තවත් එක් අමිහිරි කතාවක්
Posted on July 29th, 2016

මහගල්වැව රාහුල හිමි  කැළණිය

ජාතික පිරිවෙන් දිනය 2016.07.27 වේලාව උදෑසන නවයයි මහනුවර ගැටඹේ කී්‍රඩාංගනයේ දීග උත්සවාකාරයෙන් සැමරීමට සියලූ කටයුතු සූදානමින් පවතී. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිමිවරැ සහ ආචාර්ය මහාචාර්ය ආණ්ඩු ගැති හිමිිපාණන් වහන්සේලා ඔහු පිළිගැනීමට ලක ලෑස්ති වෙමින් ඇත. මේ අතරතුර අන්තර් විශ්වවිද්‍යාලයීය භික‍ෂු බලමණ්ඩලය අත්පත්‍රිකාවක් ඛෙදීමට සූදානම් වූයේ පිරිවෙන් දිනය යැයි කියා ගනිමින් පිරිවෙන් අධ්‍යාපනයට මළඛෙර වැයීමට සූදානම් වීමට එරෙහිව ය. එතනට කඩා වැදුණු ආණ්ඩු ගැත්තෝ වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස තර්ජනය කර සිටි අතර එසේ නොමැති වුවහොත් අත්අඩංගුවට ගන්නා බවට ද තර්ජනය කරන්නට යෙදුණි. සිවුරු පාවඩ කරමින් දේශපාලූවන්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් කඩේ යන මඩි තරකරගැනීමේ බලකාය අත්පක්‍රිකාවකට දැඩි භීතියකට පත් වී ඇති බව පැහැදිළිව දක්නට ලැබුණි. මෙහි පැහැදිළි කරගත යුත්තේ එසේ බිය වීමට ඇති හේතු කාරණා කුමක් ද? යන්න ය. අන්තර් විශ්වවිද්‍යාලයීය භික‍ෂු බලමණ්ඩලය ගැටඹේ ක්‍රිඩාංගනය සමීපයේ ඛෙදා හරින්නට යෙදුණේ බෝම්බ වැනි පුපුරණ ද්‍රව්‍ය නම් අතිශයින් ම බිය විය යුතු ය. එබැවින් එම සංවිධායකවරුන් එතරම් බිය වීමට බලපෑ හේතුව සොයා බැලිය යුතු ම ය.

ජාතික පිරිවෙන් දින උත්සවය පැවැත්වෙන ගැටඹේ ක්‍රිඩාංගනය සමීපයේ ඛෙදාහරින්නට යෙදුණේ A4 ප්‍රමාණයේ අත්පත්‍රිකාවකි. සම්බන්ධ වූ පිරිස කිහිප දෙනෙකි. කිහිප දෙනෙක් එකතුව ඛෙදූ මුද්‍රිත අත්පත්‍රිකාවට එතරම් බියවිය යුත්තේ කරුණු දෙකක් යටතේ ය. එකක් එම අත්පත්‍රිකාව තුළ ස`දහන් අකුරුවලට නැතහොත් ඔවුන්ගේ කල්පනාවට අනුව එම අත්පත්‍රිකා වුව ද පුපුරුණු ඇතැයි සැක සහිත විය යුතු ය. මේ දෙකින් තාර්කික වන්නේ ඔවුන් වඩාත් බිය වී ඇත්තේ මෙහි ස`දහන් අකුරු බෝම්බවලටත් වඩා පිපිරුමක් ඇති කළ හැකි බැවිනි. ඒ බව පාවඩකරුවන්ගේ වදන් තුළ ගැබ්ව තිබිණි.

—එක එක මගුල් කරල මේ උත්සවය කඩාකප්පල් කරන්න එපා යකෝ. උඹලත් පිරිවෙන්වල ඉගනගත්ත එවුන් නේද? උබල කරන්න හදන්නේ මුලු පිරිවෙන් අධාපනයට අගෞරවයක්˜

මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් උපයාගත් මිල මුදලින් වළදා සුරසැප අනුභව කරන ඒ මිනිසුන්ගේ ම බත්පතටත් කෙළවන ධනපති දේශපාලඥයන් වෙනුවෙන් පාවඩ එලු සිවුරු දැරුවන්ගේ කතාව යි.

සැබෑ ය අප පිරිවෙන්වල ඉගෙනගත් නිසා අපට එහි ඇති ගැට`ඵ ප්‍රමාණය සහසුද්දයෙන් ම දැනෙන පිරිසකි. පිරිවෙනේ ඉගෙන ගන්නා පොඩිවුන්ගේ ජීවිත සම`ග සෙල්ලම් කරන උන්ට නොදැණුනා වුවත් පිරිවෙන තුළ ඇති අභාග්‍ය සම්පන්න ඉරණම දැක දැක ඒ අධ්‍යාපන ක්‍රමය තුළ ඇති ගැට`ඵ ප්‍රමාණය දැක දැක කටපියාගෙන සිටීමට නොදැණුනා සේ සිටීමට අපට නොහැකි විය. ජාතික පිරිවෙන් දිනය සන්දර්ශණය කරගෙන තියෙනවාට වඩා යමක් පිරිවෙන වෙනුවෙන් එහි ඉගෙන ගන්නා පිරිස වෙනුවෙන් එහි ඇති ගැට`ඵ ප්‍රමාණය වෙනුවෙන් සංවිධානය වීමට ඕනෑ තරම් අවස්ථාව තිබිය දී මෙ උත්සවයේ සංවිධායකයින්ට ඒ පිළිබ`ද වගේවගක් නැත. පිරිවෙන් ගරුවරුන්ට ලැඛෙන සොච්චමෙනුත් රු. 1000 ක් කපාගෙන මොවුන් උත්සවාකාරයෙන් පිළිගෙන සතුටු කරන්නට යන්නේ කවුරුන් ද යන්න පිරිවෙන් ආචාර්යවරු පවා විමසිය යුත්තකි. අප විමසූයේ පිරිවෙන් වලට අත්වීමට යන උපද්‍රවය පිළිබදව ඔබ ද ඇසිය යුතුම ප්‍රශ්නයකි.

වර්තමානය වනවිට පිරිවෙන් අධ්‍යාපන ෙක‍ෂ්ත්‍රය තුළ විශාල ගැටලූ ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. මෙතෙක් පත් වූ කිසි`දු ආණ්ඩුවක් හරි හමන් වැඩ පිළිවෙලක් සහිතව ඒ පිළිබ`ද සොයා බලා නැත. එයට ඉතිහාසය සාක‍ෂි දරනු ඇත. එතරම් ඉතිහාසයකට නොව මෑත කාලීනව පිරිවෙන් ශිෂ්‍යයාට ලබාදුන් සිවුරු රෙදි කෑල්ලත් වවුචර් මග`ඩියෙන් අහිමිවිණි. පිරිවෙන් පොතටත් මිළක් නියම කර විකිණීමට අවශ්‍ය පසු බිම මුදලාලි මහතුන්ට සකසා ඇත. පිරිවෙන් ගුරු ගැටලූව ද පල්වෙමින් පවතී. දුෂ්කර පළාත් පිරිවෙන් වල තත්වය මීටත් වඩා අන්තය. මෙවැනි ප්‍රශ්න එළොකෝටියක් ඇත. එහෙත් ඒ කිසිවක් අද දවසේ සමරන පිරිවෙන් දිනයට අදාළ වී ද නැත. අදාළ වී ඇත්තේ, ගැටඹේ ක්‍රීඩාංගනය වටා ජාතික කොඩි නොදමා බෞද්ධ කොඩි පමණක් දැමීම ය, ජනාධිපතිවරයා මංගලාරාමයට නොගොස් පල්ලියට පමණක් යෑම ය, අරලියගහ මැදුරේ ධර්ම දේශනා නොපවත්වා වෙනත් ආගමික උත්සව සැමරීම යි. පිරිවෙන් දිනයට අදාළ ව ඇත්තේ මරු ප්‍රශ්න ය. අකිළ විරාජ්ලා ගෙන එනවා යනුවෙන් තෙපර බාන පිරිවෙන් පනතින් රාජ්‍ය ආධ්‍යාපනයෙන් නිදහස් වී පන්සලේ දායක සභාවට පිරිවෙන පෝෂණය කරන්නට පනත් සම්මත කිරීම මේ හිමිවරුන්ට අදාළ නැත. ඔවුන් විස`දා ගැනීමට බලාපොරොත්තු වන්නේ පිරිවෙන් අධ්‍යාපන ෙක‍ෂ්ත්‍රයේ ප්‍රශ්න නොව තමන්ගේ පටු ලාභ අපේක්ෂාවන් ය.

ඉදින් අන්තරේ අත් පත්‍රිකාවට මොවුන් බිය විය යුතුමය. මොවුනගේ ඇත්ත අදහස හෙළිදරව් කොට පිරිවෙන් දිනයේ ඇත්ත කථාව ප්‍රකාශ කිරීම මේ ගැත්තන්ට අනුව උත්සවය කඩාකප්පල් කිරීමකි. එබැවින් අපට තර්ජනය කළ යුතු ය, අත්අඩංගුවට ගත යුතු ය. අප හිස් රැවුල් වවාගෙන භික‍ෂුවකට නොගැළපෙන සේ කරන මේ කටයුත්ත අතිශයින් බරපතළ වරදක් විය යුතුය. ඔවුන් හිස් රැවුල් බා කහසිවුරු දරා සිදුකරන මේ වංචාව සාසන හිතකාමී පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතියට තීරණාත්මක කාර්යභාරක් යැයි ඔවුන්ගේ නිර්වචනය වුවත් ඇත්ත කුමක්දැයි තීරණය කිරීම ඔබට භාර කරමු. පිරිවෙන් අධ්‍යාපනයේ මළගම සංකේතවත් කළ

ජාතික පිරිවෙන් දින සන්දර්ශනය දැක නිහ~වනවා ද නැතහොත් ඒ වෙනුවෙන් සාධනීය මැදිහත් වීමක් සිදු කරනවා ද යන්න ඔබට බාර ය.
මහගල්වැව රාහුල හිමි
කැළණිය

2 Responses to “තවත් එක් අමිහිරි කතාවක්”

  1. Ancient Sinhalaya Says:

    Hamuduruwane, what can you expect from the Buddhist-murdering, Sri Lanka destroying catholic-run
    UNPatriotic party? They work for the catholic west, tamils, mussies and catholics. But a lot of traitor Sinhala
    modayas still support them. Give some of them packet of rice and 1000 rupees, those low lives go and
    attack their own. That’s how some of the traitor Sinhala modayas are.

  2. Ancient Sinhalaya Says:

    Some useful links to show catholic-run UNPatriotic party’s handy work. Now die-hard catholic, token Buddhist
    pol pot ponil wickramaSinhalakiller ruling Sri Lanka. So Sinhalese Buddhist at this Batalande Wadakaya’s
    mercy.

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress