ජනවාරි 9 සිට රට කොටියට ගිය හැටි දින පිළිවෙළින්, [[විශේෂ බුද්ධි වාර්තාව!]]
Posted on August 8th, 2016

 www.mahinda.info

පහත දැක්වෙන්නේ 2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි. mahinda.info මාධ්‍ය අංශයේ වාර්තාකරන ප්‍රතිපත්තියට අනුව මෙම සෑම කරුණක්ම සඳහාම එජාපයටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි මූලාශ්‍ර දක්වා ඇත. ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර පුවත්පත් වෙබ් අඩවි, වගකීම්සහගත රජයේ ලියාපදිංචි මාධ්‍ය ආයතන වල වෙබ් අඩවිවල අදාල පුවත් වාර්තා දක්වා තිබේ.

[1]. අලි – කොටි ගිවිසුම අත්සන් කළ, කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ට අතට අත දුන් රනිල් වික්‍රමසිංහ මහතා තවත් අගමැතිවරයෙන් සිටියදීම එකී අගමැතිවරයාව ඉවත් කරන්නේවත් නැතිව ශ්‍රී ලංකා ජාතික කොඩිය මේසය මත නොමැතිව අගමැති බවට දිවුරුම් දෙයි. 2015/01/09 AsianTribune මූලාශ්‍රය

ranil-anton

Ranil%20Sworn%20In[1]

[2]. රණවිරුවන් රැසක් ජාතියට අහිමි වූ ලංකා ඉතිහාසයේ මහා පාවාදීම ලෙස සැලකෙන මිලේනියම් සිටි සිද්ධියේදී එවකට පොලීසිය භාර ඇමතිවරයා වශයෙන් සිටිමින් බුද්ධි අංශ පාවා දීමේ චෝදනාව ලත් ජෝන් අමරතුංග මහතා යළිත් වතාවක් පොලීසිය භාර ඇමතිවරයා බවට පත් වෙයි. 2015/01/11 priu.gov.lk මූලාශ්‍රය.

lrrp-sri-lanka

[3]. දසකයකට අධිකව අප රටේ ජාතික ආරක්ෂාව ගැන තොරතුරු වාර්තා කළ කීර්ති වර්ණකුලසූරිය මහතාගේ දිවයින” ආරක්ෂක තීරුව, ජනාධිපතිවරණයෙන් පසුව උතුරේ සිදුවූ දේවල් ගැන වසන් කරමින් පිට පිට දෙවතාවක් වාරණය වෙයි. 2015/01/11 දිවයින මූලාශ්‍රය 1 , 2015/01/18 දිවයින මූලාශ්‍රය 2 .

[4]. දෙමළ ජාතික සංධානයේ දිගු කාලීන ඉල්ලීමක් ඉටු කරමින් උතුරු පළාතේ ආණ්ඩුකාර ධූරයෙන් මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතාව ඉවත් කරයි. 2015/01/14 ලංකාදීප මූලාශ්‍රය.

[5]. උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස පළිහක්කාර මහතාව පත් කරයි. ඔහු කුප්‍රකට ෆෙඩරල් මතධාරියෙක් වන අතර ඊනියා සාමය කාලයේ සාම ලෙකම් කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂක වරයෙක් වශයෙනුත්, පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරු දැරූ අයෙකුත් වෙයි. 2015/01/13 ලංකාදීප මූලාශ්‍රය.

[6]. කොටි බෙදුම්වාදී මතය ශ්‍රී ලංකාවෙ අහිංසක දමිළ ජනතාව වෙත පොවා ඔවුන්ගේ මනස් විකෘති කර ජාතිවාදය වපුරන ටැමිල්නෙට් වෙබ් අඩවියට ශ්‍රී ලංකාවෙන් පනවා තිබූ වාරණය ඉවත් කරයි. හිටපු හමුදා ප්‍රධානීන් ඊට විරෝධය පළකරමින් මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් ලිව්වත් ඉන් පලක් ඇති නොවෙයි. 2015/01/13 යවන ලද ලිපියේ මූලාශ්‍රය.

[7]. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා පරිබාහිරව ගිහින් වික්‍රමබාහු කරුණාරත්න වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් පවා නොමැති පුද්ගලයින්වත් යොදාගෙන රට පාලනය කරන ඉහලම උත්තරීතර ආයතනයක් සාදයි. එහි සාමාජිකයින් මෙසේයි. වික්‍රමබාහු කරුණාරත්න, ආර් සම්බන්ධන්, මනෝ ගනේෂන්, රිශාඩ් බදුරදීන්, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, පාථලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක, චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන. 2015/01/15 NethFM මූලාශ්‍රය. (කොටින්ට කඩේ ගිය වික්‍රමබාහු සහ මනෝගණේෂන් පසුව එක් විය. ලක්බිම මූලාශ්‍රය.)

National_Executive_Council-1stmeeting[1]

[8]. පසුගිය රජය සමයේ එජාප ප්‍රධානතම සටන් පාථයක් ලෙස රිෂාඩ් බදුයුදීන්ට එරෙහිව ගෙන එන ලද සියලුම චෝදනා අමතක කර, රිශාඩ් බදියුදීන්ව රට පාලනය කරන උත්තරීතර ආයතනය වන ජාතික විධායක සභාවට පත් කරයි. 2015/01/15 ලංකාදීප මූලාශ්‍රය.

[9]. ශ්‍රී ලංකා හමුදාවන්ට එරෙහි කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ ඉකුත් දොළොස්‌ වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණෙයි. කොටින්ට සෘජුවම උදව් දෙන කැලම් මැක්‌රේ ඇතුළු නඩයට කිසිම ප්‍රශ්නයක් නැතිව ශ්‍රී ලංකාව ට පැමිණීමට සහ ක්‍රියාත්මක වීමට යහපාලන ආණ්ඩුවෙන් ඉඩ දෙයි. ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න වාර්තා වී නැත. 2015/01/16 දිවයින මූලාශ්‍රය.

[10]. විදේශිකයන්ට උතුරු පළාතේ සංචාරය කිරීම සීමා කරමින් පනවා තිබූ නියෝග ඉවත් කෙරේ. 2015/01/16 BBC මූලාශ්‍රය. ඒ අනුව දමිළ ඩයස්පෝරාවේ තහනමත් ඉවත් කර ඇති නිසා විදේශයන්ට පැන ගොස් සිටින කොටි ත්‍රස්තවාදීන්ට සහ විදේශයන්හිදීම මොළ ශෝධනයට ලක් වූ ඩයස්පෝරා සාමාජිකයින්ට කිසිදු පරීක්ෂාවකින් තොරව උතුරට යා හැකියි.

[11]. ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මහ සමුදුර ආරක්ෂා කළ, ලෝකයේ හොඳම සමුද්‍ර ආරක්ෂක සේවය ලෙස ශ්‍රී ලංකාවට කීර්ති නාමය ලබා දුන් ඇවන්ගාඩ් ආරක්ෂක අංශයට අයත් මහනුවර නැමැති නෞකාව අත් අඩංගුවට ගනී. 2015/01/20 ලංකාදීප මූලාශ්‍රය. ඊට පෙර එහි සේවය කළ රණවිරුවන්ව බේරා ගැනීම උදෙසා, නෞකාව නීත්‍යානුකූලව අවසර ලබා ගත් අයුධ නෞකාවක් බව හිටපු නාවික හමුදාපති සෝමතිලක දිසානායක මහතා ට පැවසීමට සිදුවෙයි. දෙරන වීඩියෝ 2015/01/18 මූලාශ්‍රය.  නමුත් ඊට සති කිහිපයකට පසුව ඇවන්ගාඩ් සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව රජය ප්‍රකාශ කරයි. දිවයින 2015/03/05 මූලාශ්‍රය.

[12]. බෙදුම්වාදීන් ඉල්ලූ ඉඩම් බලතල ලබා දීමට එකඟ වී ඇති අතර, පොලිස් බලතල ලබා දෙන ආකරය ගැන සාකච්ඡා කරමින් සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 2015/01/19 NDTV මූලාශ්‍රය.

[13]. ශ්‍රී ලංකා රජයේම පූර්ණ හිමිකාරත්වය දරන රක්නා ලංකා ආරක්ෂක සේවයට අයත් බව ආයුධ ගබඩාවක් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී විවෘත කරයි. රජයට යටත් හමුදා අංශ වල ආයුධ ලෝකෙටම පෙන්වා රණවිරුවන්ව පාවා දෙයි. 2015/01/20 ලංකාදීප මූලාශ්‍රය.

Rall[1]

[14]. හමුදා, නාවික හා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුරු අහෝසි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න පවසයි. 2015/01/22 BBC මූලාශ්‍රය.

[15]. බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාව හමුදා ප්‍රකාශක තනතුරෙන් ඉවත් කරයි. වහාම ක්‍රියාත්මක වන පරිදි එතුමාව යුද හමුදා මූලස්ථානයට මාරුකර යවයි. මාධ්‍ය ප්‍රකාශ වරුන් හමුදාවට අනවශ්‍ය බවට ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. 2015/01/22 දෙරණ මූලාශ්‍රය.

[16]. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක මූලස්ථානයේ මුදල් සොරකම් නොකළ බව පැහැදිලි කළ වත්මන් ආරක්ෂක ලේකම් බස්නායක මහතාගෙන් නිදහසට කරුණු විමසා ප්‍රශ්න කරන බව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න පවසයි. 2015/01/28 දිනමිණ මූලාශ්‍රය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන්ම පත් කළ ආරක්ෂක ලේකම් වරයාටත් සත්‍යය ප්‍රකාශ කිරීමට වැට බඳී.

[17]. සටනේදී මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වන්දි හා ආධාර දීමනා ප්‍රදානය කිරීමටත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට මූල්‍ය ආධාර ලබාදීම සඳහාත් යාපනය පළාත් සභාවේදී දෙමළ සංධාන උතුරු පළාත් ධීවර අමාත්‍යවරයාගෙන් යෝජනා වෙයි. අදාළ ආධාර ඉල්ලුම් කරන්නන් තම තොරතුරු ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත භාර දෙන ලෙසද හෙතෙම දැනුම් දෙයි. 2015/01/28 ලක්බිම මූලාශ්‍රය.

[18]. කොටි ප්‍රධානියෙක් වන පුලිදේවන්ට මචන් පුලි” කියමින් ඇපල් මලු ගෙනගිය බවට චෝදනා එල්ල වී ඇති, 2012-2014 ඊනියා සටන් විරාම සමයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාව නැගෙනහිර ආණ්ඩුකාර ලෙස පත් කරයි. වැඩ බාරගත් වහාම හමුදාව බැරැක්ක වලට යවයි.  2015/01/30 ලංකාදීප මූලාශ්‍රය.

gosl_ltte_meeting_1_161102[1]

[19]. උතුරේ ඕමන්ත මුරපොළේදී කිසිදු පරීක්ෂාවකින් තොරව විදේශිකයින්ටත් උතුරට යාමට අවසර ලබා දෙයි. ඒ අනුව තහනම ඉවත් වූ දෙමළ ඩයස්පෝරා සාමාජිකයින්ටත් ශ්‍රී ලංකාවට ගොඩ බැස, කිසිදු පරීක්ෂාවකින් තොරවම උතුරට යාමට අවසර ලැබෙයි. 2015/02/04 මව්බිම මූලාශ්‍රය.

[20].වවුනියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්.  කිසිවෙකුවත් අත් අඩංගුවට නොගෙන යහපාලකයින් සිද්ධිය යටපත් කරයි. 2015/02/05 අද මූලාශ්‍රය.

[21]. උතුරේ ජන සංහාරයක් සිදු වී ඇති බවට සාක්ෂි ඇති බව පවසන උතුරු පළාත් සභාව ඒ සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගනී. 2015/02/10 BBC මූලාශ්‍රය. මේජර් ජෙනරල් ජී ඒ චන්ද්‍රසිරි මහතා උතුරේ ආණ්ඩුකාර ධූරයේ සිටියානම් මෙවැන්නක් සම්මත වෙන්න ඉඩ තබන්නේ නැත.

[22]. ඉන්දීය ධීවර යාත්‍රා උතුරු මුහුදු කලාපයට පැමිණ ධීවර කටයුතුවල නිරත වීම තමන්ට බලවත් ප්‍රශ්නයක්‌ වී ඇතැයි උතුරේ ධීවරයෝ පවසති. මීට පෙර නාවික හමුදාව මෙම ධීවර යාත්‍රා අත්අඩංගුවට ගත්තද වර්තමානයේ ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය යාත්‍රා අත්අඩංගුවට ගැනීමට ක්‍රියා නොකරන බව උතුරේ ධීවරයෝ ” හින්දු” පුවත්පතට ප්‍රකාශ කර තිබිණි. 2015/02/10 දිවයින මූලාශ්‍රය.

[23]. උතුරේ ආරක්ෂක මර්මස්ථානයක් වන පලාලි ගුවන්තොටුපොළේ අධි ආරක්ෂිත කලාපයෙන් අක්කර 1000 නිදහස් කරයි. 2015/02/13 දෙරණ මූලාශ්‍රය.

6[1]

[24]. උතුරු පළාත් සභාව රට දෙකඩ කිරීමේ කුමන්ත්‍රණය අරඹයි. උතුරට වෙනම ස්‌වයංපාලනයක්‌ අවශ්‍ය බවටත්, උතුරු නැගෙනහිර දෙමළ ජාතිකයන් තවමත් සමූලඝාතනය කරන බවටත් උතුරු පළාත් සභාව විසින් පසුගියදා සම්මත කරගත් යෝජනාව දෙමළ ජාතික සන්ධානය ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරයි. 2015/02/15 දිවයින මූලාශ්‍රය.

[25]. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපතිවරයාගේ බෑණනුවන් වන තිළිණ සුරංජිත් මහතා ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වශයෙන් පත්කරයි. 2015/02/15 දෙරණ මූලාශ්‍රය. පවුල් පාලනයක් නෑ කියූ සටන් පාථයට තවත් අය පයින් ගසයි. දේශපාලන සම්බන්ධතා මත නුසුදුසු අයට තනතුරු දී කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ව අධෛර්යට පත් කරයි.

[26]. ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා පත්කරයි. 2015/02/15 දෙරණ මූලාශ්‍රය. පවුල් පාලනයක් නෑ කියූ සටන් පාථයට තවත් අය පයින් ගසයි. දේශපාලන සම්බන්ධතා මත නුසුදුසු අයට තනතුරු දී කැපවීමෙන් කටයුතු කරන නිලධාරීන්ව අධෛර්යට පත් කරයි.

[27]. සිංහලයෙකුට නැගෙනහිර මහ ඇමතිකම දෙනවාට විරුද්ධ බව රාවුෆ් හකීම් පවසයි. රට පාලනය කරන ඉහලම ආයතනය වන ජාතික විධායක සභාවට පත් වී එලෙස ජාතිවාදය අවුස්සවයි.  2015/02/17 වීඩියෝ මූලාශ්‍රය.

[28]. මාන්කුලම් ප්‍රදේශයේ ආරක්ෂාව පිණිස ස්ථාපනය කර තිබූ පොලිස් කොට්ඨාශය ගලවා ඉවත් කරයි.  2015/02/20 සිරස මූලාශ්‍රය.

[29]. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ වවුනියාව බෝගස්වැව ජනපදයේ පදිංචි කරන ලද සිංහල ජනතාවට වත්මන් ආණ්ඩුවෙන් පහසුකම් නොලැබෙන නිසා සහ තවත් ප්‍රබල ඇමතිවරයෙක්ගේ බලපෑම පිට ගම්බිම් පවා විකුණා යන්න යයි. 2015/02/25 දිනමිණ මූලාශ්‍රය.

[30]. කලකට පසු උතුරේ පිපිරීමක්. චාවකච්චේරි දුම්රිය පොළ ඉදිරිපිට බෝම්බයක් පිපුරුණ බව පොලිසිය පවසයි. 2015/02/26 ලංකාදීප මූලාශ්‍රය.

[31]. සිංහල රජය යුද්ධයේ මුල් අදියරේ ද්‍රවිඩයන් 40000 ක්‌ මරාදැමූ බවත් එය ජාති ඝාතනයක්‌ බවත්” මන්නාරම් රදගුරු රායප්පු ජෝෂෆ් පවසා උද්ඝෝෂණය කරයි. යහපාලන ආණ්ඩුව නිහඬයි.  2015/02/27 දිවයින මූලාශ්‍රය. මහින්ද මහතා සහ ගෝඨාභය මහතා වෙනුවෙන් දේශප්‍රේමී ජනතාව සිදුකරන උද්ඝෝෂණ වලට එරෙහිව වාරණ නියෝග ගන්නා යහපාලන ආණ්ඩුව, රණවිරුවන්ට යුධ අපරාධ එල්ල කරන රායප්පු ජෝශෆ් ට ඉඩ දෙයි.

[32]. එකම රටක්‌ තුළ ස්‌වයං නිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක්‌ ස්‌ථාපිත කළ යුතු බවට දැක්‌වෙන යෝජනාවක්‌ යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේ පැවැත්වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික ජාතික සමුළුවේදී සම්මත කරයි. 2015/03/03  දිවයින මූලාශ්‍රය.

JPC%202[1]

[33]. මානුෂික මෙහෙයුමේදී විශිෂ්ට මෙහෙවරක් සිදුකළ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඩී කේ පී දසනායක මහතාව රහස් පොලිසියට කැඳවා පැය 10 ක් තිස්සේ ප්‍රශ්න කරයි. 2015/03/04 දිවයින මූලාශ්‍රය.

[34]. ලක් ඉතිහාසයේ කීර්තිමත්ම නාවික මහ සෙන්පති වසන්ත කරන්නාගොඩ රණවිරුවාව දඩයම් කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම් වෙයි. ඊට ආරම්භයක් ලෙස නේවි සම්පත් ගැන කතාව විකෘති කරමින් එජාප මඩ මාධ්‍ය අංශය මගින් අන්තර්ජාලයේ සිදුකරන මඩ ප්‍රචාරය වැළැක්වීමට එතුමාටම මාධ්‍ය ඉදිරියට පැමිණීමට සිදුවෙයි. 2015/03/08 දිවයින මූලාශ්‍රය.

[35]. ස්වයංනිර්ණය අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක් එකම රටක්’ යන අරමුණ ඉටුකර ගැනීම සඳහා කටයුතු ගම් මට්ටමින් පුළුල් කර, සරණාගතව ජීවත්වන ඥාතීන්ව සම්බන්ධ කරගෙන සටන් කරන බවට” දෙමළ ජාතික ජනතා පෙරමුණ යෝජනාවක් සම්මත කරගනී. රට බෙදෙන යෝජනා සම්මත වෙද්දී යහපාලන ආණ්ඩුව නිහඬයි. 2015/03/08 දිවයින මූලාශ්‍රය.

[36]. LTTE බුද්ධි අංශ නායිකා ජෙයකුමාරි ට ඇප ලැබෙයි. කොටියාට පණ දෙන්න ගිය කතට ඇප” යන සිරස්තලයෙන් එජාපයේ ලංකාදීප පුවත්පතත් පක්ෂය ගැන කළකිරීමෙන් යුතුව වාර්තා කරයි. 2015/03/10 ලංකාදීප මූලාශ්‍රය.

[37]. වසර 10 කට අධික කාලයක් ප්‍රබල කොටි නායිකාවක් වශයෙන් කටයුතු කළ මුහුදු කොටි බලකායේ නායිකාවක් වන මුරුගේසු බහීරතී ව නිදහස් කරයි. 2015/03/13 BBC මූලාශ්‍රය.

[38]. 13 ට එහා ගොස් බෙදන ලෙස හෙවත් රට ෆෙඩරල් කරන ලෙසට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණ ප්‍රකාශ කරයි. යහපාලන ආණ්ඩුවෙන් එතුමාට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටම ඇවිත් රට බෙදන ලෙසට ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දුනි. 2015/03/13 දිවයින මූලාශ්‍රය.

[39]. ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීම සඳහා පැරණි ආරක්ෂක මූලස්ථානය විකිණීමෙන් වෙන් කරගෙන තිබුණ මුදල භාණ්ඩාගාරයට හරවා ගනී. එම ආරක්ෂක මූලස්ථානය කිරීම නිශ්ඵල ක්‍රියාවක් බැවින් එය ඉදි නොකරන බවට මුදල් ඇමාත්‍ය රවි කරුණානායක පවසයි. රණවිරුවන්ට ඉදි කරමින් තිබූ ආරක්ෂක මූලස්ථානයේ වැඩ නැවැත්වීම රණවිරුවන්ට එල්ල කළ පා පහරක් බඳු වෙයි. 2015/03/16 සිරස වීඩියෝ මූලාශ්‍රය1. රිවිර මූලාශ්‍රය2.

[40]. තනි සිංහල බෞද්ධ පක්ෂයක් ලෙස මේ රටේ ආණ්ඩුවක් අල්ලන්න බෑ පක්ෂයකට” කියමින් සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිවාදී ප්‍රකාශයක් කරයි. 2015/03/17 ප්‍රකාශයේ වීඩියෝ මූලාශ්‍රය.

[41]. ජාතික ගීය දෙමළ බසින් ගැයීමට මනෝ ගනේෂන්ගේ යෝජනාවක් මත මෛත්‍රීපාල සිරිසේන මහතා චක්‍රලේඛනයක් නිකුත් කරයි. 2015/03/18 ලංකාදීප මූලාශ්‍රය.

[42]. දෙමළ ඩයස්පෝරාවට එරෙහිව ශ්‍රී ලංකාව පනවා තිබූ තහනම ඉවත් කරයි. 2015/03/19 දෙරණ මූලාශ්‍රය.

ltte-protests-22[1]

[43]. ශ්‍රී ලංකා ජාතික ගීය දමිළ බසින් ගැයීම ප්‍රශ්නයක් නොවෙයි. එය අප රටේ දමිළ ජනතාවගේ අයිතියකි. – ජාතික හෙළ උරුමය පවසයි. 2015/03/22 SundayObserver මූලාශ්‍රය.

[44]. ලක් ඉතිහාසයේ කීර්තිමත්ම ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක රණවිරුවාව මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කැඳවා අපහාස කරයි. 2015/03/28 දිවයින මූලාශ්‍රය. එම චෝදනාව ගැන උසාවියෙන් කිසිදු දඬුවමක් නොදීම නිසා එය මඩ චෝදනාවක් බව සනාථ වෙයි.

[45]. නාවික හමුදාවේ සෙබලුන් 3 දෙනෙක් රවිරාජ්ව ඝාතනය කළා කියමින් අත් අඩංගුවට ගනී. 2015/03/31 ලංකාදීප මූලාශ්‍රය.

[46]. ප්‍රබල කොටි හිතවාදියකු වන චාල්ස්‌ ඥානකෝන්ගේ සොහොයුරකු වන ඩොනල්ඩ් ඥානකෝන් ශ්‍රී ලංකාවට පැමිණ ක්‍රියාත්මක වෙයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැදවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය කිරීමත් සමග ඒවා ඕනෑම මුදලක් ගෙවා මිලදී ගැනීමට ඩොනල්ඩ් ඥාණකෝන් සූදානම් වෙයි. 2015/03/31 දිවයින මූලාශ්‍රය.

[47]. දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී සැකකරුවන් රැසක්‌ රඳවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි යුද හමුදා නිලධාරීන් ඉන් ඉවත් කෙරේ. 2015/04/02 දිවයින  මූලාශ්‍රය.

[48]. යහපාලන ආණ්ඩුවේ ආරාධනාව පිට මෙරටට පැමිණි ඇමරිකානු සහකාර මානව හිමිකම් ලේකම් ටොම් මිලිනොවිස්කි, අවසන් සටනේදී මිය ගිය දෙපාර්ශවයටම මුලතිව් වෙරළේදී මල් තබයි.  2015/04/05 Seithy.com Photo මූලාශ්‍රය. එහිදී එක් පාර්ශවයක් කොටි ත්‍රස්තවාදීන් බැවින් ඒ අනුව යහපාලන ආණ්ඩුව විසින් ඇමරිකන් ආණ්ඩුව ලවා මිය ගිය කොටින්ටත් මල් තබ්බවා ඇත.

tom-mullai-050415-seithy[1]

[49]. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, සංචාරක නවාගැන් පොළවල්, හෝටල් ඇතුළු දේ ප්‍රසිද්ධියේ ටෙන්ඩර් දමා පෞද්ගලික අංශයට ලබා දෙන්නට යහපාලන ආණ්‌ඩුව තීරණය කර යි. ඩයස්පෝරා තහනමත් ඉවත් කර ඇති නිසා විදේශගත එල්ටිටීඊ දෙමළ ඩයස්‌පෝරාව එකී ආයතන අධික මිල ගණන් ඉදිරිපත් කර ලබා ගැනීමට සූදානමින් සිටියි. 2015/04/05 දිවයින මූලාශ්‍රය.

[50]. බිම් බෝම්බයකින් යුද හමුදාවේ කපිතාන්වරයෙකු, කෝප්‍රල් වරයෙකු සහ සෙබලෙකු තුවාල ලබයි. 2015/04/06 දිවයින මූලාශ්‍රය. කපිතාන්වරයෙක් වැනි ජේෂ්ඨ හමුදා නිලධාරියෙක් බිම් බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමේදී මෙවැන්නක් සිදුවුණා කීම ප්‍රායෝගික නැත.

[51]. හසලක ගාමිණී විරුවා වෙනුවෙන් ඉදිකළ ස්මාර්ක ඉවත් කිරීමට යෝජනා වෙයි. 2015/04/09 NethFM මූලාශ්‍රය.

[52]. උතුරේ අධි ආරක්ෂක මර්මස්ථාන වන කංකසන්තුරේ සහ වලිකාමම් වලින් අක්කර 570 ක් නිදහස් කරයි. 2015/04/11 දිනමිණ මූලාශ්‍රය.

[53]. නැගෙනහිර ආරක්ෂක මර්මස්ථානයක් වන සාම්පූර් නාවික හමුදා කඳවුර ගලවා ඉවත් කරයි. 2015/04/12 දිවයින මූලාශ්‍රය. එම කඳවුර රැක ගැනීම වෙනුවෙන් හාරසීයකට අධික රණවිරුවන් ජීවිත පූජා කර ඇති බව වාර්තා වී ඇත. මීට අමතරව තවත් කඳවුරු රැසක් මෙලෙස ඉවත් කර ඇතත් ඒ ගැන තොරතුරු මාධ්‍ය වෙත ලබා දී නොමැත.

10885572_10153284864606934_1007641799833429566_n[1]

[54]. ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය බිඳගත් චීනය, ඩොලර් බිලියන 46 ක (රු. 5,980,000,000,000.00) ආයෝජනයකින් සුපිරි අධිවේගී මාර්ගයක් පාකිස්ථානයට ලබා දෙයි.  2015/04/21 දෙරණ මූලාශ්‍රය. චීනය සහ  ශ්‍රී ලංකා රජය අතර ආරක්ෂක සම්බන්ධතාද පළුදු වූ බව ඉන් පැහැදිළි වෙයි

[55]. එදා උතුරේ ඊළම ප්‍රකාශය කළ වර්ධරාජා පෙරුමාල් දසක කිහිපයකට පසුව කටුනායකින් ගොඩ බැස වහාම යාපනයට ගොස් විග්නේශ්වරන් ව මුණගැසෙයි. 2015/04/21 දිවයින මූලාශ්‍රය.

[56]. ජාතික ගීය දමිළ බසින් ගැයීමට නැගෙනහිර පළාතේදී තීන්දු වෙයි. 2015/04/21 NethFM මූලාශ්‍රය. දමිළ භාෂා ජාතික ගීය ශ්‍රී ලංකා තායේ” වන බැවින් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වේ 8 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි.

[57]. සිංහල ඒකාධිකාරය අවසන් කළ යුතුයි” යැයි චන්ද්‍රිකා කුමාරතුංග ජාතිවාදී ප්‍රකාශයක් සිදුකරයි. 2015/04/26 IndianExpress මූලාශ්‍රය.

[58]. කච්චතිව් දූපත යළි ලබාගැනීම සඳහා ඉන්දීය රජය වහා පියවර ගත යුතු බවට තමිල්නාඩු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඉන්දීය රජයට අවධාරණය කරති. 2015/05/07 ලංකාදීප මූලාශ්‍රය. ශ්‍රී ලංකාවේ ඔළුව ටිකෙන් ටික ගලවන්න වෙනත් රටවල් කතා කරද්දී ඉන්දීය ගැති යහපාලන ආණ්ඩුව ආණ්ඩුව කිසිවක් ප්‍රකාශ නොකරයි.

[59]. කොටි සමරා පරණ කොටි කටේ පහන් දල්වති” මැයෙන් යුතුව එජාපයේ ලංකාදීප පුවත්පතම කණගාටුවෙන් යුතුව හෙළි කරයි. 2015/05/12 ලංකාදීප මූලාශ්‍රය. 2009 යුද්ධයේ අවසන් සමයේ යුද හමුදාව හා කොටි සංවිධානය අතර තීරණාත්මක සටන සිදුවූ මුලතිව්හි වෙල්ලමුල්ලි වයික්කාල් වෙරළ තීරයේ පහන් දල්වා මිය ගිය පිරිස් සිහි කිරීමට දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වූහ.

Mulathiv[1]

[60]. මියගිය සියලුම දෙනාව සමරනවා. එතකොට LTTE කාඩර් එකත් සැමරෙනවා.” – මැයි 18 රණවිරු සැමරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න පවසයි 2015/05/15 දෙරණ වීඩියෝ මූලාශ්‍රය

[61]. උතුරේ පාසල් සිසුන් මියගිය කොටි සමාජිකයන් සැමරු අකාරය ඊළාම්වාදීන් Facebook එකේ වාර්තාකර තිබුණු අයුරු 2015/05/15 පින්තූර මූලාශ්‍රය

10411115_1004498582894805_846814004078281892_n[1]

[62]. මිය ගිය කොටි සාමාජිකයන් සමරැම් උත්සව මුලතිව් පොලිස් බල ප්‍රදේශයේ සඳුදා (18) සිට දින 14ක් තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක්. 2015/05/16 ලංකාදීප මූලාශ්‍රය

[63]. උසාවි නියෝගය නොතකා උතුරේ ජයටම කොටි සැමරුම්. පහන් දල්වති, පූජා පවත්වති, කළු කොඩි ඔසවති. 2015/05/19  දිවයින මූලාශ්‍රය

ltte

[64]. යාපනයේ පාසල් දැරියකව අවාසනාවන්ත ලෙස දූෂණය කර මරා දැමීම කේන්ද්‍ර කරගනිමින් යාපනය උසාවියට සන්නද්ධ කණ්ඩායමක් පහර දෙයි. උතුර පුරාම හර්තාල්. ප්‍රහාරවලින් පොලිසියේ 6 දෙනකුට තුවාල. (අග්‍රවිනිශ්චකරු පවා දමිළ ජාතිකයෙක් වෙද්දීත් මෙවැන්නක් සිදුවීම) 2015/05/20 දෙරණ වීඩියෝ මූලාශ්‍රය.

[65]. ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩියක් නිර්මාණය කිරීමට යහපාලන ආණ්ඩුව සූදානම් වෙයි. 2014/05/24 දෙරණ මූලාශ්‍රය. 2015/05/23  දිවයින මූලාශ්‍රය

[66]. වවුනියා ප්‍රජා කමිටුව නැමැති සංවිධානයක්‌ උතුරේ පාසල් අතර මුල්ලිවයික්‌කාල් ඛේදවාචකය නමින් කෙටිකතා තරගයක්‌ සිදුකරයි. 2015/05/25 දිවයින මූලාශ්‍රය පාසල් දරුවන්ව බ්‍රේන්වොශ් කිරීම නැවතත් සිදුකරයි.

[67]. කිලිනොච්චි පලෙයි පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්. ජනපති සොයුරාටත් මරණයට පත් වීමටම වැදුණ ආකාරයේ පොරෝ පහරක් පලෙයි පොලිස් නිලධරීන්ටත් වදින්න යයි. 2015/05/25 HiruFM  මූලාශ්‍රය

[68]. උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් විය යුතුයි – උතුරු මහ ඇමති විග්නේෂ්වරන් යාපනයේදී කියයි. උතුරු නැගෙනහිර සිටින සෙබළුන් යුද අපරාධකරුවන් බැවින් ඔවුන්ව පිළිගත නොහැකි යෑයි වැඩිදුරටත් පවසයි. 2015/05/27  දිවයින මූලාශ්‍රය

[69]. ආණ්ඩුව ඇවිල්ලා උතුර අල්ල ගන්න කළින් අපේ LTTE කාලේ අපි හොඳට ආරක්ෂා වෙලා හිටියා. ඒ කාලේ කාන්තාවන්ට ආරක්ෂාවනම් කියල වැඩක් නෑ. දැන් තමයි ප්‍රශ්න.” – සිරස රූපවාහිනයේ සටන වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිනී සහ යාපනය අපේක්ෂිකා විජයකලා මහේෂ්වරන් පවසයි. වීඩියෝ මූලාශ්‍රය.

[70]. රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් උතුරු පළාත් සභාව රුපියල් මිලියන 40.3 ක අති විශාල මුදලක්‌… හිටපු කොටි ක්‍රියාකාරීන් 300 ක්‌ රැඳවුම් භාරයේ සිටින අතර ඔවුන් බිහිසුණු අපරාධවලට සම්බන්ධවූවන් යෑයි ආරංචි මාර්ග කියා සිටී. 2015/05/31  දිවයින මූලාශ්‍රය

[71]. එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස්‌ කරගැනීමට විඡේදාස-සුමන්තිරන් හමුවක්‌. 2015/06/02  දිවයින මූලාශ්‍රය

vijedasa sumanthiran

[72]. ද්‍රවිඩ සන්ධානය විසින් නිදහස්‌ කර ගැනීමට උත්සාහ කරන ද්‍රවිඩ රැඳවියන් 278 කගෙන් වැඩිදෙනකු බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ වූවන් යෑයි හෙළිවී ඇත. 2015/06/03  දිවයින මූලාශ්‍රය

[73]. 19 වන සංශෝධනයට අනුව ශ්‍රී ලංකාවේ උත්තරීතර ආයතනයක් වන ව්‍යවස්ථාදායක සභාවට රාධිකා කුමාරස්වාමි ව යෝජනා කරයි. 2015/06/03 BBC මූලාශ්‍රය යුද හමුදාව අඩපණ කිරීමේ රාධිකා කුමාරස්‌වාමිගේ සැලැස්‌ම” මැයෙන් ඇය කවුදැයි මීට පෙර ජනමාධ්‍ය වාර්තා කර තිබේ. 2014/12/28  දිවයින මූලාශ්‍රය

[74]. කොටි හමුදා නායකයන් ඇතුළු සටන් කාමීන් 2700 ක්‌ රටවල් රැසක සිටින බව රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුවේ නායක වී. රුද්දකුමාරන් හෙළිකර ඇත. 2015/06/04 දිවයින මූලාශ්‍රය විදේශිකයන්ට පනවා තිබූ සංචාරක සීමාවන් ඉවතට 2015/01/17 දිනමිණ මූලාශ්‍රය

[75]. රණවිරුවන්ට දඬුවම් දීම්ට ඩොලර් මලු පිටින් ලංකාවට එයි. ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියන 3 ක අරමුදලක්‌ ලබාදීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත. 2015/06/06 දිවයින මූලාශ්‍රය

[76]. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග ඇති ගිවිසුම් අනුව ඊනියා යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේදී නඩු ඇසීමට නොහැකිය. එනිසා ශ්‍රී ලංකාව තුළ ඊනියා යුධ අපරාධ සම්බන්ධයෙන් නඩු ඇසීමට ජනාධිපති මෛත්‍රීපාල එකඟ වී ඇත. 2015/04/11 දිවයින මූලාශ්‍රය

[77]. මුලතිව් පංසලක්‌ හදනවාට එරෙහිව ටී.එන්.ඒ. ජනපතිට පැමිණිලි කරන්න හදයි. 2015/06/08 දිවයින මූලාශ්‍රය අපේ වීරෝදාර රණවිරුවන්ගේ රුධිරයෙන් රක්ත වර්ණ ගැනුණ මුලතිව් යුද බිමේ, ඒ රණවිරුවන්ට පින් පතා පන්සලක් හදා ගන්නවත් ඉඩ නොදී රණවිරුවන් අසරණ කරයි.

[78]. උතුරේ සිටින හමුදාව නිසා දෙමළ කාන්තාවන් ආරක්ෂාකාරී නැති බවත් එනිසා හමුදාව ඉවත් කළ යුතු බවත් විග්නේෂ්වරන් පවසයි. එහි සිටින පොලිස් ඇමති ජෝන් අමරතුංග ඊට එකඟ වෙයි. 2015/06/08 වීඩියෝ මූලාශ්‍රය

[79]. ලංකා ඉතිහාසයේ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරී මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ මහතාගෙන් කට උත්තර ගැනීමට නියම වෙයි. එතුමාව අත් අඩංගුවට ගැනීමට සූදානමක්. 2015/06/09 මව්බිම මූලාශ්‍රය.

[80]. තල්ලඩි හමුදා කඳවුර ඉදිරිපිට ගොඩනැගූ බුදු මැදුරට දෙමළ සංධානයේ මන්ත්‍රී සෙල්වම් අදේකලානන්දන් විරෝධය පළ කරයි. එදා උතුර ජයගත් අභිමානවත් රණවිරුවන්ට බුදුන් වැඳගන්නවත් බැරිව අසරණ වී කඳවුර තුළටම හිර වෙයි. 2015/06/10 TamilGuardian පින්තූර සහිතයි මූලාශ්‍රය

Selvam%201[1]

[81]. ඉන්දියානුවන්ට ශ්‍රී ලංකාවට පහසුවෙන් පයින්ම පැමිණීම සඳහා මහා මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඉදි කිරීම ඇරඹෙයි. 2015/06/21 දිවයින මූලාශ්‍රය දැනට ඉන්දියාව සමඟ මහාමාර්ග ඔස්‌සේ සම්බන්ධවී ඇති ආර්ථික ශක්‌තියෙන් ඉන්දියාවට වඩා අඩු රටවල් සැලකු විට ඒවාට අත්වූ ඉරණම එතරම් හිතකර නැත.  මේ සම්බන්ධයෙන් විරෝධය දක්‌වන්නන් පවසන්නේ මේ නව මහා මාර්ගයත් සමඟ වැඩිකල් නොගොස්‌ ඉන්දියාවේ තිස්‌වන ප්‍රාන්තය බවට ශ්‍රී ලංකාව පත්වීම සිදුවනු ඇති බවය.

road1[1]

[82]. විදේශ අමාත්‍යවරයා ලෙස තමන් අවස්ථා කිහිපයකදී දෙමළ ඩයස්පෝරාව මුණ ගැසී සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පවසයි. 2015/06/12 HiruNews මූලාශ්‍රය.

[83]. ඒකීය රටක දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක්‌ පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක්‌ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක පවසයි. 2015/06/12 දිවයින මූලාශ්‍රය. එසේ කියූ චම්පික එම නීති විරෝධී ක්‍රියාව 2015 දෙසැම්බරයේදී කිරීමට දින නියම කරගත් එක්සත් ජාතික පක්ෂය සමග එක් වෙයි. කොළඹ ඩයස්‌පෝරා උළෙලට ජනපති අනුමැතිය ලැබුණා – විදේශ ඇමැති මංගල සමරවීර පවසයි. 2015/06/25 දිවයින මූලාශ්‍රය. (එකම පක්ෂයේ චම්පික ද මංගලද ඇත්ත කියන්නේ , එක්සත් ජාතික පාක්ෂිකයින් තීරණය කළ යුතුය)

[84]. මංගල සමරවීර ලන්ඩන් ගොස්, කොටි ක්‍රියාකාරකම් නිසා තහනම්ව තිබූ ගෝලීය ද්‍රවිඩ සංසදය සහ 2012 දී රට බෙදීමට දායක වුණ එරික් සෝල්හයිම් සමග රහස් සාකච්ඡාවක් සිදුකරයි. 2015/06/14 දිවයින මූලාශ්‍රය.

[85]. උතුරේ කොටි නිළ ඇඳුම් සමගම කොටි සාමාජිකයින්ව හසු වෙයි. එජාපයේ ලංකාදීප පුවත්පතත් හෙළි කරයි. 2015/06/30 ලංකාදීප මූලාශ්‍රය.

[86]. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට යහපාලන ආණ්ඩුව ඇමරිකාවට පොරොන්දු වෙයි. එක්සත් ජනපද නිල වෙබ් අඩවියේ 2015 ජූනි විශේෂ වාර්තාවකින් හෙළි වෙයි. 2015/06/30 state.gov මූලාශ්‍රය.

pta

[87]. ලංකා ඉතිහාසයේ කීර්තිමත්ම නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාව CID එක වෙත කැඳවා කට උත්තර ගනී. යුද සමයේ සාමාන්‍ය වැසියන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළැයි කියන චෝදනාව ප්‍රකාරව කරන්නාගොඩ මහතාට එරෙහිව යුධ අපරාධ ගොනු කිරීම මෙහි අරමුණ බව පෙනෙයි. 2015/07/08 ලංකාදීප මූලාශ්‍රය.

[88]. දිගු දුර විහිදුම් බලකායේ සේවය කළ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක නැමැති රණවිරුවාට මරණ දඬුවම ලබා දෙයි. වසර 15 ක් තිස්සේ සාක්ෂි නැතිව ඇදී ගිය නඩුවක් කෙටි කලකින් අවසන් කර මරණ දඬුවම ලබා දීම විශේෂත්වයකි. එහි ගැටළුකාරී තැන් තව බොහෝ තිබේ. කියවන්න 2015/07/09 රිවිර මූලාශ්‍රය. කොටි කට තුළට ගොස් රට වෙනුවෙන් සටන් වැදුණ රණවිරුවෙකුව පෝරකයට යැවීම මගින් ශ්‍රී ලංකා බුද්ධි අංශයේ නිලධාරීන් කලකිරීමට පත් වෙන අතර බුද්ධි අංශය නැවතත් පාවාදීමකි.

sunil-rathnayaka[1]

[89]. අප නැවතත් බලයට පත් වූ පසුව යාපනයේ සියලුම පොලිස් ස්ථාන වසා දමන බවට එජාප අපේක්ෂිකා විජයකලා මහේෂ්වරන් දෙමළ ජනතාව ඉදිරියේ පොරොන්දු වෙයි. 2015/07/10 AsianTribune මූලාශ්‍රය.

[90]. පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයින්ට මෙවර නාමයෝජනා ලබා දී ඇති බව රනිල්ගේ මාමාට අයත් ලංකාදීප පුවත්පත හෙළි කරයි. 2015/07/18 ලංකාදීප මූලාශ්‍රය.

[91]. කල්මුනේට වෙනම දිස්ත්‍රික්කයක් ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මුස්ලීම් කොන්ග්‍රසයට පොරොන්දු වෙයි. මැතිවරණයෙන් පසුව එම වෙනම කලාපය ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබේ. මෙය නිකම්ම පොරොන්දුවක් නොව, මුස්ලීම් කොන්ග්‍රසයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේම ඇතුලත් වන්නකි. 2015/07/19 SundayObserver මූලාශ්‍රය. නැගෙනහිර බෙදුම්වාදය පෝෂණය කිරීම මගින් වඩාත්ම අපහසුතාවයට පත් වන්නේ දකුණේ සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වෙන මුස්ලීම් සහෝදර වරුයි.

[92]. සයනයිඩ් තොගයක් හා GPS පද්ධති කිහිපයක් සමඟ මුහුදු මාර්ගයෙන් යාපනයට පැමිණීමට ආ හිටපු LTTE සාමාජිකයෙක් තමිල්නාඩුවේ වෙරළාසන්න උචිපුල්ලිහි දී අත්අඩංගුවට ගැනේ. මේ බව වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රධානතම ජාතික පුවත්පතක් වන TheHindu” පුවත්පත විසිනි. 2015/07/21 TheHindu මූලාශ්‍රය. එක සයනයිඩ් කරලක් අවශ්‍ය වන්නේ එක මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙක්ට වන අතර, ඔහු එය භාවිතා කරන්නේ තම ජීවිත කාලෙදිම එක් වතාවක් පමණි. ඒ අනුව සයනයිඩ් කරල් 75 ක් ශ්‍රී ලංකාවට ගෙන්වීම යනු මේ වන විට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම් කළු කොටි” 75 ක් නිදැල්ලේ සිටින බවයි.

[93]. විධායක රාජ්‍ය නිලධාරීන්ට හිමි විශේෂ දීමනාව හමුදාවන්ට අහිමි කරයි. 2015/07/21 දිවයින මූලාශ්‍රය. එමගින් ත්‍රිවිධ හමුදාවන්ගේ මානසිකත්වය බිඳ දමයි.

[94]. ‘ප‍්‍රභාකරන් මැතිතුමා’ යයි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න නිල කැබිනට් සාකච්ඡාවේදී පවසයි. 2015/07/23 මූලාශ්‍රය. ඒ අනුව සිවිල් දේශපාලන නායකයෙකුට ලැබෙන ගෞරවය ප්‍රභාකරන්ටත් නිල වශයෙන් ලැබෙන අතර එවිට ප්‍රභාකරන්ව මරා දැමීම අපරාධයක් බවට පත් කෙරේ.

[95]. දෙමළ ජාතියේ ඓතිහාසික වගකීම මහ මැතිවරණයේදී ඉටු කරමින් රනිල්ට, මෛත්‍රීට සහ දෙමළ සංධානයට සහය දෙන ලෙසත් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වෙන ලෙසත් ගෝලීය දෙමළ සංසඳය දෙමළ ජනතාවට නිවේදනය කරයි. 2015/07/25 Indian Express මූලාශ්‍රය.

[96]. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යය ගත කෙරෙන ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරණ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් යාපනයේදී පවසයි. 2015/07/26 ලංකාදීප මූලාශ්‍රය.

[97]. මැතිවරණය අවසන් වනතුරු කවර පක්‍ෂයක්‌ සමඟ හෝ සාකච්ඡා නොකරන බවත් බලයට පත්වන රජය සමඟ සාකච්ඡා කොට දෙමළ ජාතික සන්ධානය අපේක්‍ෂා කරන දේවල් ලබාදෙන්නේ නම් පමණක්‌ එම රජයට සහාය ලබාදෙන බවත් දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. 2015/07/27 දිවයින මූලාශ්‍රය.

[98]. මුස්ලිම් කොංග්‍රසය, ලංකා වතු කම්කරු සංගමය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි වෙනත් පක්ෂ සමග පවත්වන සම්බන්ධතා සහ අවශ්‍ය වෙතොත් ඔවුන්ගේ සහයෝගය සභාග රජයක් වෙනුවෙන් ලබා ගන්නේ කෙසේ දැයි හිතා බලමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සිදු වෙනු ඇත. තමන් බලයට පත්වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවයි රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ.” – BBC විශේෂ වාර්තාව 2015/06/30 මූලාශ්‍රය.

[99]. ප‍්‍රභාකරන්ගේ ශුක‍්‍රාණුවකින් අලූත් ලෝකයක් සැදීම එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක උපුල් ශාන්ත සන්නස්ගලගේ ප‍්‍රාර්ථනාව  බව ඔහුගේ පොතකින් හෙළි වෙයි. 2015/08/04 මූලාශ්‍රය.

[100]. ප්‍රභාකරන් මිය ගිය බවට සහතිකයක් දෙන්නේනම් ප්‍රභාකරන්ගේ ප්‍රතිමාවක් උතුරේ හදනවා” – එක්සත් ජාතික පක්ෂයේ ඇමතිනී සහ යාපනය අපේක්ෂිකා විජයකලා මහේශ්වරන් කිලිනොච්චි රැළියකදී පවසයි. 2015/08/06 වීඩියෝ මූලාශ්‍රය , seithy.com වෙබ් අඩවි වාර්තාව

[101]. සුදුකොඩි ඔසවද්දී මරන්න නියෝග දුන්නානම් බේරගන්න බෑ” – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න කොටි මිය යාමෙන් වේදනාවට පත්ව ප්‍රකාශ කරයි. 2015/08/07 දිවයින මූලාශ්‍රය.

[102]. ප්‍රභාකරන් තම එකම නායකයා බව ජනගන්” නැමැති එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පවසයි. ඔහු මේ බව පවසන්නේ උතුරේ එක්සත් ජාතික පක්ෂ රැළියකදී යි. 2015/08/08 වීඩියෝ මූලාශ්‍රය

[103]. දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ වෙනම රාජ්‍යයක්‌” පිහිටුවීම යුගයේ අත්‍යාවශ්‍ය කරුණක්‌ වී තිබෙන බව උතුරු අධ්‍යාපන ඇමති ටී. කුරකුල රාජා පවසයි.  2015/08/12 දිවයින මූලාශ්‍රය.

කොහොමද යහපාලනය?… ජාතික ආරක්ෂාව” නැමැති කාරණාව ගැන විතරයි ඒ.

දින 100 ක ට බලය ගත් එජාපය මාස 6 ක් බලයේ සිටිමින් අපේ මාතෘ භූමියට කළ විනාශය එලෙසයි. එසේනම් මහ මැතිවරණය ජයග්‍රහණය කර අවුරුදු 5 ක ට පාර්ලිමේන්තු බහුතරය ලැබුණොත් අවුරුදු 10 ක් විතර බලයේ සිටිමින් කරන විනාශය මොන වගේ වේවිද?

මොහොතක් සිතා බලන්න…

[[ඔබට මෙම තොරතුරු කියවීමට හැකි වූයේ ඔබගේ යාලුවෙක් මෙම ලිපිය Share කර තිබූ නිසයි. ඔබත් මෙය Share  කර, මෙහි ලින්ක් එක යාලුවන්ට Message කර රටට අත් වීමට යන විපත ගැන අනෙක් අයටත් දැනුවත් වීමට කාරුණික සහය ලබා දෙන්න.]]

අනිත් අයටත් බලන්නට SHARE කරන්න.

6 Responses to “ජනවාරි 9 සිට රට කොටියට ගිය හැටි දින පිළිවෙළින්, [[විශේෂ බුද්ධි වාර්තාව!]]”

  1. plumblossom Says:

    Mangala must be replaced by a patriotic foreign minister. Actually Ranil, Sirisena, CBK traitors must be replaced too. However Mangala must be replaced as soon as possible. A country’s government should first and foremost look after the country’s security. sovereignty, territorial integrity and in the case of a small country such as Sri Lanka its unitary status. Mangala has betrayed Sri Lanka by accepting the UNHRC resolution which no country with any integrity will accept. Mangala must realise that those LTTE terrorists who massacred the citizens of this country for over 26 years simply because they wanted a large chunk of this island for themselves, illegally, that they should be dealt with in a very careful manner without betraying the security. sovereignty, territorial integrity and in the case of a small country such as Sri Lanka its unitary status, even if extremely powerful forces such as the US,UK, EU, Canada, Sweden, Norway and India are behind the LTTE terrorists. In addition, we must place forth the argument that those who settled in the island quite recently only during the past few hundred years i.e. the Sri Lankan Tamils who are only but 11.2% of the population do not have any rights whatsoever to demand over 28% of the land area, 66% of the coastline and 66% of the vast ocean resources which belong to Sri Lanka. This message should be conveyed to the TNA, the separatist terrorists and those who support them i.e. the US,UK, EU, Canada, Sweden, Norway and India as soon as possible so that they understand our position. This is the task of a foreign minister. Mangala therefore has betrayed Sri Lanka and must go. Sri Lanka cannot afford large self ruling entities which are illegal anyway since this island as a whole belong to all its people in total. It is the foreign minister’s task to covey this message to everyone concerned.

  2. plumblossom Says:

    The missing persons commission, the name is a misnomer. it should be called ‘those combatants on all sides who died in the war i.e. Sri Lankan Forces, Police Force. Civil Defence Forces, IPKF, Tamil Armed Groups against the LTTE and the LTTE terrorists themselves and whose bodies have not be found’. Therefore the name itself is wrong and invented by the UNHRC to tarnish the image of the armed forces of Sri Lanka.

    The missing persons commission to date has receive 24,000 complaints from 1983-2009 period. Of this number over 5,000 are regarding missing Sri Lankan Forces members, whereabouts unknown, almost certainly executed by the LTTE terrorists. Over 12,000 complaints are against the LTTE itself recruiting young persons by coercion. Therefore over 70% of complaints are against the LTTE itself which amounts to over 17,000 complaints. The rest of the complaints are I am sure about the whereabouts of LTTE combatants or terrorists who died while fighting but whose bodies have not been found.

    My question is, why cannot the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India accept that Sri Lankan Forces, Police Force, Civil Defence Forces, IPKF, Tamil Armed Groups against the LTTE and the LTTE terrorists themselves died fighting in this war and leave it at that. What is the point in looking for these combatants now? Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India never ever talk about the over 35,000 Sri Lankan Forces, Police Force, civil Defence Force members who died in the war? or the 1,200 IPKF members or the over 2,000 Tamils Armed Groups against the LTTE members who died in the war? or the over 6,000-7,000 Sinhala civilians and even Muslims civilians who were massacred by the LTTE? or the around (my estimate) over 3,000 Tamil civilians massacred by the LTTE?

    Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India is not concerned about the over 10,000 Sri Lankan Forces members permanently disabled by the war, or the over 23,000 Sri Lankan Forces members both temporarily and permanently disabled by the war? or the over 136,000 Sri Lankan Forces members who were injured due to the war?

    Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India not concerned about the over 65,000 Sinhala people and over 75,000 muslims ethnically cleansed from the North?

    Why is it that the only the around 35,000 LTTE terrorists who died inclusive of Prabhakaran are the concern of the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India? Perhaps this missing persons commission should answer that question first.

  3. plumblossom Says:

    Even if the constitution will be changed since this idiotic government follows whatever instructions the US, UK, EU, Norway, Canada, Sweden, India, the TNA and the separatist terrorists tell it to do, we must ensure that the unitary status of the country is not compromised in any way whatsoever. The clause in the 13th amendment which says that ‘the North and the East is the homeland of the Tamil speaking people’ must be deleted since it is totally false when looking at the history of the island. This clause must be replaced with the clause ‘the entire island is the homeland of all its peoples’. The provision which allows for the merger between two provinces should be deleted. As much subjects from the concurrent list should be included in the national list. Under no circumstances should land, police or fiscal powers be given to provincial councils. All of us need to ensure that the above happens since if the system reverts back to a parliamentary system and the presidential system is scrapped, the only way to ensure the unitary status of the country is the make sure that the provincial councils do not get any more powers than they have at present. The Public Security Ordinance should not be amended in anyway as well. If any provincial councils acts out of line, the head of government should dissolved such a provincial council and direct rule by the head of government should be enforced under those circumstances.

  4. plumblossom Says:

    I would please urge any person who has any influence whatsoever with Ranil, Mangala, Sirisena, CBK to let them know that these Western Countries i.e. the US,UK, EU, Canada, Sweden, Norway and India will only back off if Sri Lanka takes a very firm stance and refuses to carry out this unjust UNHRC resolution. Sri Lanka must do this without any fear since I am sure if Sri Lanka takes a very firm stance and refuses to carry out this unjust resolution the UNHRC, the US,UK, EU, Canada, Sweden, Norway and India will back off. I can guarantee that will happen. So it is up to Sri Lanka or rather Ranil, Mangala, Sirisena, CBK whether they are going to place our Sri Lankan armed forces in jeopardy for crimes they did not commit or whether they are going to defend the country’s armed forces and the country’s sovereignty, independence, freedom, integrity, unitary status etc. by refusing to carry out this unjust UNHRC resolution which no country on this planet earth with any integrity will carry out. However, if they keep complying with whatever unjust demands are made by the US,UK, EU, Canada, Sweden, Norway and India, they will have to keep complying with those unjust demands at the expense of Sri Lanka breaking up into pieces and placing the Sri Lankan people’s security in jeopardy. Sri Lanka will end up being partitioned too.

  5. plumblossom Says:

    When looking at Sri Lanka’s history, it is extremely obvious that from 600BC to around 1400AD there were three kingdoms, all Sinhala Buddhist, Ruhuna, Pihiti or Rajarata and Maya or Malayarata. Rajarata encompassed today’s North Central, North Western, Northern and even the Central Province. Ruhunu rata encompassed today’s Uva, Eastern and Southern Provinces. The Kandyan Kingdom from 1400AD encompassed most of the island inclusive of today’s Northern and the Eastern Provinces except for the Jaffna Peninsula. Even the Jaffna Peninsula was invaded and occupied by force by Aryachakravarthi (Pandyan) and actually did belong to Rajarata earlier and later the Kandyan Kingdom.

    Today’s provincial boundaries were drawn up by the British colonialists as per their divide and rule policy and the Sinhala people were not consulted when drawing up these provincial boundaries. In the meantime, most Sri Lankan Tamils of today were actually brought over during Dutch and British times to the Jaffna Peninsula and elsewhere to work on tobacco and indigo plantations which were planted extensively in all the colonies since they were much sought after and made a lot of money for the colonialists. Therefore they are recent arrivals and cannot claim homelands or separate states whatsoever.

    The usual practice when a colonial power hands over their former colonies is to hand it over to its original owners. Therefore the British colonialists should hand over the Kandyan Kingdom to the Kandyan Sinhalese from whom they took it by force. Since the Kandyan Kingdom encompassed the North and the East, these provinces too should be handed over to the Kandyan Sinhalese who are its rightful owners. Even the Jaffna Peninsula should be handed over to the Kandyan Sinhalese since it was part of Rajarata and was forcefully occupied by Aryachakravarthi (Pandyan).

    Since this has now been done already, the TNA and other separatist terrorists or the US, UK EU, Canada, Norway, Sweden and India cannot demand that present day Northern or even the Eastern provinces be provided any more powers or be made into federal states since this is totally going against the history and archaeology of the island and totally going against the rights of the Sinhala people who also have fundamental rights to claim the entire island inclusive of the North and the East as their homeland first and foremost. Therefore, the TNA , the separatist terrorists, the US, UK, Norway, Sweden, Canada and India has to respect the history and archaeology of the island and accept that the present day provincial councils are more than sufficient to run the affairs of the provinces. Sri Lanka must be a unitary state and no more powers should be provided to the provincial councils. In fact, when talking about the 13th amendment, the concurrent list subjects must be included in the national list. The provision where two provinces can merge should be deleted. The bogus claim of the North and the East being the homeland of the Tamil speaking people should be deleted. The entire island should be declared the homeland of all its peoples.

    Sinhala people should be resettled in the North in quite a large number if there is to be peace and harmony within the island since Sinhala people have every historical right to live in the North as well as the East. It is only due to ethnic cleansing of the North of Sinhala people by the LTTE and the other separatists that Sinhala people are not at present living in the North. Many thousands of landless elsewhere in the island especially Sinhala people should be provided land in the North since most of the vacant land in the country is in the North and in the East since both these provinces encompass over 28% of the land area of the island. Then only will there be peace since when people mix, there is more harmony. This is the only way towards peace and development in the island.

  6. Ancient Sinhalaya Says:

    Interesting links for the traitor UNPatriotic party supporting Sinhala modayas. You won’t find these in Sri Lankan media of course. Their party has been working very very hard to destroy Sinhalese race, Buddhism and
    Sri Lanka.

    http://ltte-christian-ties.blogspot.com/
    Traitor chief die hard catholic, token Buddhist gave half the country to catholic buddy hiter pira(mala)paharan
    on a plate. Buddhist jvp? They were roasted, some of them alive, for 6 years in tyres, heads severed etc. etc.
    No rehabilitation. What rehabilitation? We are after culling Buddhist population! Catholic run media in Sri Lanka
    call their man, batalande wadakaya, MR CLEAN. MR VERY VERY CLEAN WITH A LOT OF SINHALESE BLOOD
    IN HIS HANDS. Catholic tigers of tamil drealam attacked Sri Maha Bodhiya, Sri Dalada Maligawa, massacred
    Buddhist monks in Aranthalawa. Still no action from catholic run UNPatriotic party. All the churches and priests
    were safe by the way to make the UNPatriotic party happy.

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress