සිංහල මළකුණ බුදිනු රිසින්  සිංහල  සලකුණ සුරා කන්නෝ   6
Posted on February 7th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

…………  දකුණු ඉන්දියානු  කම්කරුවන් ඉංග්‍රීසින් විසින්  ගෙනා එකම රට ලංකාව නොවේ. මලසියාව ෆීජී  උගන්ඩාව  සිංගප්පුරුව  දකුණු අප්‍රිකාව  හා බුරුමයේද මේ ප්‍රශ්නය ඔඩුදුවා තිබු නේය . එහෙත් මේ බොහොරටවල් නිදහස ලත් වහාම  මේ ඉන්දීය කම්කරුවන්ද පිටමන් කළහ  ඉන්දියාව ඔවුන් බාරගත්තේය .1949 ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ  මේ සියල්ලෝම  ඉන්දියානු පරවැසි භාවයට  හිමිකම් කීඅ  ය වුහ . එහෙත් ලංකාවේ උඩ රටියන්ට එවැනි සැනසීමක් පාලකයන් විසින් ලබා දී නැත . සිරිමාවෝ පමණක්  මොවුන් යවන්නට හැකිතරම් උත්සාහ ගත්තාය . එහෙත් ඩඩ්ලි ජේආර් හා ප්‍රේමදාස  මේ සියල්ල නතර කර උන් හැමටම පුරවැසිකම් දුන්හ
                                                                                     මුහුදු මංකොල්ල කරයෙකුවූ ෆ්‍රැන්සිස්  ඩ්රේක්   බ්‍රතාන්යන් ගෙන්  නයිට් නාමයක් ලබා   සර් ෆ්‍රැන්සිස් ,.. විය  ලංකාවේ ගෝනවල සුනිල්  නම් පාතාලයා  දිවයිනටම සාමදාන විනිශ්චය  කාර පදවි ලබාගත්තේ  බ්රාතාන්යන්ගේ සුවච කීකරු නාමික සිංහලයන්ගෙනි  තමන් මෙරටට ගෙනා වෙල්ලාලයන් හාවතු  කම්කරුවන් රැකගැනීමට බ්‍රතාන්යයන්ට අවශ්‍ය විය . ඉංග්‍රීසින්ගේ ගෝලයෝ සිරිමාවොට විරුද්ධ වුයේ  තම ස්වාමීන්ට සේවය කිරීමටය . නැත්නම් දිවුරුම් පෙත්සමක් පමණක් ගෙන රටවසිකම් දෙන  අලුගුත්තෙරුවන් රටක සිටිය හැකිද . මුළු රටටම හොරෙන් කොටි සමග හොර ගිවිසුම් අත්සන් කරන , බුද්ධි අංශයේ සියලුම නිලධාරීන් කොටින්ට පාවාදෙන , කොටි පරදු රණවිරුවන් හිරෙදමා කොටි ”මහවිරුවන් කර ”’ නිදහස් කරන  පාලකයන් කරන්නේ  තම ස්වාමිවරු වන බ්‍රතාන්‍යයන් වෙනුවෙන්  ඔවුන්ගේ කුලී කාර වෙල්ලාලයන් ආරක්ෂා කරදීමය  සිංහලයන්හෝ බෞද්ධයන් ආරක්ෂා කිරීමට ඔවුන්ට අවශ්ෂ්‍ය නැත .
                                                             පාසල්වල  ලංකා ඉතිහාසය ඉගැන්වීම ගැන දෙමලු විරුධවුයේ  මේ රට සිංහල රටක් බව ඉන් සනාත වෙන නිසාය .1931 දී  නතානියෙල් නම්  දෙමල ලේඛකයා  ගේ ප්‍රකාශය පහත දැක්වේ .මෙය මම දන ගත්තේ මැදගම ධම්මානන්ද හිමියන්ගේ ලිපියකිනි                                                                                                                                                                                                                     

.””””’ රටේ අඛණ්ඩ ආධිපත්‍යයක් පිලිබදව  තමන්ට පමණක් උදම්වියහැකි  සිංහලයන් හා සලකා බලනවිට   ලංකා ඉතිහාසය ඉගැන්වීමෙන්  අප (දෙමල ) සහ අපගේ යටගියාව  හෑල්ලුවට පත්වෙය් . එය අපට අවමානයකි  ”””””
                                                                       ඔවුන්ගේ යටගියාව යනු  ඔවුන් ඉංග්‍රීසින්ගේ  කුලී කාරයන් ලෙස ආ බවය . එය ඉතිහාසයේ ඇත .  එමෙන්ම ඔහුම පිළිගන්නා පරිදි සිංහලයන්ට මේ රටේ අඛණ්ඩ  ආධිපත්‍යයක්  තිබී ඇත  මොවුන්ට අවශ්‍ය වුයේ මේ සිංහල ලකුණ මකාදමා තමන් ඉස්මතුවෙන ක්‍රමයකි  දෙමල හා මුස්ලිම් යන සුළු ජන වර්ග දෙකටම අවශ්‍ය එයය් . ඒ කරුනේදී මේ දෙවර්ගයම එකතුවේ / මුස්ලිම් ඇමති බදූදීන් පාසලේ ඉතිහාසය ඉගැන්වීම නතර කළේය බටහිර ගැ ති යැංකි ඩිකී ජේ ආර්  .  ඉතිහාසය හා සාහිත්‍යය කන්නදය් අසමින් පාච්චල් කළේය බට හිර විද්‍යාව අගය කළේය . අපේ ප්‍රධානම හතුරෙක් වූ ප්රුතුගීසිකාරයාට  තම  විනාශය  සැමරීමට නැවත රටට එන ලෙස ආරාධනා කලේ මෙවර්ගයේම අයෙකි   පෘතුගීසිකාරයා මෙන්ම  තරුණන්  60000 කගේ ලේ බිවු   ”’රීරියකෙකි ”    සිංහලයන්ට සිදුවූ විනාශය පෙන්වන මේ ලිපිය වැනි ලිපි ලිවීම තහනම් කරන අනපනත් ගෙන එන්නට දත කන්නේ   මේ ද්‍රෝහී කල්ලියමය තව ටික කල කින් මුන් නතානියෙල් අනුව යමින්    මහාවන්ශයද තහනම්  කරනු ඇත .දුටුගැමුණු ගැන ඉගැන්වීමද නතර කර තිබුනේය . සිංහල අයිතිය ගැන කතාකල ධර්මපාල තුමා ටද කෙනහිලිකම් කලේ ds  ලා ඇතුළු මේ පරපුරය් . දෑ හිතැති DB  ජයතිලක උපායෙන් දේශපාලනයෙන් ඉවත්කර   ඉන්දියාවට යව්වේදඔහු  බටහිර චින්තනයට විරුධ්ධවෙයය් බියවූ ds  ලය .
                                                               මෑත කාලයේ දී චන්ද්‍රිකාද මොවුන්ට එකතුවිය  ”’බුද්ධාගම තිබෙන තුරු ඒ රට දියුණු කරන්න බැ හ ”’.. මම සිංහලයෙක් කියන්න ලජ්ජය් ”’ කියමින් කලක් පාරම්බාමින් සිටි  ඇය  දැන්””’ ලංකාවේ  ඉන්දියානු”’ නියෝජිත වරියවී  පාසලෙන් බුදු දහම ඉවත් කර  සර්වාගමික  පොතක් ඒ වෙනුවට  හඳුන්වා දීමට උත්සාහ කය .   පළාත් සභා හොදය කියන්නට     ඉන්දියාවෙන්  ලක්ෂ 400 ක මුදලක්  ය හා අගේ සමියාවූ  නළුවා  විසි ලබා ගත බවට වාර්තා වූ දේවල් දන්නේ ටිකදෙනාය
මතු බැදේ  

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress