රනිල්-කිරිඇල්ල එදා කියු බේගල් අද මාට්ටුයි.. මෙන්න සාක්කි.. ඉන්දු-ලංකා හනුමා පාලම හැදුවොත් පුපුරුවනවා..
Posted on August 4th, 2016

lanka C news

ජන සටන පාද යාත්‍රාව පිලිබඳ ආණ්ඩුවේ කතා

ලංකා ඉතිහාසයට පමණක් නොවේ ලෝක ඉතිහාසයට අළුත් පරිච්ඡේදයක් එකතු කරමින් අපි සාර්ථකව ජන සටන පා ගමන අවසන් කලා. සමස්ථ ලෝක ඉතිහාසයේම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වසරක් ඇතුලත, ආණ්ඩුවට එරෙහිව පා ගමනක මෙතෙක් ලෝකයේ වාර්තා වුණු වැඩිම සෙනඟ වාර්තා වුණේ ජන සටන පා ගමනේ. පා ගමනේ සාර්ථකත්වය මනින ක්‍රමයක් චීනයේ සුන් සූ කියන යුද විශේෂඥයා කියලා තියෙනවා. සතුරා ඔබව වර්ණනා කරයි නම් ඔබ දුර්වලය. අසාර්ථකය. සතුරා ඔබව විවේචනය කරනවා නම් ඔබ සවිමත්ය. සාර්ථකය. දැන් නිල් අලි පැටව් රතු අලි පැටව් කොල අලි පැටව් එකට එකතු වෙලා හංස සන්ධානය හදා ගෙන පා ගමනට පහර දෙනවා. මේ කර්කශ විවේචන වලින් පෙනෙන්නේත් පා ගමන අතිසාර්ථක බවයි මේක ආණ්ඩුව හෙල්ලෙන පා ගමනක් නොවේ නම් ඇයි මේ තරම් ඒක ගැන කතා කරන්නේ?

මේ පා ගමනට ආණ්ඩුව බය වුණේ නැති නම් පා ගමනට එරෙහිව තහනම් නියෝග ගන්න උසාවි අටකට පොලීසියයැව්වේ ඇයි? එයින් සාර්ථක වුණේ මුල් දෙක පමණයි. අනිත් ඉල්ලීම් හයම උසාවි ප්‍රතික්ෂේප කලා. නීත්‍යානුකූලව වෙන් කළ රැස්වීම් භූමිය අන්තිම මොහොතේ අවලංගු කලා. ඒ අනුමැතිය අවලංගු කලේ ඇයි මේවා ආණ්ඩුව විසින් පැහැදිලි කල යුතු උත්තර නොදෙන ප්‍රශ්න.

රනිල්-කිරිඇල්ල එදා කියු බේගල් අද මාට්ටුයි.. මෙන්න සාක්කි.. ඉන්දු-ලංකා හනුමා පාලම හැදුවොත් පුපුරුවනවා..

චන්ද්‍රිකා මැතිණිය කියනවා පා ගමන අතිඅසාර්ථකයි කියලා. එතුමියට පුංචි අකරතැබ්බයක් වුණා. එතුමිය පා ගමන බලන්න හොරගොල්ල වලව්වෙන් එලියට බැස්සේ සුපුරුදු පරිදි පැය කිහිපයක් ප්‍රමාද වෙලා. එතකොට පා ගමන වලව්ව පසු කර බොහෝ දුර ගිහින්. එතුමිය දැක්කේ පා ගමන බලන්න දෙපස රැස් වෙලා සිටි සෙනඟ විසිරි යන ආකාරයයි. ඒකයි එතුමියට පා ගමන අසාර්ථකයි කියලා හිතුනේ.

අපේ කිරිඇල්ල ඇමතිතුමා කිරි වලින්ම ඇල්ල තිබෙන නිසා හැමදාම නා ගන්නවා. ගරු කිරිඇල්ල ඇමතිතුමනි, හෙලිකොප්ටරයෙන් යන විට කිලෝ මීටර් පේන්නේ යාර වෙලා තමයි. ඒකයි කිලෝ මීටර් කිහිපයක් යාර 100ක් විධියට දැක්කේ. සැහැල්ලු ගුවන් යානයකින් ගියා නම් ඕක අඩි වෙලා පේන්නේ. ජෙට් ගුවන් යානයකින් ගියා නම් ඕක අඟල් වෙලා පේන්නේ. හොඳ වෙලාවට එතුමා පා ගමන යන වෙලාවේ හඳේ නොහිටියේ. නැතිනම් කියාවි, පා ගමනක් ගියා කියන්නේ පට්ට බොරුවක්. මම හඳේ ඉඳලා ලංකාව දිහා බලන කොට එහෙම පා ගමනක් පෙනුනේ නෑ කියලා. මේක මහා පට්ටපල් බොරුවක් ලංකාවේ ජන සටන පා ගමනක් ගියේ නෑ කියලා. හොද වේලාවට එතුමා හදේ නෙවෙයි හෙලිකොප්ටරයේ හිටියේ ඒක නිසා කිලෝ මීටර් පේන්නේ යාර වෙලා පෙනුනේ අපි එතුමාගෙන් ඉල්ලා සිටිනවා රටේ වැදගත් දෙයක් සිදුවෙන අවස්ථා වලට වැරදිලාවත් හදට යන්න එපා කියලා.

සමහරු අහනවා කෝ පා ගමන ඇවිත් ආණ්ඩුව පෙරළුවා ද කියලා. අපි නම් හිතුවේ පා ගමන එන විට ආණ්ඩුව පෙරලලා ඇමතිධුර, අගමැතිධූරය, ජනාධිපතිධූරය මේ පා ගමනේ එන අය ගනීවි කියලා කෝ එහෙම ගත්තද එහෙම දෙයක් වුණේ නෑනේ කියලා. ලෝක ඉතිහාසය ගැන මේලෝ දැනුමක් නැති ලිං මැඩියන් එහෙම කිව්වට ලෝක ඉතිහාසයෙන් අපිට උදහාරණ දෙන්න පුළුවන්. මහත්මා ගාන්ධි 1930 දී දින 24ක් පුරා කිමී 390ක් පා ගමනින් ගියත් පා ගමන අවසන් වන විට ආණ්ඩුව පෙරලුනේ නෑ. නමුත් ඉතිහාසඥයෝ දේශපාලන විචාරකයින් පිලි ගන්නා පොදු මතය තමයි ඉංග්‍රිසි ආණ්ඩුවට එරෙහිව සමස්ත ඉන්දියාවම ගොනු කලේ ගාන්ධිගේ ලුණු පා ගමනයි කියලා. ඒ වගේම යන්තම් වසරක් වයසැති මේ ආණ්ඩුවට එරෙහිව ජාතිය අවදි කලේ මේ පා ගමනයි. දොන්ජුවන් ධර්මපාල හරහා පෘතුගීසින් ලංකාව පාලනය කලා වගේ අද සිරිසේන රනිල් ජනපති අගමැති පුටුවල වාඩි කරලා ඉන්දියානු – ඇමෙරිකානු රූකඩ ආණ්ඩුවක් ලංකාවේ ගෙනියනවා. මේ පා ගමනින් අපි ආරම්භ කලේ පසුගිය සියවස තුල ජාතියේ තෙවන නිදහස් සටනයි. ඒ නිසා පා ගමනට සහභාගි වුණු අයට ඔබේ පයේ රැඳුනු පාවහන් සිහිවටනයක් ලෙස සුරැකිව තබා ගන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඔබ ජාතික නිදහස් අරගලයේ ජීවමාන සාක්ෂිකරුවෙකු බවට ලොවට කියන්නට එය කදිම සාක්ෂියක් වේවි කියා අපි හිතනවා. මේ නිදහස් අරගලයට රට උණුසුමුව රට සුදානම්ව තියෙනවා කියලා අපිට පැහැදිලියි. ඒ නිසා අපි ආත්ම විශ්වාසයෙන් මේ ආණ්ඩුව ගෙදර යවන ඊළග අධියරට අපි සුදානම් වෙනවා.

පා ගමනට පැමිණි සෙනඟ පිලිබඳ විවිධ මත කියනවා. සමහරුන්ට 2000යි. දුම්න්ද දිසානායක මැතිතුමා 20,000 මහින්ද අමරවීර මැතිතුමා 25,000යි. මේ සියළු දෙනාට එක්කෝ ගණිතය බෑ. නැතිනම් අවාසියා දෘෂ්ටියාබාධා කියන භයානක රෝගය වැළදිලා. ඒ කියන්නේ අවාසි දේවල් පමණක් පේන්නේ නෑ තමන්ට වාසි දේවල් පමණයි පෙන්නේ. ඒ නිසා ගණිතය දන්න කෙනෙකු හැටියට මගේ යුතුකමක් තිබෙනවා යම් විද්‍යාත්මක ගණනය කිරීමක් කරන්න. මෙහෙම ප්‍රශ්නයක් වෙයි කියලා අපි හිතුවේ නෑ. Miracle SKY Vision කියන වෙබ් අඩවියේ අහසින් විඩියෝ සහ ඡයාරුප ලබා දෙන ව්‍යාපාරික ආයතනයක්. ඔවුන්ගේ වෙබ් අඩවියේ එම ඡයාරුප හා විඩියෝ ඇතුලත් කරලා තියෙනවා. ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් සෙනඟ හිටියද නැද්ද කියලා. මේක හදේ කරපු පා ගමනක් නෙවෙයි නේ සෙනග හිටියද නැද්ද අහන්න මහ පොළවේ සිද්ධ වුණේ නුවර සිට කොළඹ දක්වා නුවර පාර දෙපස ඉන්න පිරිසගෙන් ඇහුවනම් කියයි කොච්චර සෙගන හිටියද, කොච්චර දුරට තිබුණුද කියලා. බොරු කියලා සැගවිලා ඉන්න බෑ. ආණ්ඩුවේ ඉන්නේ බොරුකාරයෝ කියලා ජනතාවට දැන ගැනිමට හැකිවේලා තියෙනවා එච්චරයි වේලා තියෙන්නේ. මගේ අවශ්‍යතාවයකට ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සම්බන්ධිකාරක වන ෂෙරෝන් සමරනායක මහතාට මම පා ගමන යන ගමන් කිව්වා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිතුමා එහෙට මෙහෙට යන්න පාවිච්ච් කරපු මෝටර් සයිකලයෙන් මුල සිට අගට ගිහින් බලන්න කොච්චර දුර තියෙනවාද කියලා. මම මේක කිව්වේ පා ගමන මහරත් කිරිබත්ගොඩත් අතර එද්දි. ඔහු ගිහින් ඇවිත් මට කිව්වා කඩවත නගරය පහුවෙනකන් පෝලිම තියෙනවා කිලෝමීටර් 4.8ක් දිගයි කියලා.

ගමන් ගත් පුද්ගලයා ෂෙරෝන් සමරනායක      
යොදා ගත් මෝටර් සයිකලය සීපී යූසී 0045        
දිනය 2016 ජූලි 31 (සිව්වන දිනය)      
             
දිග මනින ලද ස්ථානය පා ගමනේ මුලමහර සහ කිරිබත්ගොඩ අතර  තිබිය දී   පා ගමනේ අගකඩවත නගරයට මදක් ඈතින්  
 
             
       
නිට්ටඹුව සහ කිරිබත්ගොඩ අතර දුර කිලෝ මීටර 29    
ගත වූ කාලය පැය 11    
පාද යාත්‍රාවේ සාමාන්‍ය වේගය පැයට කිලෝ මීටර            2.6    
       
මෝටර් සයිකලයට පා ගමන පසු කිරීමට ගත වුණු කාලය විනාඩි 15    
මෝටර් සයිකලය දුර මනින අතරේ පෙරහැර ගිය දුර            0.7    
පා ගමනේ මැන ගත් දිග කිලෝ මීටර 4.8    
පා ගමනේ සැබෑ දිග කිලෝ මීටර 5.5    
පා ගමනේ තිබුණු ප්‍රදර්ශන රථ වල දිග කිලෝ මීටර 0.1    
පා ගමනේ සෙනඟ පමණක් දිග කිලෝ මීටර 5.4    
       
පලලට සිටි මිනිසුන් ගණන (මං  තීරුදෙකක) 20    
මීටරයක් තුල පිටුපසට එක්පෙලක සිටි මිනිසුන් ගණන 3    
මීටරයක් දිගට සිටි සම්පූර්ණ ගණන 60    
කිලෝ මීටරයක් තුල සිටි මිනිසුන් ගණන     60,000    
       
මනින අවස්ථාවේ පා ගමනේ සිටි සෙනඟ   324,000  

වාසිය අවාසි විදිහට ගණන් හැදුවම පා ගමනේ අවම වශයෙන් 324,000ක් ගමන් කරලා තියෙනවා. අන්තිම දවසේ ඊට වැඩියි. විශාල පිරිසක් බලන්න ඇවිත් ඒ අයත් එකතු වුනා. සෙනග ගැන මිට පෙර මට කතා කරලා මගෙන් අහලා තියෙනවා නුගේගොඩ, අනුරාධපුර, කැස්බෑවේ රැස්වීම්වල සෙනග කොච්චර හිටියද කියලා මම විද්‍යාත්මකව ගණනය කරන්න දන්නේ නැති නිසා උත්තර දුන්නේ නෑ. මොකද සෙනග දිහා බලලා කියන්න බෑ. විද්‍යාත්මක ගණනය කිරීමක් නැතුව මම ප්‍රකාශ කරන්නේ නෑ මෙතන මෙච්චරයි කියලා. නමුත් පා ගමණක් එද්දි අපිට ගණනය කරගන්න පුළුවන් වුණ ඒ නිසා 2000 සිට 25000 දක්වා ආණ්ඩුව පවසන කතා නම් අතිශයම විහිළු සහගතයි කියලා අපි ප්‍රකාශ කරන්න ඔනේ.

හනුමා පාලම පුපුරවන්න වුව අප සූදානම්.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ වෙබ් අඩවිය උපුටා දක්වමින් මම මාධ්‍යවලට හෙලි කිරීමක් කලා. ඉන්දියාව හා ලංකාව යා කරමින් පාලමක් ඉදි කරන බවට විශේෂ ප්‍රකාශයක් කර තිබෙන බව මම ඉන්දියානු ඉංග්‍රිසි මාධ්‍ය උපුටා දක්වමින් කිව්වා. හනුමා පාලම ඉදි කරන්න ඉන්දියාව ඩොලර් බිලියන 5.2ක ණයක් ඉල්ලා තිබෙන බව. මම මේක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් ලෙස ඇහුවම පිලිතුරු දුන්නු මහ මාර්ග අමත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා කිව්වා මේක සම්පුර්ණ බොරුවක් එහෙම කිසිම සකච්චාවක් කරලා නෑ කියලා මගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ඉන්දියාවේ මහමාර්ග ඇමති ඉන්දියානු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලා ලංකාව සහ ඉන්දියාව සදහටම යා කරමින් හනුමා පාලම ඉදි කරනවා කියලා. ඊට පස්සේ මම ආපහු මහ මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාගෙන් ඇහුවාම එතුමා කියනවා එහෙම පාලමක් හදන්න අපේ කිසිම සූදානමක් නෑ කියලා.
අපිට දැන් ඉන්දිය අමාත්‍යවරයා ඉන්දියාවේ පාර්ලිමේන්තුවට බොරු කිව්වද නැත්නම් ලංකාවේ අමාත්‍යවරයා ලංකාවේ පාර්ලිමේන්තුවට බොරු කිව්වද කියන ප්‍රශ්නය එනවා. එහෙම නැත්නම් ශ්‍රිලංකාවේ කැමැත්තක් නැතුව ඉන්දියාව බලහත්කාරයෙන් මේ පාලම ඉදිකරන්න සූදානම් වෙනවා. ඒ කියන්නේ සෘජුවම ඉන්දිය ආක්‍රමණයක් අත ළග කියලා. මම මහා මාර්ග අමත්‍යවරයාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වුණුවිට ඔහු කිව්වේ ඔබ ඇයි ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ වෙනදේවල් විශ්වාස කරන්නේ ඔබ ලංකාවේ මන්ත්‍රීවරයෙක් විදිහට ලංකාවේ පාර්ලිමේන්තුවේ වාර්තා කරපු දේ විශ්වාස කරන්න. අගමැතිවරයා නැගිටලා කියනවා මම මේ පිළිබද සොයා බැලුවා මේක ඉන්දියාවේ මහා මාර්ග අමත්‍යවරයා ඉන්දියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ හින්දි භාෂාවෙන් මට නම් හින්දි තේරෙන්නේ නෑ. ඔබතුමාට හින්දි පුළුවන්ද මේක කියවලා ඇවිත් අපෙන් ප්‍රශ්න කරන්නේ. අගමැතිතුමා මට කියනවා කියන්න හින්දියෙන් වචන තුනක් හතරක්. මට කියන්න තිබුණා කුච් කුච් හෝතාහේ දිල්තෝ පාගල් හේ කියලා. පාර්ලිමේන්තුවට එක කවටයෙක් සිටිම ප්‍රමානවත් නිසා මමත් තවත් කවටයෙක් වෙනවා වෙනුවට මම කිව්වා ගරු අග්‍රමාත්‍යතුමනි මම උපුටා දක්වන්නේ ද හින්දු” කියන පුවත් පතයි. මේවැනි දෙයක් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කලා කියලා පුවත් පතේ වාර්තාවෙනවා. අනිත් එක ඒ ප්‍රකාශය වැරදියි කියලා නිවැරදි කිරීමක් කරලත් නෑ. මම දිනපතාම වගේ ද හින්දු” පුවත් පත බලනවා වෙබ් අඩවියෙන්. අගමැතිතුමනි ඔබතුමාට හින්දි බැරිවෙන්න පුළුවන් නමුත් ඉන්දියාවේ තිබෙන ශ්‍රි ලංකාවේ තනාපති කාර්යාලයේ සිටින අයට හින්දි බැරිවීම විමතියට හේතුවක්. කැලනි විශ්ව විද්‍යාලයේ හින්දි පිළිබද කථිකාචාරවරයෙක් ලවා එම ප්‍රකාශය සිංහලට හරි ඉංග්‍රිසියට හරි පරිවර්තනය කර කියවා තේරුම් ගන්න මේක ලංකාවේ ස්වාධිපත්තියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අගමැතිතුමා සුපුරුදු පරිදි විහිළුවෙන් එම ප්‍රශ්නය මගහැරියා.

දැන් තවත් ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ අගමැති ලංකාවේ පාර්ලිමේන්තුවට බොරු කියනවාද? ඉන්දියාවේ මහමාර්ග ඇමති ඉන්දියාවේ බොරු කියනවාද? ඒ ප්‍රශ්නය අපිට විසදලා දුන්නා මේ දිනවල ඉන්දුනිසියාවේ ජකර්තානුවර (Indonesia Jakarta) පැවැත්වෙන දොලොස්වන ස්ලාමිය ආර්ථික සමුළුවට සහභාගිවන ශ්‍රිලංකාවේ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ගරු කාබිර් හසිම් මැතිතුමා. අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියවා ඉන්දියාවත් ශ්‍රිලංකාවත් යා කරන පාළමක් හදන්න සාකච්චා වෙනවා කියලා. ලංකාවේ අගමැතියි මහා මාර්ග ඇමතියි ලංකාවේ පාර්ලිමේන්තුවට බොරු කිව්වත් ඉන්දියාවේ මහාමාර්ග ඇමති ඉන්දියාවේ පාර්ලිමේන්තුවට බොරු කියන්නේ නෑ. ආණ්ඩුවට හයියක් නෑ රටට මේ රටේ අනාගත ඉරනම ගැන කියන්න. හැබැයි ඉන්දුනිසියාවේ ගිහිල්ලා ව්‍යාපාරිකයෙක් ඇහුවම ඇත්ත කතාව කියනවා. අද අපේ ආණ්ඩුව යුධ අපරාධ අධිකරන, එක්තා, හනුමා පාළම වේවා මේ ආණ්ඩුව ඇමරිකානු ඉන්දියානු ගැති රුකඩ ආණ්ඩුවක් කියලා පෙන්නවන්න තවත් නිදසුනක් කියලා කාබිර් හසිම් මැතිතුමා කල ප්‍රකාශය පෙන්වන්න පුළුවන්.

මේ පාලමට අපි විරුද්ද වෙන්නේ සහේතුකවයි. චීන අධිරාජ්‍යයන් චීනය වට කරලා චීන මහා ප්‍රාකාරය හදන්න හැදුවා. ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා හදේ හිටියනම් දකින්න පුළුවන් එකම මිනිසා කල නිර්මානය තමයි චීන මහා ප්‍රාකාරය. ලංකාවේ රජවරු ලංකාව වට කර පවුරක් ඉදිකලේ නැත්තේ අපි දුපතක් වීමේ වාසිය. අපි විශේෂයෙන් පවුරක් අවශ්‍ය නැති ඉන්දියන් සාගරය අපේ රට වට කරගෙන අපිව රකිනවා. අපේ දේශසිමා හරි ලස්සනට තියෙනවා. එය සදහටම විනාශ කිරිමක් තමයි මේ හනුමා පාළම ඉදිකිරීම. මේකෙන් ඇත්තටම යා කරන්නේ ලංකාවේ උතුර හා තමිල්නාඩුවයි. ඒ දෙපැත්තෙම ඉන්නේ එකම ජන වර්ගයක්. ඉන්දියාව අතිශය දුප්පත් රටක් මේ ලෝකයේ දුප්පත් ජනගහන මිලියන 400ක්. ලංකාවේ ජනගහනය මිලියන 21යි. ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන ජනගහනය මිලියන 51ක්. මේ පාලම හැදුවම අනිවාර්යෙන්ම තමිල්නාඩුවේ සිට ලංකාවට නොනවතින පොළිමක් හැදෙනවා. අපේ රටේ ජනවාර්ගික සංයුතිය වෙනස් වෙලා සිංහලයන් බහුතරයක් සිටින රට සිංහලයන්ට අහිමි වෙනවා. ඉන්දියාව මේ විදිහට පිජිරටට ගිය නිසා ස්වදේශිය ජනතාව යටපත් කරගෙන ප්‍රජාත්‍රන්තවාදිවම පිජිරට පාලනය කරන්නේ ඉන්දියානු සංක්‍රමනයන්. මොකද අද රටේ බහුතරය ඒ අය නිසා.

ඒවගේම ශ්‍රිලංකාව බෝවෙන රෝග හොදින්ම පාලනය කරපු රටවල් දහයට අයිති රටක්. තුන්වන ලෝකයේ රටවලින් කිව්බාව සහ ලංකාව විතරයි ඒ දහයේ ඉන්නේ. මැතකදි පොලියෝ රෝගයෙනුත් ලංකාව සදහටම තුරන් කලා. මැතක් වෙනකත් ඒඩ්ස් රෝගයත් තුරන්වෙලා තිබුණා මේ ආණ්ඩුව ආවට පස්සේ තමයි වැඩිවුණේ. ඉන්දියාවේ බෝවෙන රෝග සාතිශය බහුතරයක් ඉන්දියාවේ තියෙනවා. දුප්පත්කමයි අධ්‍යාපනයි තියෙන ශ්‍රි ලංකාවේ දිළිදු භාවය 6% දක්වා පහතට ගෙනත් තියෙනවා. සාක්ෂරතාව තියෙනවා නිදහස් අධ්‍යාපනයට පින්සිද්ද වෙන්න 92%. නිදහස් සෞඛ්‍යට පින් සිද්දවෙන්න උපතේ දී අපෙක්ෂිත ආයු කාලය, ළදරු මරණ සංඛ්‍යාව, මාතෘ මරණ සංඛ්‍යාව පහලින්ම තියෙන තුන්වන ලෝකයේ රට. ඒ අය ලංකාවට අවොත් අපේ රට දැවැන්ත සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇතිවෙනවා.

ඉන්දියාවේ විරැකියාවත් එක්ක අද කම්කරුවෙක් රුපියල් 1000ට කරන දේ මේ අය ලැස්තියි රුපියල් 300ට කරන්න. ලංකාවේ සේවා නියුක්තිය පිළිබද ප්‍රශ්නයක් ඇතිවෙනවා. ජනවාර්ගික ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න රාශියකට තුඩු දෙන මෙම පාළම ඉන්දියාවට බයේ හදන්න එපා. මේ ආණ්ඩුව මේක හරි කියලා හිතනවනම් මම ප්‍රශ්නේ අහපු දවසේම ඇත්ත කියන්න තිබුණා. රටට බයේ ඉන්දුනිසියාවේදි එළියට දැමිමෙන් පෙනෙන්නේ ආණ්ඩුව ඉන්දියාවට බයේ මේ පාළමට එකග වී ඇති බවයි. අපේ ස්භාවයෙන්ම ලැබුණු ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යාපනය සේවා නියුක්තවල දර්ශකයන් ඉන්දියාවට බයේ පාවා දෙන්න එපා. අපි ආණ්ඩුවට වගකීමෙන් කියනවා මේ පාලම ඉදිකරනවා නම් ජනමත විචාරනයකින් ජනතාවගෙන් අනුමැතිය ලබා ගත යුතුයි.

මේ පාළමට විරුද්ධව රටේ ජනතාව කැරලි ගසමින් පාරට බහින්න සිදුවේවි. ආයුධ අතට ගත්තොත් ජනමතයට එරෙහිව යමින් ඉන්දියාවට හිස නමා ඉන්දියාවට බයේ ජාතියේ ස්වාධිනත්වය පාවා දෙමින් ජාතික ආරක්ෂාව සහ ජාතියේ සංවර්ධනයේ ප්‍රගතිය ඉන්දියාවට පාවා දෙමින් පාළම ඉදිකරන මේ ආණ්ඩුව ඒ වැගිරෙන සැම ලේ බිංදුවක වගකීම භාර ගත යුතුයි කියලා අපි මේ ආණ්ඩුවට වගකිමෙන් ප්‍රකාශ කරනවා. ඒකාබද්ධ විපක්ෂයේ අපි මේ පාලම මේ මහපොළොවේ ඉදිවෙන එක වළක්වන්න කල හැකි සෑම දේම කරනවා. ඒ පාළම ජාතික ආරක්ෂාව නාමයෙන් පුපරවා දැමිමට වුණත් අපි සුදානම් කියන එක අපි ඉතාමත් වගකීමෙන් ප්‍රකාශ කරනවා.

– අරවින්ද අතුකෝරල

පිවිතුරු හෙළ උරුම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්‍ෂ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ගම්මන්පිල මහතා ඇතුළු පක්‍ෂ නායකයින් දැක්වූ අදහස් මෙසේය.

 
3,196 Viewers

8 Responses to “රනිල්-කිරිඇල්ල එදා කියු බේගල් අද මාට්ටුයි.. මෙන්න සාක්කි.. ඉන්දු-ලංකා හනුමා පාලම හැදුවොත් පුපුරුවනවා..”

  1. plumblossom Says:

    Mangala must be replaced by a patriotic foreign minister. Actually Ranil, Sirisena, CBK traitors must be replaced too. However Mangala must be replaced as soon as possible. A country’s government should first and foremost look after the country’s security. sovereignty, territorial integrity and in the case of a small country such as Sri Lanka its unitary status. Mangala has betrayed Sri Lanka by accepting the UNHRC resolution which no country with any integrity will accept. Mangala must realise that those LTTE terrorists who massacred the citizens of this country for over 26 years simply because they wanted a large chunk of this island for themselves, illegally, that they should be dealt with in a very careful manner without betraying the security. sovereignty, territorial integrity and in the case of a small country such as Sri Lanka its unitary status, even if extremely powerful forces such as the US,UK, EU, Canada, Sweden, Norway and India are behind the LTTE terrorists. In addition, we must place forth the argument that those who settled in the island quite recently only during the past few hundred years i.e. the Sri Lankan Tamils who are only but 11.2% of the population do not have any rights whatsoever to demand over 28% of the land area, 66% of the coastline and 66% of the vast ocean resources which belong to Sri Lanka. This message should be conveyed to the TNA, the separatist terrorists and those who support them i.e. the US,UK, EU, Canada, Sweden, Norway and India as soon as possible so that they understand our position. This is the task of a foreign minister. Mangala therefore has betrayed Sri Lanka and must go. Sri Lanka cannot afford large self ruling entities which are illegal anyway since this island as a whole belong to all its people in total. It is the foreign minister’s task to covey this message to everyone concerned.

  2. plumblossom Says:

    The missing persons commission, the name is a misnomer. it should be called ‘those combatants on all sides who died in the war i.e. Sri Lankan Forces, Police Force. Civil Defence Forces, IPKF, Tamil Armed Groups against the LTTE and the LTTE terrorists themselves and whose bodies have not be found’. Therefore the name itself is wrong and invented by the UNHRC to tarnish the image of the armed forces of Sri Lanka.

    The missing persons commission to date has receive 24,000 complaints from 1983-2009 period. Of this number over 5,000 are regarding missing Sri Lankan Forces members, whereabouts unknown, almost certainly executed by the LTTE terrorists. Over 12,000 complaints are against the LTTE itself recruiting young persons by coercion. Therefore over 70% of complaints are against the LTTE itself which amounts to over 17,000 complaints. The rest of the complaints are I am sure about the whereabouts of LTTE combatants or terrorists who died while fighting but whose bodies have not been found.

    My question is, why cannot the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India accept that Sri Lankan Forces, Police Force, Civil Defence Forces, IPKF, Tamil Armed Groups against the LTTE and the LTTE terrorists themselves died fighting in this war and leave it at that. What is the point in looking for these combatants now? Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India never ever talk about the over 35,000 Sri Lankan Forces, Police Force, civil Defence Force members who died in the war? or the 1,200 IPKF members or the over 2,000 Tamils Armed Groups against the LTTE members who died in the war? or the over 6,000-7,000 Sinhala civilians and even Muslims civilians who were massacred by the LTTE? or the around (my estimate) over 3,000 Tamil civilians massacred by the LTTE?

    Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India is not concerned about the over 10,000 Sri Lankan Forces members permanently disabled by the war, or the over 23,000 Sri Lankan Forces members both temporarily and permanently disabled by the war? or the over 136,000 Sri Lankan Forces members who were injured due to the war?

    Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India not concerned about the over 65,000 Sinhala people and over 75,000 muslims ethnically cleansed from the North?

    Why is it that the only the around 35,000 LTTE terrorists who died inclusive of Prabhakaran are the concern of the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India? Perhaps this missing persons commission should answer that question first.

  3. plumblossom Says:

    Even if the constitution will be changed since this idiotic government follows whatever instructions the US, UK, EU, Norway, Canada, Sweden, India, the TNA and the separatist terrorists tell it to do, we must ensure that the unitary status of the country is not compromised in any way whatsoever. The clause in the 13th amendment which says that ‘the North and the East is the homeland of the Tamil speaking people’ must be deleted since it is totally false when looking at the history of the island. This clause must be replaced with the clause ‘the entire island is the homeland of all its peoples’. The provision which allows for the merger between two provinces should be deleted. As much subjects from the concurrent list should be included in the national list. Under no circumstances should land, police or fiscal powers be given to provincial councils. All of us need to ensure that the above happens since if the system reverts back to a parliamentary system and the presidential system is scrapped, the only way to ensure the unitary status of the country is the make sure that the provincial councils do not get any more powers than they have at present. The Public Security Ordinance should not be amended in anyway as well. If any provincial councils acts out of line, the head of government should dissolved such a provincial council and direct rule by the head of government should be enforced under those circumstances.

  4. plumblossom Says:

    I would please urge any person who has any influence whatsoever with Ranil, Mangala, Sirisena, CBK to let them know that these Western Countries i.e. the US,UK, EU, Canada, Sweden, Norway and India will only back off if Sri Lanka takes a very firm stance and refuses to carry out this unjust UNHRC resolution. Sri Lanka must do this without any fear since I am sure if Sri Lanka takes a very firm stance and refuses to carry out this unjust resolution the UNHRC, the US,UK, EU, Canada, Sweden, Norway and India will back off. I can guarantee that will happen. So it is up to Sri Lanka or rather Ranil, Mangala, Sirisena, CBK whether they are going to place our Sri Lankan armed forces in jeopardy for crimes they did not commit or whether they are going to defend the country’s armed forces and the country’s sovereignty, independence, freedom, integrity, unitary status etc. by refusing to carry out this unjust UNHRC resolution which no country on this planet earth with any integrity will carry out. However, if they keep complying with whatever unjust demands are made by the US,UK, EU, Canada, Sweden, Norway and India, they will have to keep complying with those unjust demands at the expense of Sri Lanka breaking up into pieces and placing the Sri Lankan people’s security in jeopardy. Sri Lanka will end up being partitioned too.

  5. plumblossom Says:

    When looking at Sri Lanka’s history, it is extremely obvious that from 600BC to around 1400AD there were three kingdoms, all Sinhala Buddhist, Ruhuna, Pihiti or Rajarata and Maya or Malayarata. Rajarata encompassed today’s North Central, North Western, Northern and even the Central Province. Ruhunu rata encompassed today’s Uva, Eastern and Southern Provinces. The Kandyan Kingdom from 1400AD encompassed most of the island inclusive of today’s Northern and the Eastern Provinces except for the Jaffna Peninsula. Even the Jaffna Peninsula was invaded and occupied by force by Aryachakravarthi (Pandyan) and actually did belong to Rajarata earlier and later the Kandyan Kingdom.

    Today’s provincial boundaries were drawn up by the British colonialists as per their divide and rule policy and the Sinhala people were not consulted when drawing up these provincial boundaries. In the meantime, most Sri Lankan Tamils of today were actually brought over during Dutch and British times to the Jaffna Peninsula and elsewhere to work on tobacco and indigo plantations which were planted extensively in all the colonies since they were much sought after and made a lot of money for the colonialists. Therefore they are recent arrivals and cannot claim homelands or separate states whatsoever.

    The usual practice when a colonial power hands over their former colonies is to hand it over to its original owners. Therefore the British colonialists should hand over the Kandyan Kingdom to the Kandyan Sinhalese from whom they took it by force. Since the Kandyan Kingdom encompassed the North and the East, these provinces too should be handed over to the Kandyan Sinhalese who are its rightful owners. Even the Jaffna Peninsula should be handed over to the Kandyan Sinhalese since it was part of Rajarata and was forcefully occupied by Aryachakravarthi (Pandyan).

    Since this has now been done already, the TNA and other separatist terrorists or the US, UK EU, Canada, Norway, Sweden and India cannot demand that present day Northern or even the Eastern provinces be provided any more powers or be made into federal states since this is totally going against the history and archaeology of the island and totally going against the rights of the Sinhala people who also have fundamental rights to claim the entire island inclusive of the North and the East as their homeland first and foremost. Therefore, the TNA , the separatist terrorists, the US, UK, Norway, Sweden, Canada and India has to respect the history and archaeology of the island and accept that the present day provincial councils are more than sufficient to run the affairs of the provinces. Sri Lanka must be a unitary state and no more powers should be provided to the provincial councils. In fact, when talking about the 13th amendment, the concurrent list subjects must be included in the national list. The provision where two provinces can merge should be deleted. The bogus claim of the North and the East being the homeland of the Tamil speaking people should be deleted. The entire island should be declared the homeland of all its peoples.

    Sinhala people should be resettled in the North in quite a large number if there is to be peace and harmony within the island since Sinhala people have every historical right to live in the North as well as the East. It is only due to ethnic cleansing of the North of Sinhala people by the LTTE and the other separatists that Sinhala people are not at present living in the North. Many thousands of landless elsewhere in the island especially Sinhala people should be provided land in the North since most of the vacant land in the country is in the North and in the East since both these provinces encompass over 28% of the land area of the island. Then only will there be peace since when people mix, there is more harmony. This is the only way towards peace and development in the island.

  6. plumblossom Says:

    India has over 400 million poor people and over 40 million people in India are unemployed. If this ETCA is signed and the Hanuman bridge is built all these desperate people in India will come in droves to Sri Lanka since the socio-economic situation of Sri Lanka is a million times better than the socio economic situation of India. I would urge the uncaring and cruel Indian government to provide basic housing, clean water, sanitation, healthcare, education, food and clothing to these desperately poor 400 million Indians rather than spending US 5.2 billion dollars in building a Hanuman bridge to Sri Lanka. If Sri Lanka signs this ETCA with India it will be Sri Lanka’s end. Sri Lanka should not sign any such trade deals where people can come here to work freely, unless the country we are signing the ETCA with has a similar or a better socio-economic situation than Sri Lanka. I would urge the uncaring, corrupt and cruel India Government to immediately stop building space stations and nuclear weapons and use that money to provide basic housing, clean water, sanitation, healthcare, education, food and clothing to the 400 million desperately poor people of India which is a government’s basic responsibility. Sri Lanka should stop immediately the signing of ETCA with India and urge the Indian Government to carry out the above task rather than serving the rich people of India only which the uncaring and cruel Indian Government seems to be doing.

  7. jay-ran Says:

    Kiriella kiyanne maha thakkadi horek, evaa tikak mewaya:
    1)Kiriella kiya deng kiyana miniha mulnama PERERA ya,
    2)Thamage AADARANEEYA DEKAWEPIYANGENG MEMA KALA GU NODATH GUNAMAKUWA,MAHANUWARA KIRIELLA KIYANA GEHANU KENEK BENDAMA IDIMUNA MEMA GUNAMAKUWA,KIRIELLA NAMING NAMA WENAS KALA!!,
    3) Emathiyeku unaata pasu mema gunamaku hora kala jada waling tikak menna:
    1)Mahanuwara thamage kottashaye kisi sudusu kamak nethi suportalla 56 denekuta viyapruthi adheekshnaya kireemata path karall (1) PADIYA RS 35,000,(2) GAMANG GAASTHU Rs 65,000.
    2) Kisima sudusukamak nomethi thama DUWATA,MAHA PARIMAANAYE KONTHRAKKUWAK,SAMAGAMAK ALUTHING PIHITALA BARA KALA!!
    MAMA SIRISENA KIYANA GUNAMAKUWAGENG AHANNE,MEWA PATHTHARENGWA DEKKE NEDDA KIYALAI???
    Ema nisa ihaling dakwa ethi PATTAPAL BORU PORONDU RANILGEI,MITHREEXXXX OHOTH PERERA kathawal boru bawa nikamma oppuwela thiyanawa!!!

  8. Ananda-USA Says:

    According to the Yamapalanaya, Sri Lanka’s recent economic problems arose because NUSUDUSU people are buying cars instead of only SUDUSU people.

    We agree, all those new NUSUDUSU politicos who crept into the Yamapalana government as MP’s and Ministers were given LUXURY vehicles tax-free and convoys of official vehicles.

    They are the NUSUDUSU people who bankrupted us!

    THROW these USELESS CROOKS OUT!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress