නරින්ට කුකුල් කොටුව දීම හෙවත් සිරිසෙනලාගේ – විජේසූරියලාගේ ශ්‍රීලනිප සැමරුම..
Posted on September 2nd, 2015

යටියන ප්‍රදීප් කුමාර  යුතුකම සංවාද කවය

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වන සම්මේලනයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ මහාචාර්‍ය සරත් විජේසූරිය මහතාය.

සාමාන්‍යයෙන් නම් පක්ෂ සම්මේලනයක පක්ෂය පිළිබඳ දේශනයක් පවත්වන්නේ ඒ පක්ෂයට අව්‍යාජව හිතැති විද්වතෙකු විසිනි. එසේත් නැත්නම් ආධානාග්‍රාහී නොවන සාපේක්ෂව හෝ ස්වාධීන බුද්ධිමතෙකු විසිනි.
ශ්‍රීලනිපය ඉතාමත් අසීරු අවධියක පසු වූ 80 දශකයේ අග භාගයේ මහින්ද රාජපක්ෂ  මහතා විසින් නිදහස් පක්ෂ සමරු දේශයනට ආචාර්‍ය නලින්ද සිල්වා මහතාට ආරාධනා කරන්නේ ඒ පළමු පදනමිනි. එදා එතුමා විසින් පළකළ 56 දරුවන් පිලිබඳ කතාව අදද ශ්‍රීලනිපයේ මුල හඳුනාගැනීමට අත්පොත් සපයන්නකි.

සරත් විජේසූරිය වැන්නන් පසුගිය කාලය පුරාම නියෝජනය කලේ කුමන පාර්ශවයද පිළිබඳ තව දුරටත් කිසිවෙකුටත් රහසක් නොවේ. ශ්‍රීලනිප ය පරාජය කර යූඇන්පී ආණ්ඩුවක් ඇටවීමේ ව්‍යාපෘතියේ ‘මහාචාර්‍ය භීමිකාව’ සැපයූ විකල්ප ගෝත්‍රයේ කැපී පෙනෙන භූමිකාවක් විජේසූරිය මහතලා විසින් ඉටු කෙරිණ. මෙගා බොරු වලින් දෑස් අඳ කළ මධ්‍යම පාන්තික අලුත් පරපුරට අවැසි ඊනියා උගත් වියත් භූමිකාවට සරත් විජේසූරියලා විසින් පණ දුන්නේ ශ්‍රීලනිපය සී සී කඩ කඩා විනාශ කර දමමිනි. විජේසූරියලා එතෙක් ව්‍යාජව පෙනී සිටි ස්වාධීනත්වයේ විළි වසාගත් අවසාන රෙදි කඩද උනා දමා නග්නව එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාත්මක විය. එහෙව් විජේසූරියලා අද ශ්‍රීලනිපය සුරැකීමට උපදෙස් දීම නරියාට කුකුල් කොටුව බාර දීමට වඩා භයානක සෙල්ලමකි.

මෙය ඕනෑම අයෙකුට ඕනෑම පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතිය පිලිබඳ ගැටුමක් නොවේ. ගැටලුව ඇත්තේ එලෙස ශ්‍රීලනිප ය වලපල්ලට යැවීමට සිය ධනය , සමාජ බලය ,වෙහෙස යෙදවූවකු තමන් විරුද්ධව ක්‍රියාත්මක වූ පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් වැදි බණ දෙසන්නට පැමිණීම සහ වැදි බණ දෙසන්නට තෝරාගැනීමයි.

එක අතකින් පුදුම විය යුතුද නැත.
තම පක්ෂය පරාජය කර විපක්ෂය සමග එක්ව ජනාධිපති පුටුවේ වාඩිවූ ජනාධිපතිවරයෙක් ඉන්නා කලෙක,
ඒ තමන්ට එරෙහිව චන්දය දුන් ජනතාවගේ පක්ෂයේ නායකත්වය බලහත්කාරයෙන් අත්පත් කරගත් සභාපතිවරුන් ඉන්නා කලෙක,
තම පක්ෂයේ අගමැතිධූර අපේක්ෂකයා පරාජය කරන්නට නින්දාසහගත භූමිකාවකට පණ දුන් පක්ෂ නායකයකු ඉන්නා කලෙක,
තමන් පරාජය කළ පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තුව කොල්ලකා තමන්ගේ බල ව්‍යාපෘතියට අනුගතවන පරාජිත අපේක්ෂකයන් අභිෂේකගැන්වූ පක්ෂ නායකයකු ඉන්නා කලෙක,
විපක්ෂය සමග එක්ව ශ්‍රීලනිප පරාජය කරන්නට යටිකූට්ටු ගේම් ගැසූවන් ‘ශ්‍රීලනිප ය සුරැකීමේ’ පතාක යෝධයින් වී ඇති කලෙක,
ශ්‍රීලනිපයේ අවසානය අපේක්ෂාකරන්නන් ශ්‍රීලනිපයේ සමරු දේශනය ලැබීම පුදුම වන්නට දෙයකුත් නොවේ.

මුළුමහත් සමාජයම මේ විකෘතියට , මේ ව්‍යාජයට හසුවී හමාරය.
මේ ලබුත් තිත්ත අපූරු අබුද්ධස්ස යුගයක්මැයි…

මහමැතිවරණයට පෙර සරත් විජේසූරියලාගේ භූමිකාව සම්බන්ධව යුතුකම වෙබ් අවකාශයේ පළ වූ ලිපියක්…
“වෙනස සැපද? සරත් විජේසූරියට සැපයිලු” -සරත් විජේසූරිය මහතාට පිළිතුරක් 

 
-යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

8 Responses to “නරින්ට කුකුල් කොටුව දීම හෙවත් සිරිසෙනලාගේ – විජේසූරියලාගේ ශ්‍රීලනිප සැමරුම..”

  1. Hiranthe Says:

    This selfish Sarath Wijesuriya seems to be in the RAW pay roll or otherwise funded by LieTTE die-ass-pora.

    They are looking for demolishing Mother Lanka…

    My3 is not a fool. His aim is to destroy SLFP and to de-moralize true sons of Mother Lanka within SLFP so they will have no place to go.

    I think MR should form a good national party leaving SLFP to these bastards… and promise abolishing 13A and disclose a good plan to distribute power to smaller units similar to Grama Sabha.. Now SLFP is becoming a carbon copy of UNP without any love to Mother Lanka.

  2. Karu Suriyabandara Says:

    I am at a total lost to understand president Mahinda Rajapaksha. Why he stil hanging in with SLFP? It’s not sacred as some people think. What stops he making a new front to fill the vacum created by SLFP shifting allegiance towards imperialists. Why Mahinda not distancing from back stabing MS RW gang.

  3. ranjit Says:

    It’s a shame to be in a party like this with real traitors like Sira,Choura,this Jayasooriya guy etc.They all worked to defeat Mahinda in the last election so it’s high time Mahinda leave these bunch of traitors and join with the fearsome four Wimal,Dinesh,Wasu and Gammampila. They all won by big majorities in the last election and that means they have the backing of millions in this country. S.L.F.P. is a Achcharu party same like UNP so better leave it while the going is good for Mahinda group. Millions of citizens still prefer Mahinda as the leader of this country. When he was the President the country was so peaceful and development was thriving. Sira is a traitor from the beginning.He shouldn’t be in the S.L.F.P. in the first place as he left it after eating hoppers with the President Mahinda in January 2015. People must force Mahinda to leave S.L.F.P. and form a new party where he can work freely with real supporters of him. Sira and Choura will never give him a chance to work freely.They are all waiting for his scalp. Leave them all and come back alone and we will support you to the end dear Mahinda our great hero.

  4. Lorenzo Says:

    Good strategic thinking Hiranthe.

    That is exactly Maru Sira’s plan. STUFF UP SL big time with the help of the UriNePee. Then the Singhala people will have NO CHOICE than to vote for his SLFP. They will be SO DESPERATE that they will NOT experiment with a new party.

    This is what CBK did from 1994 to 1999. But people had NO CHOICE than to vote for her. Otherwise RUN-NIL would win!!

    But I don’t advise MR should form a new party. Then the BLUE CAMP will be DIVIDED giving an easy win to UNP.

    On SLFP’s 64th birthday yesterday in SL, MR and Maru Sira were on the SAME STAGE next to each other HAPPILY CHATTING in Polonnaruwa. CBK is again in the UK – 3 rd time in 3 months. For medical treatment.

    MR has NO intention of leaving the SLFP. Don’t forget MR is MORE experienced than Maru Sira. He KNOWS what is good.

    CBK and Maru Sira desperately trying to chase MR away from the SLFP. MR is not going. MR should stay and takeover the party.

    MR should somehow TAKEOVER the SLFP. He should help SAJITH takeover the UriNePee, help SOMAWANSA takeover the JVP and KP takeover the TNA.

  5. Hiranthe Says:

    Lorenzo,

    You are right.. Forming a new party won’t be easy.. Take over the SLFP is the best strategy and chase away the likes of SB and reform to be more nationalistic. If KP takes over TNA no more separatism cry.. good thinking.. but can that happen? difficult question…no one knows how he thinks now… But I like the idea..

  6. Asanga Says:

    …In other news, Sampanthan has just been confirmed the leader of the Opposition. Hail hail, Yahapalana Rock and Roll

  7. Independent Says:

    I too have the same question as Karu Suriyabandara. Why did they became a formidable opposition as a independent group , like what I am doing in this forum ? They cannot blame anyone for TNA getting opposition leader post. JVP pointed this out before the election. They were hoping to be the opposition. Nevertheless there was the opportunity to thrash UNP+SLFP government and now it is lost. What is the point handing a “pethsama” to President ?

  8. ranjit Says:

    Lorenzo’s idea is good.”MR taking over S.L.F.P. Sajith UNP etc. Sometimes Lorenzo too have some good ideas although some question him about his stand on current politics in Sri Lanka. I of course hate both parties now after this rigged election and the new set up. I will never vote either of the parties hereafter. My vote will be for a person who will stand on behalf of Sinhala Buddhists and for the United Sinhala land Sri Lanka. Sinhalese do not have any place to call home except this beautiful land called Sri Lanka so we have to fight to save it from all reactionary forces which are trying to destroy it. May Triple Gem be upon this blessed land.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress