පරාජිතයින් ජාතික ලැයිස්තුවෙන් යැවීම සදාචාරාත්මක නොවේ!
Posted on August 23rd, 2015

මාධ්‍ය ඒකකය කැෆේ සංවිධානය

මහ මැතිවරණයෙන් පාරාජිත  පුද්ගලයින් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පස්ස දොරෙන් රිංගවීම සදාචාරාත්මක නොවන ක්‍රියාවක් බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.එහි විධායක අධ්‍යක්ෂ  කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කලේ මෙලෙස පරාජිත අපේක්ෂකයින්  ඡාතික ලැයිස්තුවට ඇතුළත් කිරීම මැතිවරණ පනතට අනුව සිදුවන්නක් බවයි. 

එබැවින් මෙහි කිසිදු නීති විරෝධි තත්වයක් දක්නට නොමැති බව තෙන්නකෝන් මහතා කියයි. නීත්‍යානුකූල වුව ද එය සදාචාරාත්මක වශයෙන් පිළිගත නොහැකි ක්‍රියාවක් බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දී තිබේ.මෙලෙස සදාචාරාත්මක නොවන ක්‍රියා වලට ජනතා විරෝධය මතුවිය යුතු  බවත්  එම විරෝධය ඔස්සේ මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සිදු කර මෙවැනි සදාචාර විරෝධි ක්‍රියා වළක්වාලීම දක්වා රට මෙහෙයවිය යුතු බවද තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. (හඬ පටය අමුණා ඇත )

එක්සත් ජනතා නිදහස් සන්දානය පරාජිතයින් 7 දෙනෙක් තම ජාතික ලැයිස්තුවට එක් කර ඇති අතර,ද්‍රවිඩ ජාතික සන්ධානය පරාජිතයින් දෙදෙනෙක් සහ ජවිපෙ සහ එජාප පරාජිතයින් එක් පුද්ගලයින් බැගින් ජාතික ලැයිස්තුවට එක් කර ඇත.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

2015 අගෝස්තු 23

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress