සිසු විරෝධතාවලට මගේ කාලෙ නම් කිරි දුන්නා.. කෑම දුන්නා.. දැං කොහොමද.. – මහින්ද [Video]
Posted on October 30th, 2015

lanka C news

සිසු විරෝධතාවලට මගේ කාලෙ නම් කිරි දුන්නා.. කෑම දුන්නා.. දැං කොහොමද.. – මහින්ද [Video]සරසවි සිසුන්ගේ විරෝධතා පෙලපාලියට අමානුෂික ලෙස පහර දී එය අවම බලය පාවිච්චි කිරීමක් යයි පවසන බවත් එම පහර දීම් සිදු කලේ අවම බලයෙන් නම් ඉදිරිය ගැන සිතාගත හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

තමන්ගේ කාලයේ නම් පෙලපාලියේ එන සිසුනට කිරි බොන්න දී කන්නත් දුන් බවත් ඔහු කියා සිටියේය.

මහා පරිමාණ වංචා දුෂණ සොයන ජනාධිපති කොමිසම ඉදිරියේ ඊයේ දිනයේ පෙනී සිටීමෙන් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

2,749 Viewers

3 Responses to “සිසු විරෝධතාවලට මගේ කාලෙ නම් කිරි දුන්නා.. කෑම දුන්නා.. දැං කොහොමද.. – මහින්ද [Video]”

  1. Hiranthe Says:

    First time I hear this. Have they really gave milk and food to student protesters??

    Can anyone in the forum confirm this??

    If that is the case I salute you more Sir.

    But I can not imagine with a bastard cunning fox with foul mouth like SB holding the ministerial post, they gave milk and food to protesting students.

    If MR did his way, he would not have lost two elections. MR simply allowed the Ministers to manage their own affairs and finally what happened was ruining the relationship with people. MR was busy building roads….Gota was busy re-building Cities. Others imported ethanol, drugs and looted public money.

    At the end MR lost the Elections. He was given a wrong picture by his Ministers and that led him to hold his election 2 years in advance.

    From the bitter lesson learnt by Dudley Senanayake, the person who learnt a good lesson was RP. He used to read every newspaper in the morning to get the real heart beat of the people. I can remember so many uprisings taking place during MR’s time including Arab spring type jokes.. but never read about milk and food. May be knowing that MR is not reading the news papers, SB would have told him that they are giving Milk and food to protesters.

    Can he still rely on those lies and repeat them in public, damaging his image more?? The way he goes now, if he comes to power again, he might recruit SB back and give a ministry… WHEN WILL WE EVER LEARN ??

  2. Independent Says:

    No difference between MR and MS: IUSF 2015-10-30 22:21:00 0 1289

    The Inter University Students Federation (IUSF) today condemned the manner in which the police handled the demonstration by students of the Higher National Diploma in Accountancy (HNDA) where several students were injured. The IUSF said President Maithripala Sirisena’s governance was no different to that of former president Mahinda Rajapaksa when considering the manner in which they were handling student agitation. IUSF convener Lahiru Weerasekara said they had no problems with the police and the police behaved in an unruly manner not because they wanted to but because they were ordered to do so by the education authorities. “For his political campaign, President Sirisena had used the photographs and video footage of our members being beaten by the police during the Rajapaksa regime. He had even appeared in advertisements promising to end the brutal and aggressive manner in which the police acted towards students. We don’t see any difference between the two presidents. When we inquired from Western Province Senior DIG Pujitha Jayasundara he said he was not aware as to what happened. The President is likely to tell the people that he too was unaware of what happened. This is how the so-called ‘Yahapalanaya’ is functioning after pledging to protect free education and students rights,” Mr. Weerasekara said. The HNDA students began their protest march from the Fort Railway Station supported by the IUSF and IUBF (Inter-University Bikkhu Federation) demanding that the the diploma be similarly recognised as the Bachelor of Commerce degree. Equal recognition was granted in 1990 but the Mahinda Rajapaksa government issued a circular cancelling the degree status provided to it. Mr. Weerasekara said the police and the anti riot squad had unleashed a brutal attack on the students including girls and Buddhist monks by firing tear gas, using water cannons and baton charging them. He said they would complain against this inhuman act to the Sri Lanka Human Rights Commission and continue their struggle till these matters have been resolved. Police Media Spokesperson Ruwan Gunasekara rejected the allegations made against the police and said they were only performing their duty to maintain law and order. Meanwhile, the 39 students who were arrested on Thursday were granted bail by the Colombo Chief Magistrate today. The IUSF said eight students were still under treatment at the Colombo National Hospital.(Piyumi Fonseka) –

  3. Independent Says:

    එරික්‌ සෝල්හයිම් යුද සමයේ රහසක්‌ මුල් වරට හෙළි කරයි

    තවදුරටත් අදහස්‌ දැක්‌වූ සොල්හයිම් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී අනිවාර්යෙන්ම දෙපාර්ශ්වයෙන්ම යුද අපරාධ සිදු වූ බවත් නමුත් කොටි නායකයන් අතින් සිදු කළ අපරාධ සම්බන්ධයෙන් දඬුවම් දීමට දැන් කොටි නායකයන් ජීවතුන් අතර නොමැති බවයි.

    එසේම ශ්‍රී ලංකා රජයෙන් සිදු කරන ලද යුද අපරාධ සදහා ද ඒවාට වගකිව යුතු නායකයන් අධිකරණය ඉදිරියට ගෙන ආ යුතු බවත් ඒ සඳහා සුදුසු වන්නේ ශ්‍රී ලංකාව තුළින්ම යාන්ත්‍රණයක්‌ සාදා ගැනීම බවත් ඔහු කීවේය. එම කටයුත්ත ශ්‍රී ලංකාව තුළින් සිදු නොවන්නේ නම් ජාත්‍යන්තරයට මැදිහත් වීමට සිදුවන බවත් ඔහු පැවසීය.

    නව රජය බිහිවීම ශ්‍රී ලංකාවට සුභ නිමිත්තක්‌ බවත්, ශිෂ්ට සම්පන්න ජනාධිපතිවරයකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාත්, ශිෂ්ට සම්පන්න අගමැතිවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතාත් තේරීපත් වීම තුළින් රටේ ශීඝ්‍ර සංවර්ධනයක්‌ ඇතිවීමට මග පෑදී ඇති බවත් සොල්හයිම් මහතා සදහන් කළේය.

    දෙමළ ජනයාටද යම්කිසි ස්‌වයං පාලනයක්‌ ලබා දීමක්‌ මෙම රජයෙන් බලාපොරොත්තු විය හැකි බව ඔහුගේ විශ්වාසය බවත් එරික්‌ සොල්හයිම් පැවසීය. තමා නව නෝර්වේජියානු රජයේ ඇමැතිවරයකු නොවූවද ශ්‍රී ලංකාවේ නව රජයට උදව් අවශ්‍ය නම් නොර්වේජියානු රජය නොපැකිළව උදව් කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත්, එහෙත් උදව් ඉල්ලීම කෙළින්ම ශ්‍රී ලංකා රජයෙන් පැමිණිය යුතු බවත් ඔහු පැවසීය.

    යුද්ධය අවසාන භාගයේ සිදුවිය හැකි මහා ජීවිත විනාශය වළක්‌වා ගැනීම සඳහා කටයුතු නොකළේ මන් දැයි ඇසූ විට ඔහු කියා සිටියේ ඉන්දියානු රජයේ මතය වී තිබුණේa ශ්‍රී ලංකා රජයට හෝ කොටි සංවිධානයට යුද්ධයෙන් ජයගත නොහැකි බවත් යුද්ධයෙන් හෙම්බත් වී දෙපාර්ශවයම නැවත සාකච්ඡා මේසයට පැමිණෙන බවත් එහෙත් කොටි සංවිධානය කොටු වී පරාජය පෙනෙන මොහොතේ ජාත්‍යන්තරයේ අධීක්‌ෂණය යටතේ රතුකුරුස හමුදාවට භාරවන ලෙස කොටි සංවිධානයෙන් ඉල්ලා සිටියද ප්‍රභාකරන් එයට අකමැති වූ බවයි.

    සාම ක්‍රියාවළිය සාර්ථක නොවූයේ මන්දැයි ඇසූ පැනයට පිළිතුරු දුන් සොල්හයිම් මහතා කියා සිටියේ ඒ සඳහා පැවති ශ්‍රී ලංකා රජයයන්, ප්‍රභාකරන් සහ ජාත්‍යන්තරය යන සියල්ලෝම වගකිව යුතු බවයි.

    එසේම ජාත්‍යන්තර අත්දැකීම් තබා ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයටවත් ගොස්‌ නැති කරුණු හරි හැටි වටහා නොගත් හුදෙකලා වූ ගරිල්ලා නායකයකු ගත් තීරණ, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය සහ එක්‌සත් ජාතික පක්‌ෂය අතර වූ මත ගැටුම් නිසා එක්‌ පක්‌ෂයක්‌ දෙමළ ජනයාට විසඳුමක්‌ ඉදිරිපත් කළ විට අනෙක්‌ පක්‌ෂය එයට විරුද්ධවීම, ඒ අවස්‌ථාවේ ඉරාකයේ සහ ඇµaගනිස්‌ථානයේ තිබූ සටන් නිසා ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාව කෙරෙහි යොමු වීමට නොහැකිවීමත් සාම ක්‍රියාවලිය අසාර්ථක වීමට හේතු වූ බව ඔහු අවසාන වශයෙන් පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress