ශ්‍රී ලංකාව යනු දකුණු ආසියාවේ බලවත්ම රාජ්යයයි එය කාගේවත් හොංකොනයක් නොවේ.
Posted on September 13th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

මිනිසුන්ට පෙනෙන දේ ලිවීමේ අයිතියක් ඇත. ඒ අනුව  චානක බණ්ඩාර  මහතා ඔහු දකිණ දේ නිර්භයව, ඉංග්රීසියෙන් ප්රකාශ කොට ඉන් නොනැවතී්‌  සිංහල පරිවර්තනයක්ද එලි දක්වා එතුමාගේ දර්ශණ පථයට හසුවෙනදේ සම්බන්ධව දීර්ඝ විස්තරයක් ඉදිරි පත් කරයි.

මෙරට සිටින ඉන්දීය ඇගිලි ගැසීම් වලට එරෙහිව සිටින කදවුරේ අයවන අප ඔහු ගෙන හැරපාන කරුණු ඉදිරියේ නිහඩව සිටියොත් ජාතික වශයෙන් අප සිදුකරන බලවත් වරදක් බැවින්, ඔහුගේ ලිපිය සම්බන්ධව මේ කරුණු පෙල ගැස්සවීමට තීරණය කලෙමු

මේ මහතා‌, ඕහුගේ ලිපියේ ආරම්භයේදීම දෙකොන පටලවා ගෙන කථා කරයි. චීනයේ ප්රාන්තයක දියුණුවට හේතුව, චීනය බව පවසන මේ මහතා.  හොං කොං  යනු වෙනම රටක් සේ දකින අයෙකි.  එසේ සිතමින් අපට  පවසන්නේ, ලංකාවටත් ඉන්දියාවේ ප්රාන්තයක  තත්වයට පත්වෙන්න යන යෝජනාවදැ?යි අපට එම මහතාගෙන් පලමුව ඇසීමට සිදුව තිබේ.

තවද මේ ලිපියට අනුව, හොංකොං යනු රටක් බව අපට කියා සිටී. එය චීනයේම කොටසකි.  කලකට පෙර මහා බ්රිතාන්යට බද්දට දුන්, චීනයේම කොටසකි. චීන භාෂාව චතුර ලෙස කථා කරන ජනතාවක් වාසය කරන ජනතාවක් සිටින චීනයේම කොටසකි. ඒ බව සනාථ කරමින්, මහා බ්රිතාන්යද, සිය බදු කාල සීමාව නිම වීමත් සමගම හොංකොං චීනයටම පවරා ඉවත් විය. ඒ සමගම චීන රජය මේ කලාපය තුල වෙනම දේශපාලන ව්යුහයකට අනුව පාලන කටයුතු මෙහෙය වමින්,” One country, two system” නම්වූ නවතම මුහුණුවරකට අනුව කටයුතු කරයි  එයින් හොංකොං යනු වෙනම රටක් යන්න ගම්ය නොවේ. හොං කොං දියුණුව චීනයේ දියුණුවේ පලයක් මිස, හොංකොං පාලකයින් චීනයේ පිටේ නැගී දියුණුවට ගියා නොවේ

ඉන්දියාව අද ලෝකයේ ආර්ථික බලවතෙකි. පලමු ස්ථානය චීනය ලබා ගන්නා විට ඉන්දියාව මේ වන විට සිව්වන  ස්ථානයේ පසුවෙන බව වර්තමාන දත්තයන් අපට පෙන්වා දෙයි. චීනය අභිබවා යෑමට නම්, ඉන්දියාවට සිව්වන ස්ථානයේ සිට තව රටවල් තුනක් පසුකර දිගු ගමනක් යෑමට සිදුව ඇත. ඒ අනුව සිව්වන ස්ථානයේ පසුවෙන ඉන්දියාවට, තුන්වන ස්ථානයේ පසුවෙන ඇමරිකානු ආර්ථිකය පසු කිරීමට තව බොහෝ කලක් ගතවෙනු ඇත.

පලමු වන ස්ථානයේ පසුවෙන චීනය, භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව, GDP $ 17, 630,000,000,000 සටහන්වන මේ අවස්ථාවේදී, එය ඉන්දියාව සම්බන්ධව සටහන් වන්නේ, GDP $ 7, 277,000,000,000 කි. ඒ අනුව ඉන්දියාවට චීනයේ වත්මන් ආර්ථික තත්වයට ලගා වීමට නම් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව, 242% ක් වර්ධනය කිරීමට සිදුවේ. ඒ අනුව, චානක බණ්ඩාර මහතාගේ මේ ලිපියේ සදහන් කර ඇති ආකාරයට, එය චීනය පසු කර යනු ඇතැයි ඇතැමෙක් පවසත්යන්න ජාත්යන්තර මට්ටමේ පට්ට පල් බොරුවකි. එය මිත්යාවකි.

තවද මේ මහතා ශ්රී ලංකාවඉන්දියාවේ හොංකොංබවට පත් වුයේ නැත.” යි, කණගාටුවට පත්වෙමින් අප රට ඉන්දියාවේ ප්රානතයක් විය යුතුමයයි යන මතයේ පිහිටා සිටී. ඉන් නොනැවතී කිසිදු පදනමකින් තොරව පසුගිය වසර 10 පුරා ඉන්දියාව 10%ක ට කිට්ටු ආර්ථික වර්ධනයක් ලබාගත් පවසමින්, අප එයින් නිසි ප්රයෝජනයක් ලබා නොගත් බව කියා චෝදනාවක්ද නගයි.ලෝක බැංකු දත්තයන්ට අනුව 2010දී ඉන්දියාව 10.3% ආර්ථික වර්ධනයක්ද ශ්‍රී ලංකාව   8% වර්ධකයක්ද දක්වා ඇත. ඒ අවුරුදු 30ක යුද්ධය නිම කොට වසරකට පසු ලබාගත් දත්තයන්ය. ඊට පසු 2011- 2014 දක්වාම අපේ ආර්ථික වර්ධනය සෑම වසරකම ඉන්දියාවට වඩා ඉහලින් සිටී. මේ දත්තයන් දෙන්නේ ලෝක බැංකුව බැවින් ඒ මහතාට ඒ දත්තයන් පිලි ගැනීමට සිදුවේ. එම දත්තයන්ට අනුව,

2011 වසර ඉන්දියාව 6.6%;ද ශ්‍රී ලංකාව 8.2%

2012 වසර ඉන්දියාව 5.1%;ද ශ්‍රී ලංකාව 6.3%

2013 වසර ඉන්දියාව 6.9%;ද ශ්‍රී ලංකාව 7.2%

2014 වසර ඉන්දියාව 7.4%;ද ශ්‍රී ලංකාව 7.4% GDP වර්ධනය වී ඇති බව පවසන විට ඔබතුමා මේ මුසාබස් තෙපලමින් සිදුකරන්නේ කවර ආකාරයේ කටයුත්තක ආරම්භයක්ද යන්න අපට ප්රශ්න කිරීමට සිදුවේ.

නමුත් ඔබතුමාගේ ලිපියේම ඔබතුමා කවරෙක්දැයි හෙලි කරන්නේ මෙසේය.

පසුගිය දස වසර තුලදී ශ්රී ලංකාව සිය සියලුම බිජු (බිත්තර) චීනය නමැති කූඩයට පමණක් දමා ගත්තේය.  මෙය බුද්ධිමත් නොවූ ආර්ථික න්යාමයකි.”

ඔබ කියන්නේ සත්යයක් නම් අප රට තුල චීනය විසින් සිදුකල ව්යාපෘති වලට එරෙහිව කටයුතු කල ඉන්දියාව, පසුගිය මැයි මාසයේ චීනයේ සංචාරයක් සූදානම්කරගෙන US $ බිලියන 22 ආයෝජනයන් සදහා චීනය පොළඹවා ගත්තේ ඇයි? දැන් ලංකාව වෙනුවට චීනය නැමති කූඩයට බිත්තර දමන්නේ ඉන්දියාවද?

ඔබ පවසන ආකාරයට අපට පලුදු කරන්න හොද හිතක් ඉන්දියාව මේ වනවිට ඉතිරි කර නැත. ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ ඝාතකයාව, ඝාතනය කිරීමට එරෙහිව අප රටට විරුද්ධව මානව හිමිකම් කවුන්සලයේදී දෙවරක් චන්දය පාවිච්චි කල ඉන්දියාවහි රාජ් තාන්ත්රික මිත්රශීලි සම්බන්ධව මෙරට ජනතාව ඉතා හොද අවබෝධයකින් සිටින බව පැවසීමට සිදුව තිබේ.

තවද ධනය ගලා යන්නේ ධනය ඇති තැන සිටය. ලෝකයේ ධනවත්ම රාජ්ය චීනයයි. දකුණු ආසියාවේ සිටින හොදම අවංක මිතුරා ශ්රී ලංකාවයි. ඔබ යෝජනා කරන්නේ, ධනවත් වී‌‌‌ සදහා, අපට සිටින ලෝකයේ ධනවත්ම අවංක මිතුරා හැර දමා, අප ආසන්නයේ සිටින, අපට එරෙහිව සෑම අවස්ථාවකදීම කටයුතු කරන දුෂඨ හිගන්නා සමග අත්වැල් බැද ගන්නආ ලෙසයි. ඉන්දියාව යනු ජාතික වශයෙන් හආ ජාත්යනතරව අපට වඩා හිගන්නෙකි. එසේ කියන්නේ අප නොව ජාත්යනඅතර තොරතුර් හා දත්තයන්ය.

ලෝකයේ රටක දුප්පත්කම හෝ, පොහොසත්කම මනිණ මිනුම් දණ්ඩක් වන්නේ; ඒක පුද්ගල දල දේශීය නිශ්පාදනයයි. ලෝක බැංකු දත් තයන්ට අනුව,

  1. චීනය සිටින්නේ, 113 වෙනි ස්ථානයේ වන අතර,ඒක පුද්ගල දල දේශීය නිශ්පාදන වටිනාකම $ 12,900 කි.
  2. ශ්රී ලංකාව සිටින්නේ, 130 වෙනි ස්ථානයේ වන අතර,ඒක පුද්ගල දල දේශීය නිශ්පාදන වටිනාකම $ 10,400 කි.   
  3. ඉන්දියාව සිටින්නේ, 160 වෙනි ස්ථානයේ වන අතර,ඒක පුද්ගල දල දේශීය නිශ්පාදන වටිනාකම $ 5,800 කි.

ධනය ඇත්තේ අප ලග මිස ඉන්දියාවේ නොවේ; ධනය ගලා යන්නේ අපෙන් ඉන්දියාවට මිස ඉන්දියාවෙන් අපට නොවේ.අප වෙතට ධනය ඇවැසි නම් අප ආර්ථික සම්බන්ධකම් පැවැත්විය යුත්තේ චීනය සමග මිස ඉන්දියාව සමග නොවේ. එබැවින් ජාතියක් වශයෙන් අප චීනය සමග අත්වැල් බැද ගනිමු. අපේ සැබෑ මිතුරා චීනය මිස ඉන්දියාව නොවේ. සත්යය එයයි.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

10 Responses to “ශ්‍රී ලංකාව යනු දකුණු ආසියාවේ බලවත්ම රාජ්යයයි එය කාගේවත් හොංකොනයක් නොවේ.”

  1. Hiranthe Says:

    Fantastic factual answer Mr. Chandrasena.

    I think Chanaka Bandara did not know all these facts. He must have listened to some Yahapalana minister’s speach and goe misled. Hope he will realise it and come back to sense.

    Another Good news is Sobitha himi is joining the anti-SEPA rally organised by Ven. Elle Gunawansha himi.

    What Sobitha himi wanted was to remove MR from the political scene as directed by his pay master Norway. That mission is accomplished and he is now free to do anything. He doesn’t seem to be a RAW agent.

    We have all sorts of champions..

  2. Lorenzo Says:

    Actually I to SCRAP ALL business dealings with Endia. That will benefit SL enormously. Make SL China’s HK #2.

    e.g. TAKE BACK IOC and give it to a SL company – we can save $1 billion now going to Endia as profit and mgt. salaries.

    e.g. BAN IMPORT of Bajajs. Thailand has better 3 wheelers. Start a manufacturing plant in SL with Thai royalty.

    e.g. BAN GEM and GOLD export to Endia. Endians buy gems at dirt cheap prices in SL and sell to EU countries at 10 times.

    e.g. BAN the growing ORGAN SELLING BUSINESS done by Endians. Endians ROB kidneys, eyes, blood, etc. of SL cheating them with a little money and “good wishes”.

    e.g. BAN Endian TATA and ASHOK LEYLAND. Manufacture GREAT WALL buses in SL.

    e.g. REFUSE visa to Endian tourists unless they book at least a 3 star hotel for all days they plan to stay in SL at the time of arrival. Otherwise they work and TAKE MONEY to Endia. SL is heavily losing.

    e.g. POPULARIZE Chinese, south Korean and Japanese FILMS in SL and put a tax on Endian films.

    e.g. IMPOSE 75% import duty on ALL Endian imports so that SL farmers and manufacturers will benefit.

    These measures will DEVELOP SL.

    What HK exports to and imports from China is COMPLETELY DIFFERENT to what SL and China and trade in. China is the LARGEST TRADING PARTNER of 140 countries. IF SL can become CHINA’S HK #2 we can USE this VAST business network to develop SL.

    Endia is the largest trading partner of just 5 countries. ALL of them are economically DOOMED!

  3. Lorenzo Says:

    Correction.

    Actually I propose to SCRAP ALL business dealings with Endia. That will benefit SL enormously. Make SL China’s HK #2.

  4. Lorenzo Says:

    Hiranthe,

    CEPA

    I think patriots should KEEP OUT of CEPA.

    Let the UNP STUFF UP the economy with CEPA. Then voters will FEEL it in their STOMACHS. Our voters think from their STOMACHS.

    Let them feel it.

    Then only they will vote for an ANTI ENDIAN leader at the next election.

    IF the economy improves under UNP rule, we can NEVER get back to power. “BANGHA WEWA!” should be the call of the day. I know some patriots will disagree with me but we have to be COMPETITIVE.

  5. Christie Says:

    ඔබට තුති Thank you.

  6. Independent Says:

    “ධනය ඇත්තේ අප ලග මිස ඉන්දියාවේ නොවේ”
    ඇත්තයි. ධනය ඇත්තේ ඔබ ලඟයි.

  7. chandrasena Pandithage Says:

    Independent
    නැන අඩු දනට “අප “යන වචනයෙ අරුම
    නෑ වැටහෙන්නෙ, ඒකයි අප ලද කරුම
    ලක් මෑණියේ ඇයි බිහිකලේ දන නරුම
    දෙනු මැන දනට නිසි තැන මෙහි ඇති උරුම

  8. Christie Says:

    Since 1796 Indian Colonial parasites have been taking our wealth to India and the West specially to UK. I don’t think any of us got any idea how much of our wealth is taken to the Indian Empire. Who are the richest in Ceylon? Who fund the major political parties? who provide funds to terrorists?

    This is the same in other Indian colonies. You look at any of them be it Kenya or Uganda for example.

  9. Independent Says:

    අහෝ මා කී දේ දිගටම සිදුවෙයිද ? එසේ නොම වේවා !
    අපේ “ඔබ​”ගේ පොහොසත් රටේ දුක් විඳින ජනතාව නිරාපරාදයේ බජාජ් වලට බිලි වෙත් දී අපි බන් නිලා සිටිමුද ?
    මේ අසරණයින්ට නිවන් සුවම පතමි !

    This is getting worse than LTTE now.
    මගමරුට ඉඳුරුවේදී තිදෙනෙක් බිලි

    2015 සැප්තැම්බර් මස 15 17:10:47 | . , ජේ ඉඳුරුවගේ

    ඉඳුරුව ගල්බඩදී ත්‍රිරෝද රියක් බසයක හැපී ත්‍රිරෝද රියේ ගමන් කළ කුඩා දරුවන් දෙදෙනකු හා කතක මිය ගොස් රියදුරා හා තවත් දරුවකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

  10. Independent Says:

    Pundit

    මිනි මරුවෝ අභීත සිංහයෝ වෙති
    පෙනි පෙනි දුගී කම පොහොසත් කම් දොඩති
    දැනි දැනි හදට හරි දේ වැරදියි කියති
    පැනි කෑ මැරෙන මිනිසා ලෙස හිටිය ඇති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress