1973 -1974 ලංකාවේ ආංශික සාගතය
Posted on February 18th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග

 1973 -1974 කාලයේ ලංකාවේ ආංශික සාගතයක් තිබුනේය​. ලෝක ආහාර අර්බුධය මෙන්ම 1970 සමගි පෙරමුණු රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසාද ආහාර හිඟයක් බලපැවැත්විනි. හාල් පොලු මිරිස් පොලු නිසා හාල් ප්‍රවාහනය තහනම් කොට තිබුනේය​. සතියට දින දෙකක් බත් කෑම තහනම් කරන ලදි. මගුල් ගෙදරකට ආරාධනා කල හැකිව තිබුනේ සීමිත පිරිසකට විය​. පාන් ඇතුළු වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ලද්දේ සලාක ක්‍රමයකටය​. මයියොක්කා , බතල පරිභෝජනයට බල කෙරුනි. සීනි හිඟය නිසා බොහෝ දෙනෙකු තේ බීමට හුඹස් මැටි සහිත හකුරු හෝ සක්කර යොදා ගත්හ​. ග්‍රාමීය ප්‍රදේශ වල මෙන්ම නාගරික ප්‍රදේශ වල දුප්පත් ජනයා අතර මන්ද පෝෂණය බහුල වූයේය​.  

1973 -1974 සාගත කාලය ගැන ලියවෙන්නේ බොහෝ අඩුවෙනි. අපගේ වර්තමාන Y , Z පරම්පරාව මෙම කාලය ගැන දන්නේම නැත​. මෙකී සාගත කාලය ගැන මෑතකදී  ලියවෙන ලද්දේ සන්නස්ගලගේ අම්මා චරිතාපදානයේ පමණි. 

ඒ කාලයේදී හිඟන පවුල් බොහෝ සෙයින් දක්නට ලැබුණි. එසේම නගර පුරවා හිඟන කොල්ලන් බෝවී තිබුනේය​. මේ හිඟන කොල්ලන් අතර ඉතා උග්‍ර ලෙස මන්දපෝෂණය පැතිර තිබුනේය​. කෝටු වැනි අතපය , කලගෙඩි වන් නෙරා ගිය බඩවල්, ගිලී ගිය ඇස් සහිත හිඟන කොල්ලන් කුණු බක්කි අවුස්සමින් කෑම සෙව්වෝය​. පසු කාලයක වෛද්‍ය පීඨයේදී මැරැස්මස් , ක්වොෂියර්කෝර් , බෙරි බෙරි රෝග පිළිබඳව රූප සටහන් මගින් ඉගෙන ගනිද්දී මට ලංකාවේ ආංශික සාගත කාලයේ කොලඹ නගරයේ සිටි මේ සෝපාකලා මතක් විය​. මොවුන් කිසිවෙකු තම 13 වන උපන් දිනය පසු කලේ නැත​. බොහෝ දෙනෙකු අකාලයේ මරු දුටුහ​.

එහෙත් දිවි බේරා ගැනීමට වාසනාවන්ත වූ එක් හිටපු මන්දපෝෂී හිඟන කොල්ලෙක් මගේ මතකයට නැගේ. ඔහු මේ කාලයේ බම්බලපිටිය ප්‍රදේශයේ කඩයක අත් උදව් වැඩ කලේය​. ඒ නිසා වැටුප් වෙනුවට ඔහුට ආහාර ලැබුණි. මේ නිසා ඔහු පණ නළ ගැට ගහ ගත්තේය​.  2008 පමණ කාලයේ මම මේ පුද්ගලයා යළි දුටුවෙමි. වයස 38 පමණ වූවද ළමා කාලයේදී මන්ද පෝෂණයට ලක් වීම නිසා ඔහුගේ සිරුර 16 වියැති ළමයෙකුගේ මෙනි. ඔහු 1973 -1974 කාලයේ ලංකාවේ පැවති ආංශික  සාගතයේ ජීවමාන සලකුණකි. 

මෙම ආංශික  සාගත කාලයේ ලංකාවේ මධ්‍යම පාන්තිකයන්ට පවා ආහාර හිඟයට මුහුණ දෙන්නට සිදු වූහ​. සලාක ක්‍රමයට ආහාර බෙදා හැරීම නිසා බොහෝ දෙනෙකු සමුපකාර මැනේජර්ලා මිතුරු කර ගන්නට වෑයම් දැරූහ​. ඒ කාලයේ ළමුන් සවස සෙල්ලම් කරමින් සිටියද පාන්කාරයා ආ විගස පෝලිම් වලට දිව ගියේ පාන් ගැනීමටය​. එක් අයෙකුට එක් පාන් ගෙඩියකි. එම නිසා නිවසේ සිටින කොල්ලා බල්ලා පවා පාන් පෝලිමේය​. 

මිනිසුන් කුණු බක්කි අවුස්සා කෑම සොයනවා මම දුටුවෙමි. එසේම  සරස්වතී තෝසේ කඩය ඉදිරි පස තිබූ කුණු බක්කියේ තිබූ කෙසෙල් ලෙලි අනුභව කරන මිනිසුන් මම දුටුවෙමි. සතියකට වරක් එක් සිඟන කොල්ලෙක් අපේ නිවසට ඒමට පුරුදුව සිටියේය​. ඔහු නිවසේ ඉතිරි වන ආහාර , පරණ ඇඳුම් එකතු කරගෙන යයි. ඔහු සිටියේ කැළනි පාලම යට පැල්පතකය​. පියා අංශභාගයෙන් පෙලෙන්නෙකි. සතියකට වරක් ඔහු පයින්ම කොලඹ එයි. ගෝනියක් පුරා පරණ කඩදාසි , ආහාර ද්‍රව්‍ය , පරණ ඇඳුම් එකතු කරගන්නා ඔහු පයින්ම කැළනියට යයි. ආර් ආර් සමර්කෝන් මහතා කැළනි පාලම නාට්‍ය සදන්නේ මෙම සත්‍ය ජීවිත දැකීමෙනි. 

වරක් නවසීලන්තයට ගිය අපගේ ඥාතියෙක් අනගි තෑග්ගක් එවා තිබුනේය​. එය කුඩා ප්‍රමාණයේ ක්‍රාෆ්ට්ස් චීස් පෙට්ටියකි.  ඇපල් , මිදි , චීස් , බටර් , බේකන් දකින්නටවත් නොලැබුණු යුගයක අප ඥාතියාගේ කුඩා  ක්‍රාෆ්ට්ස් චීස් පෙට්ටිය අතිශයින්  අගය කලෙමු. අරලියගහ මන්දිරයේ සහ ඔබරෝයි හෝටලයේ ඇරුණු කොට කොලඹ තිබූ එකම ක්‍රාෆ්ට්ස් චීස් පෙට්ටිය එය විය​. එම චීස් කෑල්ල සම සමව පවුලේ සැම දෙනාටම කපා දෙන ලදි. මගේ චීස් කෑල්ල කෑමට පෙර මම බොහෝ වේලාවක් සුවඳ බැලුවෙමි. වර්තමානයේ කෑමට අතපසුවීම නිසා නිසා ශීතකරණයටම පරණ වන චීස් ඉවතලන විට මට උක්ත අතීත සිද්ධිය මතක් වේ. 

ලංකාවේ පෙර පැවති සාගත තත්වය මම මගේ පුතා ඇතුළු ඤාතී පුතුන්ට කියා දෙමි. ඔවුන්ට එවැනි කාලයක් ගැන සිතා ගැනීමටවත් නොහැකිය​. ශීතකරණය ඇරිය විට ආහාර තොග ඔවුන් ගේ දෙනෙත් ඉදිරිපිටය​. දුරකතනයෙන් ඇණවුම් කිරීමෙන් විනාඩි 15 – 20 ඇතුලත පිත්සා හෝ ඉන්දියානු හෝ චීන කෑම ඔවුන්ට දොරකොඩටම ගෙන්වා ගත හැක​. අවන්හලකට ගොස් අවශ්‍යා ඕනෑම කෑමක් ඇණවුම් කල හැක​. සුපිරි වෙළඳ සැලකට ගිය විට චීස් වර්ග විසි තිස් ගනනකි. ඔවුන් ඇතැම් විට මගේ කතා අතිශයෝක්තියක්ද කියා සිතති. 

1973 -1974 කාලයේ ලංකාවේ ආංශික සාගතය සියැසින් දුටු අප වඩාත් ප්‍රත්‍යාස්ථ බව මට සිතේ. ඒ මන්ද යත් 2013 වසරේ දෙසැම්බර් මාසයේ ඔන්ටේ‍රියෝව හරහා ගිය අයිස් කුණාටුව නිසා දින කීපයක් විදුළිය රහිතව කල් ගෙවීමට සිදු විය​. වෙළඳසැල් වසා තිබුණි. ශීතකරණ වල තිබූ ආහාර නරක්ව ඉවතලන ලදි. එහෙත් මේ කාලය මට ආතතියක් ගෙන දුන්නේ නැත​. පාන් රාත්තල් දෙකකින් සහ රුසියානු වෙළඳසැලකින් මිලට ගත් කුඩා සාලා – ඌරුමස් මේදස් තෙල්  කෑල්ලකින් මම දින දෙකක් ගත කලෙමි.  අනෙකුත් පුද්ගලයන් සහන සේවා මධ්‍යස්ථාන සොයාගෙන යන විට මම බ්ලැන්කට් පෙරවාගෙන දිවා කාලයේ එළියෙන්  දොස්තොයොව්ස්කි ගේ කරමසෝ සහෝදරයෝ පොත කියවූයෙමි. 

කෙසේ නමුත් 1973 -1974 කාලයේ ලංකාවේ ආංශික සාගතය ගෙනදුන් අභාවවාචකයන් බොහෝ වෙති. සාගතයට අසුව ළමුන් 3000- 5000 අතර ප්‍රමාණයක් අකාලයේ මරු දුටු බව මම සිතමි. වීදි දරුවන් වූ ඔවුන් ගැන කිසිම ආයතනයක් සංඛ්‍යාලේඛන තබා ගත්තේ නැත​. විනාශව ගිය මෙම මනුෂ්‍ය කසළ ගැන අද දිනයේ කිසිවෙකු කතා නොකරති.

 

 

One Response to “1973 -1974 ලංකාවේ ආංශික සාගතය”

  1. Christie Says:

    Dr Ruwan thanks for the article.

    This period and shortage of food is the best example of Indian imperialism,and Indian colonial parasites power and their control of the economy and the Sinhala leaders.

    The power of the Indian Merchants in controlling us.

    During this period I was in the island and I had brought in a lot of western food, toiletries and small electrical appliances for use by a Western friend of mine and me.

    Guess who did I sell the the excess stuff to? She was a woman who provided household items to Chandrika Bandaranayake’s mothers’s household. They I am sure ate the food and used the toiletries I sold to this woman at exorbitant prices.

    She is an Indian colonial parasite said to have founded the one of the biggest conglomerates from her garage in the island.

    Then I came across another Indian colonial parasite merchant during this time. A friend of mine brought him some exotic fruits for him from his merchant relatives overseas. We met him at his residence though he wanted us to meet him at Gall Face Hotel. We deliberately wanted to meet him at his house as he will have to get his residence “purified” after our visit. During the conversation I asked him “how is Illangaratne treating you?’.
    He said, you know “I am financing his films’. So you can see who caused the artificial famine for the Sinhala majority. This guy (his family, I have heard he has passed away) is one of the richest in the world

    I visited North and the Estates with my friend during this time and I did not come across food shortages.

    This Ceylon (Sri Lanka the name changed by Indian imperialist and their subservient Sinhala politicians. We have been brain washed to accept it) is run by the Indian Empire and Indian colonial parasites.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress