ලංකා විදුලිබල මණ්ඩලය 2015 ට සාපේක්ෂව 2016 පළමු මාස 4 තුල රුපියල් මිලියන 5,781 ක් පාඩුයි ඇමති, නියෝජ්‍ය ඇමති, ලේකම් රවටන්නේ මිලියන 5 ක් විදුලි පාරිභෝගිකයින් ය.
Posted on July 25th, 2016

දුෂණ විරෝධී පෙරමුණ

මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරනු ලැබූ ‘වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ව වාර්තාව – 2016‘ ට අනුව වසරේ මුල් මාස 4 තුල ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් මිලියන 5,781 ක මෙහෙයුම් අළාභයක් ලබා ඇතැයි ‘දුෂණ විරෝධී පෙරමුණේ‘ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා බවසයි.

2015 වසරේ දී කිලෝවෝට් පැය එකක විදුලි බලයක් උද්පාදනය සදහා වැය වූ රු. 15.07 ක මුදල 016 දී රු. 17.54 දක්වා ඉහළ ගොස් ඇත.  ඒ අනුව, එක් විදුලි ඒකකයක් සදහා රටට සිදුව ඇති පාඩුව රු. 2.41 ක් බව  තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

රාජ්‍ය මුල්‍ය තත්ව වාර්තාවට අනුව 2015 මුලි මාස 4 තුල විදුලිය මණ්ඩලය රු. මිලියන 1,837 ක ලාභයක් ලබා ඇත.  2016 පළමු කාර්තුවේ විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 5,781 කි.  ඒ අනුව මිලියන 50 ක් වූ ලංකාවේ විදුලි පාරිභෝගිකයින් ගෙන් එක් අයෙකු රුපියල් 115.60 ක මුදලක් වසරේ පළමු මාස හතර තුල පමණක් දැරීමට සිදු වේ.

වසරේ ඉදිරි කාර්තු 2 සදහා ට ඉහත පාඩුවම දැරීමට මණ්ඩලයට සිදුවන්නේ නම් එක් විදුලි පාරිභෝගිකයෙකු වෙනුවෙන් රජයට සිදුවන අලාභය රු. 347.40 කි.  මෙම මුදල සෘජුව හෝ වක්‍ර‍ව නැවත අය කර ගනු ලබන්නේ ද විදුලි පාරිභෝගිකයින්ගෙන් හෝ ජනතාව වෙත පටවන බදු මුදලි නි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හා නියෝජ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍ය ඔස්සේ රටට ‘අපිට ලාභයි‘ කිව ද, ජනපති, අගමැති, කැබිනට්ටුව පමණක් නොව පාර්ලිමේන්තුවට ද ‘අපිට ලාභයි‘ කීව ද, මුදල් අමාත්‍යාංශය ‘ වසර මැද රාජ්‍ය මුල්‍ය තත්ව වාර්තාව – 2016‘ මගින් පෙන්වා දෙන්නේ ගල් අගුරු මාෆියාව ප්‍ර‍මුඛ විදුලිබල මණ්ඩලයේ නිලධාරි නඩය සතෙන් සතේ මේ රටේ විදුලි භාරිභෝගිකයින් ලක්ෂ 50 කට පොකට්ටුවට තට්ටු කිරීමට ආසන්න බව යි.

වත්මන් රජය යටතේ සිදුකළ දැවැන්තම ටෙන්ඩර් මගඩිය යට ගසා කැනීමට උත්සහ දරමින් සිටින විදුලි මාෆියාව තම ක්‍රියාමාර්ග තුලින් තවදුරටත් මඩ ගොහොරුවක ගිලෙමින් සිටී.  වසරේ පළමු මාස හතර තුල විදුලි ඒකකයක් උද්පාදනය සදහා පසුගිය වසරට වඩා රු. 2.47 ක මුදලක් වැය කරන විදුලිබල මණ්ඩලයට එහි පාඩුව පියවා ගැනීමට සිදුවන්නේ විදුලි බිල වැඩි කිරීම මගිනි.

 

දුෂණ විරෝධී පෙරමුණ

2016 ජූලි මස 24 වැනිදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress