ලෙට්රෝ ගෑස් ටෙන්ඩරය ආපසු හරවන්න ‘දේශපාලන මෙහෙයුමක්‘ අඩුම මුදලට ටෙන්ඩරය ඉවත දමන්න අලුතින්  ලේඛණ හදයි. පාඩුව රු. බිලියන 1.7 ඉක්මවයි.
Posted on June 19th, 2016

දුෂණ විරෝධී පෙරමුණ පුවත්පත් නිවේදනය

එල් පී ගෑස් ශ්‍රී ලංකාවට ආනයනය කිරිම සදහා ලිට්රෝ ගෑස් සමාගම විසින් ලබාදුන් ටෙන්ඩරය අහෝසි කිරීම සදහා ‘ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ‘ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ කිහිප දෙනෙකු සැලසුම් සහගත කුමන්ත්‍ර‍ණයක නිරතව ඇතැයි දුෂණ විරෝධී පෙරමුණු එහි උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් දැක්වේ.

2016 මැයි 27 වන දින ලෙට්රෝ ගෑස් සමාගම විසින් සිදු කරනු ලැබූ ටෙන්ඩර් බාර ගැනීම සවස 3 ට පමණ අවසන් විය.  සමාගමේ ඉතිහාසයේ පළමු වරට මෙම ටෙන්ඩර් විවෘත කිරිමේ අවස්ථාවට රාජ්‍ය ව්‍යාවසාය සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්, මිල ගණන් ඉදිරිපත් කළ සෑම සමාගමකම නියෝජිතයින්ට සහභාගිවීමට අවස්ථාව සලසා තිබුණි.

තාක්ෂණික හා වාණික කමිටු මගින් ටෙන්ඩර් මගින් තොරාගනු ලැබූවේ ‘ෂෙල් ඊස්ටන් ට්‍රේඩින්‘ සමාගම යි.  ඔවුන් අඩුම මිල ගණන් ඉදිරිපත් කල සමාගම ද වේ. ලංකාවේ අවශ්‍යතාවයන් අනුව ගෑස් ප්‍ර‍වාහණය කිරීම සදහා අවශ්‍ය තාක්ෂණයෙන් යුතු ගෑස් ප්‍ර‍වාහන නැව් මෙම සමාගම වෙත තිබෙන අතර, අඛණ්ඩ ගෑස් සැපයුමක් සදහා එය අනිවාර්ය වූ සාධකයකි.

මෑත කාලයේ අඩුම මිලට හා වැඩිම තාතක්ෂණික ඇගයීමට අනුව ප්‍රධානය කරනු ලැබූ ටෙන්ඩරය අවලංගු කිරීම සදහා මේ වන විට දේශපාලන බලපෑමක් මත ‘ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ‘ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරමින් සිටී.

ඒ සදහා වන උපක්‍ර‍මය වී ඇත්තේ, ලිට්රෝ සමාගමේ වත්මන් විධායක සභාපති සහ අධ්‍යක්ෂකවරුන්  කිහිප දෙනෙකු ඉවත් කිරීම සදහා ආචාර ධර්ම විරෝධී, පිළිගත් කාර්ය පටිපාටියෙන් තොර ප්‍රවේශයක් ලබා ඇත.  ඒ අනුව, 2016 ජූනි 2 දිනට පෙරදාතම යෙදූ ව්‍යාජ ‘අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක්‘ ලෙස කෙටුම්පත් කළ ලේඛණයකට මේ වන විට අත්සන් ලබා ගනිමින් පවතී.  මෙහි අරමුණ වන්නේ 2016 ජූනි 15 දින ලෙට්රෝ සමාගමට ලබා දුන් ටෙන්ඩරය අවලංගු කිරීමයි.

මේ සදහා මුලිකත්වය ගෙන කටයුතු කරනුයේ ‘රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ය. ඒ සදහා බලපෑම් කර ඇත්තේ බලවත් දේශපාලනඥයෙකි.  ඔහුට සබදතා ඇති සමාගමක්  ද ‘ලිට්රෝ සැපයුම‘ ලබා ගැනීමේ මෙම කුමන්ත්‍ර‍ණයේ අරමුණ වී ඇත.  එම සමාගමට වඩා අඩු මිල ගණන් ඉදිරිපත් කොට ඇති සැපයුම් සමාගම් දෙකකි.

මෙම ටෙන්ඩර් මගඩිය සාර්ථක වන්නේ නම් ලංකා රජයට අයත් ලිට්රෝ සමගමට අහිමි වන මුදල රුපියල් බිලියන 1.7 සිට බිලියන 2.3 විය හැකි බව දුෂණ විරෝධී පෙරමුණේ‘ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

 

දුෂණ විරෝධී පෙරමුණ

2016 ජූනි මස 19 වැනිදා

 

Rajith Keerthi Tennakoon
Executive Director/CaFFE
Executive Director/CHR-Sri Lanka
100/19 A, Welikadawatta Road,
Rajagiriya,Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress