තලගොයි – කබරගොයි න්‍යාය
Posted on June 5th, 2016

තේජා ගොඩකන්දෙආරච්චි

දක්ෂ සහ සිත්ගන්නා අන්දමින් කතා කිරීමේ හැකියාව ඇති අයෙකුටචතුරකථිකත්වයක් ඇතැයි අපි පවසමු. තම කථිකත්වය නිසා සමාජයේ කතාබහට ලක් වූ චතුරලා දෙදෙනෙකු පසුගිය සතියේ අපට හමුවිය. එක් අයෙකු චතුර අල්විස්ය. මේ චතුර තම කථිකත්වය නිසා පාලක පක්ෂයේ ද්වේෂයට ලක්ව වරක් පාර්ලිමේන්තුවේ නම කියවුන අයෙකි. ඔහුගේට්රැවල් විත් චතුරවැඩ සටහනට රයිගම් ටෙලි සම්මාන උලෙලේදී හොඳම වාර්තා වැඩසටහනට හිමිවන විශේෂ ජූරි සම්මානයක් හිමිවිය. එම සම්මානය ලබාගන්නට චතුර අල්විස් නොපැමිනි නමුදු ඔහුට එම සම්මානය ලබා ගැන්මට නියමිතව තිබුනේ, අප අවධානයට ලක් වූ අනිත් චතුරගේ පියා, එනම් වත්මන් රජයේ සෞඛ් ඇමතිවරයා වන රාජිත සේනාරත්න අතිනි.

 

පසුගිය සතිය පුරාම වෙෙද්යවරුන්ගේ වෘත්තීය සමිතිය සහ ඇමතිවරයා අතර වූ ගැටුම්වල මැදට පැන පිලිතුරු දුන්නේ ඇමති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්නය. මෙහිදී ඔහුගේ කථිකත්වයේ වාචාල සහ නොමේරූ බවක් මිස චතුරත්වයක් නොවීය. මීට පෙරද ඔහු කිහිප වරක් වෙෙද්යවරුන්ගේ ක්රියාකලාපය විවේචනය කරනු අපට අසන්නට ලැබිනි.

 

යහපාලන රජය සමග වෙෙද්යවරුන්ගේ ප්රශ්ණය ඇරඹුනේ වසර 5 වරක් ලැබෙන තීරුබදු රහිත වාහන බලපත්රය මුල් කරගෙනය. එහිදී වසර 10 වරක් බලපත්රය වෙනුවට මුදල් රුපියල් මිලියනයක් ලබා දීමට තීරණය කල අතර වෙෙද්යවරු ඊට විරුද්ධව වැඩ වර්ජනයක නිරත වූහ. මේ සම්බන්ධව මාධ් සමග හැසිරුන ආකාරයේදී ජනතාවගේ කෝපය තනිකර වෙෙද්යවරුන් වෙත යොමු කිරීමට රජය සමත් විය. එක අතකින් ජනතාවගේ කෝපයද සාධාරණය. ඔවුන් ඵල නෙලා ගන්නා නිදහස් අධ්යාපනය නම් වෘක්ෂය වැඩෙන්නේකැප කරනජනතාවගේ බදු මුදලිනි. මේ ගැන මුහුණු පොතට අදහසක් පලකල එක් වෙෙද්යවරියක් කියා තිබුනේ වෙෙද්යවරයෙකු තනන්නට යන මුදල ජනගහණය අනුව බැලූ කල එක් පුද්ගලයෙකුට රු. 1.61 ක් බවයි. මා ඔබට සේවය කර තිබෙන්නේ රු. 1.61 පමනක්දැයි ඇය අසා තිබිනි. එහිද තර්කයක් තිබේ. වෙෙද්යවරු අතින් සුවපත් වන ජීවිතයක වටිනාකම මුදලින් තක්සේරු කල නොහැක.

 

 කෙසේ වුවද වෙෙද් වෘත්තිකයන්ගේ වැඩ වර්ජනයේදී ජනතා කෝපය ඔවුන් වෙත යොමුකල රජය හොර රහසේම තම තීරුබදු රහිත වාහන බලපත්රය අනුමත කර ගත්හ. මේ බලපත්රය සම්බන්ධව නම් පක්ෂ විපක්ෂ කිසිවකුගෙන් විරෝධයක් එල්ල වූයේ නැත. ජනතාවද වැඩේ වන තුරු දැන සිටියේ නැත.

 

දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේවන වැදුනු දොස්තරකෘතිය කියවී නම් ඔබට අතීතයේ වෙෙද්යවරුන් කල කැප කිරීම් පිලිබඳ හැඟීමක් ඇතිවනු නියතය. වෙෙද් ස්පිට්ල්ගේ පියාද වෙෙද්යවරයෙකි. ඔහුට මතක ඇති පරිදි වරක් පුත්තලමේදී සිය පියා මල සිරුරක පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට යනවිට ඔහු සමග යාමට ළමා වියේ පසුවූ රිචඩ් හටද අවස්ථාව ලැබිනි. එකල වෙෙද්යවරුන්ට ශල්යාගාර අත්වැසුම්වත් තිබී නැත. අඩක් කුණු වී ගිය මල සිරුර වසාගෙන සිටි පනුවන් අත් දිගේ ඉහලට නගිත්දී, දොස්තර ෆ්රෙඩ්රික් ස්පිට්ල් තම කාර්යය කරගෙන යනු පුතාට මතක තිබිනි. පසු කලෙක දොස්තර ආර්. එල්. ස්පිට්ල් කොළඹ මහ රෝහලේ ශල් වෙෙද් තනතුර ලද පසු ශරීරගත වූ විෂබීජයක් නිසා ඔහුගේ වම් අත නොකපා බේරා ගත්තේ යන්තමිනි.ඔහුගේ වම් අත ජීවිත කාලය පුරාම ක්රියාකල හැකි වූයේ අඩ වශයෙන්ය. එකල වෙෙද්යවරු කටයුතු කල අයුරු දැන සිටි ජනතාවට ඔවුන් ජීවමාන දෙවිවරු ලෙස පෙනීම පුදුමයක් නොවේ.

 

මෙවන් කැපවීම් ඔස්සේ වත්මන් තලයට පැමිනි වෙෙද් වෘත්තිය, දේශපාලනය ඉදිරියේ මෙතරම් සැහැල්ලුවට ලක්වීම කෙතරම් ඛේදජනකද? එක අතකට දේශපාලනය සහ වෙෙද් වෘත්තිය යන දෙකෙහිම විකශනය දෙස බැලූ කල්හි පුදුම වන්නට දෙයකුත් නැත.

 

සෙනසුරාදා ප්රවෘත්ති විකාශනයේදී ඇතුලත් වූ එක් පුවතක් වූයේ මහ රෝහලේ රෝගීන්ට සපයන ආහාරවල වූ බාල ප්රමිතියයි. මෙයද සලකා බැලිය යුතු කරුණකි. මෙම ආහාරවල ප්රමිතිය නිසාම රෝගීන්ට තම නිවෙස්වලින් ආහාර රැගෙන ඒමට ඔවුන්ගේ පවුල් සාමාජිකයන් පුරුදු වී සිටිති. මෙහිදී සිදුවන අනර්ථය පැහැදිලිය. එම ආහාර අනුභව කරන්නට නොහැකිව රෝගියා කුසගින්නේ සිටියහොත් වෙෙද්යවරයා නිර්දේශ කරන ඖෙෂධ වර්ගවල බලපෑම කෙසේ රෝගියාගේ ශරීරයට දැනේවිද? ලඟට පිටතින් ගෙනෙන ආහාර වර්ග රෝගියාගේ රෝගී තත්වයට සහ ඖෙෂධවලට කෙසේ සසැඳෙයිද? මා දන්නා තරමින් රෝගීන් බලන්නට අවසර ලැබෙන කාල සීමාව තුල ඔවුන් මොනවා කනවාදැයි බලන්නට කෙනෙකු වාට්ටු තුල නැත. මෙවන් පාලනයෙන් මිදුනු කටයුතු නිසා ඇතිවන ප්රශ්ණවලින් කලු පැල්ලම් ඇති වන්නේ වෙෙද් වෘත්තියේය. නමුත් මෙම ආහාර සැපයීම සම්බන්ධ ටෙන්ඩර් පටිපාටිය පිලිබඳ වගකීම අයත් වන්නේද සෞඛ් අමාත්යංශයටය.

 

සෞඛ් ඇමතිවරයාගේ වගකීම දොස්තරලා පාලනය කිරීම පමනක් නොවේ. නමුත් මේ වන විට මේ ඇමතිවරයා සහ වෙෙද්යවරු අතර ආරවුල් විසඳනවා හැරුනකොට සෞඛ් ක්ෂේත්රයේ කිසිදු සංවර්ධනයක් සිදුවනු දක්නට නැත. වෙනුවට කැබිනට් ප්රකාශක ලෙස ඇමතිවරයා වෙනත් අමාත්යංශ සම්බන්ධවත් කතා කරන අතර සියලු අඩුපාඩු පසුගිය රජයට පැවරීමට නම් ඉක්මන් පියවර ගනියි. සෞඛ් ඇමතිවරයාට දේශීය වෙෙද් අමාත්යංශයද අයත්ය. අද දේශීය වෙෙද් ක්ෂේත්රයක් ගැන සඳහනක් වනු වත් ඇසෙන්නේ නැත.

 

වෙෙද්යවරුන් ඖෙෂධ ජාවාරම් කරන බවට, චතුර සේනාරත්න පසුගිය දිනවල දෝෂාරෝපණය කලේය. ලඟට සෞඛ් අමාත්යංශය මගින් එක්රැස් කල ආපදා ආධාර තම ප්රතිරූපය ගොඩනගාගනු පිනිස භාවිතා කලේ යැයි වෙෙද් වෘත්තිකයන්ගේ සංගමය සේනාරත්නලාට දෝෂාරෝපණය කලේය. අතරම සීමාවාසික පත්වීම් ලැයිස්තු පිලිබඳ ප්රශ්ණයේදී ඔවුහු එකිනෙකාට දොස් පවරා ගත්හ. මෙහිදී චතුර සේනාරත්නගේ කතාවේ කිසිදු වෘත්තිමය ස්වභාවයක් නොවූ අතර, ඔහු භාවිතා කල වචන, නැඟූ චෝදනාවල ස්වරූපය තුලින් පෙනුනේ අප රටේ දේශපාලන අනාගතය පත් වන්නට යන මහා ඛේදවාචකයයි. අවිනිශ්චිත සහ අසංවිධිත බවයි. එනම් අද මන්ත්රීවරයෙකු වන චතුර සේනාරත්න ලඟ රජයකදී ඇමති කෙනෙකු වන්නටත් ඉඩ ඇත්තේ අප සැමදා මොනවා කතා කලත් අවසානයේ මැතිවරණයකදී මනාප ලැයිස්තුවල ඉහලින්ම වැජඹෙන්නේ මෙවන් පුද්ගලයන් බැවිනි. එමෙන්ම කුමන පක්ෂයෙන් ආවත් කම් නැත. අවශ් කරන්නේ සුදුසු කල් යල් බලා දිනන පිලට කරණමක් ගැසීම පමනි.

 

අද ඇමතිගේ පුතා වූ පමනින් මෙසේ කුලප්පු වූ ගොන් නාම්බකු ලෙස හැසිරෙන චතුර, ඇමතිවරයකු වූ කලෙක කෙසේ හැසිරෙනු ඇත්ද?

 

ඔහුගේ මෙම අමන හැසිරීම ගැන ඔහුට කිසිදු පසුතැවිල්ලක් ඇති බවක් නොපෙනෙන අතර පියා එය සාධාරනීකරණය කරයි. ‘පවුල් පාලනය කියල කිව්වම එයාටත් රිදෙනවනේ. එයත් පවුලෙ කෙනෙක් නිසා පියාණන්දෑ ගේ අදහසයි. නමුත් චතුර අනිත් අමාත්යංශවල වැඩට හොට දමන්නේ නැත. අදාල ඇමතිවරයා වෙතින් ලැබෙන ප්රතිචාරය ගැන ප්රවේසම්කාරී නිසාය. ඔහු සෞඛ් අමාත්යංශයේ වැඩට මැදිහත් වන්නේ අද ඊයේ සිට නොවේ. එසේ නම් මෙය පවුල් පාලනය නැතිව වෙන කුමක්ද?

 

නමුත් රාජපක්ෂවරුන්ගේ ඥාති සම්බන්ධතා මේ සියල්ලන්ටම ප්රශ්ණයක්ව තිබිනි. ජනාධිපති මන්දිරයේදී පැවති මාධ් සාකච්ඡාවකදී දෙරණ මාධ්යවේදිනී දිල්කා සමන්මලී, දූෂණ වංචා පිලිබඳ චෝදනා එල්ල වූ ඇමතිවරුන් හා පුද්ගලයින් ලං කරගත්තේ ඇයිදැයි ජනාධිපතිවරයාගෙන් විමසුවාය. ඔහුගේ පිලිතුර වූයේඅපට එවේලේ ඕනැ වුනේ රජයක් හදන්නයි. ඒකට කලු සුදු බල බලා ඉන්න බැහැයන්නයි. මේවාට මොනවා කියන්නද? මොන තරම් නිර්ලජ්ජී පිලිතුරක්ද? එය නම් දූෂණය වංචාව පිටු දැකීමට සහය පලකරමින් කතිරය ගැසූ ජනතාවට වැදුනු වේදනාකාරී අතුල් පහරකි

 

රාජිත සේනාරත්න පසුගිය රජයේ ධීවර ඇමතිව සිටියදී වංචා කල රු. මිලියන 90 පමන මුදල් කන්දරාවක් ගැන සාධක සහිත වාර්තාවක් සති අන්ත ඉංග්රීසි පුවත්පතක පලවිය. අද ඔහු ඖෙෂධ නියාමන කොමිසම අහෝසි කර ඇත. පිලිකා රෝගය සඳහා අත්හදා බැලීම් මට්ටමේ ඇති ඔසු වර්ගයක් සහ වෙනත් ඔසු වර්ග කිහිපයක් ආනයනය කරමින් ඔහු විසින් සිදුකල මහා පරිමාණ වංචාවක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජාගොඩ විසින් සාක්ෂි සහිතව හෙලි කලේය. මෙවන් දේයහපාලනආණ්ඩුව විසින් ගනනකටවත් ගන්නේ නැත.

 

 කණගාටුදායක කරුණ වන්නේ මාධ් සාකච්ඡාවලදී මේවා කටක් ඇර අසන්නට කෙනෙක් නැති කමයි. ඇයි? සමහර විට උඩින් පෙන්වන මාධ් නිදහස යටින් නැතිවා විය හැක. නිසාම දූෂිත මැති ඇමතිවරු තම සිතුමතයේ වචන හසුරවමින්, මාධ්යයන්ටත් අපහාස කරමින් තම වංචා දූෂණ පිලිවෙත් දිගටම පවත්වාගෙන යති

 

දහම් පුතු රට සවාරි ගෙන යන විට, චතුරිකා දුව හෙලිකොප්ටර් සවාරි ගසන විට දරු සෙනෙහස උතුරා ගොසිනි. අයියලා මල්ලිලාට ආයතන සභාපතිකම් දෙන විට සහෝදර ප්රේමය ඉහවහ ගොසිනි. තාත්තාගේ අමාත්යංශයට අම්මා, පුතා, දුව රිංගා ගත් විට උදව්වටය. ‘ඥාතකානංච සංගහෝකියා මහා  මංගල සූත්රයේ ඇති බව මතක්වන්නේ තමන් කරනවිට පමනි. වෙන කෙනෙකු කලොත් එය පරාභව සූත්රයට මාරුවෙයි

අවසන කිව හැක්කේයහපාලනආණ්ඩුවේ ප්රතිපත්තිය තලගොයිකබරගොයි න්යාය බවයි.  

One Response to “තලගොයි – කබරගොයි න්‍යාය”

  1. ranjit Says:

    Every promise they made during election time was bogus and lies.Those traitors including the two leaders got trained by Americans how to tarnish the image of Rajapaksa family and spent millions of dollars to hoodwink the people of this land. Just think one by one what they promised to you. Have they kept their promises up to date any? No way.They are bullshiting the people day by day with their lies and stories. See the situation in the country today? Is it better than those MR era? Any blind person can see the difference then and now.
    See what has happened to our war heroes who were treated like kings during MR time today they were treated like beggars. Current leaders use them as laborers to clean roads and build houses etc. They abuse them and put behind bars for make up stories. Ministers and others acts like thugs and policemen against their opponents without any shame.Some Ministers speaks in public like montesoori children and become instant jokers same like instant noodles. We need a strong patriotic movement to oust these crooked, trecherous, evil click out of power. Unity and will power needed at this hour. Long live Sinhale.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress