සකුරා මල් පවා සිරස නැමූ මහින්ද රාජපක්‍ෂගේ ජපන් සංචාරය
Posted on June 18th, 2016

උපුටා ගැන්ම දිවයින

තනතුරු නිසා බැබළෙන මිනිස්‌සු තනතුරු හැරගිය පසු බැබළීම අවසන් වේ. ඒ අතර සමහරු තනතුරත් බබළවා ඉතිහාසයට එක්‌වෙති. තනතුරු නැතත් එසේ බැබළෙන මිනිසුන් ගැන පෙන්වන කදිම නිදසුනක්‌ ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජපන් සංචාරය පෙන්වා දිය හැකිය.

හිටපු ජනාධිපතිවරයා සකුරා දේශයේ සංචාරය සඳහා පිටත්ව ගියේ ඉකුත් 10 වැනිදා අළුයම 3.45 ට පමණය. ඔහු එම සංචාරයට එක්‌වූයේ ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්‌ස නාහිමියන්ගේ හා එරට වෙසෙන ශ්‍රී ලාංකික ආදරණීය ජනතාවගේ ඇරයුමකින්ය.

ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත එදින පස්‌වරුවේ ළඟාවූ හිටපු ජනාධිපතිවරයා ජපන් ජාතික යුවතියක්‌ මල් කළඹක්‌ දී පිළිගනු ලැබුවේ එහි පැමිණි සිටි ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ඉමහත් හරසර මැදය.

සිනහවකින් මුව සරසාගෙන එඩිතර ලීලාවෙන් ගුවන් තොටුපළෙන් පිටතට පැමිණි මේ සුන්දර ප්‍රතාපවත් මිනිසා එතැන් සිට කැඳවාගෙන යනු ලැබුවේ රථ පෙළහරකිනි.

පසුදින ජපානයේ සවරා ලංකාජි විහාරස්‌ථානයේ ආශිර්වාද පූජාවකට මහින්ද රාජපක්‍ෂ මහතා එක්‌ විය. එය සංවිධානය කර තිබුණේ බානගල උපතිස්‌ස නාහිමියන් ප්‍රධාන සංඝරත්නය හා ශ්‍රී ලාංකික ප්‍රජාවයි.

එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දරුවන් හා ජපන් ජාතික දරුවන් විශාල පිරිසක්‌ මග දෙපස සිංහ ධජ, හා ජපන් ධජ ලෙළදවමින් විහාරස්‌ථානයට පැමිණි ඒ ආදරණීය නායකයාට ගෞරව දැක්‌වූහ.

සවරා ලංකාජි විහාරස්‌ථානයේදී බානගල උපතිස්‌ස නාහිමියන් ප්‍රමුඛ මහා සඝරත්නය බෝධිපූජා පිංකම පවත්වා රටට කළ උදාර මෙහෙවර අගය කරමින් ආශිර්වාද කළහ.

“රටට නායකත්වය දෙමින් ඔබ කළ සේවය ලංකා ඉතිහාසයේ කිසිදු යුගයක සිදු නොවීය. ඔබ රට පාලනය කළ යුගයේ හැර වෙනත් කිසිදු යුගයක එවැනි පිබිදීමක්‌ හා රටක්‌ වශයෙන් නැගිටීමක්‌ සිදු නොවූ බවත් මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ පහළවූ විශිෂ්ට නායකයෙක්‌.”

ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්‌ස නාහිමිපාණෝ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයාට ආශිර්වාද කරමින් එලෙස ප්‍රශංසා ලබා දුන්හ. ආශිර්වාද පූජාවෙන් පසු මහා සංඝරත්නය මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ සුහද කතාබහක නිරත වූහ.

එදින පෙරවරුවේ නරිටා ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේදී මෙන් සුපුරුදු පරිදි ශාරීරික ව්‍යායාම්වල නිරතවිය. සැහැල්ලුවෙන් ගත කළ උදය කාලයේ නරිටා නගරයේ ඇවිදන අතරතුර මේ ප්‍රතාපවත් මිනිසා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා බව හඳුනාගත් ජපන් වැසියන් ඔහු උණුසුම් අයුරින් පිළිගැනීම විශේෂත්වයකි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජපන් සංචාරයේ දෙවන දිනය වෙන්ව තිබුණේ සුකුබා අන්තර් ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ශ්‍රීලාංකික ප්‍රජාවගේ හමුවකටය. තම හදවතේ රැඳි නායකයා සහභාගි වන මෙම හමුවට සහභාගිවීමට ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සිය නායකයාගේ රුව ප්‍රදර්ශනය කෙරෙන බැනර් ගසාගත් වාහනවලින් විවිධ ප්‍රදේශවල සිට සුකුබා සම්මන්ත්‍රණ ශාලාවට පැමිණ තිබුණි.

මෙලෙස එක්‌වූ ශ්‍රී ලාංකික ප්‍රජාවගේ හා ජපන් ජාතිකයන්ගෙන් සම්මන්ත්‍රණ ශාලා පිරී ගොස්‌ තිබුණි. එම ශාලාවට වාර්තාගත ජනතාවක්‌ එදින එක්‌ව සිටීම විශේෂත්වයකි. එම හමුව ඇමතීමට එම ස්‌ථානයට මහින්ද රාජපක්‍ෂ මහතා ළඟාවෙද්දී පැමිණ සිටි දහස්‌ ගණනක්‌වූ ජනතාව සමග ජපන් ජාතිකයන්ද ඊට ඔල්වරසන් දුන්හ.

හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන උත්සව සඳහා විවිධ ප්‍රදේශවලට ගිය විට ඔහු වටකරගන්නා අයුරින් වටකරගෙන නිරතුරුවම මව්බිම වෙනුවෙන් කැපවෙන නායකයාට තම ආචාරය ඒ සියලු දෙනා පුද කළහ.

13 වැනිදා හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස අධිවේගී දුම්රියෙන් කෝබේ ප්‍රදේශය බලා ගමන් ගත්හ. දුම්රියේදී මේ නම් ශ්‍රී ලංකාවේ හිටපු ජනපතිවරයා බව හඳුනාගත් දුම්රියේ ගමන් කළ ජපන් ජාතික පිරිසක්‌ ඔහු සමග කතාබහ කරන අයුරුද දැකගන්නට තිබුණි.

එදින ජපානයේ ප්‍රධාන පෙළේ බෞද්ධ විහාරස්‌ථානයක්‌ වන කෝබේ විහාරස්‌ථානයේ ආගමික උත්සවයක්‌ සඳහා එක්‌වීමට නියමිතව තිබුණි. මහින්ද රාජපක්‍ෂ මහතා පැමිණෙන මග දෙපස ජපන් ජාතික හා ශ්‍රී ලංකා ජනතාව විශාල පිරිසක්‌ දෙරටේ ධජ රැගෙන රැඳී සිටියවය.

කෝබේ විහාරස්‌ථානයට පැමිණි හිටපු ජනාධිපතිවරයාට රාජ්‍ය නායකයකුට ලබාදෙන ඉහළම පිළිගැනීම ජපන් ජාතික හිමිවරුන් විසින් ලබාදී තිබුණි. මහින්ද රාජපක්‍ෂ මහතා එහි ගත කරන කාලය සඳහා ඔහුට ලබාදී තිබූ ආරක්‌ෂක භටයන් හඳුන්වාදීමද මෙහිදි සිදුකෙරුණි.

කෝබේ විහාරස්‌ථානයේ පැවැති ආගමික උත්සවයට ශ්‍රී ලාංකිකයන් ඇතුළු ජපන් ජාතිකයෝ විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ. එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා මේ ජනතාව ආසියාවේ සිංහයා ලෙස පිළිගැනීමට ලක්‌කළහ. රටේ ජාතියේ පිනට පහළ වූ මෙම නායකයා ආරක්‌ෂා කිරීම සියලු ශ්‍රී ලාංකික ජනතාවෙ ග් වගකීම බවත්, එතුමාගේ ඉදිරි ගමනට උපරිම සහාය ලබාදෙන බවත් කෝබේ විහාරාධිපති නාහිමිපාණෝ අවධාරණය කළහ.

මාධ්‍යවේදීන් සමඟ සමීප සබඳතාවක්‌ දක්‌වන හිටපු ජනාධිපතිවරයාගෙන් ජපාන මාධ්‍යවේදීහු සම්මුඛ සාකච්ඡා ලබාගැනීමට උත්සුක වූහ. 15 වැනිදා හිටපු ජනාධිපතිවරයා ඒ සඳහා යම් කාලයක්‌ වෙන්කර ඊට අවස්‌ථාව ලබා දුන්නේය.

ජපානයේ ‘ද ජැපෑන් ටයිම්ස්‌’   පුවත්පතේ මාධ්‍යවේදිනියක විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් එම පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබා ගන්නා ලදී. එම සාකච්ඡාවට එක්‌වූ මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ශ්‍රී ලංකාවේ විවිධ අංශ ගැන ඇය විමසීමක්‌ කළාය. එහිදී තම පාලන කාලය තුළ රටට ගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දෙමින් අත්කර දුන් ඉහළ ආර්ථික වර්ධනවේගය පිළිබඳ විස්‌තර කළේය. ඉන් අනතුරුව මාධ්‍යවේදියකු වූ ආචාර්ය ජෙµaරි කිංස්‌ටන් තිස්‌ වසරක යුද්ධය පරාජය කිරීම පිළිබඳව විමසීම් කර තිබුණේය.

මෙම සංචාරයේදී මහින්ද රාජපක්‍ෂ මහතා ජපානයේ හිටපු අගමැතිවරයකු වූ පුකුදා යසුඕ මහතා අතර විශේෂ හමුවක්‌ පැවැත්වුණි.

ඉන් අනතුරුව ජපානයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන එවකට ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයකු ලෙස කටයුතු කළ යෂුෂි අකාෂි මහතාද හමුවිය.

“ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබ කළ මෙහෙය ලෝක ප්‍රජාවට කිසිදා අමතක නොවනු ඇත. ඔබ එවැනි කීර්තියක්‌ අත්කරදුන් එඩිතර නායකයෙක්‌.”

එදා ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයෙකු ලෙස කටයුතු කළ අප කවුරුත් අසා තිබෙන යෂුෂි අකාෂි මහතා එලෙසින් ප්‍රශංසා මුඛයෙන් එම සුහද හමුවේදී පවසා තිබේ.

ලැබෙන හැම විවේකයකදීම පරිසරයේ සුන්දරත්වය පහස විඳින්න මහින්ද රාජපක්‍ෂ මහතා අමතක නොකළේය. තමන් එදා ජනාධිපතිවරයා වශයෙන් ජපානයේ නිල සංචාරයකට එක්‌වූ අවස්‌ථාවන්හිදීට වඩා මෙම සංචාරයේදී ඔබතුමාට සකුරා දේශයේ නියම සුන්දරත්වය විඳගැනීමට හැකිවූ බව සංචාරයට එක්‌වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, ලොහාන් රත්වත්තෙ, ප්‍රසන්න රණතුංග, රොෂාන් රණසිංහ, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු ප්‍රකාශ කරද්දී, එය නම් සත්‍යයක්‌ යෑයි ඔවුන් දෙස හැරෙමින් එතුමා පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ සකුරා දේශයේ මෙම සංචාරයේ ඔහුට ලැබුණු මේ උණුසුම් පිළිගැනීම තුළින් පෙනීයන්නේ ලෝකවාසී ජනතාවගේ සිත්තුළ ඔහු තවමත් සිටින බවයි.

අනුර බාලසූරිය

4 Responses to “සකුරා මල් පවා සිරස නැමූ මහින්ද රාජපක්‍ෂගේ ජපන් සංචාරය”

  1. ranjit Says:

    All peace loving human beings locally and Internationally appreciates what he did to our Motherland during his tenure in office except traitors to mankind and Motherland. This human being is a national hero who saved us from that barbaric butcher Prabakaran who killed innocent human beings in cold blood for thirty long years. He is responsible for killing 700 policemen in cold blood, killing buddhist monks, innocent children, Muslim worshipers etc without any sense. Where is the justice for all those crimes? While traitors rule with lies and bogus promises my hero, my President his excellency Mahinda Rajapaksa goes around giving us some kind of hope for a better future for all the Srilankans to live in peace and happiness. Rally behind this great individual to save our Motherland from white hipocrits and Indian parasites before they destroy our peaceful land with the help of Sinhala traitors and Tamil and Muslim seperatists.

  2. Kumari Says:

    The two brothers Mahinda and Gotabhaya Rajapakse are national treasures. They won the unwinnable war defeating the most ruthless terrorists in the world (as per CIA ). Then Mahinda brought unparalleled economic progress to the country.

    In the UK with the killing of one MP the European Union referendum campaign came to a halt. In Sri Lanka the good terrorists killed a President, a Foreign Minister, scores of other Ministers and MPs, senior commanders of the security forces and thousands of civilians. Still shameless America and the West want to protect the terrorists. If America is serious about eradicating terrorism they must get the advice of Mahinda and Gota. Our thirty year war was finished in three and a half. Our boys will finish off ISIS in less than twelve months.

    So happy to see our leader being welcomed so warmly. Jayawewa! Chiran Jayathu. Theruwan Saranai.

  3. charithsls Says:

    All the Best & long live & hope will return & return soon to lead the country again & better with the ability to overcome his mistakes he made.

  4. Hiranthe Says:

    Happy to see this. The universe treats this great man well while ungrateful Sri Lankans kicked him out of the office believing the lies of RAW and CIA backed opposition.

    I agree with Kumari.

    Theruwan Saranai!!

    We want you back in the Driving Seat sir to bring back the national security and true development..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress