බත් කන මිනිසුන් සිටින දේශයේ ඇති වී මිලදී ගැනීමේ ගැටළුව
Posted on September 11th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

සැබෑ ලෙසම මේ ගැටළුව මෙරට පැවතීම මහා විහිළුවකි. එලෙසම මෙවන් ගැටළුවක් මෙරට පැවතීමම මෙරට මුළු මහත් ජන සමාජයට බලවත් නින්දාවකි. 90% ක් බත් කන මිනිසුන් සිටින රටක වී ටික විකුණ ගන්න නොහැකිව ගොවියන් වහ බින්නේ නම්, තවත් තැනෙක සදහන් ආකාරයට කදුළු බොන්නේ නම්, ජාතියේ පරාධීනත්වය ඇත්තේ එතන බව සියළු දෙනාම අවබෝධ කරගත යුතුය.

සැබෑ ගැටළුවට අත නොගසා,
1 19 වෙනි සන්ශෝධ නය ඉදිරිපත් කිරීම,
2.විධායක ජනාධිපති බලතල ඉවත් කිරීම,
3.මැතිවරණ ක්රමය වෙනස් කිරීම,
4.ස්වාධීන කොමිෂන් සභා පත් කිරී‌ම වැනි
මෙරට ජනතාවට කිසිදු වැඩක් නැති දේ සම්බන්ධව නිතිපතා කථා කරන දේශපාලනය, අප නවතාලිය යුතුය. ජීවයේ මූලික පදනම වනුයේ, වාතය, ජලය හා ආහාරයි. ඕනෑම රජයක මූලික අරමුණ විය යුත්තේ, මේ ත්‍රිත්වය නොමිලයේ ලබාදීමේ ඉලක්කය වෙත ගමන් කිරීමයි. ගොවියා සිදුකරනුයේ, මිනිසාගේ පැවත්මට ඇවැසි වැදගත්ම දේ නිපදවීමයි. ඔහු මෙලොවටම සයනයිඩ් නිශ්පාදකයාට‌ වඩා පහල අඩියකට තල්ලු කිරීමට මේ සමාජයට කිසිදු අයිතියක් නැත. එබැවින් අන් සියළුම කරනු පසෙකලා  මේ කරුණ අගතැන්පත් කොට විසදාලීමට අරමුණු කර ගත යුතුය.

කෘෂිකර්මය යනු මෙලොව ඇති ඉතාම වටිනා විද්යාව වුවද එයට මෙරට තුල හිමිව ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. අගමැති ඩී.එස් සේනානායක ආරම්භ කොට, ඩඩ්ලි සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායකලා පෝෂණය කල එම විද්යාව, මහවැලිය තුලින් ජේ.ආර් ජයවර්ධන රජය තුලදී පණක් ලදද, ඒ කාලය තුලදීම; මීට වඩා හොදයි පිට රටින් හාල් ගෙනාවා නම් යන මතවාදයක්ද දියත් කර ගොවි ගෞරවයට හානිදායක දේ සිදු කරන ලදී.

මේ උපකාර‌ කිරීම් හා කෙනහිලිකම් මැද්දේ මහින්ද රාජපක්ෂ යුගයේදී‌ද ගොවිතැනට විශේෂත්වයක් ලැබිණි. ඒ සියල්ලේම ඵලය වන්නේ සරු අස්වැන්නක් ලැබීමයි. ඉතා වැදගත් වන්නේ ඵලයයි. ඵලය කරදරයක් ලෙස දකින සමාජයක් ඵලය ලබන විට නිර්මාණය වී ඇත්නම් එය 1948 සිට 2015 දක්වා මෙරට කෘෂිකර්මය දියුණු කිරීම සදහා සිදුකල මහා මෙහෙවරට දායකවූ අයට සිදු කරන අගෞරවයකි. ඵලයට මහා ගෞරවයක් පුදකල යුතුය. මේ  වනවිට තුන් වේලටම බත් කෑමට සූදානම් සමාජයක් අපට ඇත. එබැවින් වී මිලදී ගැනීමට විද්යාත්මක ක්රම වේදයක් නිර්මාණය කල යුතුමය.ඒ සදහා කල යුත්තේ කුමක්ද?

මේ සදහා ස්වාධීන කොමිෂන් සභාවක් නිර්මාණය කල යුතුයයි කිසිවෙක් නොපවසන්නේ ඇයි? මෙය එතරම් වැදගත් ප්රශ්නයක් ලෙස මේ දේශපාලකයින් නොසලකා හරින නිසාද? මේ ගැටළුවට කිසිදු රජයක්වත් නිසි පිළියම ඉදිරිපත් නොකල බව පමණක් අපි දනිමු.‌මෙම ගැටළුව විසදීමේදී අපිට,
1. විකිණීමට ඇති වී තොග,
2. ඒ හිමි වී ගොව‌ියා,
3. වී මිලදී ගන්නා ආයතනය හා එහි නිලධාරී මඩුල්ල

යන ත්‍රිත්වය මෙම ගැටළුව නිරාකරණය කිරීම‌ට අත පෙවීමේදී මුණ ගැසේ. ම‌ෙහිදී නිර්මාණය කරන වී මිලදී ගැනීමේ ක්රියාවලියේදී, ගොවියාගේ වී සියල්ලක්ම විකිණිය යුතුය. දෙවනුව ගොවියා යනු වර්තමානයේ සිටින දීනත්වයට වැටුණු පුද්ගලයකු නොව බලවත් චරිතයක් බවට පත්විය යුතුය. එක්තරා පුද්ගලයකු, මෙවන් ක්රියාවලියක්ද ඇතැතිව, කෘෂිකර්ම ඇමතිතුමා‌‌ු මුණ ගැසී ඉදිරිපත් කිරීමට ගියේ මීට වසර 11ක කාලයකට පෙරදීය, ඇමතිතුමා නොමැති බැවින්, එතුමාගේම පක්ෂයේ නියෝජ්ය ඇමතිතුමා මුණ ගැසී ඇත. ක්රමවේදයද ඔහුට ඉදිපත් කර ඇත. මේ සියල්ලම ඔහුට විස්තර කල පසු, එයට සාවධානව ඇහුම් කන් දුන් නියෝජ්ය ඇමතිතුමා අසා ඇති ප්රෂ්ණය වන්නේ,
හොදයි මේ වැඩේ කරන්න සල්ලි හොයාගන්න ඔයා යෝජනා කරන්නේ කුමක්ද?” යන්නයි.

කෙසේ හෝ මේ පනය වැද ගත් සේ සලකා කටයුතු කරන මෙන් ගෞරවයෙන් අප ඉල්ලා සිටිමු.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

4 Responses to “බත් කන මිනිසුන් සිටින දේශයේ ඇති වී මිලදී ගැනීමේ ගැටළුව”

  1. Hiranthe Says:

    We were the granary of the East. Luckily we did not have politicians at that time. We only had leaders in our kings. Now we have politicians but not leaders.. How far we are going back…. to the stone age??

  2. ranjit Says:

    After this western and Indian backed Govt came to power everything was gone up in price although they boast that all essential items are less.It’s a lie.These fools must go to the market and see for themselves without misleading the poor people. Sugar is now Rs.90-95 in the market.Betel is 40-60 in small boutiques. Rice over 100.This is the real truth but Ranil and Sira repeatedly telling that everything is cheap after they came to power.BULLSHIT!!!!!

    Cars and spare parts,Motor bikes etc everything has gone up from A-Z and these Gobells are cheating the public with lies. Why our stupids believed these political stupids who lied to get power in to their evil hands is a surprising thing to me. All what they are doing is satisfying the Indians and the west because they were the ones who helped with cash and other things for them to come to power. Their main aim is to silence Rajapaksa’s as per the west and Indian wishes. When this is all over these snakes has to find a place to hide from ordinary people in this country for sure. I am waiting for that day to come.

  3. Hiranthe Says:

    You are right Ranjith.. It is the lies and blatant lies rule the world today. But it is a matter of time. Truth will prevail.
    But by the time the country may have gone to dogs…. sorry not dogs, vultures.

    Dogs are better than these cheaters.

  4. Hiranthe Says:

    We should hurry up and bring CEPA to power!!

    We can solve these problems overnight ha.. ha..

    It is the Rajapaksa’s fault for not bringing CEPA to power, which will solve all these problems..

    We have already the RAW agents planted in all major businesses in SL..Only a matter of signatures to enforce it. Then CEPA will buy all the paddy produce at Rs 15.00 a kilo.. How nice..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress