මෝටර් රථයක් ගන්න හිටපු අයට යහපාලනය උදා වුණ අයුරු.
Posted on September 10th, 2015

උපුටාගැණීම www.mahinda.info

[1]. මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා 2014 අවසානයේදී ඉදිරිපත් කළ 2015 අයවැය මගින් මෝටර් රථවල රේගු බදු සියයට 20% – 25% අතර ප්‍රමාණයකින් සහ වෑන් රථ සඳහා රේගු බදු සියයට 25% – 65% අතර ප්‍රමාණයකින් අඩු කෙරුණි.

1000 CC ට අඩු කුඩා මෝටර් රථ ආනයනයේදී තිබූ 202% ක් වන බදු 173% දක්වා අඩුකොට තිබේ. (29% ක අඩු වීමක්). භාණ්ඩ ප්‍රවාහනය කරන වෑන් රථවල 175% කට තිබූ බද්ද 100% දක්වාත් ආසන 13 ත් 20 අතර තිබෙන වෑන් රථවල ආනයන බදු 126%ක සිට 100% දක්වාත් අඩුකොට තිබේ. (2014/10/25 NethFM.com)

හයි. එස් වර්ගයේ වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 12 කින් පමණ පහත යාමට නියමිත විය. (2014/10/27 vfmradio.lk)

[2]. එවැනි සහනදායී අයවැය ප්‍රතිපත්තියක් ඇති කරලත් එජාපයෙන් මඩ දැන්වීම් දැම්මේ පොඩි කාර් එකක් ගන්න එජාපයට ඡන්දය දෙන්න” කියලයි.

පංචවිධ ක්‍රියාවලියෙන් කාර් එකක් ගන්න ලැබුණ හැටි බලමු. මුලින්ම අතුරු අයවැය.

 

[3]. අතුරු අයවැයක් (Interim Budget) යනු කළින් ඉදිරිපත් කළ අයවැයක් වෙනසක් සිදු කිරීමට අවශ්‍ය වූ විටෙක ඉදිරිපත් කරන අයවැයකි. බොහෝ විට දේශපාලන පක්ෂ වෙනසකදී පෙර අයවැය සංශෝධනය කිරීමට අතුරු අයවැයක් ඉදිරිපත් කෙරේ. පෙර අයවැයේ ප්‍රතිපාදන වලට වෙනස් ප්‍රතිපාදන අතුරු අයවැයේ ඇතිනම්, පෙර අයවැයේ අදාල ප්‍රතිපාදනය අවලංගු වෙයි.

 

[4]. එජාප යහපාලන ආණ්ඩුව බලයට ආ විගසම ගෙන ආ අතුරු අයවැයෙන් 1000CC ට වඩා අඩු මෝටර් රථ සඳහා අය කළ ආනයන බදු 15% කින් අඩු කළ බව පැවසුවේය. (2015/01/29 biz.adaderana.lk)

එය අතුරු අයවැයක් බැවින් ඊට අදාල මහින්ද රාජපක්ෂ මහතාගේ අයවැය යෝජනාව ඉබේම අහෝසි විය යුතුය.

එසේනම් මහින්ද රාජපක්ෂ මහතාගේ අයවැයෙන් 1000 CC ට අඩු වාහන බද්ද 29% කින් අඩු කළ අතර, එජාප අයවැයෙන් අඩු කළේ  15% ක් බැවින් ඇත්තටම සිදුවී ඇත්තේ එජාපයෙන් බදු 14% කින් වැඩි කිරීමයි. (වැටුප් වලට සිදු කළේත් මෙවැනිම දෙයකි)

 

[5]. මෙතෙක්‌ 57.5% ක්‌වූ පරිසර හිතකාමී හයිබ්‍රිඩ් වාහන බදු එජාප අතුරු අයවැයෙන් 92% දක්වා ඉහළ දැමුණි. නව බදු ක්‍රම නිසා හයිබ්‍රිඩ් වාහනයක්‌ අඩුම තරමින් රුපියල් ලක්‌ෂ අටත් දහයත් අතර මුදලකින් ඉහළ යන අතර ඇතැම් වාහන ඊටත් වඩා විශාල මුදලකින් ඉහළ යයි. (2015/02/08 divaina.com). හයිබ්‍රිඩ් වාහනයක් මිලට ගන්න මුදල් එකතු කරමින් සිටි මධ්‍යම පාන්තිකයාට එය සිහිනයක් බවට පත් වුණි.

 

[6]. එජාප අතුරු අයවැයෙන්, මෙරටට වාහන ආනයන කරන සියළුම සමාගම් වලින් වාර්ෂිකව රුපියල් මිලියන 1.5 ක ගාස්තුවක් අය කෙරුණි. (2015/01/29 biz.adaderana.lk) එමගින්ද සිදුවූයේ සියලුම වාහන මිල ඉහළ යාමයි.

 

[7]. ලොව හැමතැනම අන්තර් ජාලය හරහා වාහන ගෙන්වීමට හැකි ක්‍රමයක්‌ තිබේ. නව අයවැය ප්‍රතිපත්තියත් සමඟ එය මින් ඉදිරියට කළ නොහැකි වනු ඇත. රුපියල් ලක්‌ෂ පහළොවක ලයිසන් එකක්‌ ලබාගෙන කිසිවකුත් තමන්ගේ පාවිච්චියට වාහන ගෙනෙන්නේ නැත. පෞද්ගලිකව වාහන ගෙන්වීම නතර වූ පසු මෙරට සමාගම් හිතූහිතූ පරිදි ඉහළ මිලගණන් වලට වාහන විකිණීම වැළැක්‌විය නොහැක. (2015/02/08 divaina.com)

 

[8]. 2013/14 බදු වර්ෂය තුළ රු.මිලියන 2,000 කට අධික ලාභයක් උපයන ලද සමාගම් වලට එරෙහිව තම ලාභයෙන් සියයට 25 ක් සුපිරි වාසි බද්ද ලෙස ගෙවීමට සිදුවෙයි. (2015/01/31 asianmirror.lk) එජාප හිතවාදී එම වෙබ් අඩවියෙන්ම සුපිරි සමාගම් දෙදරයි” ලෙස දක්වා ඇති අතර, කොළඹ කොටස් වෙළඳපොළ කඩා වැටීමට හේතු වූයේත් එම බද්දයි. වාහන ආනයනකරුවන්ටත් සුපිරි වාසි බද්ද බලපාන අතර එමගින් අවසානයේදී බදු බර වාහන මිලට එකතු වෙයි.

 

ඉහත දැක්වූ අතුරු අයවැයේ බලපෑමට අමතරව රුපියල පාකිරීමේ බලපෑම මගිනුත් වාහන මිල වැඩි වෙන්නේ මෙලෙසයි.

[8]. මහ බැංකුව විසින් අවශ්‍ය අවස්ථාවකදී හැර විදේශ විනිමය වෙළඳ පොළට කරන මැදිහත්වීම පසුගිය සිකුරාදා සිට නතර කර තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් වාහනවල මිල තවදුරටත් වැඩිකිරීම සිදුවන්නේ මෙලෙසයි. (2015/09/09 biz.adaderana.lk)

(i). ටොයොටා ප්‍රියර්ස්, ටොයොටා කැම්රි, ටොයොටා හයිලක්ස් සහ ටොයොටා හයිඒස් රථ ඉදිරියේදී රුපියල් 100,000 සිට රුපියල් 300,000 ක් දක්වා මිලකින් වැඩි වෙයි.

(ii). මෙරට ඉතාමත් ජනප්‍රිය සුසුකි ඇල්ටෝ, සුසුකි සිලේරියෝ, සුසුකි ස්විෆ්ට් සහ ඇල්ටෝ කේ-10 යන වාහන වල මිල ගණන්ද රුපියල් 75,000 ත් 100,000 ත් අතර මිලකින් ඉහළ නගිනු ඇත.

(iii). මැලේසියාවේ නිෂ්පාදිත Axia මෝටර් රථයේ මිල ගණන්ද මෙම තත්ත්වය හමුවේ රුපියල් 75,000 ක පමණ මිලකින් ඉහළ යනු ඇත.

(iv). මයික්‍රෝ මෝටර් රථ සමාගම විසින් අලෙවි කරන මෝටර් රථයක මිලද රුපියල් 25,000 ත් 30,000 ත් අතර මිලකින් වැඩිවනු ඇත.

(v). වැගන් ආර් සහ නිසාන් ලීෆ් වැනි මෝටර් රථයක් ලක්ෂ එකහ මාරකින් පමණ වැඩිවනු ඇත.

 

එදා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මඩ ගහල දාපු දැන්වීම් වල යතාර්ථය එලෙසයි.

 
 

2 Responses to “මෝටර් රථයක් ගන්න හිටපු අයට යහපාලනය උදා වුණ අයුරු.”

  1. Christie Says:

    Make in India vehicles have been made cheap by the Empire.

  2. Dr.K Says:

    පංචවිද අද පච විද වෙලාද ? එහෙම නැතිනම් ජනතාවගේ පොකට්ටුවට විද වෙලාද ?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress