පියල් ගමෙන් ගිය පසු නන්දාට හටගත් සත්ය රෝගය කුමක්ද ?
Posted on October 28th, 2015

වෛද්‍ය රුවන් එම් ජයතුංග​

මාටින් වික්‍රමසිංහයන්  ගම්පෙරළිය ලියන්නේ 1944 වසරේදීය.  එම  කෘතියේ පවුල් දෙකක විස්තර සඳහන් වේ. නන්දා කොග්ගල ගමෙහි ඉතා පැරැණි පරපුරක් ඇති පවුලක තරුණියකි. පියල් පසුව තරමක් වත්පොහොසත් කමක් ඇතිකොට ගත් ධනපතියකුගේ පුතෙකි. ඉංග්‍රීසි උගතකු වූ පියල් නන්දාට ද ඇගේ සොහොයුරියට ද ඉංග්‍රීසි ඉගැන්වීමට ඔවුන්ගේ ගෙදරට ආවේය. නන්දා කෙරෙහි ආලය කරන්නා වූ පියල් නන්දාට විවාහ යෝජනාව කළේය. තමන්ගේ දෙමවුපියන් විවාහය අනුමත කරතොත් තමා ඔහු හා විවාහ වීමට කැමැති බව නන්දාගේ පිළිතුර විය.  උන්ට කවුද හිර දෙන්නෙ” යනු විවාහ යෝජනාව ගැන ඇසූ නන්දාගේ මවගේ හෙවත් මාතර හාමිනේගේ මුවින් නිතැතින් නිකුත් වූ පිළිතුර විය ( ගම්පෙරළිය  විචාරය ජී. බී. සේනානායක )

පියල් දුන් හසුන්පත නන්දා අල්මාරියට විසි කළාය. නන්දා ගෙන් බහක් නොලැබූ නිසා පියල්  කොළඹ රැකියාවකට යයි. පියල් කොග්ගල උපන් මුහන්දිරම් හා සම කුල ඇති ඉංගී්‍රසි උගත් තරුණයෙකි. ඔහු ගම හැර යන්නේ නන්දා හා බැඳුණු ප්‍රේමය කඩ වීමෙනි. ඔහුගේ ඒ ක්‍රියාව පියල් මව ද අනුමත කරන්නේ මුහන්දිරම් පළි ගන්නා සුළු කෲර පුද්ගලයකු බැවින් තම පුතු ද ගමෙහි විසීම විනාශයට හේතු විය හැකි යෑයි කල්පනා කළ බැවිනි (ගම් පෙරළිය ගම් පෙරැළියක්‌ද ?  වීරසේන අල්ගෙවත්ත).
පියල් ගමෙන් පිටවී යාමෙන් පසු නන්දා අසනීප වේ. පියල් විසින් නන්දාට අඳුනක්  කවන ලද බවට කයිසාරුවත්තේ මුහන්දිරම් සහ ඔහුගේ බිරිඳ මාතර හාමිනේ විශ්වාස කරති. පියල් ගමෙන් ගිය පසු නන්දාට හටගත් සත්‍ය​ රෝගය කුමක්ද ? 
දෙමාපියන් ගේ කුළ මානය නිසා නන්දා පියල්ට අකමැත්ත පෙන්නුවත් පියල් ගමෙන් ගිය පසු  ඇය වියෝග කාංසාවකට ( separation anxiety) ලක්වේ. මෙම තත්වය එක්තරා ආකාරයක සමායෝගී ආබාධයකි (Adjustment Disorder). කාංසාව හා ක්ලමථ තත්වයන් නිසා සමායෝගී ආබාධයකට ලක් වන නන්දාට ප්‍රතිකාර කිරීම සඳහා  කයිසාරුවත්තේ මුහන්දිරම් විශාල මුදලක් වියදම් කොට තොවිලයක් කරයි. මෙයින් ඔහුගේ ආර්ථික අසීරුකම් තව තවත් වැඩිවේ. 
සමායෝගී ආබාධය පිළිබඳ විස්තර මෙසේය​. 
An adjustment disorder (AD) (sometimes called exogenous, reactive, or situational depression) occurs when an individual is unable to adjust to or cope with a particular stress or a major life event. Since people with this disorder normally have symptoms that depressed people do, such as general loss of interest, feelings of hopelessness and crying, this disorder is sometimes known as situational depression. Unlike major depression the disorder is caused by an outside stressor and generally resolves once the individual is able to adapt to the situation.  One hypothesis for adjustment disorder is that it may represent a sub-threshold clinical syndrome.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress