බැසිල්ගේ පැමිණීම ගැන කවුරුත් දැනගෙන හිටපු නැති දේවල් මෙන්න!
Posted on July 25th, 2016

www.mahinda.info

[1]. (i). 2015 පෙබරවාරි 1 දින mahinda.info වෙබ් අඩවිය ආරම්භ කිරීමට පෙර අන්තර්ජාලය භාවිතා කරන බොහෝ මහින්ද පාක්ෂිකයන් පවා, එජාපයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එල්ල කරන ලද මඩ චෝදනා ගැන සිටියේ තරමක කුතුහලයෙනි. ඊට හේතුවනම් එම මඩ චෝදනා වලට එරෙහිව පාක්ෂිකයින් කිහිප දෙනෙකු අන්තර්ජාලයේ හුදකලා සටනක නිරත වූවා මිස, ජනාධිපතිවරණ සමයේ නිසි පිළිතුරු නිල වශයෙන් ලබා දී නොතිබීමයි.

(ii). අනතුරුව මහින්ද රාජපක්ෂ මැතිතුමා නිල නිවේදන, මාධ්‍ය හමු හරහා එතුමාට එරෙහිව තිබුණ චෝදනා වලට නිසි පිළිතුරු ලබා දුනි. මෙම mahinda.info වෙබ් අඩවිය ආරම්භ කිරීමෙන් පසුව මඩ චෝදනා වලට අන්තර්ජාලයේ ද පිළිතුරු ලබා දුනි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමා ගැන දැන් සියලුම මහින්ද පාක්ෂිකයන් පමණක් නොව එජාපයේ සමහර ඇමතිවරුන් පවා දරන මතයනම් එතුමා කිසිදු වරදක් කර නොමැති බවයි.

(iii). සාක්ෂි නොමැතිව එවැන්නක් අප නොපවසමු. මෙන්න එක් උදාහරණයක්. එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාට වැඩිපුරම මඩ චෝදනා එල්ල කළ රාජිත සේනාරත්න අමාත්‍යවරයා දැන් පවසන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා හොරකම් වලට සම්බන්ධ නෑ” යනුවෙනි.

(iv). ඔහු එසේ අංශක 180 කින් තම මතය වෙනස් කරගත්තේ ඇයිදැයි ඔබ සිතුවාද? ඊට හේතුවනම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව ඔවුන් එල්ල කරන ලද මඩ චෝදනා සියල්ලටම පිළිතුරු සමාජගත වි තිබීමත්, තවත් එල්ල කරන මඩ මැදහත් ජනතාව පිළි නොගැනීමත් නිසාය. මැදහත් ජනතාවගේ මතය අනුව මැතිවරණ ජය පරාජය තීරණය වෙන අතර මඩ ගැසීමෙන් සිදුවන්නේ ඔහුගේ මැදහත් ඡන්ද පදනම තවත් බංකොලොත් වීමයි. එසේම මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව තවත් මඩ ගැසුවොත් ඊට පිළිතුරු දීමට අප සැම පෙළගැසී සිටින අතර, නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාන්ත්‍රණයක්ද සිදුවෙමින් පවතියි.

[2]. (i). දැන් අපි ප්‍රස්තුතයට පිවිසෙමු. එජාපයේ සහ අවාසනාවන්ත ලෙසට එජාප වෘත්තීය සමිතියක් බවට පත් වී ඇති ජවිපේ වැඩිම චෝදනාවන්ට ලක් වූයේ රාජපක්ෂ වරුන් අතුරින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ය. අද එජාපයේ අය පවා මහින්ද රාජපක්ෂ මැතිතුමා නිර්දෝශී බව පවසද්දී අපගේ සමහර පාක්ෂිකයින් බැසිල් රාජපක්ෂ මහතා ගැන දරන්නේ තරමක කුකුසකි. ඊට හේතුවනම් එජාපයෙන් බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල කරන ලද මඩ වලට නිසියාකාරයෙන් පිළිතුරු සමාජත නොවීම බව අප සිතමු.

(ii). ඔහු නිරන්තරයෙන් විස්වාස කළේ තමන් රටට කරන සේවය හමුවේ ජනතාව මෙකී බොරු විස්වාස නොකරනු ඇති බව ය. එය එසේ නොවූ බව ලංකාවේ නුදුරු අතීතය සාක්‍ෂි සපයයි. එහෙත් එතුමා යම් යම් අවස්ථා වලදී පිළිතුරු ලබා දී තිබේ. පහත වැඩසටහන එවැන්නකි.

(iii). බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එල්ල වූ මඩ චෝදනා වලට අපද යම් අවස්ථා වලදී පිළිතුරු ලබා දී තිබුණත්, mahinda.info අපට පූර්ණකාලීනව එය සිදුකිරීමට නොහැකි වූයේ අපගේ විවේක කාලයේ ප්‍රමුඛත්වය ලබා දී තිබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට එරෙහිව එල්ල වූ මඩට පිළිතුරු දීම බැවිනි.

[3]. බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව එජාපයෙන් එල්ල කරන ලද මඩ චෝදනා සියල්ලටම මේ අවස්ථාවේදී පිළිතුරු දීමට නොහැකි වුවද, ඔබට සිතන්නට කාරණා කිහිපයක් මෙහි සටහන් කරන්නෙමු.

(i). පළමු චෝදනාව වන්නේ බැසිල් රාජපක්ෂ මහතා එජාපය සමග ඩීල් එකක්” තියෙන බවයි. මහින්ද පාක්ෂික ඔබ අප සියල්ලන්ම අවිවාදයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාව දේශපාලනිකව විශ්වාස කරන්නෙමු. බැසිල් මහතාට එවැනි ඩීල් එකක් තිබේනම් මහින්ද රාජපක්ෂ මැතිතුමා බැසිල් මහතාව කිසිදු ආකාරයෙන් සිය දේශපාලනයේ උදව්වට තබා ගන්නේ නැත. ඒ අනුව එම ඩීල් කතාව ගොබෙල්ස්කරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව විශ්වාස නැති අයයි. ඔවුන් කවුදැයි ඔබ දනී.

(ii). බැසිල් රාජපක්ෂ මහතාට එජාපය සමග ඩීල් එකක් තිබේනම් එතුමා ශ්‍රී ලංකවට පැමිණි සැනින් සැක පිට අත් අඩංගුවට ගෙන සිරගත කර, දැනුත් සැක පිට සිරගත කර තබන්නේ ඇයි. බැසිල් රාජපක්‍ෂ මහතාව බන්ධනාගාරගත කිරීමට වත්මන් ආණ්ඩුව නොයෙක් වර උත්සාහ කර ඇත. නිදසුනක් ලෙස පසුගිය මස එතුමාව පූගොඩ උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මූල්‍ය අපරාධ කොට්ඨාශ නිලධාරීන් විසින් එතුමාව රිමාන්ඩ් කිරීමට අපමණ වෙහෙසක් දැරීය. ප්‍රබල නීති තර්ක හමුවේ මහේස්ත්‍රාත්වරයා සිය හෘද සාක්‍ෂියට ඉඩ දී එතුමාට ඇප ලබා දුන්නේ ය. ඊට පෙර මාතර උසාවියේ දී ද එසේ ය. කෙසේ වෙතත්, කුමන නීති තර්ක දැමූව ද කඩුවෙල උසාවිය ඒවා පිළිගත්තේ නැත. රජයේ මුදල් තවත් රජයේම ආයතනයක් වන ප්‍රාදේශීය සභා වලට දුන්නා කියා එතුමාව සිරගත කළේය. සමහරුන්කි යා තිබුණේ බැසිල් සිරගත වූයේ ද ඩීල් එකකට බව ය. මෙය එල්ටිටිය මහින්ද මැතිතුමාගෙන් මුදල්ගෙන ස්වයං-පරාජය පැතුවා සේ වන විහිළුවකි. බැසිල් මතු නොව රිමාන්ඩ් භාරයේ දුෂ්කරතාව, එමගින් පැන නගින මානසික හිංසනය, සහ දේශපාලන අවාසිය දන්නා ඕනෑම කෙනෙකු කැමැත්තෙන් සිරගත වන්නේ නැත. බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥ කණ්ඩායම ඔහුට ඇප ලබා ගැනීම සඳහා කොතරම් වෙහෙස වූයේ ද යන්න උසාවියේ සිටි බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, සිසිර ජයකොඩි, ගීතා කුමාරසිංහ, පියල් නිශාන්ත, සේමසිංහ, නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරුන්ඇ තුළු තව බොහෝ පාර්ලීමෙන්තු මන්ත්‍රීවරුන්ගෙන් අසා දැනගත හැකි ය. බැසිල් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරු 2 ඇතුළු 25කට ආසන්න කණ්ඩායමක් පෙනී සිටියහ. කැමැත්තෙන් සිරගත වීමට නම් එවැනි මාරාන්තික සටනක් කරන්නේ ඇයි?

(iii). බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩුව සමග ඩීල් එකක් ඇති බව පවසන්නේ එජාපයේම මඩ වෙබ් අඩවි මගිනි. එවැනි ඩීල් එකක් තිබේනම් ඔවුන්ට එය වාසිදායක ය. එවැනි වාසිදායක ඩීල් ඔවුන් සිය අරමුණ ඉටුවන තුරු හෙළි නොකර ආරක්‍ෂා කළ යුතු ය. උදාහරණ ලෙස සිරිසේන මහතා එජාපය සමග ඇතිකරගත් ඩීල් එක ජනාධිපතිවරණය ඔන්න මෙන්න තිබියදීවත් එජාපයේ වෙබ් අඩවි හෙළි කළේ නැත. ජනාධිපතිවරණ සමයේ සිට මහින්ද රාජපක්ෂ මැතිතුමාට මඩ ගසන ලද එජාපයේ වෙබ් අඩවියක් වන colomboxnews මගින් පළ කළ ව්‍යාජ සිරස්තලය පහතින්. ඒ අනුව එජාපය විසින් බැසිල් රාජපක්ෂ මහතාව මහින්ද පාර්ශවයෙන් ඉවත් කිරීමට ගෙනියන සයිබර් ප්‍රහාරයේ බරපතල කම ඔබට පැහැදිළි වනු ඇත.

(iv). රාජපක්ෂවරුන් කිසිදා එකිනෙකා පාවාදී නැත. ඔවුන්ගේ තිබෙන සහෝදරත්වය විස්මිත ය. 2005 දී මන්ත්‍රී ආසන කිහිපයක බහුතරයක් තබාගත් සංධාන ආණ්ඩුව පෙරලගන්නේ නැතිව මානුෂික මෙහෙයුම ජයගැනීමට දේශපාලන නායකත්වය ලැබුණේ එම රාජපක්ෂවරුන් අතර ඇති සහෝදරත්වයේ බැඳීමෙනි. ඊට ඊර්ෂා කළ එජාපය සහ එහි වෘත්තීය සමිතිය, සහෝදර සමාගම” නැමැති නම පටබැන්දෝ ය. දැන් ආණ්ඩුවේ බලවතුන්ගේ සහෝදර සමාගම් කීයක් තිබේද?

(v). බැසිල් රාජපක්ෂ මහතා සියලු අමාත්‍යාංශ වල පාලනය සියතට ගත් බවත් සමහරුන් චෝදනා කර තිබුණි. අපට ඇසීමට ඇත්තේ එක ප්‍රශ්නයකි. එදා බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමතිව සිටියදී ජනතාවට කැපී පෙනෙන සේවයක් කළ ඇමතිවරුන්, අද යහපාලන ආණ්ඩුවේම ඇමතිකම් ගත් විට කිසිදු සේවයක් ජනතාවට නොකරන්නේත්, දිගින් දිගටම අදාල අමාත්‍යාංශ යටතේ ඇති ආයතන කඩා වැටෙන්නේ ත් ඇයි?

2016/07/19 දින මව්බිම පුවත්පත 2 පිටුව

[4]. (i). මෙගා ඩීල්” මෙගා කොමිස්” චෝදනා වලට වෙන වෙනම පිළිතුරු දීමේ අවශ්‍යතාවයක් නොමැතිය. බැසිල් රාජපක්ෂ මහතා එකදු වරදක් කර තිබේනම් මෙතුවක් කල් එතුමාට අධිකරණයෙන් දඬුවම් නොදී තිබෙන්නේ නැත. සැක පිට අත් අඩංගුවට ගැනීම යනු දඬුවම් නොවේ. 2015 වසරේදීද යහපාලනයෙන් එසේ සිදුකළ අතර, එවිට බැසිල් රාජපක්ෂ මැතිතුමා නිර්දෝශී වී නිදහස් විය. මෙරවර අත් අඩංගුවට ගෙන තිබෙන්නේ රජයේ මුදල් රජයේම ආයතනයක් වන ප්‍රාදේශීය සභා වලට දුන්නා කියමිනි. ඔය කියපු විදිහට බැසිල් රාජපක්ෂ මහතා මෙගා ඩීල්” මෙගා කොමිස්” කර තිබුණානම්, මේ වගේ විහිළු සහගත චෝදනාවක් නගා එජාපය ජනතාව ඉදිරියේ බංකොලොත් වන්නේ ඇයි?

(ii). යහපාලන රජයෙන් බැසිල් දින 70ක් සිරගත කොට සිටියේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය සමෘර්ධි නිලධාරීන්ට කොහොමත් දියයුතු වූ වන්දිය මහභාණ්ඩාගාරයෙන් ගෙවන තුරු දිවිනැගුම අරමුදලින් ගෙවීමට කටයුතු කිරීම ය. ඇත්ත වශයෙන් ම එසේ කළේ වන්දි ප්‍රමාද වූයේ නම් අමතර රුපියල් මිලියන 5ක් දඩ ලෙස ගෙවීමට සිදුවන බැවිනි. අනෙත් චෝදනාව ලිතක් මුද්‍රණය කොට ජනතාවට ලබා දීම හා අඩු ආදායම් නිවෙස්වල වැසිකිලි ආදිය නවීකරණය කර ගැනීමට රුපියල් 10000කින් 2500ක මුල් වාරිකය ලබා දීම ය. ඇප ලබා දෙමින් මහාධිකරණ විනිසුරුවරයාම කියා තිබුණේ මේ එකතු චෝදනාවක හෝ බැසිල් රාජපක්‍ෂ මුදල් සොරකම් කළ බවට කිසිදු සාක්‍ෂියක් නැති බව ය.

[5]. (i). බැසිල් රාජපක්ෂ යනු අති දක්ෂ රාජ ත්‍රාන්ත්‍රිකයෙකි. 2009 වසරේ මානුෂික මෙහෙයුම නතර කරන ලෙසට ඉන්දියාව බලපෑම් කරද්දී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනින් ඉන්දියාවට පිටත් කර හැරියේ බැසිල් රාජපක්ෂ මැතිතුමාව ය. ඉන්දියානු පරිප්පු යාපනයට වැටුණු අන් යුධ සමයන්ගෙන් මහින්ද ජනපතිඳුන්ගේ කාලය වෙනස් වන්නේ බැසිල් විසින් අකුරට ම ඉන්දියාව කළමනාකරනය කරගත් නිසා ය.

(ii). මානුශීය මෙහෙයුමේ සිටි ග්‍රාමීය සංවර්ධනය හරහා මහා සංවර්ධන ව්‍යාපෘථි දක්වා පිටුපසින් සිටි මහා සෙවණැල්ල බැසිල් රාජපක්ෂ මහතා බව දන්නේ ලංකාවේ අල්ප දෙනෙකි. බැසිල් රාජපක්ෂ මහතා සමග සිදුකළ සංවාද වලින් අනතුරුව එවකට එජාපයේ නායකයින් බුරුතු පිටින් මහින්ද ජනපතිඳුන් වටා එක් විය. නිර්මාල් දේවසිරිගේ ෆුටා සටනේ නිරුවත ගැන කොතරම් තාක්ෂණිකව පෙන්වා දුන්නත් එය ඔවුන් නතර නොකළ තැන, බැසිල් රාජපක්ෂ මහතා සමග එක් සාකච්ඡාවකින් පමණක් ෆුටා අවසන් විය. (වෙනසක් ඉල්ලූ ආණ්ඩුවක් ඇවිත් අවුරුදු 1 1/2 ක් වුණත් 6% නම් තාම ලැබී නැති අතර, ඒ වෙනුවට පාසල් වලින් මුදල් අය කරයි).

(iii). වැදගත්ම දේනම් බිම් මට්ටමේ ශ්‍රීලනිප ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමග සම්බන්ධතා ඇත්තේ බැසිල් රාජපක්ෂ මැතිතුමා ටයි. උදාහරණ ලෙස මෑතකදී ශ්‍රීලනිප පුංචි මන්ත්‍රීවරුන් සමග පැවැති සමුළුව බලන්න. එනම් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන සහභාගීත්වය දැවැන්ත අවශ්‍යතාවයකි. බැසිල් රාජපක්ෂ මහතාව මහින්ද පාර්ශවයෙන් ඉවත් කිරීම එජාපයට තීරණාත්මකය.

 

[6]. (i). යහපාලන” මඩ බලකාය විසින් රාජපක්‍ෂවරුන් අතරින් මුලින් ම පහර දී බිම ඇද දැමූයේ බැසිල් රාජපක්ෂ මහතාය. ඊට විශේෂ හේකුවක් තිබුණි. මහින්ද මැතිඳුන්ගේ මුළු දේශපාලන ව්‍යාපෘථිය මතු නොව, මහින්ද ආණ්ඩුවේ කොඳු නාරටිය වූයේ ද බැසිල් රාජපක්ෂ මහතා ය. උපක්‍රමික සැලසුම්කරණයේ කෙළ පැමිණි බැසිල් අති දක්‍ෂ සංවිධායකයෙකු බව ද පක්‍ෂ වික්‍ෂ සැම අවිවාදයෙන් පිළිගනිති. ඒ අනුව, මහින්ද මැතිඳුන්ව වැට්ටවීමට නම් බැසිල් වැට්ටවිය යුතු ය. ඒ අනුව, බැසිල් රාජපක්‍ෂ හොරෙකු, දූෂීතයෙකු කෙරුණි.

(ii). ඉහත කී ලෙස බැසිල් රාජපක්ෂ මහතා ශූරයෙකු වූයේ නම් ඔහු මේ මිත්‍යාවට එරෙහි ව සටන් නොකළේ ඇයි? එය වැදගත් ප්‍රශ්නයකි. මහින්ද යුගයේ සිදුකළ ව්‍යාපෘති සංඛ්‍යාව 4300 කට අධික ය. මහින්ද මැතිඳුන්ගේ ධූර කාලයෙන් වසර 5 ක්ම මානුෂික මෙහෙයුම වෙනුවෙන් කැප කළ අතර රට සංවර්ධනය කිරීමට ඉතිරිව පැවැතියේ වසර 5 කි. වසර 5 ක් තුළ ව්‍යාපෘති 4300 ක් නිම කිරීම යනු හිතන තර්ම් ලෙහෙසි වැඩක් නොවේ. ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් සියලුම අමාත්‍යාංශ වල සම්බන්ධීකරණය සිදුකළ බැසිල් රාජපක්ෂ මැතිතුමා තම ශක්තිය ශ්‍රමය පමණක් නොව, එතුමාට තිබූ මානව සම්පත් පවා සම්පූර්ණයෙන්ම යෙදවූයේ රටේ සංවර්ධන ව්‍යාපෘති උදෙසා මිස සිය දේශපාලනය වෙනුවෙන් නොවේ.

[7]. (i). අද අවාසනාවන්ත තත්වය වන්නේ අපේම ඇතැමුන් විසින් බැසිල් රාජපක්ෂ මහතා ගැන යහපාලන ආණ්ඩුව මැවූ කළු චිත්‍රය ඒ ලෙස ම පවත්වාගෙන යාමට උත්සාහ කිරීමයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සතුරන්ට අවශ්‍ය දෙය ඇතැම් මිතුරන් විසින් ද ඉටු කිරීම සිතාගැනුමට පවා අපහසු ය. මහින්ද යුගයේ මහා ජයග්‍රහණ ගැන මහ ඉහළින් කතා කරන පිරිස් ඒ පිටුපස වන මහා බැසිල් සාධකය හිතාමතා ම අමතක කිරීම තේරුම්ගත නොහැක්කකි. ඇත්ත වශයෙන් ම මෙරට ජනතාව විසින් වටහාගත යුත්තේ මහින්ද-බැසිල්-ගෝඨාභය යනු එකිනෙකාගෙන් වෙන්කළ හැකි පුද්ලයින් නොවන බව ය. අද සියළු අතින් පිරිහෙමින් පවතින ලංකාව නැවතත් අන් කිසිවෙකුට ලඟා විය නොහැකි තලයකට ඔසවා තැබීමේ හැකියාව ඇත්තේ ද මේ තිදෙනාට බව ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට වත්මන් ලංකාවේ සාධක එමට ය.

(ii). ජවිපෙ ආරම්භක නායක රෝහණ විජේවීර මහතාව කපා කොටා ටයරයක දමා පණ පිටින් ගිණි තැබූ එජාපය සමග ජවිපෙට සංධානගත වී ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකි වූවානම්, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ විශ්වාසය දිනූ බැසිල් රාජපක්ෂ මහතාව එජාපයේ මඩට රැවටී අප විසින් පිටුදැකිය යුතු ද?

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

9 comments to බැසිල්ගේ පැමිණීම ගැන කවුරුත් දැනගෙන හිටපු නැති දේවල් මෙන්න!

  • Anoj Thabrew

    පසු වී හෝ ඉදිරිපත් කල මේ ලිපිය කාලෝචිතය. ඇතැම් ඇමතිවරුන්ගේ හොරකම් නතර කිරීමට බැසිල් රාජපක්ෂ මහතා ගත් පියවර ජනයා දැන ගත යුතුය. ඒවා ද ඉදිරිපත් කරන්න. එසේ කිරීම මඩ ගැසීමක් නොවේ. 2015 අගෝස්තුවේ ඇතුලතින්ම අප පඩවා නොදුන්ටන් නම් මේ වන විට රට ගොඩ ගෙන හමාරය.
    ඔබට ස්තුතියි!

  • sayumi

    එඩිටර් තුමා. ඔබට බෙහෙවින් තුති මේ වටිනා කරුණු ඇතුලත් ලිපිය පල කලාට.

  • Dinuu

    බැසිල් රාජපක්ස මැතිතුමා ගැන ලියැවුනු මේ ලිපිය මහින්ද මැතිඳුන් අගය කරන හැම දෙනෙක්ම කියවිය යුතුයි. කවුරු මොනවා කිව්වත් මහින්ද-ගෝටා-බැසිල් සහෝදර බැම්මේ තිබූ නොසැලෙන ආදරණීය බව සහ නොසැලෙන විශ්වාසනීයත්වය නිසා තමයි….
    තිස් වසරක කුරිරු ත්‍රස්ත බිය මොනම බලවත් රටකට වත් කල නොහැකි වූ ලෙස සම්පූර්ණයෙන්ම තුරන් කර අපි හැමෝටම නිදහසේ හුස්ම ගන්න රටක් ඉතිරි කර දුන්නේ.

    එවැනි දිගුකාලීන ලොව දරුණුතම ත්‍රස්තවාදයෙන් පෙලුන රටක් ආර්ථිකව හුගක් කඩා වැටෙන්න ඕනෙ. නමුත් මහින්ද-ගෝටා-බැසිල් සහෝදර බැම්ම නිසා තමයි සමගාමීව දැවැන්ත සංවර්ධනයකින් මේ රට ඉහලටම එසවුනේ!

  • Dinuu

    මහින්ද රජයෙන් මේ රටට මහමෙරක් මෙන් වූ දැවැන්ත මෙහෙවරෙහි කොඳු නාරටිය බැසිල් මැතිඳු බව ප්‍රසිද්ධ රහසකි. මහින්ද රජය බිඳ වැට්ටවීමට යහපාලන මඩ බලකාය ගෙනා මඩ ප්‍රචාර වලට ලක්ශ 58 ක් රැවටුනේ නැහැ. එය සුලු කොට තැකිය නොහැක. දැන් ඒ ලක්ශ 58 විශාල ප්‍රමාණයකින් වැඩි වෙලා. යහපාලකයින් දුන් පොරොන්දු වේගයෙන් එක පිට එක කඩා වැටුනා. දැන් යහපාලනයට චන්දය දුන් කෙනෙක් හොයා ගන්නත් බැරි තරම්!
    සංවර්ධනය අමතක කරලා දිනපතා කරන අසාධාරණ දේශපාලන පලිගැනීම් දැන් ජනතාවට තිත්තයි. බැසිල් මැතිඳු යලි සිරගත කරේ ජන සටනට බාධා කරන්න. නමුත් අපිට හරිම සතුටුයි ඒ වන විට බැසිල් මැතිඳු විශාල වැඩ කොටසක් සාර්ථකව සැලසුම් කරලා සංවිධානය කරලා හමාරයි.

    ජනසටන පාද යාත්‍රාව බැසිල් මැතිඳු හිතුවාටත් වඩා ඉහලින්ම සාර්ථක වෙනවා ඒකාන්තයි! ජයෙන් ජයම වේවා!

  • Rupananda

    100% agreed. We know the capabilities of this great leader. Even during the previous governments he has been involved in many successful development projects. I vaguely remember Gamini Dissanayaka ‘s biography it was mentioned that Basil was playing a major in Mahaweli development project.

  • haily

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2005 රට බාර ගත්තේ 1994-2001 දක්වා රට කරවපු චන්ද්‍රිකාගේ අමාත්‍ය මණ්ඩලය එක්ක. චන්ද්‍රිකා තමාගේ ධුරයට අයත් වගකීම දරපු ආකාරය කාටත් අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ වික්ටර් අයිවන් ඒ කාර්යය 100% ක් ඉටු කරලා තියෙනවා චෞර රැජින, චෞර රාජ්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා නොනිමි අරගලය වගේ පොත්වලින්.
    ජනාධිපති ධුරයට තබා කණිෂ්ට පාසලක ලොකු ඉස්කෝල හාමිනේගේ වගකීමවත් ඉටු කරන්න බැරි චන්ද්‍රිකාටම ගැලපෙන කම්මැලි,වාචාල,දූෂිත ඇමතිවරුන් ගැන අවුරුදු 40 ක් දේශපාලනයේ හිටිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තිබුණ අවබෝධය නිසා බැසිල් රාජපක්ෂට ඇමතිවරයාට තම රජයේ මුළු යාන්ත්‍රණයම හැසිරවීමේ බලය ලබාදුන් බවයි සාමාන්‍ය ජනතාවගේ හැඟීම.එහෙම නැතුව චන්ද්‍රිකාගේ කාලයේ යම් යම් ඇමතිවරුන්ට තිබුණ ඇමති ධුරත් බලතලත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න නිදහස දුන්නා නම් ත්‍රස්තවාදය පරාජය කිරීමවත්, හරියට පාරක් හදන්නවත්, ඒ තබා මේ අවස්ථාවාදී පිරිස එහාට මෙහාට පනින එක නවත්තගන්නවත් ඒ ආණ්ඩුවට බැරිවෙනවා.
    අවම වශයෙන්, පුවත් පත් හරහා පමණක් හෝ වසර 30 -40 ක දේශපාලනය ගැන අවදියෙන් සිටි සෑම පුද්ගලයෙක්ම මේ ඇත්ත පැහැදිලිවම දකිනවා. එසේ නොවිය හැක්කේ නරුම අවස්ථාවාදියෙකුට හෝ අන්ත මෝඩයෙකුට පමණයි. කෙසේ වෙතත් රාජපක්ෂවරුන් පිළිබඳ කැකෑරෙන වෛරයකින් ජවිපෙ නායකයන් හා චන්ද්‍රිකා වැනි චරිත පරලවෙලා දඟලන්නෙත් රාජපක්ෂවරුන්ගේ ඒ අසමසම දක්ෂතාවය නිසා.

  • Power

    අද අවාසනාවන්ත තත්වය වනුයේ අපේම ඇතැමුන් විසින් බැසිල් රාජපක්ෂ මහතා ගැන යහපාලන ආණ්ඩුව මැවූ චිත්‍රය එලෙසම පවත්වාගෙන යාමට උත්සහ කිරීමයි.”

    සහතික ඇත්ත..

    එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය පාලනය සමය තුල ආර්ථික සංවර්ධන ඇමතිවරයා විදිහට බැසිල් රාජපක්ෂ මැතිතුමා සිදුකල අතිමහත් කාර්යභාර්යය ඉමහත්ය.එම ඉමහත් බව දෙස නෙත්යොමා බලා සිටීමට නොමැකි වූ කාලකණ්නි දේශපාලූවන් විසින් බැසිල් හොරා” නැමැති නමක් එතුමාට පටබැන්දේ එතුමාගේ ආර්ථික ක්‍රමෝපායන් මුලසුනට තබමින්ය.බැසිල්ගේ ශූරවීර ක්‍රියාදාමයන් හි වේගය සහ හැකියාවට දැඩිලෙස ඊර්ශියා කල එම පිරිස් එමගින් උත්සහ කලේ රාජපක්ෂවරුන් කෙරෙහි මෙරට ජනයා තුළ දැඩි අප්‍රසාදයක් ඇති කිරීමය.එය සඳහා බැසිල් රාජපක්ෂ මැතිතුමාව තොරා ගනු ලැබුවේ එතුමා දරූ ආර්ථික කටයුතු පිළිබඳ විෂයත් නිසාය. මහින්දව කන්නෙ බැසිල්ය කියා අපේම පිරිස් එදා හඬනගා කියන විට රාජපක්ෂ භීතිකාව වැළඳී ඇති රාජපක්ෂ වීරෝධීන් දෙකොනින් සිනාසුනේ එම නිසාය.කුමක් නිසාද කිවහොත්,රාජපක්ෂ පවුලට එරෙහිව අප ගැසූ මාස්ටර් ප්ලෑන් මෙරට බහුතර ජනයාගේ හදවතටම දැන් කා වැදී ඇති බව ඔවුන් සත්සුඳක් සේ දැනගත්තේ ඒ හරහාය.එහි ප්‍රධානතම භූමිකාවක් රඟ දක්වමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙසින් ජනාධිපතිවරණය ඉදිරිපත් වූයේ එහි දැවැන්ත ප්‍රතිඵලයක් වශයෙන්ය.කිඹුල් කඳුලු හෙලමින්,දූෂිත රාජපක්ෂ පවුල්වාදය මෙරටින් අතුඟා දැමීම සඳහා දිවිපරදුවට තබා තමන් පැමිණි බව පවසමින් මෛත්‍රීපාල සිරිසේන රටවට සැරිය ආරම්භ කලේ රාජපක්ෂ සහෝදර බැඳීමට එරෙහිව දැඩිලෙස අදහස් පල කරමින්ය.අපමණ අගයක් සහ අපමණ වෙනසක් සෙයූ මෙරට ජනයාත් එය හිස් මුදුනින්ම පිලිගෙන සැබෑ සහෝදර බැඳීමෙන් යුතු සැබෑ නායකයෙකු ගෙදර යවමින් යටිකූට්ටු පෙන්දෙකු ජනපති පුටුවට එක් කිරීමට දෙවරක් සිතුවේ නැත්තෙ රාජපක්ෂ පවුලට එරෙහිව ගෙනගිය දැවැන්ත වූ බොරු බේගල් මඩ පරාක්‍රමයට පින් සිදු වීමටය.එලෙසින් සැබෑ නායකයෙකු ගෙදර ගියේය.යහපාලනයක් කියා එකක් රැගෙන පෙන්දෙකු ජනපති පුටුවට පැමිණියේය.දිනෙන් දින රටම ආරාජික,අස්ථාවර වූවේය.යහපාලනය යමපාලනයක් වෙමින් රාජපක්ෂ පවුලම තම දඩයම් ඉලක්කය කරගත්තේය.සිරිසේන රනිල් වෛරී සහගත යමපාලනය අවසන් කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මැතිතුමා ගේමට බසිනුයේ ඉන් අනතුරුවය.බැසිල් ගේමට එන්ටර් වූ සැනින් යමපාලන කෙරුමන්ගේ උගුර කට නැවතත් වියළී ගියේය.අලිකුණේ එල්ලී එජාපය ප්‍රමුඛ යමපාලනයටම කත් අදින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බත්බැල බලඇණියත් බැසිල්ව පළු අරිනුයේ යමපාලනයේ මිහිර රස අපිට නම් හොඳයි කියා කියන්නා සේය.එහෙත් සැබෑම දේශහිතර්ශී බලවේග බැසිල් රාජපක්ෂ මැතිතුමා සමඟ එකට සිටගෙන අප මාතෘ භූමිය වනසමින් පවතින යමපාලනය අවසන් කිරීම සඳහා පෙරට ඒම සඳහා වර්තමානය වනවිට සැදී පැහැදී ඇත්තෙ ඇඟිලි ගනිමින්ය.

    එලෙස බලවේගයක් බැසිල් වටා එක්රොක් වෙද්දී මහින්ද බලවේගය සතු තවත් කණ්ඩායම් විසින් මහින්ද ගෝඨා එක්ක පුළුවන් උවත්,බැසිල් එක්ක නම් කොහෙත්ම නොහැකිය කියා සමාජය තුළ තවමත් මතයක් පතුරවමින් ඇත.එහෙත් එවැනි යමපාලනයට වාසිදායක මතයන් සමාජගත කරන අප සහෝදර පිරිස් විසින් මෙතුමා තුළ පවතින ශක්තිමත් සංවිධාන ශක්තිය හා නොපසුබස්නා උත්සහය පිළිබඳව දෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතුය.මහින්ද,ගෝඪා,බැසිල්,නාමල් සහෝදර සහ පුත්‍ර නොසැලෙන බැඳීම් මතින්, සිරිසේන + රනිල් = යමපාලනය මෙරටින් අතුඟා දමමින් තනි පක්ෂයක් ලෙසින් ශක්තිමත් ජනතාවාදී ආණ්ඩුවක් බිහි කර,මා සුජාත මාතෘ භූමියට සුභවාදී අනාගතයක් එක් කිරීමට බැසිල් රාජපක්ෂ මැතිතුමා අද කරන්නාවූ දැවැන්ත කාර්යභාර්යයට මාගේ ස්තූතිය සහ සුභ ප්‍රාර්ථනා එක් කරමි..!

2 Responses to “බැසිල්ගේ පැමිණීම ගැන කවුරුත් දැනගෙන හිටපු නැති දේවල් මෙන්න!”

  1. Christie Says:

    When Indian Empire profiled Mahinda and Ranil before the 2005 presidential election; India erred by not including the brothers in profiling Mahinda. They thought it will be hard to deal with Ranil and Mahinda will be like Bandaranayakes and JR. India will never give up its intention to destroy Mahinda and his close relatives.

  2. Christie Says:

    When Indian Empire profiled Mahinda and Ranil before the 2005 presidential election; India erred by not including the brothers in profiling Mahinda. They thought it will be hard to deal with Ranil and Mahinda will be like Bandaranayakes and JR. India will never give up its intention to destroy Mahinda and his close relatives.

    ඉන්දියානු ජඩයෝ 2005 දී රනිල්ව අතහැර මහින්ද තෝරාගතේ රනිල් සමග ගනුදෙනු කතා බහ අමාරු නිසාය. මහින්ද පැතිකඩයට සහෝදරයන් ඇතුලුනොකිරීමෙන් ඉන්දියාව ලොකු වැරදීමක් කලේය. එනිසා ඉන්දියානු අදිරදය රාජපක්සලා නැතිකර දමන තුරු නිදා ගන්නේ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress