UNP-VAT මගඩියට එකතු වීමෙන් මළගම් යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
Posted on August 7th, 2016

Dilrook Kannangara

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙලොවක් අතරය. ජනතාව සමග එක්වී VAT මගඩිය පරාජය කරනවාද, UNP හැතිකරය සමග එක්වී මළගම් යනවාද?

ජනාධිපති සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩක් නැත. සිරිසේනට හංසයා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොදෙන දේ රවී කරුණානායක ලියාපදිංචි කල හංසයා පක්ෂයෙන් ගත හැක. මොන පක්ෂයෙන් ආවත් සිරිසේනට 2020 දී යන එන මං නැති බව දනියි. ඒ නිසා සිරිසේන සරණ යාමෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට සෙතක් නොවේ. පක්ෂයටත්, තම දේශපාලනයටත්, තම දරුවන්ගේ දේශපාලනයටත් ආදරයක් ඇත්නම්, පාර්ලිමේන්තු ගිය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් VAT මගඩියට එරෙහිව ඡන්දය දිය යුතුය.

JVP පාක්ෂිකයන් VAT මගඩියට එක හෙලාම විරුද්ධය. VAT විරෝධය පෙන්නා JVP ඡන්ද තර කර ගනු ඇත. පොදු විපක්ෂයද VAT මගඩියට එක හෙලාම විරුද්ධය. ජනතා අධිකරණයේ ජය JVP සහ පොදු විපක්ෂය බෙදා ගන්නා අතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් UNP පක්ෂය විසින්ද පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරනු ඇත. ලබන ඡන්දය ප්‍රකාශයට පත්කළ සැනින් සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට හිරබත් හිමිවීම වැලැක්විය නොහැක. ඔවුන් පිට ආණ්ඩුවේ සියළු වැරදි පටවා UNP තක්කඩින් සුදනන් වනු ඇත.

සිරිසේන යනු UNP සහ ඉන්දීය හැතිකරය විසින් පත්කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවමංගල්‍ය අධ්‍යක්ෂ බව පාක්ෂිකයන් තේරුම් ගත යුතුය. බණ්ඩාරනායකට වඩා ලොකු වූ කුමාරතුංග අදහස් දරන්නන් වඩා ගැළපෙන්නේ ඉන්දියාවට මිස ලංකාවට නොවේ. පක්ෂය දමා ගිය, පක්ෂ සතරක් පාවා දුන් අය විශ්වාස කරන්න තරම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මුග්ධද?

අද ප්‍රශ්ණය ඇත්තේ මහින්ද පන්නා දැමීම තුළ නොව ජනතාව මත VAT මගඩිය පැටවීම තුළයි. VAT මගඩියෙන් බේරෙන්නට ජනතාව මහින්ද නොව කොටි පවා දිනවනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් VAT මගඩියට එරෙහිව ඡන්දය දිය යුතුම වන්නේ මේ නිසාය.

One Response to “UNP-VAT මගඩියට එකතු වීමෙන් මළගම් යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය”

  1. Ancient Sinhalaya Says:

    Traitor slfpers who took ministerial mas katu will never vote against the VAT bill. The traitor low lives know
    they committed political suicide by going to bed with UNPatriotic traitors. Under pol pot ponil wickramaSinhalakiller
    these low lives are poodles. So they have no escape other than dance to his tune.

    It is easy for those traitor
    low lives since they know they have come to the end of their political careers. So plunder, plunder and plunder and
    get fater and fater. There is no political tomorrow for the traitor low lives. So we can’t expect any thing other
    than treachery from these traitor deshapaluwan!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress