සංගීතය, නර්තනය, අමුඩය හා තනපටය
Posted on December 28th, 2015

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මේ රටේ ජනතාව පවතින යථාර්තයෙන්, ඉවත්කොට තබා ගැනීම සදහා ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන මහතාගේ යහපාලන ආණ්ඩුව විසින් විවිධ මාතෘකා ජනතාව අතරට අතහැරීම පුරුද්දක්වශයෙන් සිදුකරගෙන යන කාර්යයකි. ජනාධිපතිතුමා මෙවර ජනතාව අතරට අතහරින ලද මාතෘකාව වූයේ, ගායකයා වෙත විසිකරන ලද තරුණ යුවතියකගේ තණපටයි. ජනාධිපති වරයාගේ කථාවට අනුව, මේ යුවතියගේ‌ තණපට ගලවා ගායකයා වෙත විසිකිරීමට  තරම් බලයක් තරුණිය තුල උත්පාදනය කර ඇත්තේ, මධුවිත, සංගීතය, ගායනය හා රංගනයයි.

තනපට ගලවා විසිකිරීම රංගනයේම අංගයක් බැවින්ද, රංගනය සිදුකරන්නට සිදුවන්නේ, වාදනයට අනුවය.  මේ අනුව වාදනයේ හා සංගීතයේ ප්රභලත්වය කවරේදැයි සියල්ලන්ටම වටහා ගත හැක.මේ වාදකයා එම තරුණියගේ තනපටය ගලවා විසිකෙරුවා පමණක් නොව, ඊට එරෙහිව කථා කරවීමට මෙරට පලමුවන පුරවැසියාවන ජනාධිපතිවරයාවද උද්දීපනය කරවන ලදී. අද තනපටේ කථාව, රටෙහි කථා කරන ප්රධාන මාතෘකාවක් බවට පරිවර්තනයව ඇත. අතිගරු ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන මහතා , පසුගිය සතියේ කෝට්ටේ පැවති රැස්වීමකදී, ඉතා රසවත් කරමින් ගායනාවක් කරන ලදී. ගායනාවහි රවකයා තොටගමුවේ රාහුල ස්වාමීන් වහන්සේ වන අතර, ජනාධිපතිතුමා ගායනා කරන ලද පදවැල වූයේ;

සිසි වන වුවන ඉග සුග ගත හැකි          මිටින

නිසි පුළු’ලුකුළ රිය සක යුරු           තිසර තන

දිසි රන ලියෙ’ව් රූ සිරි යුත්           මෙ පුරගන

ඇසි පිය හෙළන පමණින් නොවෙති දෙව’ගන

අතිගරු ජනාධිපතිතුමා මේ ගායනය කරන විට,  සභාවේ සිටින සියලු මිනිසුන් මනසින් තනපට නැති කාන්තාවන් දකින අතර, තුලින් මහා වින්දනයක් ලබයි. රැස්ව සිටි සභාවට මේ වින්දනය ලබා දෙන්නේ කවුද? මෙරට අතිගරු ජනාධිපති මෙෙත්රීපාල සිරිසේන මහතාය. වින්දනය ලබාදීම සදහා එකිනෙකාගේ මනස තුල සිටින සෑම ගැහැණියකගේම තනපට ගලවා දමන්නා බවට පත්වන්නේද අතිගරු ජනාධිපතිතුමාය. එතුමා මේ රැස්වීමේදී සිදුකලේ, කෝට්ටේ යුගයේ, තොටගමුවේ රාහුල ස්වාමීන් වහන්සේ, රචනය කර ගැයූවකි. තොටගමුවේ ස්වාමීන්වහන්සේ, කාන්තාවන්ගේ පියයුරු වර්ණනා කිරීම හා එය නිරාවරය කර රසවිදින්නාට අපූරුවට ගෙනහැර දැක්වූ හිමි නමක් වන අතර, සැළලිහිි සංදේසයේම මීට අදාල පදවැල් තිබේ. මේ කාර්යය කරන්නේ මේ රටේ සිංහල සංෂ්කෘතියේ මුදුන් මල් කඩක් බදු තවමත් අපතුල ජීවත්වෙන ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමකි.

මේ ගායනය කරමින් තමනුත් මහා වින්දනයක් ලබමින් පැමිණ සිටි සෑම ජනතාවගේ මනස තුල සිටි කාන්තාවගේ තනපටය ගලවා විවර කොට පෙන්වා, එය තමන්ගේ  දේශපාලන ලාංජනය වූ හංසයන්ට සමාන බව ගෙනහැර දක්වපු ජනාධිපතිතුමාම, ඊට සතියකට පසු පවත්වන ලද සංගීත සංදර්ශණයකදී කාන්තාවක් තම තනපටය ගලවා දැමීම සම්බන්ධව, දඩුවම් දිය යුතු පුද්ගලයන් කවරේදැයි සොයයි.

මේ තරුණියම යම් හෙයකින් පෙර සතියේදී ජනාධිපතිතුමාගේ ගායන අවස්ථාවේදී රැස්වීමේ සිටියා නම් සිදුවිය හැකිව තිබූ දේ සම්බන්ධව අප කිසිත් නොදනිමු. නමුත් වැදගත්ම සිද්ධාන්තය වන්නේ භෞතික තලයේදී, මේ තරුණිය තන පට ගලවා විසිකල අවස්ථාවේදී, රැස්ව සිටි කිසිවෙක් ඇයගේ තිසර තන නොදුටු අතර, ජනාධිපතිතුමා පෙර සතියේදී වර්ණනාත්මකව ගයන අවස්ථාවේදී රැස්ව සිටි සියල්ලන්ගේම මනෝ තලයේ සිටි කාන්නාවන්ගේ තිසර තන මනාව එලි දැක්වීමයි.

අතිගරු ජනාධිපතිතුමා එදා කල කාර්යයේ කිසිදු වරදක් නැතිවා සේම, පසුගියදා රංනයේදී  සංස්කෘතික වටපිටාවට උචිතව තනපටක් විසි කිරීම මේ රාජ්ත්රාන්තික පදනමකින් කථා කලයුතු කාර්යයක් නොවේ. ගුත්තිල කාව්යේ එව්නි සිදුවීම්ගනනාවක්ම පෙන්නුම් කරයි මේ එක් සිදුවීමකි. මෙසේ විස්තර කර ඇත.

නිති නිරිදුගෙ රැකවලෙහි නියුත්තෝ

රුති ලෙස රුපුනොද බිද ජය ගත්තෝ

පැතිරෙන වෙන නද බැදුන සිතැත්තෝ

අති නවි ගිලිහෙන බව නොම දත්තෝ

සැබෑ සංගීතයට ඕනෑ‌අයෙක් නැටවිය හැකි බැවින්, එසේ නටන මිනිසුන් විසින් වෙනත් මිනිසුන්ට දඩුවම් කිරීමට ඉදිරිපත්වීම නොකල යුතුය.

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

6 Responses to “සංගීතය, නර්තනය, අමුඩය හා තනපටය”

  1. Leela Says:

    මට තක්කඩි අාප්ප සිරා සමග එකඟ විය හැකි දේ ඉතා විරලයි. නමුත් මේ තුප්පහි ජරා වැඩේ එ් කියන්නෙ තනපට සහ නිකර් ගලවා ස්ටේජ් එකට විසි කරන වේසියො ගැන සිරාට වගේම මට තියෙන්නෙත් හිරිකිතක්. සිරා ඔිවා කියන්නෙ අපිව චූන් කරන්න කියන කතාවට පන්ඩිතගේ මහත්මයා සමග මමත් එකඟය්.

    කවියක් අසා තනපට නැති කාන්තාවක් මනසින් දකින එකයි එට්කසි ගහපු ගැහැනියක් විසින්ම තමන්ගෙ තනපට ගලවා ස්ටේජ් එකට විසි කරන එකය් තවත් එවැනිම එකියක් ස්ටේජ් එකට දපැනල ගායකය සිප ගන්නව කියන්නෙ දෙකක් නේද? ඊ ලඟ සැරේ අපි විශ්ව විද්‍යාලෙ යන කාලෙ වරක් ජොන් ලෙනන් කලා වගේ ස්ටේජ් එකේම ගෝනියක් අැතුලෙ බැහැල වැඩෙත් කොරයි.

    ඔය වගේ වැඩ අපේ සංස්කෘතියට ගැලපෙන්නෙ නැහැ. ඔිවා ගැලපෙන්නෙ කුරැස තඩියක් එල්ලන් ස්ටේජ් එකේ කෙල්ලන්ගෙ ජංගි අස්සෙ අත ඔබන වනචර ජිප්පි සුනිලටය්, බෞද්ධ සංස්කෘතිය නැති කරන්න ඔිනා කිව්ව රොසි වේසිටය්, පිරාපකරන්ගෙ ශුක්‍රානු හොයන සන්නස්ගලයටය්, ‘අැයි අම්මෙ මාව මරා දැම්මෙ නැත්තෙ කිව්ව අවජාතක ‘අලුත් පරපුර’ කියන හැත්තය් උන් වගේ පරයි අගය කරන උන්ටම තමය්. වැඩි කල් සිරාටය් රනිලටය් එකට කැඳ උයන්න බැරි බව පැහැදිලිය්.

  2. Nanda Says:

    Thank you Leela. You said what I had to say (partly). My comment explained it clearly according to Buddhism.

  3. Christie Says:

    ලීලත් අමු සින්හල නෙමේ සිවලින්ඟෙ ඔබාගත්ත සින්හල වගේ. තොවිල් කියන්නෙ ඔය මහේලයයි සන්ඟයයි කරපු බජව්වම තමයි. ඉස්සරත් අදත් සින්හලරටේ. තොවිලයක පරල වෙන උන් අන්තිමට හෙලුවෙන් තමයි නටන්නෙ.

  4. chandrasena Pandithage Says:

    Leela මේ ලෝකය පුරාම ගලාගෙන ගිය දේශපාලන දහරාවක් තියෙනවා ඒ අයම ගෙනල්ලා, ඒ අයම පවත්වලා ඔබ අප සමග එකතු වෙලා ඒ අයම බනිනවා. මේ අලුත් ක්රමය ආප්ප සිරා පදනමට අයත් හැමෝම කරනවා. සෝභිත හාමුදුරුවෝ අපවත්වීමට පෙර කලෙත් ඒ දෙයමයි. වර්තමාන ජනතා විමුක්ති පෙරමුණ කරන්නෙත් ඒ දෙයමයි සිරිසේන මහත්මයාත් කරන්නේ ඒ දෙයමයි. විරුද්ධ වෙනකොට මේ අය අපත් සමග එකතුව විරුද්ධ වෙනවා. එහෙම කරන විට අපිට බනින්න එක්ක් වත් නැහැ.

  5. ranjit Says:

    I agree with leela.Whenever UNP comes to power you can see these kinds of ATAKA NATAKA. Can anyone remember once at ROYAL college worst than this happened in front of the then Prime Minister and the clan? Now also the same clique running the show in this country. Sira like these very much but he wanted to show that he is a staunch Buddhist and a good man bullshit. The worst individula to Govern our country. Show your anger by putting a black flag for the new year. How many Ministers in the cabinet now? How many are out of Sri Lanka at this moment 30 including the Gayboy Ranil. Mahela and Sanga shouldn’nt have apologiesd because Henry is a world famous singer and everybody has the right to do what ever they wish.It’s a free country.If someone behaves badly or does something wrong police has the right to take action without fear.It’s shame a President to talk about it in public.I was not surprised by his comment because he is always gives third class coments. Entertainment is good for rich but not for the poor in this country.

  6. Ratanapala Says:

    Dan Gon Sirata ithiriwela thiyenne gaanunge passa warnana karanna withrai! Ituru hariya kollange passa warnana karanna Ranil, Mangala, Akila, Malik polimak innawane! Oka thamai nawa aanduwa saha yahapalanaya!

    Ane ape ratata giya kala!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress