එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දර්ශණ පථය.
Posted on October 25th, 2015

න්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිහිටවන ලද්දේ ලෝක සාමය ස්ථාපිත කිරීම උදෙසාය. එ් වර්ෂ 1945දීය. මේ වනවිට ඇයගේ වයස අවුරුදු 70 කි. ඇය විසින් ස්ථාපිත නොකල වැදගත්ම දේ වන්නේද සාමයයි. මේ අපි දකිණ, අපිට පෙනෙන තත්වයයි. අැයට අපේක්ෂිත සාමය ලබා දීමට නොහැකි වූයේ අැයි‍?

මිනිස් සමාජය තුල යුද්ධය යනු ගංඟාවක් සේ ගලා යන ජල පහරකි. පලමුවන ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය විසින් මානව සංහතියට සිදුකල මහා විනාශය  නවතාලීමට එම ගඟ හරස් කර ඉදිකල මහා බැම්ම එක්සත් ජාතීන්ගේ මහා සංවිධානයයි. ගඟක් හරස්කර මහා බැම්මක් ඉදි කල පමණින් ගඟ ගලා ඒම හෝ ගලා යාම නවතාලිය නොහැක. නමුත් මහා ජලාශයක් නිර්මාණය කල හැක. එක්සත් ජාතීන්ගේ සංවිධානය නම්වූ මේ මහා බැම්මේ විවර කලහැකි වාන් දොරටු ගනනාවක් අැති අතර, එ්වා ලෝකයේ විවිධ දිසාවන් ඉලක්ක කරගෙන නිර්මානය කර ඇත. දකුණු ඇමරිකාව, අප්රිකාව, දකුණු අාසියාව, නැගෙනහිර අාසියාව, බටහිර අාසියාව යන ඉලක්කයන්ද මේ අතර වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට  දකුණු අැමරිකාවේ යුද්ධයක් උවමනා නම් සිදුකරනුයේ, දකුණු අැමරිකාව ඉලක්ක කරගත් වාන් දොරටුව විවර කිරීමයි. එවිට, එක්සත් ජාතීන්ගේ මන පිනවන කලාපීය යුධ ගැටුම් අාරම්භවේ. මෙය ලෝකය මත පිහිටුවාලූ නවීනතම යුධ උපාංග හා උපක්රම සහිතව ගොඩනංවා අැති  යුධ පාලක හා මුදා හැරීමේ යාන්ත්රණයයි.

මේ ලෝකය දෙස සර්ව සාධාරණව බලා මුලු මහත් ලෝකයටම උවමනා සියලුම සම්පත් ලබාදෙන බලවතා වන්නේ සූර්යයායි. ඔහු දකින ලෝකය හා ඔහුගේ සම්පත් බෙදීයන්නේ මේ අාකාරයටයි.

http://commons.wikimedia.org/wiki/File:World_map_with_equator.jpg

යමෙක් අැත්තටම මේ පෘතුවි මාතාවට අාදරය කරනවා නම්, එ් අාදරය බෙදීයන්නේ ඉහත දක්වන, හිරුගේ දෘෂ්ඨියෙන් මේ පෘතුවි මාතාව දෙස බලන දැක්ම මත පිහිටාය.

එදා ඒ ලෝක සාමය උදෙසා පිහිටවූවා යයි කියන, එක්සත් ජාතීන්ගේ මහා සංවිධානය ලෝකය දෙස බලන්නේ අපූරු කෝණයකිණි. එ් උත්තර ධ්රැවයේ ඉහල අක්ෂීය ලක්ෂයක සිටය. එය ඔවුනගේ සංවිධාන ලාංඡණය සේ යොදාගෙන ඇත. ඒ මෙසේය.

 http://www.crwflags.com/fotw/images/u/uno-35.gif

සැබෑ ලෙසම, එ් උත්තර ධ්රැවයේ ඉහල අක්ෂීය ලක්ෂයක සිට මේ ලෝකය දෙස බලන විට සැබෑ ලෙසම පෘතුවිය පෙනෙන්නේ මේ අාකාරයටය.

http://www.google.lk/imgres?imgurl=http://peterpalms.com/catalog/books/graphicchap46/globe_20above_20N90_20E40.jpg&imgrefurl=http://peterpalms.com/catalog/books/phoenix46.html&h=580&w=580&sz=44&tbnid=md4anwSSF_GRIM:&tbnh=90&tbnw=90&zoom=1&usg=__21FdOxxK0YBwGhav3v-v-F70xBM=&docid=q3BSFZ_uwLinMM&sa=X&ei=UJI-UuGoGsL3rQfypIEQ&ved=0CC8Q9QEwAQ&dur=3482

ඉහත දැක්වෙන මේ සැබෑ දර්ශණයෙන්, ඔබ අප සැමට ලබා දෙන පණිවුඩය වන්නේ කුමක්ද? එක්සත් ජාතීන්ගේ  සංවිධානය විසින් ලෝකය දකින්නේ මේ අාකාරයෙන්ය යන පණිවුඩයයි. මේ අාකාරයෙන් ලෝකය දකින්නාට, පෙනෙන්නේ මොනවාද? යන්න ඉතා වැදගත් කරුණකි ඔබ අප හැම දකින දෙය අභිබවා යන යමක් ඔහු නොදකී. ඔවුන් දකින්නේද, අපට පෙනෙන දෙයමය. අපට පෙනෙන දෙය දෙස අප බලා සිටියාට, පෙනෙන්නේද නැත. අපගේ කන් නිරතුරුවම විවරව තිබුණාට, අපට හැම දෙයම අැසෙන්නේද නැත. අැස් විවර කර, මනස නිදිබරව අැති විට කිසිවක් නොපෙනේ. අප උපතේ සිට මේ දක්වාම, එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙස එසේ බලා සිටියෙමු. මේ පැමිණ අැත්තේ, එ් නිදිබරතාවය පලවා හැර, මනස පුබුදුවා, උරකුහරය, පිරිසිදු වාතයෙන් පුරවාගෙන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා පීර පීරා, එතෙක් මෙතෙක් කාලය පුරාවට මේ ලෝකය තුල සිදුකර අැති සියලු කරුණු කාරකා සම්බන්ධව සියුම් විමර්ශණයකට බාජනය කලයුතු කාලයයි.

උතුරු අක්ෂීය ලක්ෂයක සිට මේ ලෝකය දෙස බලන්නෙකුට පෙනෙන්නේ, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ග්රීන්ලන්තය, අයිස්ලන්තය, එක්සත් රාජධානිය, පෘතුගාලය, ප්රංශය, ස්පාඤඤය, නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, යුක්රේනය, සයිප්රසය, තුර්කිය, රුසියාව, චීනය, ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, හා මැදපෙරදිග හා උතුරු අප්රිකාව යන රටවල් දිස්වේ.

පැහැදිලිව මේ දෙස බලන ජනතාවට මනාව දිස්වෙන කරුන වන්නේ, පලමුවන හා දෙවන ලෝක යුද්ධයට සම්බන්ධවී සිටි රටවල් සියල්ලක්ම උත්තර ධ්රැවයේ සිට බලන විට මනාව දිස්වෙන බවයි. තවද මේ පලමුවන හා දෙවන ලෝක යුද්ධ වලට සම්බන්ධ වූ රටවල් ඒ යුගයේදී මෙන්ම, වර්තමානයේද අවි අායුධ නිශ්පාදනය හා වෙළදාම, විශේෂිතම අාදායම් මාර්ගය බවට පත්කරගත් රටවල් බව පැහැදිලිව පෙනේ. ඔවුනගේ රටවල කිසිදු යුද්ධයක්, අඛණ්ඩව ගලායන මරාගෙන මැරෙණ ත්රස්තවාදී ක්රියාවන් සිදු නොවේ. එදා එකිනෙකාට එරෙහිව සටන් වැදුන ඔවුන් එක්සත් ජාතීන් (United Nations) බවට පත්වී, එක්සත්ව, ඔවුනගේ අායුධ වෙළදාම සදහා, ඔවුනගේ දෘෂ්ඨි කෝණයෙන් බැහැර හා නොපෙනෙන රටවල් තුල, යුධ වෙළදාමට උචිත පරිසරයක් නිර්මාණය කිරීම සදහා, ත්රස්තවාදය පෝෂණය කරමින්, වෙළද පොල නිර්මාණකරනයේ යෙදී සිටී, මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, පූර්ණ අාධාර හා රැකවරණය ඇතිව සිදුවන කටයුත්තකි. තමන් විසින් බොහෝ වෙහෙස දරා නිර්මාණය කරණ ලද ත්රස්තවාදී සවිධානයක් විනාශ කිරීම විශාල මාන ව හිමිකම් කඩ කිරීමක් සේ ඔවුන් දකින්නේ එබැවිණි. එක්සත් ජාතීන් වන, උත්තර කේන්ද්රීය අාසන්න රජයන්හි වාසය කරන්නේ මානවයින්ය. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයද, ඒ මානවයිගේම බව අප වටහා ගත යුතුය.

උත්තර ධ්රැවීය ලක්ෂීය දෘෂ්ඨියකින්, මේ ලෝකය දෙස බලන්නා විසින් සිදුකරනුයේ, ඒ පෙදෙසේ රට වල සාමය හා විමුක්තිය පමණක් වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම වගකීම නිසි ලෙස ඉටුකර තිබේ. බලවත් සංවිධානයක ලාංජනය යනු ලෝකයට විශාල පණිවුඩයක් නිකුත් කරන දෙයක් බැවින්, මෙහි අන්තර්ගතය අපි පැහැදිලිව දකිමු. අපි අගය කරන සූර්ය දර්ශණ පථය නිරක්ෂයට ඉහලින් ගමන් කරමින් සියලුම රටවල් දකිමින් රකිමින් මනා කාර්යයක් ඉටුකරයි. යම් හෙයකින් සූර්යයා, එක්සත් ජාතීන්ගේ සංවිධානය

මෙන්, උත්තර ධ්රැවීය  අක්ෂයට ඉහලින් පිහිටි විට සිදුවන සියලූම, පාරිසරික හා දේශගුණික විපර්යාශයන් සම්බන්ධව අපට මනා දැනුමක් තිබේ. එවිට සිදුවන එක් විපර්යාශයක් වන්නේ, සියලූම නිරක්ෂයට අාසන්න රටවල්, උත්තර ධ්රැවය මෙන් ඝන අයිස් තට්ටුවකින් වැසී යාමයි. මේ වනවිට වයස අවුරුදු 70 ක් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් වූ මහල්ලාත් සිදුකරමින් සිටින්නේත් එම කාර්යමයි. ඊට එරෙහිව, පීඩනයට ලක්වෙන රටවලට නැගී සිටීමට කාලය පැමිණ අැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress