වැට්‌ බදු ආදායමට සමාන මුදලක්‌ සමාගම් කිහිපයක්‌ අතට!
Posted on July 28th, 2016

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර උපුටා ගැන්ම දිවයින

එක්‌සත් ජාතික පක්‍ෂයට වැඩි බලයක්‌ සහිත පිටකොටුව වෙළෙඳ ප්‍රජාව ඉතිහාසයේ ප්‍රථම වතාවට එම පක්‍ෂයේ ආණ්‌ඩුවකට විරුද්ධව වීදි බැසීම විශේෂත්වයකි. ඔවුන් තම වෙළඳසල් වසා දමා වැට්‌ බදු විරෝධී පෙළපාලියට එක්‌වීම වැළැක්‌වීම සඳහා ආණ්‌ඩුවේ මැති ඇමතිවරුන් කිහිප දෙනකු Rජුව මැදිහත් වුවත් වෙළෙන්දෝ ඊට අවනත නොවූහ. වැට්‌ බදු ගහන්නේ වෙළෙඳුන්ට එරෙහිව නොව ජනතාවට බව අDණ්‌ඩුව පුන පුනා ප්‍රකාශ කළත් සිල්ලර සහ තොග වෙළෙඳාමට අදාළ බදු පරාසය වසරකට මිලියන 250 සිට 12 දක්‌වා අඩු කිරීම නිසා ඉතා කුඩා වෙළෙඳ ව්‍යාපාර පවා වැට්‌ බදු දැළට හසුවේ. එවිට එම කුඩා ව්‍යාපාරවලට වැට්‌ බදු සඳහා ලියාපදිංචි වී බදු ගණනය කිරීමේ හා ගෙවීමේ යාන්ත්‍රණ පවත්වාගෙන යැමට සිදුවේ. විශේෂයෙන්ම වැට්‌ බදු නොමැති භාණ්‌ඩවලට වෙනම බිල්පත් නිකුත් කිරීමට සිදුවීම ද ඔවුන්ට බරපතළ ගැටලුවකි. ඒ සඳහා ඔවුන්ට අමතර පිරිවැයක්‌ දැරීමට සහ කරදර රාශියකට මුහුණදීමට සිදුවේ. 

පසුගිය රජය විසින් වාර්ෂිකව රු. මිලියන 500 කට වැඩි පිරිවැටුම සහිත තොග සහ සිල්ලර වෙළෙඳාමට වැට්‌ බදු පැනවීම මගින් ආර්ථික උපාය මාර්ගික අවශ්‍යතාවයක්‌ ඉටුවිය. එනම් මහාපරිමාණ සුපිරි වෙළෙඳසල් සහ බෙදාහැරීමේ ආයතනවල පැතිරීම සීමා කිරීමයි. ඒ මගින් එවැනි මහ පරිමාණ සමාගම් තම ඒකාධිකාරිය භාවිතාකොට සුළු නිෂ්පාදකයා පීඩාවට පත්කිරීම යම් පමණකට සීමා වේ. ඇමෙරිකාවේ ”වුල්වර්ත්” සහ ”වෝල්මාර්ට්‌” වැනි මහා සුපිරි අලෙවිසල් ජාල විසින් නිෂ්පාදකයාගෙන් 40% – 50%තරම් ඉහළ කොමිස්‌ ප්‍රතිශත ඉල්ලා සිටීම නිසා අද එම රටේ කුඩා පරිමාණ නිෂ්පාදන ව්‍යාපාර සියල්ල බිඳ වැටී ඇත. එම තත්ත්වය තුළ චීනයෙන් අඩු මිලට ආනයනය කරන භාණ්‌ඩවලට ඇමෙරිකානු සුපිරි වෙළෙඳසල් රාක්‌කවල වැඩි ඉඩක්‌ වෙන්වී ඇත. අප රටේ වැට්‌ බදු පරාසය අඩු කිරීම මගින් සුපිරි අලෙවිසල් වර්ධනයට තිබූ බාධකය ඉවත්වී කුඩා පරිමාණ සිල්ලර වෙළෙදාම කඩාවැටීමේ තත්ත්වයක්‌ දැන් උදාවී ඇත. 

කෙසේ වෙතත් මේ වන විට වැට්‌ බද්ද පනවා ඇති ආකාරය නීති විරෝධී බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රමුඛ පිරිසක්‌ විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්‌ ලබාගැනීම නිසා දැන් බදු අය කිරීම සඳහා එම පනත සංශෝධනය කිරීමට සිදුවේ. නමුත් රටපුරා වෙළෙඳ සංගම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනතුරු අ`ගවන්නේ මහජනයාට අසාධාරණ බදු බර පටවන එම පනතට ඡන්දය දී ගමට නොඑන ලෙසය. බදු බර සහිත අය වැය ලේඛනයකට ඡන්දය දෙන ආකාරයට වැට්‌ බදු පැනවීම සඳහා පමණක්‌ විශේෂයෙන් ගෙන එන පනතකට ඡන්දය දීම මන්ත්‍රීවරුන්ට පහසු වන්නේ නැත. 

එවැනි තත්ත්වයක්‌ තුළ ආණ්‌ඩුව මහජනයා සහ වෙළෙඳ ප්‍රජාව සම`ග පමණක්‌ නොව තමාගේම මන්ත්‍රීවරු සම`ග පවා මරාගෙන මැරෙන සටනක්‌ කොට වැට්‌ බදු පැනවීම මගින් උපයා ගැනීමට අපේක්‌ෂා කරන මුළු ආදායම රුපියල් මිලියන ලක්‍ෂයක්‌ හෙවත් බිලියන 100 කි. එහෙත් විශාල දේශපාලන වන්දියක්‌ ගෙවා උපයාගන්නා එම මුදලට සමාන මුදලක්‌ මහා සමාගම් කිහිපයකට බදු සහන ලෙස ලබාදීමට ක්‍රියාකිරීම පුදුම සහගතය. ආණ්‌ඩුව විසින් වැට්‌ බදු විරෝධී ඝෝෂාවට මුවාවී ගන්නා වූ එම කූට ක්‍රියාමාර්ගය තුළින් මහජන මනසේ පුදුමයක්‌ ජනිත කරනවාට වඩා තම දුෂ්ට බව ප්‍රකට කරයි. 

එම දුෂ්ට උත්සාහය තුළින් රටේ නිෂ්පාදන ආර්ථිකය මහා පරිමාණයෙන් බිඳ වැටීම ආරම්භ වන අතර ආනයනික විදේශීය භාණ්‌ඩවලට බදු සහන දීමේ එම ප්‍රතිපත්තිය අනෙක්‌ ක්‍ෂෙත්‍රවලටද හඳුන්වාදීම සිදුවුවහොත් රටේ නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වනු ඇත. උදාහරණයක්‌ ලෙස විදේශීය තිරිඟු පිටි සමාගම්වලට ලබාදෙන සහන නිසා වී ගොවියා මෙන්ම කුඩා පරිමාණ සහල් සහ සහල් පිටි කර්මාන්තකරුවන් ද විනාශ මුඛයට ඇදවැටී ඇත. එම සහනය කිsරිපිටි ආනයනය කරන මහා පරිමාණ සමාගම්වලටද ලබාදුනහොත් දේශීය කිරි කර්මාන්තය සහ කිරි ගොවියා ඉතා කෙටි කලෙකින් වළපල්ලට යනු ඇත. අතිබහුතරයක්‌ වෙළඳ ප්‍රජාව සහ පොදු මහජනතාව සම`ග බරපතළ දේශපාලන විරසකයක්‌ ඇතිකර ගනිමින් උපයා ගැනීමට නියමිත බදු ආදායමට සමාන මුදලක්‌ අත දිගහැර මහා සමාගම් කිහිපයක්‌ අතට ලබාදෙන්නේ කාගේ උවමනාවටද? සමාගම්වලට ලබාදෙන බදු සහන මිල අඩුවීම මගින් මහජනයා අතට ලැබෙනවා යෑයි තර්ක කළත් ප්‍රායෝගිකව එවැන්නක්‌ සිදුවන්නේ නොගිනිය හැකි සුළු ප්‍රතිශතයකිනි. එම බදු සහන නතරකොට අදාළ බදු නැවත පැනවුවහොත් ”මරාගෙන මැරෙන වැට්‌ බද්ද” හෙවත් වැට්‌ බදු වැඩි කිරීම අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව සමාගම්වලට බදු සහන ලබාදී දේශීය ආර්ථිකය විනාශ කිරීමේ තීන්දුව ආණ්‌ඩුවේ පොදු තීරණයක්‌ යෑයි සැලකිය නොහැක. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ අනුමැතිය ඊට ලැබුණා යෑයි මහජනයා විශ්වාස නොකරනු ඇත. එසේනම් ලබාදෙන සහනවලට අදාළ කොමිස්‌ කුට්‌ටි වැටෙන්නේ කාගේ සාක්‌කුවලටද?

පුද්ගලයන් දෙතුන් දෙනකුට කොමිස්‌ ගැසීම සඳහා රටක්‌ සහ ආණ්‌ඩුවක්‌ අර්බුදයට යෑවීමේ උභතෝකෝටිකය පැහැදිලි කරන්නේ කෙසේද? ඒ සඳහා වන පූර්ව කොන්දේසිය වන්නේ චෝදනාවට අදාළ සාක්‍ෂි පළමුව විමසා බැලීමය. පළමුවෙන්ම ආණ්‌ඩුව තිරිඟු පිටි සඳහා පනවා තිබූ විශේෂ බද්ද කිලෝ ග්‍රෑම් එකකට රු.10කින් අඩු කළා පමණක්‌ නොව ලෝක වෙළෙඳපළේ තිරිඟු මිල මෙ.ටො. එකකට ඩොලර් 500 සිට 350 දක්‌වා අඩුවීම නිසා පැනවිය යුතුව තිබූ රුපියල් 20ක අමතර බද්ද පැනවූයේ නැත. ඒ වෙනුවට ඉවත් කළ බද්දෙන් රු.6ක්‌ පමණක්‌ නැවත පැනවීය. වසරකට ශ්‍රී ලංකාවට තිරිඟු මෙ.ටො ලක්‌ෂ 13ක්‌ ආනයනය කරන තත්ත්වයක්‌ තුළ ආණ්‌ඩුව ලැබිය යුතු රුපියල් මිලියන 32,000 ක්‌ හෙවත් රු. බිලියන 32ක්‌ මෙම බදු සහන සෙල්ලමෙන් අදාළ සමාගමේ ගිණුමට වැටේ.

දෙවනුව ආණ්‌ඩුව තම මතට තිත ප්‍රතිපත්තිය මුහුදට විසිකරමින් මත්පැන් ලෙස වෙළෙඳපළේ විකිණිම සඳහා ආනයනය කරන මධ්‍යසාර සඳහා පනවා තිබූ විශේෂ බද්ද ලීටරයකට රුපියල් 200 සිට රු. 10 දක්‌වා අඩු කර ඇත. ඒ අනුව වසරකට මධ්‍යසාර ලීටර් මිලියන 20,000ක්‌ ආනයනය කරන තත්ත්වයක්‌ තුළ ආණ්‌ඩුවට සිදුවන සමස්‌ත පාඩුව හෙවත් අදාළ සමාගම්වලට ලැබෙන අමතර ලාභය වසරකට රුපියල් මිලියන 38,000ක්‌ හෙවත් රු. බිලියන 38 ක්‌ වේ. රට ලෙඩ කරන මධ්‍යසාර ආනයනය කරන රේන්දකාරයන්ට එසේ නිර්ලෝභිව බදු සහන දෙන අතර ආණ්‌ඩුව දේශීය කර්මාන්ත සඳහා ආනයනය කරන ස්‌ප්‍රීතු බද්ද රු. 800 සිට 1200 දක්‌වා වැඩිකොට ඇත. ඒ මගින් දේශීය කර්මාන්තකරුවන්ට ආණ්‌ඩුව සලකන ආකාරය ප්‍රකට වේ. ඒ අතර ආනයනික සුවඳ විලවුන් සඳහා කිසිදු මහජන ඉල්ලීමකින් තොරව වැට්‌ බදු සහන ලබාදීමද පැහැදිලි කරගත යුත්තේ ඊට සාපේක්‍ෂවය. 

තුන්වනුව ආණ්‌ඩුව අත තබන්නේ මේ වන විට ඉතා ඉහළ මට්‌ටමක පවතින දේශිය රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තයටය. ආනයනික රූපලාවන්‍ය ද්‍රව්‍ය සඳහා පසුගිය රජය විසින් පැනවූ 30%ක සෙස්‌ බද්ද ඉවත් කිරීමේ ගැසට්‌ නිවේදනය දැන් සකස්‌ වෙමින් ඇත. පසුගිය රජයේ එම බදු ප්‍රතිපත්තිය නිසා ඒ වන විට පැවති රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තශාලා ප්‍රමාණය 5 සිට 38 දක්‌වා වැඩි විය. එය ඉතා සැලකිය යුතු වර්ධනයකි. එම සමාගම් අතරින් කිහිපයක්‌ අපනයන වෙළෙඳපළ තුළද සැලකිය යුතු කොටසක්‌ අත්පත්කර ගැනීමට සමත් විය. එම තත්ත්වය තුළ විදේශීය රටවල් බොහෝමයක්‌ ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය නිෂ්පාදන විසින් ඔවුන්ගේ වෙළෙඳපළ අත්පත්කර ගැනීම වැළැක්‌වීම සඳහා බදු නොවන බාධක පැනවීම ද ආරම්භ කළේය. නමුත් අප රටේ රජය රූපලාවන්‍ය ඖෂධ ලියාපදිංචි කිරීම සඳහා පනවා තිබූ ප්‍රතිපාදනද ඉවත් කොට විදේශීය නිෂ්පාදනවලට සියලූ දොරවල් විවෘත කරයි. දැන් ඉන් නොනැවතී සෙස්‌ බද්ද ඉවත් කිරීම මගින් මහා සමාගම් වලට ලබාදෙන සමස්‌ත සහනය හෙවත් රජයට සිදුවන පාඩුව රුපියල් මිලියන 10,000 ක්‌ හෙවත් රු. බිලියන 10කි. 

ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනයේ යෙදී සිටි මහා පරිමාණ සමාගමක්‌ පසුගිය පෙබරවාරියේදී තම කර්මාන්තශාලාව ගිනි ගැනීමෙන් පසුව රක්‍ෂණ වන්දි ලබාගත් නමුත් කර්මාන්ත ශාලාව නැවත විවෘත කළේ නැත. ඒ අනුව දැන් එම සමාගමට තම වෙළෙඳපළ කොටස පවත්වාගෙන යැම සඳහා ඉන්දියාවේ සහ පකිස්‌ථානයේ තිබෙන ඔවුන්ගේ ප්‍රධාන කර්මාන්තශාලාවල නිෂ්පාදන මෙරටට ආනයනය කිරීමට සිදුවේ. ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය කර්මාන්තශාලාව එසේ නැවත ඉදිකිරීම නොකරන්නේ මෙම බදු සහනය පිළිබඳ ඉවක්‌ එම සමාගමට තිබූ නිසාදැයි මහජනයාට සැක පහළවීම වැළැක්‌විය නොහැක. කෙසේ වෙතත් ඉන්දියාව සමග අත්සන් කිරීමට නියමිත ”එට්‌කා” ගිවිසුම අත්සන් කළහොත් එම සමාගම් තම නිෂ්පාදන ශ්‍රී ලංකාවේදී නිපදවනවාට වඩා ඉන්දියාවෙන් ආනයනය කිරීම වඩා ලාභදායක වේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය විසඳීම සඳහා භාණ්‌ඩාගාර නිලධාරීන් සතු එකම විසඳුම වන්නේ ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් විදේශීය නිෂ්පාදන සම`ග තරගකාරී වීම සඳහා ඉගෙනගත යුතු බවට තර්ක කිරීමය. නමුත් ඔවුන්ට කිව යුත්තේ 1950 දශකයේදී අද දියුණු යෑයි කියන රටවල් තම රටවල දේශීය කර්මාන්ත ආරක්‍ෂා කර ගැනීම සඳහා බදු පැනවූ ආකාරය අධ්‍යයනය කරන ලෙසය.

හතරවනුව ආණ්‌ඩුවේ ඊළ`ග ඉලක්‌කය දේශීය සීනි කර්මාන්ත, විශේෂයෙන්ම දැනට රජයට පවරාගෙන ඇති සීනි සමාගම් වළපල්ලට යවා ජාවාරම්කාර ආනයනකරුවන්ට සහන සැලසීමය. ඒ අනුව ආනයනික සීනි සඳහා පනවා තිබූ ක්‍රි.ග්‍රෑ එකකට රු.30ක්‌ වූ විශේෂ බද්ද ශත 25 ක්‌ දක්‌වා අඩු කර ඇත. ඒ මගින් රජයට සිදුවන පාඩුව හෙවත් ජාවාරම්කාරයන්ට බන්දේසියක තබා ලබාදෙන සහනය වසරකට රුපියල් මිලියන 20,000ක්‌ හෙවත් බිලියන 20කි. එම අරුම පුදුම තීන්දුව සාධාරණීකරණය කිරීම සඳහා අදාළ ඇමැතිවරයා සූක්‍ෂම උපක්‍රමයක්‌ අනුගමනය කළ බව පෙනේ. ඔහු පළමුව සීනි සඳහා පාලන මිලක්‌ පනවා ඊට එරෙහිව ඝෝෂාවක්‌ ඇතිකිරීමට ඉඩ සලසා එම ඝෝෂාවට මුවා වී අදාළ බදු සහනය ලබාදීමට ක්‍රියා කළේය. 

ඒ අනුව ජාවාරම්කාර සමාගම් කිහිපයකට ලබාදුන් මෙම බදු සහන හතර මගින් රජයට අහිමිවන මුළු ආදායම රු.මිලියන 100කි. එම මුදල මරාගෙන මැරෙන දේශපාලන සටනක්‌ කොට එකතුකර ගැනීමට බලාපොරොත්තු වන වැට්‌ බදු ප්‍රමාණයට සමාන වීම පිළිබඳව ආණ්‌ඩුව මෙන්ම ජනාධිපතිවරයා රටට කියන්නේ කුමක්‌ද?

http://www.divaina.com/2016/07/27/feature01.html

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress