යුද අපරාධ වාර්තාව පරාජය කළ හැකි ආකාරය ගැන ආචාර්ය දයාන් ජයතිලකගෙන් විසඳුමක්!
Posted on September 19th, 2015

උපුටාගැණීම www.mahinda.info

[NEWS] ශ්‍රී ලංකාවට එල්ලවී ඇති යුද අපරාධ පිළිබඳ සෙයිඞ් අල් හුසේන්ගේ වාර්තාව පරාජය කිරීමට තවමත් කාලය තිබෙන බව ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක මහතා පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩුව විශ්‍රාම ලත් විනිසුරු මැක්ස්වෙල් පරණගම සහ සර් ඩෙස්මන්ඞ් සිල්වා යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සකස් කළ අතුරුදන් වූවන් පිළිබඳ කොමිෂන් වාර්තාවෙන් එම චෝදනා පරාජය කළහැකි බව හෙතෙම සඳහන් කළේය.

එම නිර්දේශ සම්බන්ධයෙන් මේ මොහොතේ ආණ්ඩුව නොකළ යුතු දේ පිළිබඳවද හෙතෙම අදහස් පළ කළේය.

සිංහFM දේශපාලන වැඩසටහනකට සහභාගි වෙමින් ජයතිලක මහතා ඒ බව කියා සිටියේය. සම්පූර්ණ වැඩසටහන පහතින්.

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

One Response to “යුද අපරාධ වාර්තාව පරාජය කළ හැකි ආකාරය ගැන ආචාර්ය දයාන් ජයතිලකගෙන් විසඳුමක්!”

  1. Indrajith Says:

    ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ වු බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවට මානව හිමිකම් කොමිසම හමුවේ යෝජනාවක් සම්මතකරගත් ඇමරිකාව හයිබ්‍රිඩ් දේශිය පරික්‍ෂණයට සහය පළ කිරීම සඳහා උපක්‍රමශීලීවී ඇති බව විචාරකයන් පවසයි.

    අමෙරිකානු සහ ශ‍්‍රී ලංකා ඒකාබද්ධ යෝජනාවක් ලබන 24 වැනිදා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීම සඳහා දෙරට එක්ව අදාළ යෝජනාව මේ වන විට සකස් කරමින් සිටින බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    අදාළ යෝජනාවට සහය ලබාගැනීම සඳහා අමෙරිකාව සහ ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, චීනය සහ රුසියාව සමග සාකච්ඡා පවත්වා තිබෙන බව වාර්තාවන අතර ඇමරිකාව උපක්‍රමික ලෙස චීනයේ සහ රුසියාවේ විරෝධය මග හරිමින් රාජපක්ෂවරුන් ලංකාවේ සහාය ඇතිව කොටුකර ගැනීමේ උපක්‍රමය සාර්ථක කරගෙන ඇතිබව දේශපාලන විචාරකයන් පවසයි. Helabima.lk

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress