මොන්ට්රියෝල් නගරයට ගිම්හානය ඇවිල්ලා
Posted on September 18th, 2015

වෛද් රුවන් එම් ජයතුංග

montreol

මොන්ට්‍රියෝල් නගරයේ පටු මාවත් දිගේ
අප ඇවිද යන්නෙමු අතිනත් අල්ලාගෙන
දහසකුත් වූ මිනිස් ප්‍රාණීන් අතර
කෙනෙකු නැත ඇස ගැටෙන

තවත් දිනයක් උදාවී හිරු එලිය
සිප ගනියි කළු ගලින් කල මංමාවත්
රැගෙන එයි උණුසුම් සුළඟ
ගිම්හානයේ සම්ප්‍රාප්තිය පිලිබඳ පණිවිඩය

කහ පැහැති ටියුලිප් මල් සෙලවේ
ගිම්හාන සුළගේ තාලයට
ගයයි ගීතයක් කුරුල්ලෙකු සුමුදු විලසින්
උසැති මේපල් ගසක අත්තක සිට
නිල් අහස නරඹයි නගරයක අසිරිය
රාත්‍රියේදී රහසින් සඳුට කියා දෙන්නට

One Response to “මොන්ට්රියෝල් නගරයට ගිම්හානය ඇවිල්ලා”

  1. Christie Says:

    Maples there are
    but no more Inuits
    there they are
    under the cobbles

    Sun will rise
    lighting the lives
    not the lives that
    under the cobbles

    Sinhalese of Ceylon
    will be the Inuits
    in the land of
    our birth

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress