කුඩා ජල විදුලිබලාගාර රකුසාට බිලිවෙමින් පවතින මන්දාරම්නුවර නිම්නය
Posted on July 25th, 2016

පේශල පසන් කරුණාරත්න සාමජික වැසිවනාන්තර සුරකින්නන්ගේ සංගමය

හඟුරන්කෙත මන්දාරම්නුවර ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මත වෙමින් පවතින කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති නිසා ප්‍රදේශය පුරා පැතිර ඇති ප්‍රධාන ඔයවල් ඇතුළුව සියළුම ජල ප්‍රබව වලටද දැඩි බලපෑමක් ලක්වෙමින් පවති. එමගින් ප්‍රදේශයේ  පාරම්පරික ජනතාවගේ ජීවනෝපායයන්ටද දැඩි තර් ජනයක් එල්ල වෙමින් පවති. 

හඟුරන්කෙත, වලපනේ, දෙල්තොට සහ පාතහේවාහැට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ යටතේ පරිපාලනය සිදු  වන මෙම ප්‍රදේශ පුරාවට පිහිටි සියළු ගංගා නිම්න සහ කදු බෑවුම් ආශ්‍රිතව කෘෂිකර්මාන්තය ප්‍රමුඛ කොටගත් පාරම්පරික ජනතාව වෙසෙන ගම්මාන විශාල සංඛ්‍යාවක් ව්‍යාප්තව ඇත. ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජල පහසුකම් සපයා ගැනීමට මහවැලි ගඟට ජලය සපයන බෙලිහුල් ඔය, මා ඔය, තලාතුඔය සහ මාරස්සන ඔය ප්‍රමුඛ ස්ථානයක් ගනි. මෙම ජල පෝශක කලාප ආශ්‍රිතව නව කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම නිසා මෙ‍ම කලාප වලට දැඩි තර් ජනයක් එල්ල වී ඇත. 

mandaram06

මෙයින් බෙලිහුල් ඔයේ ප්‍රධාන පෝෂක ඔයක් වන දීගල් ඔය ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් පවතින දීගලහින්න කුඩා ජල විදුලි ව්‍යාපෘතිය නිසා විශාල සමාජ, ආර් ථික සහ පාරිසරික ගැටළු රැසක් නිර්මාණය වෙමින් පවති. අක්කර 300 කට වැඩි කුඹුරු ඉඩම් ප්‍රමාණයකට සහ අනෙකුත් වගා බිම්වලට වාරි ජලය සපයා ගැනීම අවහිර වීම, දීගල් ඔයේ කිලෝමීටර් එකකට වඩා විශාල ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම වියළි යාමේ අවදානමක් පැවතිම, ඉතා ආකර්ෂණිය මෙන්ම ප්‍රකට දිය ඇලි දෙකක් වන ඇතාවැටුනුවල ඇල්ල හා දීගලහින්න ඇල්ල සම්පූර්ණයෙන්ම වියළී යාම නිසා ඒවායේ සුන්දරත්වය සහ පාරිසරික වටිනාකම ප්‍රදේශයේ ජනතාවට මෙන්ම රටටම අහිමි වීම හා ආවේනික ශාක සහ සත්ත්ව විශේෂ ගනණාවක් වඳවීමට ලක් වීම. තවද, බෙලිහුල් ඔයේ මාණකොල, ලබුහේන්වල සහ කැටහිර ග්‍රාම නිළධාරි කොට්ඨාස ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් ඇති මාණකොල කුඩා ජල විදුලි ව්‍යාපෘතිය නිසාද එවැනීම විශාල හානියක් වෙමින් පවතී.

mandaram05

අතීතයේ පටන් තේ සහ අනෙකුත් බෝග වගාවන් සඳහා මධ්‍යම කදුකරය ආශ්‍රිත වනාන්තර විශාල ප්‍රමාණයක් කපා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රදේශවලද ජල පෝෂක වනාන්තර බොහොමයක් විනාශ වි ඇත. තවද ගෝලීය උණුසුම ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස සමස්ථ ශ්‍රි ලංකාවම මුහුණදෙමින් සිටින දේශගුණ විපර්යාස නිසා ද ඉහත ප්‍රදේශවල වර් ෂාපතනයෙහි වෙනස්කම් සිදුවෙම්න් පවතී. මන්දාරම්නුවර ගොවිජන සේවා මධ්‍යස්ථානය මගින් වාර් ථා මගින් වර් ෂා පතනය පිලිබඳ වාර් ථා මගින් මෙම තත්ත්වයන් වඩා හොදින් පිලිබිබු වේ.

mandaram01

එවැනි පසුබිමක් තුල ප්‍රදේශයේ ඉදිවන කුඩා ජල විදුලි බලාගාර නිසා ප්‍රදේශයටත් ගැමි ජනතාවටත් විශාල හානියක් සිදු වෙමින් පවතී. මේ වනවිටත් රටේ විවිධ ප්‍රදේශවල ක්‍රියාක්මක කෙරෙමින් ඇති බොහෝ කුඩා ජල විදුලි නිසා  සමස්ථ ලංකාව තුළම පරිසර පද්දිති විනාශ වෙමින් විශාල පාරිසරික ගැටළුවක් උත්ගත වෙමින් පවතී.දීගලහින්න කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතිය සහ මානකොල කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතිය ඇතුළුව ශ්‍රී ලංකාව වටා ඇති අනෙකුත් අනවසර කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘති අත්හිටුවන ලෙස වැසි වනාන්තර සුරකින්නන්ගේ සංගමය (http://www.RainforestProtectors.org)  වන අපි මේ සඳහා වග කිවයුතු බලධාරීන්ගෙන්  ඉල්ලා සිටිමු. 

මන්දාරම්නුවර නිම්නයේ  ජල පෝශක කලාප රැක ගැනීමට ඔබගේ සහය ඉල්ලා සිටිමු.

මේ පිළිබඳ වැඩි දුර තොරතුරු සඳහා 0718736901, 0774328800 (ලාල් කුමාර වක්කුඹුර මහතා)

One Response to “කුඩා ජල විදුලිබලාගාර රකුසාට බිලිවෙමින් පවතින මන්දාරම්නුවර නිම්නය”

  1. S.Gonsal Says:

    What a destruction politicians making to earn few bucks to live in luxury.
    These cartwheels do not even produce 1 MW.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress