අධාර්මික පාලනය ගැන වදාළ දෙසුම…… අධම්මික සූත්‍රය අංගුත්තර නිකාය 2 – චතුක්ක නිපාතය – පත්තකම්ම වර්ගය) අධාර්මික පාලනය ගැන වදාළ දෙසුම.
Posted on June 11th, 2016

 

මහණෙනි යම් කලෙක රජවරු අධාර්මික වෙත්ද,එසමයෙහි රජුට අනුව කටයුතු කරන්නෝද අධාර්මික වෙති.

රජුට අනුව කටයුතු කරන්න් අධාර්මික වූ කල්හි නිගම බ්‍රාහ්මණ ගෘහපතිවරු ද අධාර්මික වෙති.

නිගම බ්‍රාහ්මණ ගෘහපතිවරු අධාර්මික වූ කල්හි නිගම ජනපදවාසීහූ ද අධාර්මික වෙති.

නිගම ජනපදවාසීන් අධාර්මික වූ කල්හී හිරු සඳු දෙදෙන ද විෂමාකාරයෙන් පායයි.

හිරු සඳු දෙදෙන විෂමාකාරයෙන් පායන කල්හී නැකැත් තරු ආදිය ද විෂමාකාරයෙන් පායයි.

නැකැත් තරු ආදිය විෂමාකාරයෙන් පායන කල්හී දිවා රාත්‍රී කාලය ද විෂමාකාරයෙන් ගෙවෙයි.

දිවා රාත්‍රී විෂමාකාරයෙන් පවතින විට මාසය, අඩමස ආදිය විෂමාකාරයෙන් ගෙවෙයි.

මාසය, අඩමස ආදිය විෂමාකාරයෙන් පවතින විට වසරේ ඍතු භේදය ද විෂමාකාරයට පත්වෙයි.

විෂම වූ ඍතු භේදයක් වසර පුරා ඇති කල්හී විෂම අයුරින් සුළං හමයි. නොමගින් සුළං හමයි.

විෂම අයුරින් සුළං හමන කල්හීනොමගට සුළං හමන කල්හී දෙවියෝ කිපෙති.

දෙවියන් කෝප වූ කල්හි නිසි අයුරින් වැසි දහර නොවසියි.

නිසිඅයුරින් වැසි දහරාව නොවසින කල්හී ගොයම් විෂම අයුරින් පැසෙයි.

මහණෙනි විෂම අයුරින් පැසුණු ගොයමින් ලද ආහාර අනුභව කරන මිනිසුන් අල්ප ආයුෂයෙන් යුතු වෙයි.
දුර්වර්ණ වෙතිදුර්වල වෙති. බොහෝ රෝගාබාධ සහිත වෙයි.

——————————-

(ගාථා)
* ඒකාන්තයෙන්ම එතෙර වන්නාවූ ගොනුන් අතුරින් ප්‍රධාන ගවයා වක්‍රව යයි නම්,
ඒ ප්‍රධාන ගවයා වක්‍රව ගිය ගල්හී සියළු ගවයෝ වක්‍රව යති.

* එපරිද්දෙන්ම මිනිසුන් අතුරින් යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වෙයිද,
ඉදින් ඒ තැනැත්තා අධර්මයෙහි හැසිරෙයි ද, අවශේෂ ප්‍රජාව ගැන කථා කරන්නට දෙයක් නැත.රජු අධාර්මික වූ කල්හී මුළු රටම දුකට පත්වෙයි.

* ඒකාන්තයෙන්ම එතෙර වන්නාවූ ගොනුන් අතුරින් ප්‍රධාන ගවයා ඍජුව යයි නම්,
ඒ ප්‍රධාන ගවයා ඍජුව ගිය ගල්හී සියළු ගවයෝ ඍජුව යති.

* එපරිද්දෙන්ම මිනිසුන් අතුරින් යමෙක් ශ්‍රේෂ්ඨ යයි සම්මත වෙයිද, 
ඉදින් ඒ තැනැත්තා ධර්මයෙහි හැසිරෙයි ද, අවශේෂ ප්‍රජාව ගැන කථා කරන්නට දෙයක් නැත.

රජු ධාර්මික වූ කල්හී මුළු රටම සැපයට පත්වෙයි.

 

(අංගුත්තර නිකාය 2 – චතුක්ක නිපාතය – පත්තකම්ම වර්ගය)

අධාර්මික පාලනය ගැන වදාළ දෙසුම.
අධම්මික සූත්‍රය

 

One Response to “අධාර්මික පාලනය ගැන වදාළ දෙසුම…… අධම්මික සූත්‍රය අංගුත්තර නිකාය 2 – චතුක්ක නිපාතය – පත්තකම්ම වර්ගය) අධාර්මික පාලනය ගැන වදාළ දෙසුම.”

  1. Ratanapala Says:

    Me siyalla Aappayage adharmika misadutu ava palanaye siduwenawa! Janthawata sethak idiri kalaydee balaporoththu wanna haha!

    Aappaya saha ohuge misadutu golayan siyalla ikamanin apa gatha wewa!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress