රමවේදය සකස් කිරීම ශ්‍රී ල නි පක්‍ෂයේ සෙසු නායකයන්ට භාර වෙයි. 

මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයේ ද එක්සත් ජනතා නිදහස් සංධානයේ ද නායකයා වීම එළඹෙන මැතිවරණයේ දී ශ්‍රී ල න ි පක්‍ෂයට මෙන් ම සංධානයට ද වාසියක් වනු ඇත.  විවිධ හේතු නිසා ජනවාරි 8 වැනි දා මහින්ද ශ්‍රි ල නි ප සභාපතිත්ත්වය අත්හැර දැමී ය. අද ඒ හේතු වෙනස් වී ඇත. මහින්දට ශ්‍රී ල න ි ප අවශ්‍ය වනවාට වඩා අද ශ්‍රී ල නි පක්‍ෂයට මහින්ද අවශ්‍ය වෙයි. වහාම ශ්‍රී ල නි ප නායකත්වයට හා සංධාන නායකත්වයට මහින්ද රාජපක්‍ෂ පත්කර ගත යුතු ය.

නලින් ද සිල්වා

2015 ජූනි 27

3 Responses to “මහින්ද ශ්‍රී ල නි ප නායකත්වයට ”

  1. Christie Says:

    ඉන්දියානු අදිරදයෝ 2005දී රනිල් පරදා මහින්දව දිනුව්වේ බන්ඩාරනායකලා, ජේආර්ලා මෙන් රූකඩයෙකු කලහැකියයි සිතාය. නමුත් ඉන්දියානු ජඩයින්ට සිතූ දේ වැරදුනේය. 2010 උන් සරත් ෆොන්සේකා ගෙනාවේය. 2015 දී උන් සින්හල චන්ද කඩාදමා ඉන්දියානු පරපෝසිතයින්ගේ චන්දයෙන් සිරිසේන රූකඩය ගත්තේය. 2005දී ඉන්දියානු පරපෝසිතයෝ චන්දය දීමෙන් වැලකුනහ. මේවර ඉන්දියානු ජඩයෝ මොනවා කරත්දැයි සිතා ගැනීමට අමාරුය. ගියවර සින්හල කිතුනු හා මුස්ලිම් චන්ද නැතිකල අය මේවර බොදු සින්හල චන්ද තව තවත් කොටස්වලට කඩාඩැමීමට පින්ඩපාතයේ යයිද?

  2. Kumari Says:

    It is high time we vote for candidates who has the strength of character to love and protect the country. We need to be realistic and not get carried away with the unsubstantiated media circus.

  3. ranjit Says:

    I wholeheartedly agree with Professor Nalin for his remark” Mahinda should be given the leadership role on both fronts S.L.F.P. and it’s coalition”. This should be the way if they need to win this election. MR never asked for anything after his defeat,but left Colombo like a Gentleman after handing over everything but the people in this country who loves him dearly didn’t allow him to stay put but dragged him back to the political stage to strengthen the S.L.F.P. party. If Sira do not give him nomination all S.L.F.Per’s must leave him and join MR to win this election and serve the people again. He must take over if not Sinhala race will be in danger due to unnecessary interference of so called International community and Indian parasites on Sri Lankan affairs. Let’s be united and support Mahinda to send all these traitors in the UNP home. Unite we stand, divide we fall.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress