බාල බෙහෙත් ගෙන්වා වැරදිකරුවකු වූ රාජිත එදා සිට මට වෛර කරනවා – ඇමැති විජයදාස රාජපක්‍ෂ
Posted on November 13th, 2015

ශිරාන් රණසිංහ  උපුටා ගැන්ම දිවයින

ඇමැති රාජිත සේනාරත්න මහතා තමා සමඟ වෛර බැඳ සිටින්නේ අද ඊයේ සිට නොවන බවත් කල් ඉකුත් වූ බාල ඖෂධ ගෙන්වා අධිකරණයේ වරදකරුවකු වී මන්ත්‍රී ධුරය අහෝසි වූ දා සිට මෙලෙස වෛර බැඳ සිටින බවත් අධිකරණ හා බුද්ධශාසන ඇමැති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා “දිවයින” ට පැවසීය. රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සිටි කාලයේදී කල් ඉකුත් වූ බාල දන්ත ඖෂධ ගෙන්වා ඒ පිළිබඳ අධිකරණයේ විභාග වූ නඩුවකින් වරදකරු වූ බවත් ඒ අවස්‌ථාවේ මන්ත්‍රී ධුරයද අහිමි වූ බවත් විජයදාස රාජපක්‍ෂ ඇමැතිවරයා කියා සිටී.

ත්‍රිවිධ හමුදාවට හා ඔසුසලට බාල කල් ඉකුත් වූ ඖෂධ ලබාදී දූෂිතයකු ලෙස වරදකරුවකු වූ මෙරට පළමු හා එකම මන්ත්‍රීවරයා දැන් ඇවන්ගාඩ් සිද්ධියකට තමාට එරෙහිව බොරු අවලාද නඟන බවද රාජපක්‍ෂ ඇමැතිවරයා පවසයි.

අනෙක්‌ අයට හොරා කියා ලේබල් අලවන රාජිත සේනාරත්න මහතා සම කැබිනට්‌ ප්‍රකාශක ලෙස පත්කිරීම ල-ජාවට කරුණක්‌ බවද මුළු ලෝකයම කැබිනට්‌ ප්‍රකාශකගේ ප්‍රකාශ දෙස බලා සිටින බවද රාජපක්‍ෂ ඇමැතිවරයා කියා සිටී.

මෙලෙස වාචාල ලෙස බොරු අවලාද නගන අයකු කැබිනට්‌ ප්‍රකාශක ලෙස තබාගෙන කටයුතු කළහොත් ආණ්‌ඩුවට එහි ප්‍රතිඵල බුක්‌ති විඳින්නට වැඩි කාලයක්‌ ගත නොවන බවද ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා තමාට එරෙහිව නගන චෝදනාවලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

තමා දේශපාලනයෙන් සත පහක්‌ හම්බ නොකළ බවත් එසේ තිබියදී මෙලෙස අවලාද නැගීම බලා සිටිය නොහැකි බවත් ඇමැතිවරයා පැවසීය.

One Response to “බාල බෙහෙත් ගෙන්වා වැරදිකරුවකු වූ රාජිත එදා සිට මට වෛර කරනවා – ඇමැති විජයදාස රාජපක්‍ෂ”

  1. Ratanapala Says:

    Ooru Kata gana wena mona kathada? Me oora desapalanayen elawa damiya uthui!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress