අප නැවතත් යටත්විජිතයක් වූ දා
Posted on January 8th, 2016

නලින් ද සිල්වා

අප රට නැවතත් යටත්විජිතයක් බවට පත්වූයේ අදින් අවුරුද්දකට පෙර 2015 ජනවාරි 8 වැනි දා ය. එයට සිංහල බෞද්ධයන්ගෙන් බහුතරය අකමැති වුවත් මෛත්‍රිපාල සිරිසේන දෙමළ හා මුස්ලිම් ජනයාගේ අති විශාල බහුතර ඡන්දයකින් ජනාධිපති ලෙස තේරී පත්විය. ඔහු සැබවින් ම ඉන්දියාවේ අපේක්‍ෂකයා විය. ඔහුට එංගලන්තයේත් ඇමරිකාවේත් සහාය ලැබිණි. අද මෙරට පාලනය කෙරෙන්නේ මේ රටවල් තුන මගිනි. ඉන්දියාවට අවශ්‍ය දෙමළ ජාතිවාදය ඔවුන්ට අවශ්‍ය ආකාරයට සිංහල බෞද්ධයනට විරුද්ධව මෙහෙයවීමට ය. ඔවුහු දහතුනට එහා යන සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමට කටයුතු කරති. දෙමළ ජාතිවාදය දේශපාලනයෙහි දී ආරම්භ කළ එංගලන්තය විසුරණු දෙමළ ජනතාව මගින් විග්නේෂ්වරන් උපයෝගී කරගනිමින් ඊළාම් දේශපාලනයක යෙදෙයි. ඇමරිකාව දෙමළ ජාතිවාදයට ආධාර කරන අතර රට ආර්ථික හා දේශපාලන වශයෙන් මෙහෙයවයි.
SLflagdamage
අද ඊනියා ආර්ථික සම්මේලනයක් පවත්වන්නේ ද ඒ සඳහා ය. ඒ සම්මේලනයට සෝරොස් වැනි මංකොල්ලකාරයකුට ආරාධනා කෙරුණේ ඇමරිකාවේ මැදිහත් වීමෙනි. දෙමළ ජාතිවාදයට පක්‍ෂව කටයුතු කළ නෝර්වේහි විදේශ ඇමති ලංකාවට පැමිණෙයි. ලංකාව බ්ලෙයාර්ගේ ගෙදර බවට පත් වී ඇත. රනිල් වික්‍රමසිංහ විධායක අගමැති ලෙස එංගලන්තය හා ඇමරිකාව වෙනුවෙන් පෙනී සිටියි. මෛත්‍රිපාල සිරිසේන විධායක ජනාධිපති නොව චාරිත්‍රානුකූල ජනාධිපති කෙනකු පමණ ය. ඔහුට  අද අත්හරින්නට බලයක් නැත. ඇමරිකාවේ පුවත්පතක පළ වූ රූපයකින්  මේ සියල්ල ඉතා මැනවින් නිරූපණය වෙයි.
 
නලින් ද සිල්වා
 
2016 ජනවාරි 08

3 Responses to “අප නැවතත් යටත්විජිතයක් වූ දා”

  1. Christie Says:

    Namaste: The 2015 Sri Lankan Presidential election: How it happened? What it means for Sri Lanka? What it means for Indian Empire (Indian Union & its colonies)?
    How it happened? Another Indian job. The former President called an early election. The Indian imperialists (India) were ready to correct its mistake in 2005 when it backed Mahinda Rajapaksa over Ranil Wickramasinge. Then, Indian imperialists advised Indian block vote in the island to abstain from voting. The reason for the preference was Indian imperialists thought it will be easier to negotiate with Mahinda an unknown matter for India. Unfortunately for India, Mahinda did not follow Indian directions as former Sri Lankan leaders did since 1956. In 2010 India enrolled General Sarath Fonseka as a presidential candidate against Mahinda and failed. So behind the scene as Indian imperialist always do they were planning for years and got former governor Chandrika Bandaranayake-Kumaranatunge to do the job and succeeded with doing a repeat of what India did with her father Solomon West Ridgeway Dias Bandaranayake in 1951. India did not have to wait for four year this time. India managed to divide the non-Indian vote and got the Indian block vote for Maithripala Sirisena the new governor of Sri Lanka who may be the proxy for the real governor Chandrika.
    What it means for Sri Lanka? Nothing much. It will be the same as what the island nation had from 1956 to 2005 and before from 1792 to 1948. The Indian minority will run the country with the privileges they enjoyed since their arrival under the cover of the British fire power and their own nonviolent aggression and oppression. They will claim they are the victims of Majority Chauvinists; the same claim that they make in other colonies from Fiji to Guyana. For example; finance and justice; most important ingredients in the world and heads of these two institutions in the island now are from the victimized minority and one of them has been brought from another colony.
    What it means for the Indian Empire? It means a lot to the Indian Empire. The former partner of the British-Indian Empire from Fiji to Guyana that is all former tropical colonies of the British-Indian Empire. India lost its control over the island nation since 2005 as the new government of the island nation managed to wipe out the Indian terrorist arm; trained, armed, financed, managed and branded Tamil !Tigers by India. Since the election of the new governor Indian cars and food have become cheaper with reduced tax on Indian products. Indian Imperialists have already indicated massive investments and projects in all sectors of the economy. This will not be a hard act as the island nation’s economy has been in their hands for more than two centuries and the business language in the country is an Indian language spoken by more than 75 million of them in India. The wealthiest in the island are Indian though their wealth is not stored in the island but most of it in India. Reclaiming the control over the island nation will supplement its control over the Indian Ocean and Indian Ocean countries. With its unchallenged military power; with ICBMs, Aircraft Carriers, Nuke Subs, Nuke (Peace) bombs and purchase of hundred billion dollars’ worth of military hardware the island nation provides the best step with Mauritius a third State of India to lay a drag line across the Indian Ocean.

  2. Senevirath Says:

    කුමටද ලංකා කඳුළු සලන්නේ
    අපගේ උන්මය් අපට කෙලින්නේ
    අපගේ උන්මය් කෙලවා ගන්නේ
    මේ වින්නැහි අප කාට කියන්නේ

  3. sarathk Says:

    මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කලේ මුස්ලිම් , දෙමල චන්ද වලින් පමණක් නොව සිංහල ක්‍රිස්තියානි, බෞද්ද කළු සුද්දෝ හා ෆැන්සි ලපයි සිපයි නවක පරපුරේ චන්දද ලබා ගනිමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress