ජිනීවා මර උගුලෙන් ගැලවෙන්නේ කෙසේද?- ආචාර්‍ය දයාන් ජයතිලක
Posted on September 27th, 2015

යුතුකම සංවාද කවය

ජිනීවා මර උගුල මහින්දගේ වරදක් නිසාද?

යුධ අපරාධ චෝදනා විභාගයට පරීක්ෂණ පැවැත්වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ ඔහු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් ට වූ පොරොන්දුවක් ,සහ එවකට ජිනීවා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත දයාන් ජයතිලක මහතා විසින් ලබා දුන් පොරොන්දුවක් නිසා යැයි රජයේ පාර්ශවයෙන් මේ දිනවල බහුලව කියන කතාවකි. හිටපු අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා යන යන තැනදී පසුගියදා මේ කතාව කියනු ඇසිණ. එමෙන්ම විදේශ අමාත්‍යවරයාද අගමැතිවරයාද මේ කතාව ,මෙලෙසම ප්‍රකාශ කරමින් සිටී.
ජිනීවා මර උගුලේ චෝදනාව එන අනාගතයේ දිනයක ඒ චොදනාව වෙනකෙකු පිට දමා තම අත් සෝදාගැනීමට ඒ හරහා හැකිවෙතැයි ඔවුන් සිතනවා වන්නට පුළුවන.
පසුගියදා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති විද්වත් කතිකාවක් අමතමින් ආචාර්‍ය දයාන් ජයතිලක මහතා මෙය ප්‍රතික්ෂේප කරමින් ජිනීවා යෝජනාවේ භයානක කම ඉතා මැනෙවින් පැහැදිළි කළේය.මෙවැනි හයිබ්‍රිඩ් යාන්ත්‍රණ සුද්දා අප යටත් කරගෙන සිටි යටත්විජිත සමයේත් මෙරට ක්‍රියාත්මක වූ බව ඔහු එහිදී මතක් කර දුනි…
වසර තිහක් තිස්සේ මරණ බියෙන් වෙලාගත් රටක් ජාතියක් සිය ජීවිත පරිත්‍යාගයෙන් මුදාගත් රණවිරුවන් අපරාධකරුවන් කොට, ත්‍රස්තවාදය වැපිරුවන් ගේ අයිතිවාසිකම් රකින්නට ගෙන එන ඊනියා පරීක්ෂණය පිළිගන්න තරම් මේ පොළොවේ ජිවත්ව ඒ කටුක අත්දැකීම් අත්විඳි අපට නරුම වියහැකිදැයි දයාන් ජයතිලක මහතා එහිදී ජාතියෙන්ම ප්‍රශ්න කර සිටී.වීඩියෝව මෙතනින්>>

අපි ජිනීවා දිහා බලාගෙන සිටින විට අගමැති රනිල් ඉන්දියාවට ගිහින් කලේ කුමක්ද? ආසියානු සංවර්ධන බැංකුවෙන් $5.19ඹ් ලෝන් එකක් ගන්නේ හනුමා පාලම හදන්න නේද? ඊට පස්සේ අපිට වෙන්නේ මොකක්දැයි දයාන් ජයතිලක මහතා ප්‍රශ්න කරයි..
වීඩියෝව මෙතනින් >>

* ජිනීවා යෝජනා හරහා හමුදාවේ කොඳු නාරටිය බිඳදමන හැටි.
* හමුදාවේ මේජර් ජෙනරාල් ජගත් ජයසුරියගේ සිට කර්නල් රවිප්‍රිය දක්වා නම් 22 ක් වාර්තාවේ.
* ඇමරිකාව එක්ක මේ යෝජනාව අපිම ගෙනෙන්න යනකොට අපේ මිත්‍රයින්ටවත් අපිව ආරක්ෂා කරන්න බැරි තැනකට අද පත්වෙලා ඉවරයි.
* සම්පුර්ණ දේශීය අධිකරණයකින් සාපරාධි ලෙස හමුදාව දඩයම් නොකරන නිසා තමයි විදේශ නියෝජිතයෝ සහිත අධිකරණයක් ඕනේ වෙලා තියෙන්නේ.
* විජාතික යෝජනාවේ හරිමැද තියෙන්නේ මොකද්ද ? ආණ්ඩුවට කරගන්න බැරි ආයතන විදේශවලට පවරමු කියන එකද?
*ඇමරිකාව සම්මත කරන යෝජනාවේ ත්‍රිවිධ හමුදාව සම්බන්ධ අතිශය තීරණාත්මක යෝජනාව කුමක්ද ?
මේ කරුණු සියල්ල ඇතුලත්ව ඇමරිකාව සහ ශ්‍රිලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත්වන යෝජනාව හේතුවෙන් ඇතිවන අතිශය අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව දයාන් ජයතිලක මහතා කරන විග්‍රහයට මෙතනින් සවන් දෙන්න.

යුතුකම සංවාද කවය
www.yuthukama.com ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
(Like us on facebook)
https://www.facebook.com/yuthukama

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress