යහපාලන ගොනා බුද්ධාගමටත් අනී – සුද්දා 1815දීවත් නොකළ ද්‍රෝහීකමකට අර අදී
Posted on January 10th, 2016

ලසන්ත වික්‍රමසිංහ යුතුකම සංවාද කවය

බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය පොතෙන් එළියට, ඊලඟට ව්‍යවස්ථාවෙන්?

චන්ද්‍රිකා මහත්මිය සිටින්නේ පාසල් යන වයසක නොවේ. නමුත් ළඟදී චන්ද්‍රිකා මහත්මියට පාසල් පෙළ පොත් මතක් විය. අපටත් ඇතැම් විට කුඩා කළ බැලූ ඒ පොත පත කිසියම් අතීතාශ්වාදජක හැඟීමක් මුසුව මතකයට නැගෙන අවස්ථා ඇත. නමුත් චන්ද්‍රිකා මහත්මියට පාසල් පෙළ පොත් මතක් වූයේ එවැනි හැඟීමක් ඇතිව නොවේ. බටහිරයන් විසින් ඇයට පැවරූ ප්‍රධාන වගකීමක ආරම්භක පියවර තැබීමටය. ඇය ළඟදී පාසල් විෂය නිර්දේශයෙන් බුද්ධාගම පොත ඉවත් කර සියළු ආගම් ඇතුළත් සර්ව ආගමික පොතක් ළමුනට ලබා දිය යුතු බවට අදහස් පළ කළාය.

වරෙක ඇය තම පුතණුවන් සිංහලයකු වීම පිලිබඳ ඔහු අතිශයින් ලැජ්ජා වන වග තමා සමඟ පැවසු බව ප්‍රසිද්ධියේ පැවසුවාය. ඇයද තමා සිංහලයකු වීම පිලිබඳ ලැජ්ජා වන ස්ත්‍රියකි. නොඑසේ නම් සිය පුතා සිංහලයකු වීම පිලිබඳ ලැජ්ජා වන බව ප්‍රසිද්ධියේ කියන්නේ නැත. ඇය මේ රටේ සිංහලයන්ට සහ බෞද්ධයන්ට හිමි තැන නොපිලිගන්නා ස්ත්‍රියකි.

බ්‍රිතාන්‍යයන් විසින් අත්සන් තැබූ උඩරට ගිවිසුමේ පවා බෞද්ධාගම රැක ගැනීම උදෙසා ඔවුන් සතු වගකීම අවධාරණය වී ඇත්තේ එය මේ රටේ ඓතිහාසිකව පැවත ආ සම්ප්‍රදාය වූවා සේම එය රජවරුන් සතු යුතුකමක් සහ රාජ්‍යත්වයට ඇති හිමිකමද නිර්ණය වන සාධකයක් වි තිබුන බැවිනි. රටක ව්‍යවස්ථාව සහ නීති බවට පත් වන්නේ එම රටේ සම්ප්‍රදායයි. නමුත් බ්‍රිතාන්‍යය යටත් විජිතයක් වූ අප සතුව ඇත්තේ බ්‍රිතාන්‍යයේ සම්ප්‍රදාය මත සැකසූ ව්‍යවස්ථාවක් විනා අපගේ සම්ප්‍රදාය මත සැකසූ ව්‍යවස්ථාවක් නොවේ. කෙසේ නමුත් උඩරට ගිවිසුමට ද ඇතුලත් කර ඇති පරිදිම වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයට අයත් වන නව වන වගන්තියට අනුව ශ්‍රී ලංකා රජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුතුය. එසේම බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතුය යනුවෙන්ද එහි ඇතුළත්ය.

දැන් මේ චන්ද්‍රිකා නෝනා එන්නේ මොකාටදැයි වටහා ගැනීමට අමුතු බුද්ධියක් අවශ්‍යය නොවේ. ස්වාභාවික මිනිස් ඉව ඒ සඳහා හොඳටම ප්‍රමාණවත්ය. ලංකා රජය නව ව්‍යවස්ථාවක් සකසන්නට කැස පට ගසමින් සිටියි. සැබැවින්ම එය ලංකා රජය විසින් සදන්නට යන ව්‍යවස්ථාවක් යැයි කියනවාට වඩා ගැලපෙන්නේ බටහිරයන් විසින් අප ලවා සාදවන අපේ නොවන අපේ ව්‍යවස්ථාවක් බව පැවසීමයි. මෙම ව්‍යවස්ථාව සැකසෙන්නේ නෝර්වීජියානු විශේෂඥ කෙවන් වොලන්ගේ උපදෙස් මතය. ආර් සම්බන්ධන් විපක්ෂ නායකතුමා ව්‍යවස්ථාවේ තමනට ඇති ගැටළු දන්වා යවන්නේ මේ නෝර්වේ රටේ කෙවන් වොලන්ටය. මේ ව්‍යවස්ථාව කෙබඳුදැයි තවම අප දන්නේ නැත.

නමුත් චන්ද්‍රිකා පෙළ පොත සර්ව ආගමික කිරීම හරහා නිකුත් කරන්නේ සංඥාවකි. පැහැඳිලි සංඥාවකි. නැතිනම් චන්ද්‍රිකාට ඉස්කෝලේ පොත් මතක් වෙන වයසක් නොවේ මේ. මුලින්ම එන්නේ සර්ව ආගමික පාසල් පෙළ පොතක්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී නැති පාසල් පෙළ පොතක්. ඉන් පසුව එන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති ව්‍යවස්ථාවක්. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති රටක්.

පෙළ පොත හරහා කාර්යයන් දෙකක් සාක්ෂාත් කර ගත හැකිය. එකක් මුලින් මුට්ටිය දමා බැලීමය. මේ මුට්ටියට කුඩු වෙන්න ගැහුවද හොරා පසුබසිනු ඇත්තේ තාවකාලිකවය. මේ හොරා මෙහය වන්නේ බටහිර අධිරාජ්‍යවාදී බලවතුන් විසිනි. ව්‍යවස්ථාව සදන්නේ නෝර්වේ රටින් උපදෙස් ගනිමිනි. එනිසා හොරාටද හොරකමේ යනවා හැරෙන්න වෙන විකල්පයක් නැත. ඉන් සාක්ෂාත් කර ගන්නා දෙවන කාරණය ඊටත් වඩා අතිශය භයානකය. එනම් මතවාදීව බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් හිමි විය යුතු නැතැයි තහවුරු කර ගැනීමයි. පෙළ පොතට මේ වෙනස කරන විට බොහෝ දෙනෙකු ඒ ගැන එතරම් උනන්දු නොවන, බිය නොවන හේතුවක් තිබේ. ඒ ළමුන්ට අන් ආගම් ගැනද වැටහීමක් ලැබීමේ කිසියම් සාධනීය පැත්තක්ද ඇති බැවිනි. එහි සත්‍යයක්ද තිබේ. නමුත් චන්ද්‍රිකා…. ඇය දැන් කල්පනා කරන්නේ ළමුන්ගේ අධ්‍යාපනය ගැනද? අපි ඇය ගැන දනිමු. ගොනා හැරෙන්නේ පොල් පැළයට වැඩේ දීමට බව අපට පෙනී යා යුතුය.

මුලින් පෙළ පොත සර්ව ආගමික කළ පසු සියළු ආගම් මේ රට තුළ සමස්ථානයේ ලා සැලකිය යුතු බවට මතයක් පසුව තහවුරු කර ගැනීම පහසු වේ. කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානයක් අවැසි නැති බව පවසනු ඇත. අවශ්‍ය නම් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දීම බෞද්ධ ධර්මයට පවා පටහැණි යැයි උගන්වන ඊනියා උගතුන් කිහිප දෙනෙකුද කළ එළි බසිනු ඇත. අඥාන සිංහලයාට මෙය වැටහෙන කොට පෙරහැර ගිහින්ය. බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ඉවත් කිරීම සඳහා චන්ද්‍රිකාලා රනිල්ලා හරහා බටහිරයන් ඉතා දක්ෂ අයුරින් මානසික පරිවර්තනයක් සැලසුම් කර ක්‍රියාත්මක කරන බව අපට දැන් පෙනී යා යුතුය. එය මෙරට මහා සංඝයා වහන්සේ ඇතුළු බෞද්ධ දායක දායිකාවන්ගේ අප්‍රමාදි අවධානයටවත් ලක් විය යුතුය. හොරා අල්ලා ගැනීම කෙසේ වෙතත් මුට්ටිය බිද දැමීමටවත් මේ සියළු දෙනා නින්දෙන් අවදි විය යුතුය. නැතිනම් අපට වසර දෙදහස් පන්සියයකට වඩා පැවත ආ සම්ප්‍රදායට, අලිඛිත ව්‍යවස්ථාවට සහ ලිඛිත ව්‍යවස්ථාවට පටහැණි රටක් බිහි වීමට ඇත්තේ තවත් වසර දෙකකට අඩු කාලයක් බව සිහි කැඳවා ගත යුතුය. යළි යටත්විජිතකරණයට ලක් වූ මේ දේශයේ අප ගත කරන්නේ ඉතිහාසය වෙනස් කරවන සන්ධියක් පසු කරන ඉතාම තීරණාත්මක අවධියකි. නිදිගෙන සිටියහොත් සොරා ගෙයි වටිනා කියන කිසිවක් ඉතිරි නොකරනු නිසැකය.

ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

 

2 Responses to “යහපාලන ගොනා බුද්ධාගමටත් අනී – සුද්දා 1815දීවත් නොකළ ද්‍රෝහීකමකට අර අදී”

  1. Wetta Says:

    අප විසින් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නොදිය යුතුයැයි තර්කානුකුලව අපට කියන ඔය නොර්වේ ඇතුළු “සියලුම” බටහිර රටවල ව්‍යවස්ථා වල “ක්‍රිස්තියානි” ආගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති බව චන්ද්‍රිකා නෝනා මෙන්ම බටහිරට ආවඩන, ඔවුන්ගේ යැපෙන, බටහිර රටක ජීවත් වීමට නම් පින් කලයුතු යැයි සිතන, භෞතිකවාදී “ඊනියා” උගතුන්ද නොදන්නවා විය හැකිය. මීට අමතරව මැද පෙරදිග මුස්ලිම් රාජ්‍යයන් සියල්ලම මුස්ලිම් ආගමට ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛස්ථානය දී ඇත. ඒ අනුව බලන කල ඓතිහාසිකව යම් රටක බහුලව පැවතී ආගම එම රටේ ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛස්ථානය දෙන එකම රට ශ්‍රී ලංකාව පමණක් නොවේ. අපි කල යුත්තේ බටහිර රටවල් කරන දේ නම්, අප කල යුත්තේ ඔවුන් කර ඇති පරිදිම අපේ රටේ ඓතිහාසිකව බහුලව ආගමට (බුද්ධාගමට) ප්‍රමුඛස්ථානය දීමයි. මෙම පුංචි තර්කය අවබෝධ කරගැනීමට චන්ද්‍රිකා නෝනා සහ සමාගමට නොහැකිවීම ගැන අප පුදුම විය යුතු නැත, මන්ද ඔවුන්ගේ මනස ක්‍රියා කරන ආකාරය අප කවුරුත් හොඳින් දන්නා බැවිනි.

  2. Jag Says:

    This is a timely article that reveals the truth. It is high time people come to understand the MOTHER OF ALL ILLS in Sri Lanka, that is this lunatic, frustrated woman called Chandrika Kumaratunge aka Satellite.

    There is a very important question that people should ask themselves…. whether to let this moronic low life to turn our country upside down or stop her on her tracks.

    Well, someone got to do it and teach a lesson to the rest who are following her path of destruction of our country.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress