යහපාලන සංවත්සරය
Posted on January 10th, 2016

මා ආදරණය සහෝදර සහෝදරියණි.

අද වනවිට යහපාලන දේශපාලන විප්ලවයට වසරක් සම්පූර්ණවීම හේතු කටගෙන රටපුරා ගම් නියම් ගම් සිසාරා උත්සව සැනකෙළි පවත්වන තත්වයක් තුල මෙරට රාජ්ය නායකයා වශයෙන් ඔබ අමතා කථා කරන්නට ලැබීම මහත් භාග්යක් කො‌ට මම සලකනවා.

මිනිසුන්ගේ පාලනය යටතේ පැවති මේ දේශය, එහි සැබෑ උරුම කරුවන් වන සත්තුන්ගේ පාලනයට යලි නතු කර ගැනීම‌ට ලැබීමෙහි වර්ෂ පූර්ණයයි අපි මේ සමරමින්‌ සිටින්නේ;. මේ උදාර කර්තව්යකට අත ගැසීමට හැකිවීම ම්ටත් අපේ වරිගයාත් ලැබූ විශිෂ්ඨ‌ ඦඟ්රහණයක් බව පුන පුනා කියා පෑමට උවමනා නැත. මෙය සත්ව ප්රජාව විසින් හිමිකරගත් මහත් ජයග්රහණයක් වන අතර, ඒ සදහා අපට උදව් උපකාර කල සතුන් අතර, අලින් කොටින් වග වලසුන්ට අමතරව, නයින්‌, පොලොගුන් හා මාපිලන්ද, කිඹුලන් හා පිඹුරන් වැනි සතුන්ද සිටීම අපට මහා අභීමානයකි. මේ සියළුම සතුන් එකමුතු කරගැනීමට හැකිවීම, මේ ජයග්රහණයේ මූලික පදනම බව ඔබ කිසිදාක අමතක කරන්න එපා. ඒ බැරෑරුම් කාර්යය, අප පරපුර වන ඌරන්ගේ නායකත්වයෙන් ආරම්භ වූ බව මම ඔබ සැමට පවසන්නේ ඉමහත් ආඩම්බරයෙණි.! ඌරන් සතු මහා පරග්ඥාව විදහා දක්වන ලද මේ මහා විප්ලවයේ පලමුවන සංවත්සරය සැමරීමට පැමිණි ඔබ සැම පිලිගන්නේ මහත් භක්තියකින් බව මම යලි යලිත් අවධාරණය කිරීමට කැමත්තෙමි.

ආදරණී‌ය, නෝනාවරුණි, මහත්වරුණි. අදට වසරක් පිරෙන මේ මහා පරිවර්තන විප්ලවය විසින් මේ රටට සිදුකලේ කුමක්දැයි අපේ සතුරන් දැන් දිනපතාම අපෙන් අහනවා. මේ අවස්ථාවේදී මම ඔබ හැම දෙනාටම කියන්න කැමතියි යන්න රට පුරාම, නගරයක් නගරයක් පාසා ගමක් ගමක් පාසා යන්න. එවිට ඔබට පෙනේවි, අපගේ මේ යහපාලනය විසින් වසරක් තුලදී සත්ව ප්රජාවගේ උන්නතිය සදහා සිදුකර ඇති සංවර්ධන විප්ලවය කුමක්ද කියා. අපා හා සිව්පා සතුන්ට මිස දෙපා සතුන් වන මිනිසාට සේවය කිරීම අපට අයිති කාර්යයක් නොවන බව මම නොබියව මේ අවස්ථාවේදී ප්රකාකරනු කැමත්තෙමි. අපි එදා ඇහැව්වා අධිවේගී මාර්ග කන්නද කියලා. අපි අදත් ඒ ප්ශනයම අහනවා. ඇත්තටම අධිවේගී මාර්ග කන්නද කියලා. මම කනගාටුවෙන් කියන්න කැමතියි. මේ අධිවේගී මාර්ග විසින් සිදුකලේ අපා, සිවුපා හා බහුපා සතුන්ගේ රාජ්ය බෙදා වෙන් කිරීමයි. අප ආදරය කල ඊරියන් එක පැත්තකටත් ඌරන් අනිත් පැත්තටත් දමා ඉදිකල මේ මාර්ග අපේ පාලනය තුල ඉදිවන්නේ නැහැ.

බලන්න මත්තල මොනරු කී දෙනෙක් ගුවන් යානාවල හැපී මිය ගියාද? සතුන්ගේ රාජ්ය තුල එවැනි සිදුවඊම් ඉදිරියට සිදුවීම වලක්වන එක අපේ වගකීමක් බැවින් , එය අප සදාකාලික අක්රිය කලා. බලන්න පසුගිය ආණ්ඩුව, වී ගොයියන්ට පොහොර සහනාධාරය ලබාදී කල විනාශය ඒ නිසා මින් ඉදිරියට ඒ සහනාධාර අඩු කර සත්ව ප්රජාවට ස ිදුව තිබූ විනාශය අවම කල බව ඔබ සැම දන්නවා ඇතැයි සිතමි. වන සතුන් නිරුවත්ව සිටියදී මිනිසුන්ට ඇදුම් ඇදගෙන සිටීම සදහා රජය විසින් ඇදුම් සැපයීම කල නොහැකි කාර්යයක් බැවින් එහි ආරම්භක පියවරක් වශයෙන් පාසල් නිල ඇදුම් ලබාදීම අප අත්හිටවා දමන ලදී. මේවා වැඩ නෙමෙ මේවා විප්ලවීය කාර්යයන් බව බවසමින් ඔබ සැමට ශුභ යහපාලනයක් උදාවේවායි පතමි.

“සතුන්ගේ විප්ලවයට ජයවේවා!”

“අපා බහුපා සිව්පා විප්ලවයට ජයවේවා!

” මේ විප්ලවීය රාජ්ය තුල සියලුම සතුන් සමානය -ඌරන් වඩාත් සමානය”

ජයවේවා!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress