නන්දන වින්දන
Posted on June 3rd, 2016
ධර්මන් වික්‍රමරත්න
ශ්‍රී ලංකාව වනාහි සියලු සම්පතින් අනුන අපූර්තම නිර්මාණයක් ලෙස හැදින්විය හැකි රටකි. පුරාතනයේ වෙළදාමේ යෙදුන වෙළදුන් මෙම දිවයින සෙරන්ඩිප් යනුවෙන් නම් කළේය. ග්‍රීක සහ රෝම වෙළදුන් විසින් මෙය තැප්රොබේන් නම් විය. පසුකලෙක සිලෝන්ද විය. එවැනි අභිමානවත් සහ පෞඬ ඉතිහාසයක් ඇති රට මෑතකදී පටන් ‘ජෝන් බාස්ට’ ගොසිනි.
ජනතාව බොහෝ දේශපාලඥයින්ට කියන්නේ පගාකාරයා කියාය. දූෂකයා කියාය. මගෝඩිස්තුමා කියාය. වැඩකාරයා කියන අවස්ථාද ඉදහිට නැත්තේ නොවේ. මොළකාරයා කියන්නේ අපහාස උපහාසයට නොව ප්‍රසංසා මුඛයෙන්ය. එවැනි දුර්ගුණ සමාජය අගයනු ලැබීම එයට හේතුවය. එලෙස බැලූ කල මාර්ග නීති කඩකර සෘජුව හෝ වක්‍රව බේරුණ බොහෝ දේශපාලඥයින් මොළකාරයින්ය. එහෙත් මින් පෙන්නුම් කරන්නේ සමාජය වර්තමාන ඇද වැටී ඇති ඛේදජනක තත්ත්වයයි.
ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැදවූ රථය රාත්‍රී 12ට පමණ රාජගිරියේ අනතුරට පත් අවස්ථාවේදී එහි දර්ශනයක් මැද සේයාරුවේ දැක්වේ. විජිත හේරත්, සිය රථයේ ගැටී යතුරුපැදි කරුවෙකු ඝාතනයට ලක්කිරීමේ චෝදනාවට 2015 ලක්වූ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාර, නියෝජ්‍ය ඇමතිවරයෙකු වශයෙන් සිටියදී 2014 අධික වේගයෙන් ධාවනයවූ සිය රථයට දඩ කොලයක් ලිවීම නිසා පොලිස් නිලධාරිවරයෙකුට බැන වැදීම සහ පොලිස් නිලධාරියාගේ රථය ගිණිතැබීම පිළිබඳව චෝදනාවට ලක්වූ වැලිගම හේමාල් ගුණසේකර, ගල්ගමුවේදී සිය රථය අනතුරට ලක්වී 2008 මරමුවට පත්වූ ගම්පහ දිසා මන්ත්‍රී ශ්‍රිපති සූරියආරච්චි වමේ ඉහළ සිට මෙහි වේ. මෑතකදි ආන්දෝලනාත්මක රිය අනතුරක් පිළිබඳ චෝදනා ලැබූ ඇමති චමිපික රණවක, 1992 පාද යාත්‍රාවට ගොස් එද්දී සිය රථයට යටවූ අයෙකු මියයෑම පිළිබඳව චෝදනාවට ලක්වූ නසසප නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, අධිවේගී මාර්ගයේ පැමිණෙද්දී 2014 රිය අනතුරකට ලක්ව එක් පාදයක් අහිමිවූ ගම්පහ දිසා මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, රථයේ රියදුරු බීමත්ව රිය පදවමින් සිටියදී වාද්දුවේදී 1996දී අනතුරට පත්ව මරණයට පත් ලිබරල් පක්ෂයේ නායක චානක අමරතුංග දකුණේ ඉහළ සිට පහළ ඡායාරූපයන්හි දැක්වේ
රටක දියුණුව මනින්නේ රටවැසියන්ගේ දියුණුව අනුවය. ආහාර, ඇදුම්, වාසස්ථාන එම ප්‍රධාන කරුණුය. එම ලිප්ගල් තුනට අමතරව තවත් දෙයක් කලක සිට එක්වී ඇත. ඒ බීමය. බොන්න වතුර තිබේ. තේ, පේන්ටිද තිබේ. අලියා හෝ සිංහයා බීමද තිබේ. රා හෝ සුදුවාද තිබේ. දෙවියන්ට ගහන්නට නම් පොල්ය. බල්ලන්ටනම් ගල්ය. විස්කි, බැන්ඩ්‍රි සහ ෂැන්පේන්ද ලොකු ලොක්කන්ට තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) ප්‍රචාරක ලේකම් සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අපරික්ෂාකාරි ලෙස රිය පැදවීම පිළිබඳව බැලූ බැලූ අත විවිධ මති මතාන්තරය. බීලා කියා එක් පිළක් පවසන අතර අනෙක් පිල මේවා මඩ බව හතර අතේ දිවුරමින් කියා සිටී. වාසනාවකට හෝ අවාසනාවකට තවමත් කඩපොලේ, ලිදේ පිලේ, බෝක්කු මංමාවත් වල පෝස්ටරයක්නම් නැත. විජිත හේරත් බීවාද නැතද යන්න රටට අදාළ නැත. හේරත්ගේ ඇල්කොහොල් මට්ටම මැනීම සහ කීම අදාළ අංශ වලින් අධිකරණය හමුවට ගෙන ගියේය. රටේ ජනයාගේ කුකුස මත්පැන් ගඳක් වහනයවන අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.කේ. ජුසාර් ඔහුගේ වාර්තාවේ සඳහන්කර තිබුණද විජිත හේරත් මත්පැන් බී සිටීයේදැයි අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් නොවීය. ඒ අනුව මත්පැන් බි සිටියේයැයි ප්‍රමාණවත් සාක්කි නැතැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය. අනතුරක් වලක්වා නොගැනීමට දඩය රුපියල් 1,500කි. රාජගිරියේ දෙකට නැමුණු ලයිට් කණුවට වූ අලාභය රුපියල් 17,423කි. මෙය පොලිස් නිල ඇඳුම විහිලුවට ලක්වූ තවත් එක් අවස්ථාවක් බව ඉතිහාසයට එක්වී හමාරය.
ජවිපෙ 1965 මැයි 14 ආරම්භ කල අවස්ථාවේ සිට දුම්පානය, මත්පැන් මෙන්ම අයථා ප්‍රේම සම්බන්ධතාද අනුමත නොකළේය. එය තහනමක් නොවේ. සරළව කිවහොත් නීතියක් නොව ඊතියකි. සමාරම්භක සාකච්ඡාවට මීට 51වසරකට පෙර සහභාගිවූ 11 දෙනා වූයේ රෝහණ විජේවීර, විජේසේන විතාන නොහොත් සනත් බොරළුකැටිය, ඩබ්ලිව් ටී. කරුණාරත්න, මාබෝලේ එච්. මිල්ටන්, සතොසේ ටී.ඩී. වෝල්ටර්, රුවන්වැල්ලේ විල්සන්ඩ් දැඩිගම, ලංගම සේවය කල තිස්සමහාරාමයේ සිරිපාල අබයගුණවර්ධන, අක්මීමන ඩබ්ලිව්.ටී. අමරතුංග, පානදුරේ ටී.බී.සී ප්‍රනාන්දු, නාවික හමුදාවේ එච්.එම්. තිලකරත්න සහ කොළඹ සරසවියේ උපාධි අපේක්ෂක දෙවුන්දර මුතුමාලය. ආරම්භයේදීම පානදුරේ ප්‍රනාන්දු අල්ලපු ගෙදර තරුණියට ලිපිනය දීම නිසා ඔහු කපා හැරියේය. දෙවුන්දර මුතුමාල තදින් දුම්පානය කල අයෙක්වූ අතර එකල ජනප්‍රිය සිගරට්ටුව වූ ‘ආඩත්’ අතහැරීමේ කොන්දේසියට ඔහු එකඟ නොවීම නිසා ගෞරවාන්විතව පසුදින සමුගෙන පිටව ගියේය.
ජවිපෙ වැනි වාමාංශික දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වන්නේ මාක්ස්-ලෙනින්වාදය පොතේගුරුවාදයක් බවට පත්කර ගනිමින් නොවේ. එය මූලධර්මවාදයක් බවට පත්කරගෙන සාමාජිකයන් සිරකරුවන් බවට පත්කරගෙනද නොවේ. එහෙත් අන් පක්ෂවලට වඩා ජවිපෙ තුළ විප්ලවවාදී විනය හේතුවෙන් එවැනි සදාචාර සීමාවන්වල කඩඉම් ඇත. දේශපාලන දැක්ම අතින් දුර්වල වූවෝ සහ ඉච්ඡා භංගත්වයට පත්වූවෝ තුළින් එවැනි අකැප වැඩයැයි සිතන දෑ කඩවු අවස්ථාවන්ද නැතුවා නොවේ. එළියේ වැඩකිරීමේදී ‘අඩි-පුඩි’ මෙන්ම සිරගෙවල් තුළදී ‘ගල-මල’ පරිහරණය කිරීම දක්වා තල්ලුවී ගොස් පිරිහීම් ප්‍රදර්ශනය කල අය දුලභ නැත.
ජවිපෙට එරෙහි අවලාද ඇයි? සම්මන්ත්‍රණ කිහිපයක් ඉකුත්දා පැවැත්විණි. එහි උණුසුම යන්නටද මත්තෙන් තවත් අවලාද ගොඩකි. කවර ව්‍යාපාරයක වුවද සාමාජිකයන් එකා මෙන් තබාගත නොහැක. එය ව්‍යාපාරයට ප්‍රශ්ණයක් වූවද පොදුවේ රටට ප්‍රශ්ණයක් නොවේ. රටට ප්‍රශ්ණයක් වන්නේ එමගින් නීති පද්ධතියට හානි කලහොත් පමණි.
බොන මිනිස්සු පාර්ලිමේන්තුවේත් සිටිති. රජයේ කාර්යාලවලත් සිටිති. මාධ්‍ය ආයතනවලත් සිටිති. මෙකී නොකී බොහෝ තැන්වල සිටිති. රටේ ආදායමෙන් වැඩි හරියක් සොයා දෙන්නේ ඔවුන්ගේ ක්‍රියාවන්ට අදාළ බද්දෙනි. රාජකාරි වෙලාවේ හෝ පොදු ස්ථානයකදී හැර බීමේ තහනමක් නැත. සෞඛ්‍යයට පමණක් නොව පොකැට්ටුවටද එය හානිකර නිසා ඇතමෙක් ඉන් වැලකෙති. සූර්වී වාහනයක ගමන් කිරීමද ප්‍රශ්නයක් නැත. නීතියට එරෙහි වන්නේ බීමත්ව සුක්කානම අතට ගැනීමෙන් පමණි.
සාමාන්‍ය ක්‍රමවේදය වන්නේ බීමත්ව රිය පදවා ඇති බවට චෝදනාවක් පොලිසිය විසින් උසාවියට ඉදිරිපත් කරන බී වාර්තාවට දමන්නේ එය වෛද්‍ය වාර්තාවෙන් තහවුරු වූ විට පමණි. එහෙත් එම චෝදනා ඔප්පු කිරීමට වෛද්‍ය වාර්තා උසාවියට ඉදිරිපත් කල යුතුය. ප්‍රශ්ණය ඇත්තේ එතැනය. බීමත්ව රිය පැදවූ බොහෝ දෙනා උසාවියට ගොස් වරද පිළිගෙන මාස 6ක පමණ රියදුරු බලපත්‍රය තාවකාලිකව අහිමිකර ගෙන දඩයකටද යටත් වෙති. ආණ්ඩුවේ නිල වාහනවල බොහෝමයක නිල ලාංඡනයක් නොමැත. ඔවුනට රිසි සේ ගමන් බිමන් යයි. විජිත හේරත් ගමන් කල වාහනයද ආණ්ඩුවේ බව කියති. රථයේ අංකය නොපෙනන පරිදි වසා තිබුනේ ඒ නිසාය. එහි සත්‍ය අසත්‍යතාවය ඔහු ප්‍රකාශ කල යුතුය. ඉහත රිය අනතුරවූ පසු බඩුත් හාමුදුරුවන්ගේය. නඩුත් හාමුදුරුවන්ගේය. මයි කාර්, මයි ප්‍රෙට්ටෝල්ය.
අතේ රෝල් නඩුහබ නිසා කඩුවෙල දැන් නඩු-වෙලය. වසරේ ජනප්‍රියම පොලිසිය පිහිටි නිසා වැලිකඩ දැන් වලි-කඩය වී ඇත. ‘එම්බල පොලිස් රාලහාමි, කටින් මත්පැන් සුවඳ වහනය වන්නේනම් රියදුරා ඇතැම්විට රාත්‍රී භෝජනයෙන් පසු ජලය වෙනුවට මිදියුෂ පානය කර ඇත්ද?’ අසන්නට අපට අවසර නැත. එම්බල අධිකරණ වෛද්‍ය නිළධාරිතුමනි, අධිකරණ වෛද්‍ය විද්‍යාව ඔබ බොර කරන්නෙහිද? වැසිකිලි පෝච්චියේ ඇනකොන්ඩා දකින අයට හැර සෙසු අයට මේවා ප්‍රශ්නය.
ජවිපෙද මහින්ද රාජපක්ෂට අතේ රෝල් ගසමින් අපහාස, උපහාස සහ අවලාද සිදු කළේය. මහින්ද රාජපක්ෂට අයිති වතු, කොම්පැණි, හෝටල්, රත්තරං අශ්වයින්, විදේශීය බැංකු ගිණුම් පිළිබඳ චෝදනා කෙප්පරක් කීවද ඒවා දැන් ගල් පැලෙන බොරු බවට පත්වී ඇත. ඒවාද සිදුකළේ විජිත හේරත්ගේ හෝ අනුර කුමාරගේ ප්‍රශ්න පිළිබඳව සමාජ ජාලා වෙඩ් අඩවි වර්තමානයේ සිදුකල විවේචන හා සමානය. දිට්ටධම්මවේදනීය කර්මය පළ දෙනවායැයි කියන්නේ මේවාටය. කර්මය එන්නේ රිය සක මෙනි. බලයෙන් වෙරි වුවද, සුරාවෙන් වෙරි වූවද ආනිසංශය එකමය. තුට්ටුවක රාබී පනම් 12ක වෙරිගත් අයෙකු සේ ඇගට දැනුනු වෙරියටත් වඩා වැඩි වෙරියක් මෙම ගොඩින් නොව මඩින් එන සටන් වලින් ඔවුනට විදීමට සිදුව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධවූ විවිධ රිය ගැටුම්වලට අනේකවිධි අර්ථකථන ලැබුණි. ඇමති චම්පික රණවකගේ රථයට යටවී තරුණයෙකු බරපතල රෝගී තත්ත්වයෙන් තවමත් ලෙඩ ඇදේය. එය පදවාගෙන ආවේ ඇමති චම්පික නොව ඇමති රියදුරා බව පොලිසිය අධිකරණයට වාර්තා කළේය. එහෙත් රිය පැදවීමේ චෝදනාව ආවේ ඇමති චම්පික රණවකටය. එදා විපක්ෂයේ පාද යාත්‍රාවට සහභාගිවී පැමිණෙද්දි නසසප නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ රියට තරුණයෙක් යටවී මිය ගියේය. එය පදවාගෙන ආවේ ආචාර්ය බාහු බවට චෝදනා කලද ඔහුගේ රියදුරා වරද භාරගත්තේය. ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනූෂ නානායක්කාරගේ රියට 2015 අගෝස්තු ඉමදූවේදී 76 හැවිරිදි යතුරු පැදිකරුවෙකු යටවී මිය ගියේය. වරද භාරගත් රියදුරා අත්අඩංගුවට ගත්තේය. පැදවූයේ මන්ත්‍රී මනූෂ බවට චෝදනාවක් විය. අවසානයේ ඔළු හේදිමට ගිය ඔහුට සිදුවූයේ ‘යහපාලන’ ආණ්ඩුවේ අහවල් තැන සේදීමටය. නියෝජ්‍ය ඇමති හේමාල් ගුණසේකරගේ රථය 2014 මැයි 20වැනිදා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වේගසීමා උල්ලංඝණය කිරීම නිසා පොලිස් කොස්තාපල් සුමින්ද සමන් දඩ කොලයක් ලියා දුන්නේය. රියදුරා රථය පැදවූ අතර පසුපස සිටියේ නියෝජ්‍ය ඇමතිවරයාය. පසුව කිසියම් පිරිසක් පොලිස් කොස්තාපල් සුමින්දට 2014 මැයි 30 කළුතර දොඩම්ගොඩ බෝම්බුවලදි පහරදී ඔහුගේ මෝටර් රථය ගිනි තබා තිබිණි.
ගම්පහ දිසා මන්ත්‍රී අජිත් මාන්නම්පෙරුම අධිවේගි මාර්ගයේ රථයකින් යද්දී දොඩංගොඩ ප්‍රදේශයේ 2014 සැප්තැම්බර් 7වැනිදා අනතුරකට පත්විය. පසුව ඔහුගේ දකුණු පාදය ශල්‍යකර්මයකින් ඉවත් කරන ලදී. එය රියදුරාගේ නොසැලකිල්ලෙන් සිදූවූවක් බව ප්‍රකාශ විය. ගම්පහ දිසා මන්ත්‍රී ශ්‍රීපති සුරියආරච්චි 2008 පෙබරවාරි 9වැනිදා ගල්ගමුව මැදගම ප්‍රදේශයේ රිය අනතුරකින් මරණයට පත්විය. එකල විවිධ කථා ඒ වෙනුවෙන් පැතිරිණි. පසුව මෙය රියදුරාගේ නොසැලකිල්ලෙන් සිදුවූ රිය අනතුරක් බව තහවුරු විය. ලිබරල් පක්ෂයේ නායක චානක අමරතුංගද සිය මිතුරෙකු සමඟ මත්පැන් පානය කොට රථයකින් පැමිණෙද්දී වාද්දූව ප්‍රදේශයේ 1996 අගෝස්තු 1වැනිදා අලුයම අනතුරකට ලක්වී මරණයට පත්විය. රිය අනතුරුවලදී අන් අය මෙන් නොව දේශපාලඥයෝ සුරංගනා කථා කියති. රූන් පෙත්ත කැරකී හැප්පෙන්නේ අහිංසකයෝය. පසුව ගොරකා දඩමස් කරති. මේවා නන්දන වින්දන කථාය.
සති කිහිපයකට ඉහතදී ශ්‍රී ලංකාවේ විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයා සමඟ සාකච්ඡාවකදි කන බොන අන්දම ගැනද ඡායාරූප පෙලක් සමාජ ජාලාවල සැරිසරනු පෙනිණි. මාධ්‍යවේදී කනබොන බව විවෘත රහසක් වූවද ඒවා එසේ පළකිරීම දෙකේ කාසියට වැටීමකි. විදේශ වාර්තාකරුවන්ගේ සංගමය 1987 මාර්තු ආරම්භ කිරීමෙන් පසු අමල් ජයසිංහගේ නායකත්වයෙන් හොද සේවාවක් කලද වර්තමානයේ මාසික රැස්විමක් තබාගැනිමට මෙසේ දේශපාලඥයින්ගේ දත් ගැලවීමනම් හත්පොලේ ගා ගැනීමකි.
දුප්පත් මිනිසාගේ වාහනය වන ත්‍රීවිලයේද මිල ලක්ෂ 4කින් වැඩිවිය. අවසානයේදී ෆොක්ස්වැගන් පෙන්නා ත්‍රීවිල් එකටත් කෙළියේය. නොතෙමී යන්නට වාහනයක් ගන්නට පෙරුම් පුරාගෙන සිටි ටොයි නංගීට නම් හරි පව්ය. ලැබෙන පනම් හතර රැකගන්නට ලද දෙයින් ඇය දැන් සතුටු වනවා ඇත. ඉස්සර හිටියේ බැට් මෑන්ය. දැන් ඉන්නේ වැට් මෑන්ය. චුයින්ගම්, බ්‍රේස්ලට්, ලැප්ටොප්, ෆී වයිෆයි වැනි දෑ හිරු දුටු පිනි මෙන් වියැකී ගොසිනි.
දූෂණ වංචා සම්බන්ධයෙන් සැකකරුවෙකු වන හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනටද ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරින් තිදෙනෙකුගේ සේවය ලබාදි ඇත. මන්ත්‍රීධූරයක් අහිමි අයෙකුට ප්‍රභූ ආරක්ෂාව ලබාගත හැක්කේ කෙසේදැයි විමතියක් නොවන්නේ සජින් වාස් ද දැන් ‘යහපාලන’ ආණ්ඩුවේ හවුල් කරුවෙකු බැවිනි. සෞඛ්‍ය ඇමති රාජිතගේ මන්ත්‍රී පුතා කියන ආකාරයට ඇතැම් දොස්තරලා නිවටයින්ය, ගෙවලයින්ය. කාමාතුරයින්ය.
නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ්ගේ පොටොකොල් එකේ හුටපටයෙන් ඉකුත් සතිය ගෙවී ගියේය. මේ සතියේ විජිත හේරත්ගේ බොනපාට් නාටකය විය. සියල්ල මැද යටපත්වන්නේ ‘යහපාලන’ ආණ්ඩුවේ ජනතාවට විනකරන ආටක නාටකයන්ය. මේ සියල්ල මැද එජාප ආණ්ඩු විරෝධී පාක්ෂිකයෝ එක ධජයක් යටතට එක් රොක් වෙමින් සිටීම සතුටට කරුණකි.
හැම තැනම මිල වැඩිවීම්ය. ආත්මය පරඩැල්ය. විඩාපිරි මුවවල්ය. ගත පුරා ගිනිදැල්ය. ගැටගැසුනු ඇගවල්ය. වැට් එක්ක කන බඩවල්ය. පොටොකොල් සහ බොනපාට් නන්දන වින්දන නිසා ආණ්ඩුවට මඟුල්ය. ජනතාවට උගුල්ය. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය. (The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)
ධර්මන් වික්‍රමරත්න
June 3rd, 2016 at 3:15 pm
දිය පිපාසාවෙන් පෙලෙන හරකුන් හා බොහොමයක් සතුන් මිරිගුවට රැවටී එය හබා ගොස් අමාරුවේ වැඩීම අරුමයක් නොව , මොකද? ඔවුන්ගේ මොලය දියුණු නැති නිසා එය සිදුවිය හැකිය. එහෙත් මොලය ඇති මිනිසුන් බොරු පොරොන්දු කප්පරක් හමුවේ එයට රැවටී එය පසු පස යෑම අරුමයකි. බොරු පොරොන්දුවලට බොරු තක්කඩයින්ට චන්දය දීම අරුමයකි. එසේ නොවන්නටනම් ශ්‍රී ලාංකීය චන්ද බලය එහි ජිවත් වන මිනිසුන්ට මෙන්ම මිහරකුන්ටද තිබෙන බව සනාථ වන්නේය.