රතු පැත්තෙන්, කොල පැත්තෙන්, උතුරු පැත්තෙන් නෑ කිවුවට රජ්ජුරුවෝ හෙලූවෙන්.. – විමල් මැතිසබේ රත් කරයි..
Posted on June 23rd, 2016

lanka C news

පාර්ලිමේන්තුවේ පැවති තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත පිළිබද විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය

‘‘අපේ රටේ බොහෝ වැදගත් ක්ෂේත්‍ර‍වලට අදාළ තොරතුරු අවිධිමත් ආකාරයට වුවත් හොදින් ගලාගෙන ගියා. මේ තොරතුරු දැනගැනීමේ පනත ගෙන එන්නේ, එසේ අවිධිමත් ආකාරයට ගලා ගිය තොරතුරු විධිමත් ආකාරයට ජනතාවට ලබාදීමට නම් ප්‍ර‍ශ්නයක් නැහැ. නමුත් රටේ අනාගතයට, අභිවෘද්ධියට තීරණාත්මකව බලපාන ක්ෂේත්‍ර‍ ගණනාවක තොරතුරු අවිධිමත් ලෙස දැන ගැනීමේ අයිතිය නැති කරලා අනෙක් ක්ෂේත්‍ර‍වලට අදාළ තොරතුරු විධිමත් ලෙස ලබා දීම පමණයි මෙම පනතින් සිදුවන්නේ.

රතු පැත්තෙන්, කොල පැත්තෙන්, උතුරු පැත්තෙන් නෑ කිවුවට රජ්ජුරුවෝ හෙලූවෙන්.. – විමල් මැතිසබේ රත් කරයි..

‘විදේශ ගිවිසුම් අවුරුදු 10ක් ඉකුත් වී ඇති වුවත් අවසන් වී නොමැති නම් හෙළිදරව් නොකළ යුතුයි‘ යන වගන්තිය මේ පනතේ තිබෙනවා. ජාත්‍යන්තර ගිවිසුම් කියන්නේ අපේ රටේ අනාගතයට ඉතා තදින් බලපාන ඒවා. ඉන්දු – ලංකා ගිවිසුම අපේ රටට ඉතා තදින් බලපෑවා. ඇමෙරිකා එක්සත් ජනපදය සමග ඇතිකර ගන්නා ගිවිසුම් අපේ රටට ඉතා තදින් බලපානවා. ඉන්දියාව සමග නුදුරේදීම අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුමත් අපේ රටේ අනාගතයට තදින් බලපානවා. අපේ රටේ සේවා ආර්ථිකය, රැකියා වෙළදපොළ සම්පූර්ණයෙන්ම ඉන්දියාවට බිලි දෙන ඒ ගිවිසුම පිළිබද තොරතුරු ලබා ගැනීමේ අයිතියත් මේ පනතේ සදහන් ඉහත වගන්තියෙන් අහිමි වෙනවා නම් මොකක්ද මේකෙන් රැකෙන තොරතුරැ දැන ගැනීමේ අයිතිය”

– අනුරුද්ද බණ්ඩාර

එට්කා ගිවිසුම වැනි ජාත්‍යන්තර ගිවිසුම් පිළිබද දැන ගැනීමේ අයිතිය පවා අහිමි කරන තොරතුරු දැනගැනීමේ පනතකින් සිදු වන්නේ මෙතෙක් පැවැති තොරතුරු දැනගැනීමේ අයිතිය පවා අහිමි වීම යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress